Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ශ්‍රීලනිපයේ කඩිනම් ප්‍රතිසංවිධානයක්

IMAGE 2018 Apr 26 00:01
පක්ෂයේ සියලු සාමාජිකයන්ගේ අදහස් රැගෙන එළැඹෙන 8 වෙනිදා සහ 15 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම සඳහා...
Views - 263

එසැනින් පුවත්

මහ‍ලේකම් අකිල සභාපති කබිර් ජාතික සංවිධායක නවීන් භාණ්ඩාගාරික හර්ෂ

IMAGE 2018 Apr 26 00:28
එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය...
Views - 648

ස්ථාවර මිලකට තෙල් ගැනීමට කැබිනට් අනුමැතිය

IMAGE 2018 Apr 26 00:24
ලෝක වෙළෙඳ‍පොළෙහි දැනට ඇති තෙල් බැරලයක වටිනාකමට තවත් ඇමෙරිකානු ඩොලර් 1.69ක්...
Views - 367

බිලියන ගණනක අවසන් කැමති පත්‍ර හෙට විවෘත කෙරේ

IMAGE 2018 Apr 26 00:20
දශක ගණනාවක් තිස්සේ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බිලියන...
Views - 836

කොළඹ ආරක්ෂාවට ‍පොලීසියෙන් 3000ක්

IMAGE 2018 Apr 26 00:13
වෙසක් උත්සවයට මෙවර කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ‍පොලිස් නිලධාරීන්...
Views - 128

ඒ.එස්.පී. ලෙස රඟපෑ හිටපු ‍පොලිස් පරීක්ෂක දැ‍ලේ

IMAGE 2018 Apr 26 00:10
සහකාර ‍පොලිස් අධිකාරීවරයෙකු ලෙස පෙනී සිටිමින් ගමන් බිමන් ගිය හිටපු...
Views - 408

උදයංග ගෙන්වීමට ආණ්ඩුව උත්තර බඳී

IMAGE 2018 Apr 26 00:04
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩුබායි...
Views - 231

විශ්වාසභංගයට පක්ෂ මන්ත්‍රී 16 සමඟ ඒකාබද්ධ විපක්ෂය තවත් පුළුල් වෙනවා

IMAGE 2018 Apr 25 19:46
පසුගිය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ...
Views - 241

හොරණ කම්හලේ කළමනාකරු සහ රසායන පාලකවරිය යළි රිමාන්ඩ්

IMAGE 2018 Apr 25 14:24
හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන්...
Views - 225

ටොරොන්ටෝ අනතුරෙන් මිය පිරිස අතර ශ්‍රීලාංකික කාන්තාවකුත්

IMAGE 2018 Apr 25 13:45
කැනඩාවේ ටොරොන්ටෝ නුවර වීදියක ගමන් කරමින් සිටි පදිකයින් පිරිසක් අතරට වෑන්...
Views - 873

කැලණි සරසවි උද්ඝෝෂණයකින් කොළඹ නුවර පාර වැසේ

IMAGE 2018 Apr 25 13:20
කැලණි විශ්ව විද්‍යාලීය සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන...
Views - 535

වෛද්‍යවරු නැතිව දත් රෝහලේ ICU අක්‍රීයයි

IMAGE 2018 Apr 25 12:30
කොළඹ ශ්‍රී ලංකා ජාතික  දන්ත වෛද්‍ය රෝහලේ  අංග සම්පුර්ණ දැඩි සත්කාර...
Views - 299

මිල සුත්‍රය අනුමත වන තුරු ඉන්ධන මිල එහෙමමයි

IMAGE 2018 Apr 25 10:39
ඊයේ (24) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම තිබූ ඉන්ධන මිල සුත්‍රය කැබිනට්...
Views - 258

ජනපතිගේ බලය රැකගෙන එජාප රජය පෙරළිය යුතුයි

IMAGE 2018 Apr 25 10:38
රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය හා...
Views - 385

