Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ශ්‍රීලනිප බහුතරය ආණ්ඩුවෙන් ඉවතට

IMAGE 2018 Apr 21 00:48
එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන මතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය පැමිණ ඇති බවත් ඒ අනුව මීළඟ...
Views - 1854

එසැනින් පුවත්

රාජාසන කතාව පරාජය කරන කතා බොරු

IMAGE 2018 Apr 21 00:23
ජනාධිපතිවරයා සිය රාජාසන කතාව පැවැත්වීමට නියමිත මැයි 08 වැනිදා...
Views - 1082

මන්ත්‍රී වැටුප් හා වරප්‍රසාද නතර කරන්න - මල්වතු අනු නාහිමියෝ

IMAGE 2018 Apr 21 00:14
මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන්...
Views - 1018

එජාප ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයන් පොදුජන පෙරමුණු මැයි රැළියට ?

IMAGE 2018 Apr 20 21:55
මැයි 07 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී...
Views - 1240

අර්ජුන් මහේද්‍රන්ට රතු වරෙන්තු

IMAGE 2018 Apr 20 14:48
බැදුම්කර  වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති...
Views - 568

ගම්පහ නගරාශ්‍රිතව 'මසාජ් ක්ලීනික්' 4 ක්

IMAGE 2018 Apr 20 14:43
ගම්පහ නගර සීමාවට අයත් මිරිස්වත්ත සහ යක්කල ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද...
Views - 1274

සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිකා වකුගඩු රෝගවලටත්

IMAGE 2018 Apr 20 14:15
සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් පිළිකා, වකුගඩු රෝග ආදී රෝග සඳහාද ප්‍රතිලාභ...
Views - 231

කඩොලාන සංරක්ෂණයේ නායකත්වය ශ්‍රී ලංකාවට

IMAGE 2018 Apr 20 13:52
‍පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා...
Views - 268

නොරොච්චෝලේ ගල් අඟුරු අළු මැඩළීමට සුළං බාදකයක්

IMAGE 2018 Apr 20 13:23
නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය...
Views - 390

ක්‍රිකට් නිලවරණය මැයි 19

IMAGE 2018 Apr 20 12:58
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වන දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්...
Views - 334

ගැඹුරු මුහුදේ පාවුණු බුදු පිළිම ගොඩ ගනී

IMAGE 2018 Apr 20 10:28
ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල...
Views - 1270

පාතාලයන් දෙදෙනෙක් ‍තොටළඟ දී අත්අඩංගුවට

IMAGE 2018 Apr 20 10:08
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අද (20) කොළඹ ග්‍රෑන්පාස් (තොටළඟ)...
Views - 334

ඉදිරි දින 10දී එජාප පුරප්පාඩු පුරවයි

IMAGE 2018 Apr 20 09:20
ඉදිරි දින 10 තුළදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලෙහිම...
Views - 289

ජාතික ආණ්ඩුව ගැන එජාප තීන්දුව ලබන සතියේ

IMAGE 2018 Apr 20 09:10
ජාතික රජය ලබන 2020 වර්ෂය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමේ එක්සත් ජාතික පක්ෂ...
Views - 370

තෙල් මිල වැඩි කළොත් අවුල් රැසක්

IMAGE 2018 Apr 20 00:30
ඉන්ධන මිල ගණන් වැඩිකළහොත් ජන ජීවිතයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ විශේෂ...
Views - 599

පන්සල් වර්ග කිරීමට ඇමැතිගෙන් යෝජනාවක්

IMAGE 2018 Apr 20 00:08
දායකයන්ගේ ආර්ථික තත්ත්වය අනුව මෙරට පන්සල් වර්ගීකරණය කිරීමට කැබිනට්...
Views - 680
එතෙර පුවත්

කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි

IMAGE 2018 Apr 20 11:47
කියුබාව යනු වාමාංශික අදහස් ඇති, සමාජවාදය ගැන හැඟීමක් ඇති ලාංකිකයින් තුළ...
Views - 291

ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට

IMAGE 2018 Apr 19 10:02
ගමන අතරේ එහි එන්ජිමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් තමා ගමන් කරමින් සිටි මගී...
Views - 816

මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි

IMAGE 2018 Apr 19 09:58
තරගාවලිය පැවැත්වෙන ප්‍ර්‍රදේශයෙන් වාර්තාවූ මෝරුන්ගේ ප්‍රහාර දෙකක්...
Views - 439

