Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ලංකාව අවදානම් කලාපයේ

IMAGE 2018 May 26 00:45
ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018 වසර සඳහා නිකුත් කොට ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින් අධි අවදානම් සහිත රටවල් අතරින්...
Views - 1510
එසැනින් පුවත්

16 දෙනාගේ ආණ්ඩු විරෝධී සහයට තවත් 10ක්

IMAGE 2018 May 26 01:15
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ...
Views - 1478

පේරාදෙණිය ආපදා සැලසුම කොළඹදී කුණු කූඩයට

IMAGE 2018 May 26 00:49
ශ්‍රී ලංකාව දිගින් දිගටම ගොදුරුවන ස්වාභාවික ආපදා සඳහා ස්ථිර විසඳුම්...
Views - 640

විධායකය අහෝසි කරන 20 පාර්ලිමේන්තුවට

IMAGE 2018 May 26 00:24
ආණ්ඩුවේ ප්‍රධානියා යන වචනය මෙන්ම ජනාධිපති සමාවදීමේ බලතල ඉවත් කිරීම ඇතුළු...
Views - 274

රනිල්ට එරෙහි කැරැල්ල යළිත් කරළියට

IMAGE 2018 May 26 00:20
එක්සත් ජාති පක්ෂයේ ප්‍රතිසංවිධානයේදී සහ තරුණ මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර...
Views - 899

නාගොඩ මහ රෝහ‍ලේ මෝචරිය මළ සිරුරුවලින් පිරිලා

IMAGE 2018 May 25 15:22
කළුතර නාගොඩ මහ රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ ඇති අධි ශීතකරණ සියල්ලම මේ වන විට...
Views - 620

පැය 3කට වරක් මාර්ග අනතුරු වලින් එක් මරණයක්

IMAGE 2018 May 25 15:17
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් එක් දිනකදී පුද්ගලයින් අටදෙනකු (08) මරණයට...
Views - 181

උග්‍ර විෂැති පලිබෝධ නාශක භාවිතය 98කින් අඩුවෙලා

IMAGE 2018 May 25 15:09
උග්‍ර විෂ සහිත පලිබෝධනාශක භාවිතය 98 කින් අඩු වී ඇති බව කෘෂිකර්ම...
Views - 182

පෙට් ස්කෑන් ජූලි සිට

IMAGE 2018 May 25 12:50
මහරගම අපේක්ෂා රෝහ‍ලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පෙට් සීටි ස්කෑන් රෝගී...
Views - 312

රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්

IMAGE 2018 May 25 12:43
රට බෙදන ආකාරයකට හෝ අවි ආයුධ ගෙන සිවිල් අරගලයකට හෝ පසුබිම සැකසෙන කිසිදු...
Views - 819

දිස්ත්‍රික් පහක නාය අවදානමක්

IMAGE 2018 May 25 09:23
දිස්ත්‍රික්ක පහක තවදුරටත් නාය යාමේ දැඩි අවදානමක් පවතින බවට ජාතික...
Views - 177

බෝ වන රෝග වේගවත්

IMAGE 2018 May 25 08:47
ගංවතුර බැස යාමත් සමග බෝ වන රෝග වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බැවින් ජලය...
Views - 201

පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ

IMAGE 2018 May 25 01:17
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල දියවන්නා ඔය...
Views - 890

රනිල්ගේ ආණ්ඩුවේ ඉන්න බෑ: මම අස්වුණා - තිලංග සුමතිපාල

IMAGE 2018 May 25 00:43
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක හෘද සාක්ෂියට එකඟව ශ්‍රී...
Views - 585

මවට හා පුතුට වෙඩි

IMAGE 2018 May 25 00:29
නිට්ටඹුව ‍පොලිස් බල ප්‍රදේශයට අයත් හත්වඩුන්න මහා මාර්ගයේ යතරුපැදියකින්...
Views - 679

ඤාණසාර හිමියෝ වරදකරු වෙති

IMAGE 2018 May 25 00:17
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා...
Views - 715
එතෙර පුවත්

ට්‍රම්ප් සහ කිම් ජොං-උන් සාකච්ඡාව නොපැවැත්වෙන ලකුණු

IMAGE 2018 May 24 14:57
ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව...
Views - 272

චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජය ගනියි

IMAGE 2018 May 23 13:03
වෙනිසුවෙලාව මෑත කාලයේ දේශපාලන වශයෙන් ලෝකයේ අවධානය දිනාගැනීමට එහි ඉතා...
Views - 374

ඇමෙරිකානූ ජනපතිගේ මැතිවරණ ප්‍රචාර ගැන ඔත්තු බැලුවාද?