ත්‍රිරෝද රථ මීටරයෙන් මගී ජනතාව ගසා කෑමට එරෙහිව උද්ඝෝෂණය අද

IMAGE 2018 Apr 25 09:58
මිල නියමයක් නොමැතිව ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කළ යුතු බවට...
Views - 543

සුරා අපරාධ වළක්වන වැටලීම් සතියක් පුරා

IMAGE 2018 Apr 25 08:46
උදාවන වෙසක් සතියේ රටපුරා සිදුවන සුරා අපරාධ වැළැක්වීම සඳහා අප්‍රේල් 27 දා...
Views - 151

16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම ස්ථිරයි

IMAGE 2018 Apr 25 00:08
ආණ්ඩුවේ තනතුරු අතහැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා මැයි 8 දා...
Views - 369
එතෙර පුවත්

දහයක් මරාදැමූ සැකකරුගෙන් ප්‍රශ්න කරයි

IMAGE 2018 Apr 25 13:03
ඊයේ දිනයේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී කුලියට ගත් වෑන් රියකින් පැමිණ පදික...
Views - 333

බිරියගේ මරණයෙන් දිනකට පසු හිටපු ජනපතිවරයාත් රෝගාතුර වෙයි

IMAGE 2018 Apr 25 12:59
වසර හැත්තෑතුනක් තමා සමග ගතකළ බිරියගේ මරණයෙන් දිනකට පසු ඇමෙරිකාවේ හිටපු...
Views - 533

සංචාරකයින්ට මරු කැඳවූ බස් අනතුර ගැන උ.කොරියානු නායක සොව පළකරයි

IMAGE 2018 Apr 25 12:56
චීන සංචාරකයන් තිස්දෙදෙනෙකුට හා උතුරු කොරියානුවන් සිව්දෙනෙකුට මරු කැඳ වූ...
Views - 256

පින්තූර ගැලරිය

IMAGE

වෙසක් උත්සවයට 'පේ වන්නේ' කොහොමද?

IMAGE 2018 Apr 23 12:05
වෙසක් මංගල්‍යය යනු නූතනයේ වෙසක් උත්සවය හැඳින්වෙන ජනප්‍රිය නමකි. නූතන ආකෘතියේ වෙසක් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරනුයේ 1880 වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි...
Views - 335
IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 933

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1715

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3505

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2834

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4061

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5030

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 5432

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 5417

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 2322

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 4789
IMAGE

ඔයත් ඔයාගෙ හිත විශ්වාස කරන්න පුරුදු වෙන්න

IMAGE 2018 Apr 23 07:55
මම ගොඩක් කැමතියි ආබාධිත පුද්ගලයන් එයාලගේ ජීවිතේ , ලෝකය දිනපු හැටි ලෝකය වෙනස් කරපු හැටි කියලා දෙන්න. එහෙම කරන්න බෑ කියලා හිතන, කියන මිනිස්සුන්ට....
Views - 257
ව්‍යාපාරික පුවත්

HUTCH Champion’s Challenge හිදී අලෙවි විශිෂ්ටයින් ඇගයීමට ලක්වෙයි

IMAGE 2018 Apr 20 11:58
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් ජංගම දුරකථන සේවා...
Views - 146

හොඳම Dell භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස සිංගර් අභිෂේක...

IMAGE 2018 Apr 19 10:06
මෙරට ගෘහ විදුලි උපකරණ භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා...
Views - 211

අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්

IMAGE 2018 Apr 11 12:12
මේ උත්සව සමයේ අනුරාධපුර නගරයේ පිහිටි කුටුම්භය රිසෝට් (Kutumbaya Resort) සහ ලැවොන්කා...
Views - 1127
කතා මැද කතා

නිල් පාට ඇඳුමක් ඇඳගෙන ජනපති හමුවීමට ආ එජාප ඇමැතිවරයා කවුද

IMAGE 2018 Apr 22 11:41
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබුණේ අප්‍රේල් 14 වැනිදාය. අගමැති...
Views - 1945
සුන්දර ලක්බිම

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්

IMAGE 2018 Apr 19 13:20
ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී...
Views - 1152

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

මත විමසුම

අද සමාජයේ කාන්තාවට නිසි තැන
  • Votes: (0%)
  • Votes: (0%)
Total Votes:
First Vote:
Last Vote:
IMAGE

ඔසප් නතර වීමෙන් පසු ඊස්ට්‍රජන් ඖෂධය අත්‍යවශ්‍යද?

