Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමිට ජම්පරය හිමිවීම සාමාන්‍ය දෙයක්

IMAGE 2018 Jun 19 19:57
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ජම්පරයට ඇඳීමට සිදුවීම  බන්ධනාගාර රැදවියන් පිළිබඳ සාමාන්‍ය පටිපාටිය අනුව සිදුවන්නක් බවත් එහි...
Views - 142
එසැනින් පුවත්

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 70255කට ‍පොහොර සහනාධාර

IMAGE 2018 Jun 19 13:42
2018 යල කන්නය සඳහා කුඹුරු හෙක්ටයාර 70255කට ‍පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කර ඇති...
Views - 229

තිස්සමහාරාම රෝහල වැසියාමේ තර්ජනයක්

IMAGE 2018 Jun 19 13:17
තිස්සමහාරාම රෝහ‍ලේ වෛද්‍යවරුන් 10ක් අඩුයි. හෙදියන් 10ක් අඩුයි. සුළු සේවකයන්...
Views - 267

කිරිවෙහෙරේ සිද්ධියේ සැකකරුවන් සිරමැදිරි 3ක

IMAGE 2018 Jun 19 11:19
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන්...
Views - 478

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50යි

IMAGE 2018 Jun 19 09:01
රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය...
Views - 496

1 වසරට අයැදුම්පත් ලබන 10 තෙක්

IMAGE 2018 Jun 19 08:45
පාසල්වල පළමු ශ්‍රේණියට ලබන වසර සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයැදුම්පත් භාර...
Views - 345

අක්ෂි රෝහ‍ලේ දෘෂ්ටි ඒකකය වැසී යන ලකුණු

IMAGE 2018 Jun 19 08:32
ජාතික අක්ෂි රෝහ‍ලේ දෘෂ්ටි විතානය සම්බන්ධ පරීක්ෂණ කිරීමේ ඒකකය (රෙටිනල්...
Views - 479

රන්ජන්ට දඬුවම් නොදෙන්න හේතු දැක්වීමට නියෝග

IMAGE 2018 Jun 19 01:11
ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට...
Views - 794

161 ට ඩොලරය නගී

IMAGE 2018 Jun 19 00:45
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගැනුම් හා විකුණුම් අනුපාත සටහනට අනුව ඇමෙරිකා එක්සත්...
Views - 570

පාතාලයේ ෂෙල්ටා අත්අඩංගුවට

IMAGE 2018 Jun 19 00:35
ඝාතන දෙකක් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙක් වන අසිත ප්‍රේමතිලක...
Views - 713

ඥාණසාර හිමිට දඬුවම් කළේ රටෙහි පවතින නීතිය අනුවයි

IMAGE 2018 Jun 18 15:02
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අධිකරණය විසින් පනවන ලද දඬුවම රටෙහි පවත්නා...
Views - 1608

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය ගිය දරුවාගේ පියා නඩු මඟට

IMAGE 2018 Jun 18 13:56
ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී රෝහල් ගත කිරිමෙන් පසු තම දරුවා මිය ගියේ...
Views - 1699

එජාපයට නව නායකත්වයක් ඕනෑ

IMAGE 2018 Jun 18 13:52
මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා...
Views - 1681

චීන රජයෙන් වසර 12ක් තුළ රු.කෝටි 102,900ක ණය අරන්

IMAGE 2018 Jun 18 09:47
ශ්‍රී ලංකාව චීන රජයෙන් රුපියල් බිලියන 1029ක ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී...
Views - 1088

යුද හමුදා නිලධාරීන්ට කළ හැකි මානුෂීය සේවය රත්නප්‍රිය පෙන්නුවා

IMAGE 2018 Jun 18 09:37
යුද හමුදා නිලධාරීන් යුද්ධවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට මානුෂීය මට්ටමින්...
Views - 1386

කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තැබිමට ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක්