IMAGE 2018 May 22 10:12
ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 මැතිවරණ ප්‍රචාරක කටයුතු...
Views - 364

පින්තූර ගැලරිය

IMAGE

“ගංවතුරින් ගොඩ යන”අපේ රටේ විද්‍යුත් ජනමාධ්‍ය

IMAGE 2018 May 25 11:52
අවුරුද්දේ මැද කාලයේදී සුපුරුදු පරිදි ලොකු වර්ෂාපතනයක් අපේ රටට ලැබෙමින් පවතිනවා.දැනට දින...
Views - 964

පෙම්වතා ඔහුගේ මව හා වන්දනාවක ; පෙම්වතිය මසාජ් සාත්තුවක

IMAGE 2018 May 24 12:26
අන්තර්ජාල ඇමතුම් මගින් ඉතාලියේ සිටියදී හඳුනාගත් මෙරට පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින්...
Views - 3338

ගංවතුර කාලයට කැලණි ගඟින් මතුවන රන්වල දෙවියෝ!

IMAGE 2018 May 23 12:51
නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්. විශේෂයෙන්...
Views - 2593

ගණිකාවක් බවට චෝදනා ලත් චන්ද්‍ර නන්දිනිහි නන්දිතා

IMAGE 2018 May 23 11:42
ක්ෂත‍්‍රීය වංශයේ උපත ලද චන්ද්‍රගුප්ත කුමරු මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘවරයාය. ...
Views - 3381

වසර දෙකක් තුළ මව්කිරි ගැලූම් 600ක් දෙවූ මවක්

IMAGE 2018 May 22 11:42
දරු උපතක් සිදු කළ අලූත  ඕනෑම මවකට ස්වභාවික ආකාරයට  මව් කිරි නිෂ්පාදනය වීම සාමාන්‍ය ...
Views - 2117

රටම කතා කරන කවුද මේ ජින්නා

IMAGE 2018 May 21 10:16
මෙච්චර කල් හැමෝම දැක්කේ ජින්නාගේ දස්කම් විතරනේ. අපි දැන් ජින්නාගේ පෞද්ගලික විස්තර ගැනත් රටට...
Views - 3065

හැමෝම විමසපු රෝගී වූ සුසිලාගේ දැන් තත්ත්වය

IMAGE 2018 May 21 09:32
සුසිලා අසනීප වෙලා කියන පුවත අන්තර්ජාලයේ පැතිර යෑමත් එක්ක රසික පිරිස ඒ ගැන හොයන්න උනන්දු වුණා....
Views - 4389

රෝද තුනට ආයේමත් දුප්පතා යටවන හැටි

IMAGE 2018 May 18 11:11
ඉස්සර කා‍ලේ වගේ ගොන් කරත්ත තිබ්බා නම් කොයි තරම් වටිනවද කියලා දැන් හිතෙනවා. එහෙනම් අද අපි හම්බ...
Views - 2205

ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

IMAGE 2018 May 17 15:11
මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු...
Views - 4116
IMAGE

පිපෙන්නට ඉඩ දෙන්න ළමයින්ට ආදරයෙන්

IMAGE 2018 May 14 11:02
මේ කතාව මම අද පටන් ගන්නම් පුංචි අත්දැකීමකින්. හුඟක් කල් නෙවෙයි, මේ ඊයෙ පෙරේදා වෙච්ච දෙයක්. ”මලිඳු” කෝ අනේ පැන්සල් පෙට්ටිය. පැන්සලක් මකනයක්වත් නෑ. ...
Views - 1367
ව්‍යාපාරික පුවත්

LB Big Wheels රථවාහන දැක්ම 2018 කොළඹදී

IMAGE 2018 May 18 13:05
ලොව ප්‍රමුඛ  රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක්  සමඟ “LB...
Views - 361

ලංකා හොස්පිට්ල්ස් පිරිමි සුවතා මධ්‍යස්ථානයක් විවෘත...

IMAGE 2018 May 18 10:00
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස්පිරිමි සුවතා...
Views - 551

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත...