IMAGE 2018 Apr 17 11:35
යුගදිවියේ ගැටලු ඇතිකරවන කාන්තා රෝග පිළිබඳව කතා කිරීමේදී රෝගයක් නොවන ස්වභාවික සංසිද්ධියක් වන කාන්තාවන්ගේ ආර්ථවහරණය පිළිබඳවද සාකච්ඡා නොකර බැරිය....
Views - 1850
සහන් එළිය

විශ්‍රාමික නිලධාරියාගේ ‘ඔළුවට‘ තරුණ කමක් ඇවිත්!

IMAGE 2018 Apr 26 09:43
‘මට හිතෙනවා අර රේඩියෝ එකේ සින්දු තරඟයකට ඉදිරිපත් වෙන්න ජෝතිපාල, වික්ටර් රත්නායක, මිල්ටන් මල්වආරච්චි කියන සින්දු මට ඒ අයටත් වඩා හොඳට කියන්න...
Views - 36
විමසුම

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ එළ හරකයි මී හරකයි වගේ

IMAGE 2018 Apr 23 08:37
මේ වන විට ආණ්ඩුවේ කටයුතු සිදුවන ආකාරය ගැන විවිධ අදහස් මතුවෙමින් තිබේ. එය එළ හරකා සහ මී හරකා එකට බැඳ කුඹුරක් සී සෑමට නොහැකි ආකාරය මෙනි. මූලික ගැටුම ඇතිවී...
Views - 141
මානිගේ තීරුව

තහනම් වචනය :- දේශපාලනය

IMAGE 2018 Apr 22 10:27
හැම අවුරුද්දේම මේ කාලයේ සිය මිතුරන්ට අවුරුදු පාටියක් දමන මිත්‍රයෙක් අපට සිටී. මෙවර පාටියට තෑගිබෝගද රැගෙන මහරගම පිහිටි ඔහුගේ නිවෙසට ගිය අපට ඔහු...
Views - 823

විශේෂ පුවත්

“සිඳුරළ” නාවික හමුදාවට

IMAGE 2018 Apr 24 13:59
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගණයේදී...
Views - 119

ඉහළින්ම විභාග සමත්වන පාසල් දරුවන් මේ තරමටම ඇගයිය යුතුද?

IMAGE 2018 Apr 23 09:48
ඒ, මා මීට වසර  දෙකකට පමණ පෙරාතුව එක්තරා ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යත්ව...
Views - 342

වෙසක් තොරණට පුංචි බොරැල්ලෙන් අලුත් පිටුවක්

IMAGE 2018 Apr 23 09:40
වෙසක් සමයේ වැඩිම ජන ආකර්ෂණයක් ලැබෙන නිමැවුම නම් වෙසක් තොරණය. නානා පැහැයෙන්...
Views - 535