පින්තූර ගැලරිය

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2150

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3108

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3397

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1378

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3296

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2428

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1420

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

IMAGE 2018 Apr 16 16:14
කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස්...
Views - 1513

අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න තියෙන්නේ කිරිබත්ගොඩ විතරමද

IMAGE 2018 Apr 16 14:46
නුවර පාරෙත් කිරිබත්ගොඩ පසුකර වාහන වලින් මිනිස්සු මේ දවස්වල යන්නේ ‍ලේ කෝප කරගෙනය. අලුත්...
Views - 2805

මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ

IMAGE 2018 Apr 16 13:40
තුමිඳු දොඩන්තැන්න කලා ක්ෂේත්‍රයට පිවිසිලා මේ වන විට වසර 20ක පමණ කාලයක් ගතවී තිබුණත් ඔහු ගැන...
Views - 1612

මේ වගේ අසාමාන්‍ය භීතිකාවක් වෙන කාටවත් නැතිව ඇති

IMAGE 2018 Apr 16 13:13
අද මම කියන්න යන මේ රහස සමහර විට තවත් කෙනෙකුට ‘‍පොදු භීතිකාවක්” වෙන්නත් පුළුවන්. ඒත් මට...
Views - 1758
IMAGE

නො හැකියාවන් සුපිරි බලයක් ලෙසින් මෙහෙයවූ ඉන්දියන් කෙල්ල

IMAGE 2018 Apr 09 08:42
පටන් ගන්න මේ දැන්,  පටන් ගන්න ඔයා දැන් ඉන්න තැනින්, පටන් ගන්න බයත් සමගින්, පටන් ගන්න වේදනාව සමගින්, පටන් ගන්න ගැහෙනා හ`ඩින් , පටන් ගන්න ඔයාට තියෙන දෙයින්....
Views - 2738
ව්‍යාපාරික පුවත්

HUTCH Champion’s Challenge හිදී අලෙවි විශිෂ්ටයින් ඇගයීමට ලක්වෙයි

IMAGE 2018 Apr 20 11:58
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් ජංගම දුරකථන සේවා...
Views - 67

හොඳම Dell භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස සිංගර් අභිෂේක...

IMAGE 2018 Apr 19 10:06
මෙරට ගෘහ විදුලි උපකරණ භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා...
Views - 120

අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්

IMAGE 2018 Apr 11 12:12
මේ උත්සව සමයේ අනුරාධපුර නගරයේ පිහිටි කුටුම්භය රිසෝට් (Kutumbaya Resort) සහ ලැවොන්කා...
Views - 861
කතා මැද කතා

ජනපතිට අගමැතිට අභියෝග රැසක්

IMAGE 2018 Apr 17 10:39
ඉකුත් සතියේ යෙදී තිබුණ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගියේ දේශපාලන උණුසුම මැදින්ය. මේ දේශපාලන උණුසුම නිසාවෙන් සිංහල හින්දු අවුරුද්ද පෙර වර්ෂවලදී...
Views - 1138
සුන්දර ලක්බිම

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්

IMAGE 2018 Apr 19 13:20
ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී...
Views - 523

ලක්බිම වීඩියෝ

කාටූන්

මත විමසුම

අද සමාජයේ කාන්තාවට නිසි තැන
  • Votes: (0%)
  • Votes: (0%)
Total Votes:
First Vote:
Last Vote:
IMAGE

ඔසප් නතර වීමෙන් පසු ඊස්ට්‍රජන් ඖෂධය අත්‍යවශ්‍යද?

IMAGE 2018 Apr 17 11:35
යුගදිවියේ ගැටලු ඇතිකරවන කාන්තා රෝග පිළිබඳව කතා කිරීමේදී රෝගයක් නොවන ස්වභාවික සංසිද්ධියක් වන කාන්තාවන්ගේ ආර්ථවහරණය පිළිබඳවද සාකච්ඡා නොකර බැරිය....
Views - 1272
සහන් එළිය

නුග ගසක් යට ඇද වැටී 'සූනියම් දෙවියන්' ආරූඪ වූ නදීශා

IMAGE 2018 Apr 20 09:38
දහ අට විහැති රූමත් තරුණියක වූ නදීශාට හිටිහැටියේ දේව වරමක් ලැබී ඇතැයි යන පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. පසුගිය දිනයක සවස් භාගයේ නගරය දෙසින් ගමට...
Views - 522
විමසුම