IMAGE 2018 May 16 11:00
ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත...
Views - 1000
logo
කතා මැද කතා

ආණ්ඩුවට වඩා ශ්‍රීලනිපය රැකගැනීම අපට වැදගත් - ජනපති

IMAGE 2018 May 22 11:37
ලාංකීය දේශපාලනයේ දැන් දැන් අන්තෝජටා බහිජටා තත්ත්වයට පත්ව ඇති රජය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අභ්‍යන්තර ගැටුම දැන් එළිපිටම දකින්නට පුළුවන. ශ්‍රී...
Views - 2047
සුන්දර ලක්බිම

අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

IMAGE 2018 May 17 13:49
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය...
Views - 821

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

IMAGE

සමහර කතුන් කායික සබඳතා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

IMAGE 2018 May 23 11:52
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වයක්...
Views - 1344
සහන් එළිය

මල්ලීගේ ඡන්ද පැරදුමත් සමඟ අක්කාගේ කන් නෑසී ගිහින්!

IMAGE 2018 May 23 11:07
පසුගිය පළාත් පාලන මැතිවරණ සමය රූපිකාට අතිශය කාර්යබහුල කාලයක් විය. ඊට හේතුව ඇගේ මලනුවන්ට එක්තරා දේශපාලන පක්ෂයකින් එම මැතිවරණය සඳහා නාමයෝජනා හිමිවීමය....
Views - 407
විමසුම

ආර්ථික ඝාතකයන්ගේ තෙල් මිල ප්‍රතිපත්ති

IMAGE 2018 May 25 12:48
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙතරම් උපදෙස් දුන්නද ආණ්ඩුව අය-වැය හිඟය අඩු කිරීමට දක්වන අකමැත්ත විවේචනය කරන ආර්ථික විශේෂඥ ආර්. එම්.බි. සේනානායක මහතා...
Views - 111
මානිගේ තීරුව

මතකෙට තිත තියලා

IMAGE 2018 May 21 23:05
මහජන පුස්තකාලයට ඇතුල් වූ මම ඉතිහාස ‍පොත් රාක්ක වෙත ඇදුනෙමි. එහිදී මා දුටුවේ පුදුම එළවන දර්ශනයකි. ඒ පුස්තකාලයාධිපතිවරයා ඉතිහාස ‍පොත් එකින් එක ගෙන...
Views - 1084
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

බස් ගාස්තු නිවේදනය අසා ගංවතුරේ සතුටින් ගිලෙමු

IMAGE 2018 May 24 11:34
මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. ඒ කිසිදු අනුකම්පාවක් නැතිවය. මිනිසුන්ගේ ගෙවල් දොරවල් සතා සීපාවට වුණු විපත කියා නිම කළ නොහැකිය. බොරපාට වැසි වතුර...
Views - 980
විශේෂ පුවත්

පැරිස් බෞද්ධ විහාරයේ වෙසක්

IMAGE 2018 May 22 16:24
පැරිස් බෞද්ධ  විහාරයේ  ධම්මචක්ක දහම් පාසලේ වෙසක් සීල සමාදානය...
Views - 394

සත්ව හිමිකම් වැඩසටහනක ඇරඹුම 27දා ඉරු දින රුවන්වැලි සෑය අබියසින්

IMAGE 2018 May 21 20:58
එළැඹෙන ‍පොසොන් සමය මුල් කොට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සත්ව හිමිකම්...
Views - 280

ශ්‍රී මහා බෝධීයටත් අලුත් තර්ජනයක් ?

IMAGE 2018 May 21 12:16
ලංකාවේ විදුලි බලාගාර කොතරම් තිබුණද නොරොච්චෝ‍ලේ තාප බලාගාරය තරම්...
Views - 840