කොටි යළි නැගිටීමේ අවදානමක්

“ත්‍රස්තවාදය අවුරුදු 30ක් පැවැති රටක අපි ත්‍රස්තවාදය අවසන් කළැයි කිව්වට එහි යම් යම් බිජයන් ඒ ආකාරයටම අවසන් වුණයි කියලා කාටවත් කියන්න බැහැ. ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාර දුන්නත් සියලු අවි ආයුධ ඉවරයි කියන්න බැහැ. අනිත් ඒක ඒ අයගේ තිබුණු පුහුණුව, ජීවන රටාවත් එක්ක තිබුණ ආකල්ප වෙනස් වෙලා නැහැ. එකක් වුණා, දෙකක් වුණා. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාවය පැවැත්ම මෙන්ම මුදල් ඉපැයීම උදෙසා එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින් ආවෙත් ඔය විදිහට. ඒ දේම නැවත වෙනවා මේකට අපි ඉඩ දිය යුතු නැහැ. 
මෙම බරපතළ ප්‍රකාශය කරන ලද්දේ වෙන කවුරුත් නොව ‍පොලිස්පති පූජිත් ජයසුන්දරය.
යාපනයේ ස්ථාන කීපයකදී ‍පොලිස් නිලධාරීන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර කීපයකින් අනතුරුව යාපනයේ ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව පැවැති හමුවකදී ‍පොලිස්පතිවරයා මෙම අදහස ප්‍රකාශ කළේය. සැබැවින්ම මෙවැනි අදහස් මීට පෙරද ප්‍රකාශ වී තිබුණි. නමුත් එම අදහස් ප්‍රකාශ කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හා ආණ්ඩු විරෝධී සිවිල් සංවිධාන විසිනි. ඒ අනුව බලන විට ‍පොලිස්පතිවරයාගේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයකි. මක්නිසාද යත් ‍පොලිස්පතිගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන කාරණාවක් වන්නේ මෙම ප්‍රහාරය පිටුපස හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිටින බවත් එල්.ටී.ටී.ඊ.ය නැවත නැගිටීමේ අවදානමක් තිබෙන බවත් ප්‍රකාශ වීමත්ය. 
‍පොලිස්පති පූජිත් ජයසුන්දර යාපනය සංචාරයට ආසන්නතම හේතුව වූයේ තුන්කා‍ලේ ඔන්ඩච්චිහි පිහිටි නන්දාවිල් කෝවිල අසලදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු මැර ප්‍රහාරයට ලක්වීමයි. සුරේෂ් නම් දෙමළ ජාතික ‍පොලිස් නිලධාරියා හා ධම්මික නම් සිංහල ජාතික ‍පොලිස් නිලධාරියා රාජකාරි කටයුත්තක් සඳහා යතුරු පැදියකින් ගමන් ගන්නා විට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි. දැන ගන්නට ලැබෙන පරිදි කෝවිල අසල ක්‍රීඩාංගණයේ සිටි තරුණයින් පිරිසක් මෙම ප්‍රහාරය කර එල්ල තිබිණි. 15කින් පමණ සමන්විත මෙම පිරිස තියුණු අවිවලින් කපා කොට බරපතළ තුවාල සිදුකර ‍පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියට පහර දී අලාභ හානි කර තිබිණි. පසුව ප්‍රහාරකයන් යතුරු පැදිවල නැගී පලා ගොස් ඇත. තුවාල ලද ‍පොලිස් නිලධාරීහු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍යකර්මයකටද භාජනය කර තිබිණි. මෙම සිද්ධිය වී තිබුණේ 30 දා දහවල් 1.45ට පමණය. නමුත් ඊට පෙර 21 දා වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක්ද මැර ප්‍රහාරයකට ලක්ව තිබිණ. යාපනය මනල්කාඩු කුඩාත්තනේ ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම්කරුවන් පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේදී ගල්වලින් හා වැලි පිරවූ බෝතල්වලින් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර නාවික භටයෙකු තුවාල ලබා තිබිණි. මෙම කාලයේදීම එනම් ජූලි 26 දා උප ‍පොලිස් පරීක්ෂකවරයෙකුද ප්‍රහාරයට ලක්ව තිබුණි. තීන්ද්‍රරාජා නම් උප ‍පොලිස් පරීක්ෂකවරයා පේදුරුතුඩුව, කොඩිකාමම් මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය හරස්කර යතුරුපැදිය නවතා හිසට ‍පොල්ලකින් පහරදී තිබුණි. හෙල්මටය පැළඳ සිටි බැවින් හිසට හානියක් සිදුවී නොමැති අතර අසල ලඳු කැලෑවට දිවගොස් බේරුණ උප ‍පොලිස් පරීක්ෂකවරයා පසුව යාපනය චාවකච්ච්ෙරි රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබුණි. 