IMAGE 2018 Jun 17 22:59
කතරගම කිරිවෙහෙර විහාරධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක...
Views - 1587
එතෙර පුවත්

දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කිරීමට ඇමෙරිකානු ජනපති බිරියගේ විරෝධය

IMAGE 2018 Jun 19 17:16
ඇමෙරිකාවට නීති විරෝධීලෙස ඇතුළු වන්නන් අතර සිටින දරුවන් දෙමව්පි යන්ගෙන්...
Views - 92

ට්‍රම්ප්ගෙන් කිම් ජොං-උන් ගැන ලොකු වර්ණනාවක්

IMAGE 2018 Jun 18 10:22
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට උතුරු කොරියානු නායක කිම් ජොං-උන් ගැන කතා කරන්නේ...
Views - 608

ඔස්ට්‍රේලියානු හමුදා වාහනයක තිබූ නට්සි ධජය නිසා ආන්දෝලනයක්

IMAGE 2018 Jun 15 14:53
ඇෆ්ගනිස්ථානයේදී  ඔස්ට්‍රේලියානු හමුදා වාහනයක නට්සි ධජයක් ලෙළ දෙමින්...
Views - 1074

පින්තූර ගැලරිය

IMAGE

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 609

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 2724

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 4395

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 2499

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1422

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1728

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 2949

පොසොන් උදාවේ ජනපතිගේ "දේශපාලන තිඹිරිගෙදර" සුනඛ සංහාරයක්?

IMAGE 2018 Jun 12 09:40
පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව...
Views - 1417

ටෙලි නිළියක් ඇතුළු කතුන් 7ක් ගණිකා වෘත්තියේ

IMAGE 2018 Jun 11 12:08
ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ...
Views - 7149
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 109
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 166

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 95

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 480

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 1517
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1136

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1329
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 513
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 818
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 132
විශේෂ පුවත්

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 76

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 212

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 86

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 424

වයඹ ඇළ ව්‍යාපෘතිය 2020 අවසානයේදී අවසන්

IMAGE 2018 Jun 13 09:38
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිඳින ප්‍රදේශ වෙත මහවැලි ජලය...
Views - 617

ගම්පොළ සිසුවියක් මාස 7ක සිට නිවසේ

IMAGE 2018 Jun 12 11:51
ගම්පොළ නගරයේ පාසලක පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දැරියකගේ පාසල් ගමන...
Views - 791