රුපියල බාල්දු වීමෙන් එකපිට එක ගැටලු

IMAGE 2018 Apr 19 09:07
මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ගැටලු ගණනාවක් පැන නැගී තිබේ. විදේශ විනිමය අවප්‍රමාණය වීම, අපනයන ආදායම් වැඩිවනවාට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වී...
Views - 256
මානිගේ තීරුව

මෙන්න රනිල්ගේ ප්‍රතිසංවිධාන

IMAGE 2018 Apr 16 13:07
යූඑන්පීය ප්‍රතිසංවිධානය කිරීමට හැමෝම කරන යෝජනාවලට රනිල් වික්‍රමසිංහ ද කැමති වූ බව ඔබ දනී. කාටවත් නොකියා වෙස්වලා රටපුරා ඇවිද නව නායකත්වය සොයා ගැනීමට...
Views - 1316

විශේෂ පුවත්

සිංහල අලුත් අවුරුද්ද ඇරඹී ඇත්තේ සීතාවක යුගයේ පූසාරියන්ගෙන්

IMAGE 2018 Apr 20 11:47
මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් විසින් සම්පාදනය කරන ලද අලුත් අවුරුද්දේ හිස...
Views - 500

සංචාරක ව්‍යාපාරය රැකගන්නට දකුණේ “බිච් බෝයි” මාෆියාව මඩින්න

IMAGE 2018 Apr 20 10:29
සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ...
Views - 499

තිලංග සුමතිපාලට පශ්චාත් ගෞරව උපාධියක්

IMAGE 2018 Apr 18 19:59
චීනයේ බිජිංහි විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ලද පශ්චාත්...
Views - 286

වෙසක් වලට වඩා 'බක්' මුල්කරගත්තොත් ජාතියම 'හබක්'

IMAGE 2018 Apr 18 11:48
මෙවර සිංහල අලුත් අවුරුද්දේ අගයන් පිළිබඳව මාධ්‍ය වලින් වර්ණනා කරන ලද බොහෝ...
Views - 464

මාත‍ලේට රිළා ආක්‍රමණයක්

IMAGE 2018 Apr 17 10:55
රිළා ආක්‍රමණයකින් මාත‍ලේ අවට ගම්මාන රැසක ජනජීවිතවලට තර්ජනයක් එල්ල වී...
Views - 337

දලුත් නෙළන මන්ත්‍රීකමත් කරන මල්ලිකා දේවි

IMAGE 2018 Apr 16 15:00
බළන්ගොඩ මාරතැන්න වතුයායේ දලු කඩන මුනියන්ඩි මල්ලිකා දේවියට ලංකා වතු කම්කරු...
Views - 643