මෙම පහරදීම් සම්බන්ධයෙන් මේවන විට 07 කු ‍පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මනල්කාඩු කලපු ප්‍රදේශයේ පිහිටි කඩොලාන ශාක නීතිවිරෝධීව කපමින් සිටි 05 දෙනකු ඔවුන් පැමිණි කැබ්රියක්, යතුරුපැදියක් හා පිහියා දෙකක් සමග සැකපිට ‍පොලිස් අත්අඩංගුවට පත්වූහ. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ පසුගිය 09 දා මනල්කාඩු කැටේ හන්දිය ‍පොලිස් මුර‍පොළට පහරදී විනාශ කිරීම හා වෙරළාරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිදුවීමට මොවුන් සම්බන්ධ බවයි. මේ අතර 30 දා නන්දාවිල් කෝවිල අසලදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදීම සම්බන්ධයෙන් ද සැකකරුවන් දෙදෙනකු ඉකුත් 01 දා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ නල්ලූර් සත්‍යනන්දා පාරේ පදිංචිකරුවකු වන තිවරාසා මධුෂන් (20) හෙවත් මධු නමැත්තා හා මානිපායිහි පදිංචිකරුවකු වන විජයරත්නම් සිවරාජ් (23) නමැත්තාය. මෙම සැකකරුවන් දෙදෙනාම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව ‍පොලීසිය කීවද එය පිළිගැනීමට නොහැකි කාරණාවක් ද ඇත. එනම් මධූෂන් නමැති සැකකරු 20 වියේ පසුවන අතර යුද්ධය අවසන් වන 2009 වන විට ඔහුගේ වයස අවුරුදු 12 ක් විය යුතුය. කෙසේ නමුත් සැකකරුවන් දෙදෙනා යාපනය මහේස්ත්‍රාත් එස්. සදිස්වරන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 10 දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් 10 දා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය. 
මෙම සිදුවීම් ජාලය පිළිබඳව විමසිලිමත් වන දකුණේ ජනතාව අසන ප්‍රශ්නය වන්නේ උතුරේදී මේ මොකද වෙන්නෙ යන්නයි. නැවත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඇතිවේ යැයි බියක්ද පළ කරති. මෙහිදී ‍පොලිස්පතිවරයාගේ ප්‍රකාශය අනුව නැවත ත්‍රස්තවාදය ඇති වීමේ අවදානමක්ද පවතී, ඒ මක්නිසාද යත් උතුරේ බෙදුම්වාදී අරගලයේ ඉතිහාසය විමසිල්ලට ලක්කළ විට දක්නට ලැබෙනුයේ ද මේ හා සමාන සිදුවීම්ය. 1970 දශකයේදී හා 1980 දශකයේ මුල් කාලයේදී ත්‍රස්තවාදීන්ගේ මුල්ම ඉලක්කය වූයේ දෙමළ ජාතික ‍පොලිස් නිලධාරීන්ය. එම කාලයේදී ඝාතනය වූ ‍පොලිස් නිලධාරීන් වැඩි පිරිස දෙමළ ජාතිකයන් වූහ. උදාහරණයක් ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් යාපනයේදී මරා දමන ලද මුල්ම ‍පොලිස් නිලධාරියා වන කරුණානිධි ද යාපනයේ පදිංචි දෙමළ ජාතිකයෙකි. දෙමළ නිලධාරීන් ඝාතනය කිරීමේදී අහඹු ලෙස ඊට මැදි වූ සිංහල නිලධාරීන් දෙතුන් දෙනකු මරණයට පත්වූහ. දෙමළ නිලධාරීන්ට අන්තවාදීන් පිළිබඳව තොරතුරු ලැබිම හා ප්‍රදේශය පිළිබඳව අවබෝධය තිබිම ආදී හේතු නිසා දෙමළ නිලධාරීන් එලෙස ඉලක්ක වූයේය. මෑත කාලයේදී ප්‍රහාරයට ඉලක්ක වූවන්ගෙන් වැඩි පිරිස දෙමළ නිලධාරීන් හෝ දෙමළ කතා කරන මුස්ලිම් නිලධාරීන් වූහ.
අනෙක් අතට උතුරේ රාජකාරි කරන ‍පොලිස් නිලධාරීන් කියනුයේ රජය මේ වනවිට අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව තම රාජකාරිය ඉතා පරෙස්සමට කිරීමට සිදුව ඇති බවයි. දෙමළ ජනතාව සමග රාජකාරි කරන විට එම ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසට උපදෙස් ලැබි ඇතැයිද කියති. ඒ නිසා අණ නොතකා පලා යන විට හා පහර දෙන විට රැකියාව ගැන සිතා කටයුතු කිරීමට සිදුව ඇති බවද ඔවුහු කියති. එම උපදෙස් නොතකා කටයුතු කළ  කීපදෙනකුම රැකියාව අහිමිව බන්ධනාගාරගතව සිටින බවද පැවැසීය. එම නිලධාරීන් කියූ දෙයක් මෙහි විශේෂයෙන් සටහන් කළ යුතුය.
පසුගිය දවස්වල ඉලංචෙලියන් විනිසුරුතුමාගේ ආරක්ෂක නිලධාරී සැරයන් සරත් හේමචන්ද්‍රගේ මරණය ගැන රටම දුක් වුණා. උතුරේ දෙමළ ජනතාව තමයි වැඩියෙන්ම දුක් වුණේ. හැබැයි එදා හේමචන්ද්‍ර පිස්තෝලය ආපහු උදුර ගන්න ගිහින් සැකකාර දෙමළ මනුස්සයා වෙඩි වැදිලා මැරුණානම් අද හේමචන්ද්‍ර හිරේ. එහෙනම් අදටත් උතුරේ හේමචන්ද්‍රට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අපේ ඉහළ නිලධාරිනුත් අහන්නේ පිස්තෝ‍ලේ ගන්නකම් උඩ බලාගෙන හිටියද කියලා. ඕක තමයි අද උතුරේ ‍පොලිස්කාරයගේ තත්ත්වය යැයි හෙතෙම කීවේය.
පවතින තත්ත්වය පැහැදිලි වනුයේ රජය විසින් උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතා අලස ආකාරයට කටයුතු කරන බවයි. මෙහි අරමුණු 2020 ජනාධිපතිවරණය තෙක් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද පදනම පවතින රජයට පක්ෂපාත ලෙස පවත්වාගෙන යාම විය හැකිය. නමුත් ප්‍රශ්නය ඇත්තේ වසර දෙකකට වැඩි කාලයක් මේ තත්ත්වයෙන් නීතිමය කටයුතු පවත්වාගෙන යා හැකිද? එතෙක් ‍පොලිස් නිලධාරීන් කී දෙනකුට ගුටි කෑමට සිදුවේද යන්නයි. 
 