කරඬු හතක් තුළ වැඩ සිටිනා දළදා වහන්සේ ගැන පෙර නෑසූ කතාවක්

දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය.
දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව නොහොත් ගඳකිළිය නම් කොටසෙහි දළදා කරඬුව තැන්පත් කර තිබේ. විශේෂ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මෙම සුවිසල් කරඬුව තැන්පත් කර තිබේ. ජපන් රජය මෙම වීදුරු ආවරණය දළදා මාලිගාවට පූජා කර තිබේ.
මෙම සුවිසල් කරඬුවෙහි රන්මාල සහ වටිනා මැණික් ගල් අල්ලා තිබෙනු දක්නට ලැබේ. නොයෙක් යුගවලදී රජවරුන්, බිසෝවරුන්, සේනාධිපතිවරුන් සහ විවිධ රාජ්‍ය නායකයන් දෙස් විදෙස් බෞද්ධයන් දළදා වන්සේ උදෙසා එම රන්මාල, මැණික් පූජා කර තිබේ. මෙම පූජාවස්තුන් පූජා කළේ කවුරුන්ද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් ‍පොත නම් ග්‍රන්ථයේ ‍ලේඛනගත කර ඇත.
අතීතයේදී ශ්‍රී දළදා කරඬුව විවෘත කිරීමට පෙර එහි ඇති එම පූජා වස්තූන් ගැන ‍ලේඛනය කියවනු ඇත.
දළදා වහන්සේ වැඩ සිටින දැනට අපට පෙනෙන සුවිසල් කරඬුව පූජා කර ඇත්තේ විමලධර්මසූරිය රජතුමා විසිනි. එය රිදී පාටින් යුක්තය. මෙම කරඬුව ඇතුළේ තවත් කරඬු හයකි. පේසා වළලු ළඟින් මෙම මුල් කරඬුව ගැලවිය හැක.
පළමු සුවිසල් කරඬුව ඉවත්කළ පසු දෙවැනි කරඬුව දක්නට ලැබෙන අතර එහි රන්පත්, සමූහයක් තැන්පත් කර තිබේ. ධම්මචක්කපවත්තන සූත්‍රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර ඇත. එම කරඬුව බුරුම රජයෙන් පූජා කරන ලද්දකි.
දෙවැනි කරඬුව ඉවත්කළ පසු මතුවන තුන්වෙනි කරඬුව අඩි 1 1/2ක් පමණ උසකින් යුක්තය. දඹ රනින් එය නිමවා තිබේ. එය ඉවත් කිරීමට යතුරක් අවශ්‍ය අතර එම යතුර ඇත්තේ දියවඩන නිලමේතුමා සන්තකයේය.
තුන්වැනි කරඬුවෙන් පසු හමුවෙන සිව්වන කරඬුව රත්තරනින් නිමවා ඇත. මැණික් ආදිය එහි ඔබ්බවා තිබේ. එම කරඬුව විවෘත කිරීමේ යතුර ඇත්තේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානාහිමියන් බාරයේය.
මල්වතු මහානාහිමියන් එම කරඬුව විවෘත කිරීමෙන් පසු දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පූජා කර ඇත්තේ  ඇහැ‍ලේ‍පොළ මහ අදිකාරම්තුමා විසිනි. මෙහි උස අඩියක් පමණ වේ. මෙම රන් කරඬුවේ යතුර ඇත්තේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානාහිමියන් බාරයේය. හතරවෙනි කරඬුව මල්වතු කරඬුව කියාත් පස්වෙනි කරඬුව අස්ගිරි කරඬුව කියාත් හැඳින්වෙන්නේ ඒවායෙහි යතුරු එම මහානාහිමිවරුන් බාරයෙහි පවතින නිසාය. අස්ගිරි කරඬුව ඇහැ‍ලේ‍පොළ මහ අධිකාරම විසින් පූජා කර ඇති නිසා එය ඇතැම් අවස්ථාවල ඇහැ‍ලේ‍පොළ කරඬුව ලෙසද හැඳින්වේ. එම කරඬුව පූජාකර ඇත්තේ 1816 අගෝස්තු 25 වෙනි ඉරු දිනය.