බ්‍රොයිලර් කුකුළු මස් ගැන ප‍්‍රසිද්ධ බොරු සහ සැඟවුණු ඇත්ත

කුකුළු කර්මාන්තයේ වේගවත් දියුණුව සමග හන්දියක් හන්දියක් ගානේ අධිශීතකරණ සහිත සිල්ලර කඩවලින්  පවා කුකුල් මස් හා බිත්තර සුලබව මිලදී ගැනීමට ජනතාවට පහසුකම් සැලසිනි. එසේ වුවද  වෙළෙඳපොළේදී  කුකුල්මස් හා තරග කරන ශාක ප්‍රෝටීන අලෙවිකරණ ව්‍යාපාරිකයන්ගේ අලෙවිකරණ උපක‍්‍රම ලෙස සහ කුකුළු මස්  සකස් කිරීමේ කර්මාන්තය පිළිබඳ සැබෑ තත්ත්වය නොදන්නාකම නිසා බ්‍රොයිිලර් කුකුළු මස් සම්බන්ධව පාරිභෝගික සමාජයේ විද්වතුන්ගේ සිට ගෘහණිය දක්වා  විවිධ මතිමතාන්තර  පැතිරෙන්නට පටන්ගෙන ඇත. 
මෙකී මතිමතාන්තර බෙහොමයකට හේතු වනුයේ දින 35-40ක් වැනි කෙටි කාලයකින් ජීව බර 2 නට පමණ වර්ධනය වීමේ හැකියාව බ්‍රොයිලර්  කුකුළන්ට තිබීමය. පාරිභෝගික සමාජයේ ඇතැමුන්ගේ මතයට අනුව බ්‍රොයිලර් කුකුළන්ගේ ඉක්මන් වර්ධනය සිදුවන්නේ විවිධ රසායනික සහ එන්නත් ලෙස ලබා දෙන හොමෝන නිසා බව නිරන්තර කසුකුසුවට ලක්වේ.
Broiler Chicken ලෙස සාමාන්‍ය භාවිතයේදී හඳුන්වන මෙම කුකුළන්, කාර්යක්ෂම දේහ වර්ධනය සහිත මවුපිය පරම්පරාවේ කුකුළන් තෝරාගෙන අභිජනනය කිරීම තුළින් අද දවසේ පවතින බ්‍රොයිලර් කුකුළන් බවට පරිණාමය වී ඇත. 
මාංශ වර්ධනය වෙනුවෙන් මවුපිය පරම්පරාවෙන් ලැබුණු ජානමය හැකියාව සහිත දිනක් වයසැති බ්‍රොයිලර් කුකුළු පැටවුන් සදහා ප‍්‍රමිතිගතව සකස් කරගත් කුකුළු නිවාසයක ඇති කිරීමේදී එම සතුන් අපේක්‍ෂිත මට්ටමේ ශරීරයක් ලබාගනී. ඊට හේතුව කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන බව ඇතැම්හු පවසති. නමුත් සත්‍ය කරුණ ඊට ඉඳුරාම වෙනස්ය. සැබැවින්ම එහිදී සිදුවනුයේ 
සුවපහසු අභ්‍යන්තර ගොවිපොළ පරිසරයකදී ප‍්‍රමිතිගත කුකුළු ආහාර බ්‍රොයිලර් කුකුළාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ජීරණය වීමෙන් පසු ශරීරයට උරාගන්නා ග්ලූකෝස්, ඇමිනෝ අම්ල, මේද අම්ල විටමින් සහ ඛනිජ විවිධ වූ ජීව ක‍්‍රියාවන්ට කුකුළාගේ අක්මාව තුළදී භාජනය වීමය. එම ජීවකි‍්‍රයා මගින් සත්වයාගේ දිනපතා දේහ නඩත්තුව සහ මාංශ පේශී වර්ධනය සිදුකිරීමයි. වර්ධනය වූ මාංශ පේශී තුළ පසු අවශ්‍යතා සඳහා ශක්තිය ගබඩා කරයි.
මෙසේ ගබඩා කරගත් ශක්තියෙන් සීමාසහිත ඉඩ ප‍්‍රමාණයක් ඇති කුකුළු නිවාසයක (Intensive Farming- දෑඩි ක‍්‍රමය) දී සතාගෙන් වැයවන ශක්ති ප‍්‍රමාණය ඉතා අඩුය. එම නිසා, දිගින් දිගටම බ්‍රොයිලර් කුකුළන් වැඩෙන විට ශක්තිය තැන්පත්වීම වැඩිවීම නිසා දේහ වර්ධනයක් සත්වයාට ලැබේ. එසේ වුවද ක‍්‍රමානුකූලව එම වර්ධනය ස්ථාවරවීම වයස දින 49 පසු සිදුවේ. එසේ නොමැතිව වර්ධක හෝමෝන ඉන්ජෙක්ෂන් කිරීමක් හෝ බොන ජලයට දීමක් හෝ සිදු නොවේ. ශ‍්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු අභිජනන ගොවිපළවල්වලින් මසකට දැනට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටවු සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 125 (12,500,000) කි. මෙකී ලක්ෂ 125ට ප‍්‍රසිද්ධ බොරුකාරයන් කියන ආකාරයට වර්ධක හෝමෝන ලබාදීම ප‍්‍රායෝගිිකව සිදුකළ හැකි ආකාරය එකී බොරුකාරයන්ගෙන්ම පාරිභෝගික ජනතාව අසා දැනගත යුතුය.
මනුෂ්‍යයන් වන අපටද ආහාරයෙන් ලැබෙන ශක්තිය වැයවන කි‍්‍රයා අඩුවූවහොත් එනම්, ව්‍යායාම කිරීමෙන් වැළකී සිටියහොත් අපද ස්ථුලතාවයට පත්වන බව නොරහසකි. 
පසුගිය දිනක ”ලක්බිම ඉරිදා සංග‍්‍රහය” පුවත්පතට ඉහත මාතෘකාව සම්බන්ධව අදහස් පළ කළ ලියුම්කරු කියා තිබුණේ කුකුළු මස් අනුභවය තුළින් අනිවාර්යෙන්ම හෘද රෝග, දියවැඩියාව වැළඳෙන බවය. ඒ සඳහා ඔහු උපයෝගී කරගත්තේ ඔමේගා-06 මේද අම්ල කුකුළු මස්වල වැඩි බවය. අපි ඔබව දැනුවත් කරන සත්‍ය නම් හෘද රෝග සම්බන්ධව  වඩා වැදගත් වන්නේ යම් ආහාරයක ඇති ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල අනුපාතය (RATIO) බවය. ඒ අනුව කුකුළු මස්වල ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල හිතකර අනුපාතයකින් පවතින බවත් එයට කුකුළු මස්වල ඇති සෙලනියම් (se) තවදුරටත් සහයෝගය දක්වන බවය. පිළිකා, හෘද රෝග, රුමැටික් සන්ධි රෝග හා HIVඅසාදිත රෝගීන්ට පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව ප‍්‍රමාණය තීරණය කර දෛනික ආහාරයට එක් කර ගැනීම සුදුසු බවය.