ඡන්දය සමඟ උතුරු කොළඹ පාතාලය එළියට

විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව සපයනු ලබන ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව ගිය සතියේ එකවරම දිගු වූවේය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එවැනි ත්‍රස්ත සංවිධානයකින් ඇමැතිවරුන්ට හිටි හැටියේ තර්ජන එල්ලවීම නිසා නොවේ. එල්.ටී.ටී.ඊ.ය සමූල ඝාතනය කර වසර නවයක් ගත වූ පසුවත් ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකාය හෙවත් එස්.ටී.එෆ්. හිටි හැටියේ යොදන්න සිද්ධ වී ඇත්තේ පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇමැතිවරුන්ට පාතාලයෙන් තර්ජන එල්ල වීම නිසාය.
පුංචි ඡන්දයට ඇමැතිවරු තරග නොකරන බව හැමෝම දන්නා කාරණාවකි. එය එසේ නම් පුංචි ඡන්දය නිසා ඇමැතිවරුන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව යෙදවීමට සිද්ධවීම කුතුහලය දනවන කාරණාවකි. මේ කතාවට මුල පිරෙන්නේ කොළඹ මහ නගර සභා ඡන්දය වෙනුවෙන් නාමයෝජනා සැකසීමේදී උද්ගත වූ ප්‍රශ්නයකි. 
ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැතිවරයා වන මනෝ ගනේෂන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයාය. ඔහු මුලින් තීරණය කර තිබුණේ එජාපය සමග දීග ගොස් කොළඹ මහ නගර සභාවට එක්ව ඡන්දය ඉල්ලීමටය. එහෙත් කොළඹ එජාප නායකයා වන රවි කරුණානායක මන්ත්‍රීවරයා සමග නාමයෝජනා කෝටාව බෙදා ගැනීමට නොහැකිවූ තැන මනෝ ගනේෂන් ඇමැතිවරයා තීරණය කළේ වෙනම තරග කිරීමටය.
මේ තීරණයත් සමග මනෝ ගනේෂන් ඇමැතිවරයාට පාතාලයට සම්බන්ධ පිරිස් වෙතින් තර්ජන එල්ලවී ඇති බව සඳහන්ය. ඊට පසුබිම හැදෙන්නේ එජාපයේ උප නායක රවි කරුණානායක ආසන සංවිධාක ධුරය දරන උතුරු කොළඹිනි. උතුරු කොළඹ වූ කලී වතු ආශ්‍රිතව විශාල දෙමළ පිරිසක් දිවි ගෙවන ඡන්ද කොට්ඨාසයකි. මනෝ ගනේෂන්ගේ ඡන්ද පදනම වන්නේද කොළඹ වතු ආශ්‍රිතව සිටින දෙමළ ජනතාවය. උතුරු කොළඹ දේශපාලනය සමග පාතාලය ගහට ‍පොත්ත සේ එකට බැඳී ඇති බව නොරහසකි. ඊට හොඳම උදාහරණය වන්නේ එජාප කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට පාතාලයේ සබඳතා ඇති අපේක්ෂකයන් රිංගීමය. පාතාලයට මෙන්ම කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ කුඩු ලාල් නමැත්තාගේ පුතාට උතුරු කොළඹින් නාමයෝජනා දීමට රවි කරුණානායක මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි. අවසානයේදී එම නම ලැයිස්තුවෙන් කපා දැමුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකිනි. එහෙත් එජාප ලැයිස්තුවේ පාතාල සබඳතා ඇති තවත් අපේක්ෂකයන් දෙදෙනකු උතුරු කොළඹ ලැයිස්තුවේ සිටින බවට සඳහන්ය. එක් අපේක්ෂකයකු වන්නේ 'කිඹුලා ඇළ ගුණාගේ' බෑණාය. එම අපේක්ෂකයාගේ මව මෙන්ම පියාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී මහ උළුගෙදර ගිය අය වෙති. මෙම අපේක්ෂකයාගේ මාමා ගුණසේකරන් හෙවත් 'කිඹුලා ඇළ ගුණා' කුඩු ජාවාරම, ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවෙකි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට කොළඹ නගර සභා පිටියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කොටි සාමාජිකයන්ට නවාතැන් දුන් බවට ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවූයේ කිඹුලා ඇළ ගුණාය. මේ වන විට කිඹුලා ඇළ ගුණා සැඟව සිටින්නේ ඉන්දියාවේය. ආරක්ෂක අංශ වෙතින් බේරීමටය. එහෙත් කිඹුලා ඇළ ගුණාගේ ගෝලබාලයන් කොළඹ මහනගර සභා ඡන්දය සමග කරළියට පැමිණ තිබේ. කිඹුලා ඇළ ගුණාගේ බෑණා මෙන්ම උතුරු කොළඹින් පාතාලයට සම්බන්ධ ඇති තවත් අපේක්ෂකයකු එජාප ලැයිස්තුවේ සිටින බවට චෝදනා එල්ලවී ඇත. කලක් කිඹුලා ඇළ ගුණා සමග මත්කුඩු ජාවාරමට සම්බන්ධව වී ඇති මෙම පුද්ගලයාට එරෙහිව මීගමුව මහාධිකරණයේදී මිනීමැරුම් නඩුවක්ද විභාග වෙමින් පවතී.
මේ පාතාල සාමාජිකයන්ට නාමයෝජනා දුන් බවට චෝදනා එල්ල වන්නේ රවි කරුණානායක මන්ත්‍රීවරයාටය. මීට පෙරද ඔහුට එවැනි චෝදනාවක් එල්ල විය. ඒ ඉකුත් මහ මැතිවරණයේදීය. රවි කරුණානායක ඇමැතිවරයාට සහය පළ කරමින් පිරිසක් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී එම පිරිසට බ්ලූමැන්ඩල් පාරේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයේදී එක් අයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබිය. මෙතැන සිටි රවි කරුණානායකගේ ආධාරකරුවන් අතර පාතාලයන් සිටි බව පසුව කළ ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
උතුරු කොළඹ පාතාලය කොළඹ මහ නගර සභා ඡන්දය සමග කරළියට පිවිසීමත් සමග ඒ ගැන මනෝ ගනේෂන් ඇමැතිවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමු කළේය. රවි කරුණානායක මන්ත්‍රීවරයාට සහය දක්වන පාතාල සාමාජිකයන්ගෙන් තමාට තර්ජන එල්ලවී ඇති බවත්, තමාට විශේෂ කාර්ය බළකායේ රැකවරණ සලසන ලෙස ඇමැතිවරයා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ පිළිබඳ ‍පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඉකුත් විසිඑක් වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මනෝ ගනේෂන් ඇමැතිවරයාට විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව දී තිබේ.