එම කරඬුවේ පාදමේ ඒ බව සඳහන් කර ඇත. ඇහැ‍ලේ‍පොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යනුවෙන් එහි මහ අධිකාරම් තුමාගේ නම සටහන් කර තිබෙනු දක්නට ලැබේ.
එම කරඬුව ඉවත් කිරීමෙන් පසු හයවෙනි කරඬුව දක්නට ලැබේ. හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් වේ. එය දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට ශ්‍රී දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි.
හත්වෙනි කරඩුව අඟල් හතරකින් පමණ උසකින් යුක්තය. දළදා වහන්සේ වැඩ සිටින මෙම  කරඬුව බුරුමයෙන් පූජා කරන ලද්දක් බව කියැවේ. එහි දළදා වහන්සේ වැඩ සිටිති.
ඇතැම්විට දළදා කරඬුවේ යතුර බාරව සිටින දෙපාර්ශ්වයේ මහානාහිමි නමක් අපවත් වුවහොත් අදාළ පාර්ශ්වයේ කාරක සභික හිමිවරුන් මුලින් මහානාහිමියන්ගේ පන්සලට ගොස් එහි සිටින ප්‍රධාන ශිෂ්‍යයාගෙන් දළදා කරඬුවේ යතුර බාරගනු ලැබේ. එසේ බාරගත් යතුර එම පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනු ලබන අතර මහානාහිමි නමක් පත්වන තුරු එම යතුර ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමි බාරයේ පවතිනු ඇත. ඇතැම් විට ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් මහානායක ධුරයට පත්වුවහොත් දළදා යතුර දිගටම උන්වහන්සේ බාරයේ පවතින අතර වෙනත් හිමිනමක් මහානායක ධුරයට පත්වුවහොත් එම යතුර 
‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් අභිනව මහා නාහිමියන්ට නිල වශයෙන් බාර දෙනු ලබේ.
දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනුයේ සුවිශේෂී අවස්ථාවන්වලදීය. එය රටටම වැදගත්වන අවස්ථාවක් විය යුතුය. ඊට මල්වතු අස්ගිරි මහානාහිමි දෙනම හා දියවඩන නිලමේ එකඟ විය යුතුවේ.
වර්ෂ කීපයකට වරක් දළදා ප්‍රදර්ශනය පවත්වන බවට නිශ්චිතයක් නොමැත. මෑතකදී ජාත්‍යන්තර වෙසක් උළෙලට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් දළදා කරඬුව විවෘත කර දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරිණි. එසේම එම වෙසක් උළෙ‍ලේ සමාප්ති උළෙලට පැමිණි නේපාල ජනාධිපතිනිය ඇතුළු රාජ්‍ය අමුත්තන් වෙනුවෙන්ද දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරිණ. 
සුවිශේෂී අවස්ථාවක එක් අමුත්තෙක් වෙනුවෙන් හෝ සමූහයක් වෙනුවෙන් හෝ දළදා වහන්සේ වන්දනා කිරීමට කරඬුව විවෘත කිරීමට බලය ඇත්තේ මහානාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේට පමණි. වෙනත් බලපෑමකින් හෝ මාර්ගයකින් එය කිසිවෙක්ට කළ නොහැක්කකි.
දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තබන අවස්ථාවලදී දළදා වහන්සේ තැන්පත් කිරීමට වෙනම කරඬුවක් වේ. එය ප්‍රදර්ශන කරඬුව ලෙස හැඳින්වේ. රන් නෙළුම්මලක් උඩ කොපුවක දළදා වහන්සේ රඳවා ප්‍රදර්ශනයට තැබේ.