මට විරුද්ධව නඩු දානවා නම් ලොකු දෙයක්
 
‍පොලිස් ප්‍රශ්න කිරීම ගැන ශිවාජිලිංගම් කියයි
 
දෙමළ මාධ්‍ය කෙසේ වෙතත් සිංහල මාධ්‍ය තුළ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පුවත් මවන්නෙකු බවට පත්ව තිබේ. ඒ වෙන මොනවත් නිසා නොව ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාය. මෑත කාලයේදී ඔහු විසින් සිදුකළ කට කැඩිච්ච කතාවක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ ශිවාජිගේ නමින් ෆයිල් එකක් විවෘත වුණේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. එකක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලතිව් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට පැමිණීමට නියමිතව තිබියදී ජනපතිවරයාට එහි නොපැමිණෙන ලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීමයි. එමෙන්ම බෞද්ධ හිමිනමකට අපහාස වන ප්‍රකාශයක්ද කර තිබූ බව ඔහුට චෝදනා එල්ල විය. මේ පිළිබඳව විමර්ශන කටයුතු පැවැරී තිබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයටයි. ඒ අනුව කට උත්තරයක් ගැනීම සඳහා කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස ශිවාජිලිංගම්ට දැනුම් දී තිබුණේය. ඒ ඉකුත් ජූලි 22දාය. මෙහිදී එම්.කේ. ශිවාජිලිංගම් රහස් ‍පොලීසියට ප්‍රකාශ කළේ ප්‍රවාහන අපහසුතා සහ කාර්යබහුලත්වය නිසා කොළඹ පැමිණිය නොහැකි බවත් අවශ්‍ය නම් යාපනය වැල්වටිතුරේ වෙත පැමිණ තමාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙසයි. ඉන් අනතුරුව ඉකුත් 31 දා කොළඹ සිට යාපනයට ගිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් යාපනය මූලස්ථාන ‍පොලීසියේදී ශිවාජිලිංගම් ඇතුළු තිදෙනකුගෙන් කට උත්තර ගත්තේය. මෙම සිදුවීම පිළිබඳව ලක්බිම ඉරිදා සංග්‍රහයට ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා කතා කළේය. 
 