මනෝ ගනේෂන් ඇමැතිවරයාට සේම ගිය සතියේදී තවත් ඇමැතිවරයකුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව දී තිබේ. ඒ පියසේන ගමගේටය. නීතිය හා සාමය රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුට මෙසේ එස්.ටී.එෆ්. ආරක්ෂාව සපයා තිබේ. එසේ ඔහුට ආරක්ෂාව දී ඇත්තේ ඔහු විශේෂ කාර්ය බළකාය මෙන්ම ‍පොලිස් දෙපාර්තමේන්තුව භාර අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. 
මේ ඇමැතිවරුන්ට අමතරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සෞඛය ඇමැති රාජිත සේනාරත්න, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන්, නාගරික සංවර්ධන ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම්, කඳුරට සංවර්ධන හා වතු නිවාස ඇමැති පලනි දිගම්බරන්, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා අයටද එස්.ටී.එෆ්. ප්‍රභූ ආරක්ෂාව සලසා තිබේ. ඔවුන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව දී ඇත්තේ ඔවුන් ඇමැති ධුරයට පත්වූ දා සිටය. මේ ඇමැතිවරුන් අතරින් පලනි දිගම්බරන් මහින්ද රාජපක්ෂ ජනපති ධුරය දැරූ කාලයේද එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට එස්.ටී.එෆ්. ආරක්ෂාව දෙනවාට කඳුකරයේ එකල බලවතා වූ ආරුමුගම් තොන්ඩමාන් ඇමැතිවරයා විරුද්ධ විය. එකල ජනපතිවරයා පවසා තිබුණේ ඇමැති ආරක්ෂක අංශයෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව දුන් පිරිස අවශ්‍ය නම් තවත් වැඩි කළ 
හැකි මුත් එස්.ටී.එෆ්. ආරක්ෂාව දීමේ ප්‍රශ්නයක් ඇති බවය. එස්.ටී.එෆ්. ආරක්ෂාව නොලැබුණු දිගම්බරන් මන්ත්‍රීවරයා අවසානයේ නතර වූයේ එජාප ආණ්ඩුවේය. දිගම්බරන් මන්ත්‍රීවරයා පමණක් නොව එකල දේශපාලනඥයන් රැසක්ම එස්.ටී.එෆ්. මෙන්ම යුද හමුදා ආරක්ෂාව පැතූහ. එකල ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ටද කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ.පී. ඇතුළු විශේෂ පුද්ගලයන් හතළිස් දෙනකුට යුද හමුදාවේ ආරක්ෂාව සපයා තිබුණි. 
එහෙත් තුන් අවුරුද්දකට ඉහතදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වශයෙන් පත්වූ සැනින් රටේ ප්‍රභූ ආරක්ෂාවේ වෙනසක් කළේය. ඒ ජනපතිවරයාගේ සිට විශේෂ ප්‍රභූවරුන්ට දී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමය. එකල මැති ඇමැතිවරු හා ප්‍රභූවරුන්ට යුද හමුදා කොමාන්ඩෝ බළකායේ හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සලසා තිබුණි. එම බළකා දෙකම ප්‍රභූ ආරක්ෂාවේ විශේෂඥයෝය. කොමාන්ඩෝ බළකායට මෙන්ම විශේෂ කාර්ය බළකායට වෙනමම ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් (VIP) ඒකකද ඇත්තේය.
අසූව දශකයේ එස්.ටී.එෆ්. හෙවත් විශේෂ කාර්ය බළකාය පිහිටුවීමට එක් හේතුවක් වූයේ ජවිපෙ හා එල්.ටී.ටී.ඊ. තර්ජන එල්ල වූ ජනපති ජේ.ආර්. ජයවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරක්ෂාව සැපයීමය. කොහොමත් එජාප ආණ්ඩු කාලවලදී ආරක්ෂාව ජනපති අගමැති ඇතුළු ප්‍රභූවරු එස්.ටී.එෆ්. ගැන වැඩි විශ්වාසයක් තැබූ බවට පෙනෙන්නට තිබේ. ඊට හේතු වන්නට ඇත්තේ එස්.ටී.එෆ්. ගොඩනැගීමට මුල්වූයේ ජේ.ආර්.ගේ පුත් රවි ජයවර්ධන නිසාය.
කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ජනපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනපති ආරක්ෂක බළසේනාව විසුරුවා හැරියේය. එතැන් සිට ජනපති, අගමැති ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව භාර වූයේ විශේෂ කාර්ය බළකායටය. එහෙත් එම නීතිය දෙදෙනකුට බලපෑවේ නැත. එක් අයකු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහුට තවමත් ආරක්ෂාව දෙන්නේ යුද හමුදා කොමාන්ඩෝ බළකායය. එසේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා හමුදාමය උත්සවලට යන්නේ නම් ඒ අවස්ථාවල ඔහුට හිමි වන්නේද කොමාන්ඩෝ ආරක්ෂාවය. එහෙත් ඔහු දේශපාලන කටයුතු සඳහා යන අවස්ථාවල ඔහුට ආරක්ෂාව දෙන්නේ විශේෂ කාර්ය බළකායය. 
සරත් ෆොන්සේකා ඇතුළු සියලුම ඇමැතිවරුන්ගේ ආරක්ෂාව භාරව ඇත්තේ ඇමැති ආරක්ෂක අංශයටය. ඔවුන්ගේ ආරක්ෂාවට අමතරව විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රභූ ආරක්ෂාව සපයනු ලබන තවත් ඇමැතිවරු කීපදෙනෙක් සිටිති. ඒ ඔවුන්ට එල්ලවී ඇති තර්ජන සලකා බලාය. එම තර්ජන විශ්‍ලේෂණය කරනු ලබන්නේ රාජ්‍ය බුද්ධි අංශය විසිනි. රාජ්‍ය බුද්ධි අංශයේ තර්ජන විශ්‍ලේෂණය අනුව අවසන් වරට එස්.ටී.එෆ්. ප්‍රභූ ආරක්ෂාව දෙනු ලැබුවේ දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ටය. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එස්.ටී.එෆ්. ආරක්ෂාව දුන්නේ ඔහුට නැවත නැගිටෙමින් සිටින බව කියන කොටි හිතවාදී සන්නද්ධ පිරිසකගෙන් එල්ලවූ ජීවිත තර්ජන හේතුවෙනි.
 