^The open agriculture journal, 2011,Volume 5 / chicken meat rich in selenium and omega -3 fatty acids) යන පරීක්ෂණ පති‍්‍රකාව බලන්න. තවද මනුෂ්‍යාට කුකුළු මස් කෑමෙන් පමණක් හෘද රෝග, දියවැඩියාව සෑදුන බව සනාථ කළ හැකි විද්‍යාත්මක තොරතුරු සහිත සාක්ෂියක් ඉදිරිපත් කර අපගේ දැනුම වර්ධනය එකී ලියුම්කරුගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ශ‍්‍ර‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ලියාපදිංචි සත්ව අභිජනන ගොවිපොළ සංඛ්‍යාව 34කි. මෙකී  අභිජනන ගොවිපළවල්වලින් මසකට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටව් සංඛ්‍යාව ලක්ෂ 125 (12,500,000)කි. මේ සෑම බ්‍රොයිලර් කුකුළු පැටියකුටම අක්මාවක් ඇත. ඒ අනුව දින 35-40ක් අතර ප‍්‍රමිතිගත  සත්ව ආහාර පරිභෝජනය කරමින්, සුවපහසු පරිසරයක වැඩුන බ්‍රොයිලර් කුකුළන් අවම වශයෙන් ලක්ෂ 100 ක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ කුකුළු මස් අවශ්‍යතාවය සඳහා මස් පිණිස සකස් කිරීමට යොදාගනී. ඒ අනුව එක් සතෙකුට එක් අක්මාවක් තිබෙන නිසා අවම වශයෙන් අක්මාවන් ලක්ෂ 100ක් වෙළෙඳපොළට නිකුත් වේයැයි සිතමු. ගැටලූකාරී තත්ත්වයකට පත්වූ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ 2017 පරීක්ෂණයේදී එකී විද්වත් ආචාර්ය දෙපළ විසින් යොදාගෙන තිබෙන නියැදි ප‍්‍රමාණය තීරණය කිරීම ඉහත සඳහන්  වෙළඳපොළේ පවතින කුකුලන්ගේ අක්මා ලක්ෂ 100ක් පිළිබඳව සැලකිල්ලට ගනිමින් කළ විධිමත් නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් (Representative Sampling) වූවාද යන්න පාරිභෝගික ජනතාව තේරුම් ගත යුතුය.
2010 වර්ෂයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා  දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් විසින් සිදුකළ පරීක්ෂණය සදහාද කුකුල් මස් සාම්පල 15ක් පරීක්ෂා කර තීරණවලට එළඹ තිබුණු බව ඔවුන්ගේ පර්යේෂණ පති‍්‍රකාවේ සඳහන් වේ. ඒ පිළිබඳව කිවයුත්තේද පාරිභෝගික ජනතාවට වඩාත් නිවැරදි තීරණයකට එළඹීමකට නම් පිළිගත් ක‍්‍රමවේදයකට අනුව දැනට මසකට වෙළෙඳපොළට නිකුත්වන සකස් කළ කුකුල් මස් කිලෝ ලක්ෂ 150ට (15,000,000) ආසන්න කුකුළු මස් ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන විද්‍යාත්මක වූ නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් මගින් එකී විද්වතුන්ගේ ඉලක්කගත අරමුණ පරීක්ෂා කර විද්වත් සභාවක් හා ලෝකයේ පිළිගත්  විද්වත් සඟරාවලට ඉදිරිපත් කරගන්නා ලෙසය.
බ්‍රොයිලර් කුකුළු පාලනය පිළිබද විධිමත් දැනුමක් නොමැති සහ ශ‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ සත්ව ආහාර සම්බන්ධ රෙජිස්ට‍්‍රාර් තැනගේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති ලේඛකයකු සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ කුකුළු මස්වල ආසනික් ඇති බවට තොරතුරු ඉදිරිපත් කළ පර්යේෂණ මණ්ඩලය විසින්ද පසුගිය දිනවල පුවත්පත්වලට සඳහන් කර තිබුණේ ROXARSONE නමැති ආසනික් සහිත සත්ව ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ කුකුළන්ගේ ආහාරයට එක් කරගන්නා බවයි. මේ සම්බන්ධව එම පාර්ශ්වවල නොදන්නාකම පිළිබඳව අනුකම්පා කරමින් සහ වගකීමෙන් ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකාවේ සත්ව ආහාර පිළිබඳ රෙජිස්ට‍්‍රාර් තනතුරේ අතීතයේ සිටි සහ දැනට සිටින කිසිම පශු වෛද්‍යවරයකු ඉහත සඳහන් ROXARSONE ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කිසිදු අවසරයක් නොදී ලබාදී නැති බවත් එමෙන්ම එකී රෙජිස්ට‍්‍රාර් තැනගේ අවසරයකින් තොරව කිසිදු ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ රේගුව හරහා මෙරටට ආනයනය කළ නොහැකි බවත්ය.
 