පෙරහර සඳහා හස්තියා මත වැඩම වන්නේ තවත් කරඬුවකි. එය පෙරහර කරඬුව ලෙස හැඳින්වේ. පෙරහර කරඬුව හා ප්‍රදර්ශන කරඬුවද තැන්පත් කර ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුළමය.
දළදා වහන්සේ උදෙසා වෑංජන තිස්දෙකක් සහිත බුද්ධ පූජාව තැබිම රාජ නියමයකින් සිදුවන්නකි.
මේ සඳහා අවශ්‍ය ආහාර පූජා හා ගිලන්පස පූජා පිළියෙල කරනුයේ දළදා මාලිගාවේ මුළුතැන්ගෙහිය. මෙම මුළුතැන්ගෙය භාර මුලාදෑනීයා හඳුන්වන්නේ මුළුතැන්රාල යනුවෙනි. මාලිගාවේ වෙනත් මුලාදෑනිවරුන් මෙන් ඔහු කටයුතු කරන්නේද කාරිය කරවන කෝරාළගේ අනුදැනුමෙනි.
ආහාර පූජාවට ඒ ඒ දිනවලට අවශ්‍ය භාණ්ඩ මාලිගාවේ බඩු ගබඩාවෙන් ලබාගනී. දිනපතා හාල් සේරු 32ක්, වෑංජන තිස්දෙකට එළවළු ආදිය ගබඩාවෙන් ලබාගෙන පූජාව සකස් කරනු ලබන බව වේඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ කියති.
රජතුමා ආහාරයට ගත් වෑංජන 32 ඊට පෙර බුද්ධ පූජාවට තැබිය යුතු බව රාජ නියමය වේ. රාජ  යුගයේදි අධිකාරම්වරුන්, නිලමේවරුන්, පදිංචිව සිටි වලව් පිහිටා තිබුනේද රාජමාලිගය ආසන්නයේමය. ඇතැම් විට එම වලව්වල පිසින වෑංජන වර්ගද රජතුමාට ලබාදීම නිසා වෑංජන 32ක් එකතු වන්නට ඇත.
දළදා වහන්සේට දානය පාත්තර කිහිපයක තබා පූජා කෙරේ. එහි විශාලම පාත්තරයමාරම්පාත්තරේ යනුවෙන් හැඳින්වේ. මාලිගාවට අවශ්‍ය කරන හාල් මාලිගාවේම ඉඩකඩම්වලින් ලැබේ. කළුගොමුව, ඒදඬුවාව, කිරගල්ල, රදාගොඩ, මුංවතුගොඩ, අලදෙණිය, කිතුල්පේ, අලපලාවල, අංගොඩ යන ගම් නවයෙන් මෙම සහල් සැපයේ.
මාලිගාවට අයත් සහල් හම්බා යනුවෙන් හැඳින්වේ. මුළුතැන් ගෙයි පිළියෙල කරන දානය වැඩ සිටින මාලිගාවට ගෙන එන්නේ කත්වලිනි. මුකවාඩම් බැඳගෙන එම දාන කත් ගෙන එනු ලැබේ.
සියම් අමරපුර රාමඤ්ඤ යනුවෙන් තුන් නිකායක් ලංකාවේ තිබුණද ඒ අතරින් බලවත්ම නිකාය ලෙස සැලැකෙන්නේ සියම් මහා නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වය. ඊට හේතු වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව සිටින්නේ අස්ගිරි, මල්වතු පාර්ශ්ව වීමය. තේවාව වසරින් වසර මල්වතු - අස්ගිරි දෙපාර්ශ්වයට මාරුවේ. මේ දිනවල දළදා වහන්සේ උදෙසා තේවාව බාරව තිබෙන්නේ මල්වතු පාර්ශ්වයටය.
තේවාවට තුන් නමක් වැඩ සිටිති. ප්‍රධාන නාහිමියන්ට සහය වීමට තවත් දෙනමක් වේ. මෙයින් දෙනමක් ගඳ කිළියෙහි හෙවත් දළදා කරඬුව ඇති වැඩසිටින මාලිගයෙහි තේවාව කරති. අනෙක් හිමියන් පල්‍ලේමා‍ලේ බුදුගෙයි තේවා භාරව වැඩ සිටිති. පල්‍ලේමා‍ලේ තේවාවෙන් පසු උඩුමා‍ලේ තේවාවට එම හාමුදුරුවන් සුදුසුකම් ලබයි.
අස්ගිරි - මල්වතු දෙපාර්ශ්වයෙන් දළදා තේවාව සඳහා භික්ෂූන් වහන්සේ තෝරා ගනු ලබන්නේද චිරාගත සම්ප්‍රදායක ක්‍රමයකටය.