ඔබ කටඋත්තරයක් දෙන්න යාපනයට ගියා කියන්නේ ඇත්තද?
ඔව්, මීට කලින් මට කට උත්තර දෙන්න කොළඹට එන්න කියලා තිබුණා. මම බැහැ කියලා ගියේ නැහැ. ඊට පස්සෙ එයාලා (‍පොලීසිය) යාපනයට ඇවිත් කටඋත්තර ගත්තා. මා එක්ක ත්‍යාගරාජා හා පසුපතිපිල්ලෙ කියන දෙන්නත් ගියා.
 
ඇයි ඔබ කොළඹට ගියෙ නැත්තෙ?
අපි සාමාන්‍ය ආදායමකින් ජීවත් වෙන්නෙ. මගේ ප්‍රකාශ 10ට පැමිණිළි 10ක් ආවොත් ඒ දහ පාරම කට උත්තර දෙන්න මට කොළඹට යන්න බැහැනෙ. නමුත් ‍පොලීසියට එහෙම නමෛයිනෙ. එයාලට නිලධාරීන් ඉන්නවා. වාහන තියෙනවා. එහෙමත් නැතිනම් වොරන්ට් (නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර) අරගෙන කෝච්චියෙන් යාපනයට එන්න පුළුවන්නෙ. ඒ නිසයි මම එහෙම කීවේ. 
 
ඇයි ඔබ ජනාධිපතිතුමාට චෝදනා එල්ල කරන්නේ?
මම වර්තමාන ජනාධිපතිතුමාට විතරක් ‍නෙවෙයි 1948 ඉඳන් හිටපු සිංහල නායකයෝ සියලු දෙනාටම චෝදනා කරනවා. දෙමළ ජනතාව සංහාරය කරා කියලා. යුද්ධයේ අවසාන සතියෙදී තමයි දෙමළ වැසියන් වැඩිපුරම මැරුණේ. ඒ දිනවල රාජපක්ෂ මහත්තයා ලංකාවේ හිටියේ නැහැ. ඒ වෙනුවට වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ නිසයි ජනාධිපතිතුමාටත් මම චෝදනා එල්ල කරන්නේ.
 
මොකක්ද ඔබට තියෙන චෝදනාව? 
යාපනය මාධ්‍ය සමාජයේදී මම කළා කියන ප්‍රකාශයක්. මැයි 18 දා ජනාධිපතිතුමා මුලතිව් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයට එන්න තිබුණා. වර්තමාන ජනාධිපතිතුමත් දෙමළ ජන සංහාරයට වගකිව යුතු කෙනෙක් නිසා 18 දා මුලතිව්වලට එන්න එපා කීවා. මොකද 18 දා මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල්වලදී මිය ගිය දෙමළ ජනතාවගේ සැමරුමක් තිබුණා. ඒක ජන සංහාර සතිය කියලා නම් කරලා තිබුණා. ඉතිං මගේ ප්‍රකාශ ගැන වීඩියෝ පටිගත කිරීම් හා මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ප්‍රකාශයන් සාක්ෂි ලෙස අරගෙන ඇවිත් තමයි මගෙන් ප්‍රශ්න කළේ. 
 