මිහිරි ෆොන්සේකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකා පාසල් පි‍ලේ නායකත්වය දුනිත්ට

IMAGE 2018 Apr 19 08:05
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංගලිදේශය සහ මලයාසියාව ඇතුළු රටවල් හතරක...
Views - 214

කරන්දෙණිය-ශා. ආනා අර්ධ අවසන් පූර්ව තරගය අද

IMAGE 2018 Apr 19 08:02
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය...
Views - 66
IMAGEමලල කී‍්‍රඩා

සමස්ත ලංකා මල්ලව‍පොර ආධුනික ශූරතාව තුඩැල්ල ක්‍රිස්තුරාජයට

IMAGE 2018 Apr 19 07:59
සමස්ත ලංකා මල්ලව‍පොර (2018) තරගාවලියේ ආධුනික අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට...
Views - 59

21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරතාව ඕස්ට්‍රේලියාවට

IMAGE 2018 Apr 17 11:05
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි පැවති ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා...
Views - 166
IMAGEරග්බි

අන්තර් වතු සමාගම් රග්බි ශූරතාව මස්කෙළියට

IMAGE 2018 Apr 19 07:57
අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන සත් සාමාජික රග්බි තරගාවලියේ 2018...
Views - 67

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අවසන් පූර්ව තරග අද

IMAGE 2018 Feb 21 01:43
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද...
Views - 716
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු නික් ‍පෝතාස් ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Apr 18 11:35
ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික්...
Views - 112

ජාතික බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

IMAGE 2018 Apr 18 11:33
දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික...
Views - 62
IMAGE
Thursday, 19 April 2018
ස්ට්‍රෝබෙරි ස්මූදි
Views - 144
IMAGE
Thursday, 19 April 2018
ග්‍රීන් ස්මූදි
Views - 144
IMAGE
Thursday, 19 April 2018
ලෙමන් සැල්දිරි පානය
Views - 128
IMAGE
Thursday, 19 April 2018
දෙළුම් මීකිරි පානය
Views - 117
IMAGE
Thursday, 19 April 2018
කැරට්, බිට් පානය
Views - 147

Please publish modules in offcanvas position.