අස්ගිරි විහාරයෙන් තේවාවට පත්වන්නේ විශේෂ පන්සල් දෙකකිනි. මැද පන්සල හා පහළ පන්සල ලෙස එම පන්සල් හැඳින්වේ.
මල්වතු මහ විහාරයෙන් මල්වතු මහානාහිමියන්ගේ අනුමැතියෙන් තේවාවට හිමිවරුන් තෝරා ගැනේ.
දළදා මාලිගාවේ තේවාවට භික්ෂූන් වහන්සේ තෝරාගන්නේ කෙසේද හා තේවාවට අදාළ වගකීම් කවරේද යන්න 1858 ජුනි 19දා අස්ගිරි පාර්ශ්වයේ සඟරුවන සම්මත කරගත් පරමධම්ම කතිකාවතේද සඳහන් වෙන බව අස්ගිරි පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි හිමියෝ පෙන්වා දෙති.
මෙසේ තේවාවට පත්වෙන හිමිවරුන් එම වසරක තේවා කාලය තුළදී අවමඟුල් අවස්ථාවන්ට සහභාගි නොවේ. තමන් වහන්සේගේ ඤාතියෙකු මියගියත් එම අවස්ථාවට සහභාගි නොවන නමුත් යා යුතුම මරණයක් නම් ඇතැම් අවස්ථාවල තම කැමැත්තෙන්ම සම්පූර්ණයෙන්ම තේවාවෙන් ඉවත් වී යාමට අවස්ථාව ඇත. මව හෝ පියා හෝ මිය ගිය අවස්ථාවක නම් එවැනි තීරණවලට තේවාවේ හිමිවරුන් එළෙඹෙනු ඇත. නොඑසේ නම් එම මරණයට සහභාගි වී සති 2-3 ක් පමණ තේවාවෙන් ඉවත් වී සිට නැවත තේවාවට පැමිණෙන අවස්ථාද ඇති බවද වේඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිමියෝ පෙන්වා දෙති.
අලුයම් තේවාව, නව පෑ පූජාව හා සවස පූජාව වශයෙන් දළදා වහන්සේ උදෙසා දිනකට තුන්වරක් තේවාව පැවැත්වේ.
මෙම තේවාවන් කරනුයේ අප්‍රසිද්ධියේය. තේවාව බාර නාහිමිවරුන්ට, වට්ටෝරුරාල, කත් තියන රාල, වැනි මුලාදෑනිවරුන්ට පමණක් එම අවස්ථාවන් විවෘතය.
අලුයම් තේවාව ඇරඹීමට තේවාව බාර හිමිවරුන් උඩු මාලෙට හෙවත් ගඳ කිළියට වැඩම කිරීමට පෙර හේවිසි වාදනය හෙවත් අලුයන්දූරේ ආරම්භ කෙරේ. අලුයන්දුරේ ඇරඹෙන්නේ පාන්දර පහයි කාලට පමණි. තේවාවේ නාහිමිවරුන් සූදානම් වීමෙන් පසු මාලිගාවේ දොරටුවල යතුරු වට්ටෝරු රාළට බාරදෙනු ලැබේ.
වට්ටෝරු රාළ යතුරු පයිංඩ කරගෙන කරේ තබාගෙන වැඩසිටින මාලිගාවේ දොරටුව ළඟට විත් දෙපා සෝදා ගනී. පල්‍ලේමා‍ලේ බුදුගෙයි යතුර පල්‍ලේමා‍ලේ රාලට බාර දෙනු ලබන්නේද වැඩ සිටින මාලිගාවේ දොරටුව ළඟදීය.
උඩුමා‍ලේ තේවාව අතරතුරම පල්‍ලේමාලෙ අලුයම් තේවාවද පැවැත්වේ. තේවාවෙන් පසු නැවතත් වැඩ සිටි මාලිගාවේ දොරටුව අසලදී දෙපිරිසම එකතු වී යතුරු එකට ඔතාගෙන යතුරු පයිංඩ කෙරේ. මෙම ප්‍රධාන නාහිමිගේ කාමරයේ යතුරු තැන්පත් කිරීමට විශේෂ මංජුසාවක් තිබේ. යතුරු එහි තැන්ත් කිරීමෙන් පසු නායක හාමුදුරුවන්ට අනෙක්  හිමිවරුන් හා මුලාදෑනිවරුන් වැඳ වෙන්ව යන චාරිත්‍රයක්ද වේ.
උදේ 9.30ට පමණ නව පෑ තේවාව හෙවත් දෙවැනි තේවාව ආරම්භ කෙරේ. පූජාවට ගත් ආහාර පාන ඉවත්කිරීම හඳුන්වන්නේ බැහැ ගන්නවා යනුවෙන් බව වේඬරුවේ උපාලි අනුනාහිමියෝ කියති. දවසේ අන්තිම තේවාව හැන්දෑ තේවාවයි. එය ඇරඹෙන්නේ සවස 6.30ට පමණය. එහිදී රාත්‍රී 7.30 පමණ හා 8.00ට පමණ ගිලන්පස පූජා දෙකක් පූජා කෙරේ. එය රාජ නියමයකි.