ඔබගෙන් මොනවාද ප්‍රශ්න කළේ?
දෙමළ ජන සංහාර කියන වචනය පාවිච්චි කරලා ප්‍රකාශ නිකුත් කළේ ඇයි කියලා ඇහුවා. මම කීවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සකස් කළ දරුස්මාන් වාර්තාව මගින් දෙමළ ජනතාව 40,000 ක් මැරුණා කියලා තියෙනවා. තවත් වාර්තා කීපයකින් 60,000 - 70,000 වගේ මැරුණා කියලා කියනවා. ඒ වගේම 2015.02.20 පැවැති පළාත් සභා සැසිවාරයේදී ලංකාවේදී දෙමළ ජන සංහාරයක් සිදු වුණා කියලා යෝජනාවක් මහ ඇමැතිතුමා සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කළා. ඒ යෝජනාව මම ස්ථිර කළා. එතනදී යෝජනාව එකමතිකව සම්මත වුණා. ඒ නිසා ජන සංහාරය කියන වචනය අලුත් දෙයක් නමෛයි කියලා කීවා. 
 
අන්තිමට මොකද වුණේ?
සියලු තොරතුරු නීතිපතිට යොමු කරනවා. එතනින් ලැබෙන උපදෙස්වලට කටයුතු කරනවා. නඩු දාන්න උපදෙස් ලැබුණොත් නඩු දානවා කියලා කීවා. මම එතනදී කීවා නඩු දැම්මොත් ඒක ලොකු දෙයක් මට එතකොට දෙමළ ජනතාවට වුණ අසාධාරණය ගැන ලෝකයටම කියන්න අවස්ථාවක් ලැබෙනවා කියලා.
 
සනත් ප්‍රියන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

රොෂේන්ගේ සුපිරි දස්කම් මැද අන්තර් පළාත් ක්‍රිකට් ශූරතාව ගාල්ල...

IMAGE 2018 Apr 26 10:59
සුපිරි අන්තර් පළාත් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ...
Views - 7

ගාල්ල රිච්මන්ඩ් අවසන් තරගයට

IMAGE 2018 Apr 26 10:52
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ...
Views - 6
IMAGEමලල කී‍්‍රඩා

රිදී පදක්කම දිනු ඉන්දිකට නාවික හමුදාපතිගෙන් උපහාර

IMAGE 2018 Apr 26 11:03
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක්...
Views - 4

සමස්ත ලංකා මල්ලව‍පොර ආධුනික ශූරතාව තුඩැල්ල ක්‍රිස්තුරාජයට

IMAGE 2018 Apr 19 07:59
සමස්ත ලංකා මල්ලව‍පොර (2018) තරගාවලියේ ආධුනික අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට...
Views - 167
IMAGEරග්බි

බ්‍රැඩ්බි පළිහ පළමු අදියරෙන් රාජකීයට ලකුණු 39-07ක ජයක්

IMAGE 2018 Apr 23 08:19
කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ...
Views - 70

අන්තර් වතු සමාගම් රග්බි ශූරතාව මස්කෙළියට

IMAGE 2018 Apr 19 07:57
අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන සත් සාමාජික රග්බි තරගාවලියේ 2018...
Views - 105
IMAGE වෙනත් කී‍්‍රඩා

කැරම් ශූරතාව පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජයට

IMAGE 2018 Apr 25 08:20
රාජ්‍ය සේවයේ ආයතන 35කින් කණ්ඩායම් 73 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 280 ක් පමණ සහභාගි...
Views - 44

නාවික හමුදා වුෂු ශූරයන්ට උපහාර

IMAGE 2018 Apr 25 08:19
04 වන දකුණු ආසියා  වුෂු තරගාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි...
Views - 42
IMAGE
Thursday, 19 April 2018
ස්ට්‍රෝබෙරි ස්මූදි
Views - 313
IMAGE
Thursday, 19 April 2018
ග්‍රීන් ස්මූදි
Views - 312
IMAGE
Thursday, 19 April 2018
ලෙමන් සැල්දිරි පානය
Views - 296
IMAGE
Thursday, 19 April 2018
දෙළුම් මීකිරි පානය
Views - 254
IMAGE
Thursday, 19 April 2018
කැරට්, බිට් පානය
Views - 331

Please publish modules in offcanvas position.