පශු වෛද්‍ය මංගල අමරසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

කොදෙව් ටෙස්ට් ක්‍රිකට් සටනට ශ්‍රී ලංකා පිල අද පිටත්ව යයි

IMAGE 2018 May 25 13:06
තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (25දා) කොදෙව් දූපත් බලා පිටත්ව...
Views - 217

නයිට්රයිඩර්ස්-සන්රයිසස් අවසන් පූර්ව තරගය අද

IMAGE 2018 May 25 12:53
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහා සටනට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කිරීමේ කල්කටා නයිට්රයිඩර්ස් සහ...
Views - 69
IMAGEමලල කී‍්‍රඩා

රේසිං පාපැදි පළමු ස්ථාන දර්ශන සහ සුලෝචනා දිනති

IMAGE 2018 May 24 11:06
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රේසිං පාපැදි ඉසව්වේ පිරිමි සහ කාන්තා...
Views - 82

ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ කණ්ඩායම් තරග හෙට සිට

IMAGE 2018 May 18 10:39
30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග හෙට සිට (19දා) ජූලි 23දා දක්වා පැවැත්වේ. මෙම තරග මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය...
Views - 144
IMAGEරග්බි

පාසල් රග්බි ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම ගැන විශේෂ අවධානයක්

IMAGE 2018 May 25 13:10
පසුගියදා පාසල් රග්බි තරගවලදී ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ...
Views - 57

රාජකීය සහ ශා. පීතර අපරාජිතව පෙරමුණට

IMAGE 2018 May 16 08:23
2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග 4ක් පසුගිය සති අන්තයේ පැවැති අතර එහිදී තවදුරටත් අපරාජිත භාවය ආරක්ෂා කරගැනීමට රාජකීය සහ ශා. පීතර...
Views - 221
IMAGE වෙනත් කී‍්‍රඩා

ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය 27දා කොළඹදී ඇරඹේ

IMAGE 2018 May 25 13:03
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන “ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය” මේ මස 27දා සිට 30දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී...
Views - 50

විවෘත පිරිමි-කාන්තා ශූරතා යුද සහ නාවික හමුදාවට

IMAGE 2018 May 24 11:17
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ ‘සන්ක්වික්’ ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව යුද හමුදාව දිනාගත් අතර, කාන්තා ශූරතාව...
Views - 64

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.