මෙහිදී මුල් තේවාවට පලතුරු, සීනි, මීපැණි, උක් පැණි සූකිරි, හකුරු, මුද්දරප්පලම්. දොඩම් යුෂ, දෙළුම්, ආදිය ගැනේ. දෙවැනි පූජාවට සීනි, මී පැණි, සුකිරි, ඉඟුරු, එළඟිතෙල් ආදිය ගැනේ.
මහරජතුමා වෙනුවෙන් රජගෙදර සිදුවූ රාජකාරී සියල්ල වර්තමානයේ සජීවී ලෙස ශ්‍රී දළදා මාලිගාවේදී පමණක් දැකගත හැකි බව පෙන්වා දෙන වේඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ දළදා වහන්සේ උදෙසා වෑංජන 32ක් පූජා කිරීමද රජුගේ නියමයෙන් සිදුවෙන්නක් බව පෙන්වා දෙති.
වසරක තේවා කාලය අවසන් වන්නේ සෑම වසරකම ඇසළ ‍පෝ දින හෙවත් භික්ෂූන් වහන්සේ වස්වසන දිනදීය. එක් පාර්ශ්වයක තේවාව අවසන් කියා එම නාහිමිවරුන්ට එකවරම පිට වී යා නොහැක. ඒ සඳහාද ක්‍රමවේදයක් ඇත.
තේවාව බාරව සිටි අස්ගිරි හෝ මල්වතු නාහිමිවරුන් වැඩ සිටින මාලිගයේ භාණ්ඩ පාත්‍ර, රන් දැහැටි කූරු, සිවුරු රන් භාණ්ඩ ආදිය මල් ආසනය මත තැබිය යුතුය. එම භාණ්ඩ ‍ලේඛනය මාලිගාවේ ‍ලේකම්වරයකු විසින් කියවන විට තේවාවේ සිටි හිමිවරුන් ඒ භාණ්ඩ තේවාව බාර ගන්නා නාහිමියන්ට බොහෝ විට අතින් බාර දෙනු ලැබේ. එසේ අතින් ඔසවා, බාර දිය නොහැකි භාණ්ඩයක් නම් එය අත දිගහැර පෙන්වයි. ඉන් පසු යතුරු මහානාහිමිවරුන් දෙනමගේ තේවාවේ ප්‍රධාන නාහිමිවරුන් දෙනම හුවමාරු කර ගැනීමෙන් පසු එක් පාර්ශ්වයක තේවාව අවසන් වේ.
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ශ්‍රී ලංකා එක්දින තරගාවලියට දකුණු අප්‍රිකානු පිල නම් කරයි

IMAGE 2018 Jun 19 10:45
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු...
Views - 129

කොදෙව් ඉලක්කය 296යි : දිවා ආහාරයේදී 55/3යි

IMAGE 2018 Jun 19 00:17
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ශාන්ත ලුසියාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වූ ඊයේ ලකුණු 296ක ඉලක්කයක් හඹා යන බටහිර...
Views - 147
IMAGEමලල කී‍්‍රඩා

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 240

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹෙයි

IMAGE 2018 Jun 07 10:24
18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූහිදී අද (7දා) ආරම්භවේ. මෙම තරගාවලිය අද සිට ලබන 10දා දක්වා ආසියානු කලාපයේ රටවල් 35ක ක්‍රීඩක...
Views - 187
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 29

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 115
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 68

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 178

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.