Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 935
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 290

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 265

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 369

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 503

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 454

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1494

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 584

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 866

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1876

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 641

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 774

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 562

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 572

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 797

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 759
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 194

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 827

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 277

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 52

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 651

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 979

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3527

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5983

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3527

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1705

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1946

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3311
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 297

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2111
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1294

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1092
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 379
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 161

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

නීතියයි සාමයයි නැතිව ෆොන්සේකා කිපෙයි

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විය.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වුවත් මේ සතියේ කැබිනට් රැස්වීමේදී සුපුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සැලකිල්ලට ගත්තේ නැත.
“අම්පාරේ සහ මහනුවර සිද්ධි ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මේ තත්ත්වය ගැන අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන” මෛත්‍රී කැබිනට් ඇමැතිවරු සමග සාකච්ඡාව ආරම්භ කළේය.
“සමාජ ජාල වබේ අඩවි නිසා තමයි මේ තත්ත්වය වඩාත් නරක අතට හැරිලා තියෙන්නේ. සමාජ ජාල වබේ අඩවිවලින් බොරු ප්‍රචාර කරගෙන යනවා. ඒවා දකින අය ගැටුම්වලට යනවා. සංවිධානාත්මක පිරිස් තමයි මේ අකාරයට සමාජ ජාල වබේ අඩවි ඔස්සේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ”ඇමැතිවරයෙක් පැවැසුවේය.
“සමාජ ජාල වබේ අඩවි පාලනය කරමු. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙමු” තවත් ඇමැතිවරයෙක් යෝජනා කළ අතර එයට ද සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණේය.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමටත් හදිසි නීතිය පැනවීමටත් තීරණය කෙරිණි. ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයට විරෝධයක් එල්ලවූයේද නැත.
“මහනුවර තත්ත්වය පාලනය කරන්න ඕන. ඒ පළාතේ ඇමැතිවරු හැමෝම ගමට යන්න. ගිහින් තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්න”මෛත්‍රී උපදෙස් දුන්නේය. 
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් යැවිණි. ඒ පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමැතිවරුන්ට නුවර බලා පිටත්ව යාමටය.
“ඔබතුමන්ලා නුවරට ගිහින් මේ තත්ත්වය ගැන සාකච්ඡා කරලා ගැටුම් පාලනය කිරීමට පියවර ගන්න”රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය.
 
 ආරක්ෂක මණ්ඩලයත් රැස්වේ 
 
අඟහරුවාදා උදෑසන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නොහැකිවීම නිසා අඟහරුවාදා රාත්‍රී හතට කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේය. උදෑසන ජාතිවාදී ගැටුම් ගැන කතා කරමින් රැස්වීම අවසන් කළ නිසා මේ සතියේ ඉදිරිපත්වී තිබූ කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගත්තේය. ඒ අතර ‍පොහොර ප්‍රශ්නය ගැනත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය
“අපි රසායනික ‍පොහොර භාවිතය තහනම් කළේ ගොවි ජනතාවගේ වකුගඩු ප්‍රශ්නය ගැන හිතලයි. කාබනික ‍පොහොර භාවිතය ප්‍රචලිත කළේ ජනතාව ගැන හිතලයි. අපිට ගොවීන් වකුගඩු රෝගයෙන් බේරා ගැනීමට ඕනෑ වුණාට ඒ අයට රෝගවලින් බේරෙන්න ඕන බවක් පේන්න නැහැ. මේ පාර ඡන්ද ප්‍රතිඵලවලින් පේන්නේ ඒකයි. මේ නිසා රසායනික ‍පොහොර ලබාදීමේ වැඩපිළිිවෙළ විධිමත් කරන්න ඕන” මෛත්‍රී කීවේ තරමක කනගාටුවෙන් යුතුවය..
“සර් මම ගොවි සංවිධාන එක්ක මේ ගැන කතා කළා. රසායනික ‍පොහොර අවශ්‍ය බව ගොවි සංවිධාන ප්‍රකාශ කළා”දුමින්ද දිසානායක ඇමැතිවරයා කීවේය.
“එහෙනම් අපි කලින් තිබුණ විදියටම ‍පොහොර දෙමු”සරත් අමුණුගම ඇමැතිවරයා යෝජනා කළේය.
“රට ඇතුළේ ‍පොහොර හිඟයක් තිබුණා. ඒකට විසඳුමක් විදියට   අවශ්‍ය තරම් මුදල් දුන්නා. ‍පොහොර ආනයනය කිරීමේදී ටෙන්ඩර් ගැටලු තියෙනවා නම් ඒවා පෞද්ගලික අංශයට දීලා ආනයනය කරන්න අවස්ථාව දෙන්න තිබුණා. පසුගිය ආණ්ඩුව කළේ පෞද්ගලික අංශය මගින් ‍පොහොර ආනයනය කරපු එකයි. අඩු මිලකට සමාගම් යටතේ ‍පොහොර බෙදා හරින්න තිබුණා. ‍පොහොර මිලදී ගන්න ආණ්ඩුව ගොවීන්ට වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන. එතකොට මුදල් අපතේ යන්නේත් නෑ. ගොවීන්ට ‍පොහොර හිඟයකට මුහුණදෙන්න වෙන්නේත් නෑ”රාජිත සේනාරත්න පැහැදිලි කළේය.
“ගොවීන්ට ‍පොහොර මිලදී ගන්න අපි රුපියල් දෙදහස් පන්සියයයි දුන්නේ. ඒත් ‍පොහොර මිටියක් රුපියල් තුන්දහස් පන්සියයක් වෙනවා. ඒක ගැටලුවක් වුණා” දුමින්ද කීවේය.
“සමාගම්වලට ‍පොහොර මිල තීරණය කරන්න ඉඩ දෙන්නේ නැතිව රජය මිල තීරණය කරලා ‍පොහොර අපනයනය කිරීමට අවසර දෙන්න ඕන”ඇමැතිවරු තීරණය කළහ.
 
 කැබිනෙට්ටුව මැද ලැබුණ ඇමතුම 
 
කැබිනට් මණ්ඩල රැස්වී පැවැත්වෙන අතරවාරයේදී මෛත්‍රීට දුරකථන ඇමතුමක් ලැබුණේය.
“සර් මහනුවර දැන් නැවත ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය පියවර ගන්න වෙනවා” දුරකථන ඇමතුමෙන් කියවිණි.
‍පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට කතා කළ මෛත්‍රී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය. මේ දුරකථන ඇමතුම සමග  කැබිනට් මණ්ඩල රැස්වීම නතර විය.
“දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න කැමැති ඇමැතිවරු මගේ කාර්යාලයට එන්න”මෛත්‍රී තමන්ගේ කාර්යාලයට ගියේය.
ඇමැතිවරු මෛත්‍රීගේ නිල කාමරයට යන විට 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හා  ‍පොලිස්පති පූජිත් ජයසුන්දර එහි පැමිණ සිටියහ.
“මහනුවර තත්ත්වය ගැන පැයෙන් පැය තොරතුරු ලබාගන්නවා. ඒ අනුව ආරක්ෂක තත්ත්වය පවත්වාගෙන යාමට හැකිවේවි” ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කරුණු පැහැදිලි කළේය.
එම සාකච්ඡාව එතැනින් අවසන් වූ අතර රාජිත, පාඨලී, සහ සජිත් ප්‍රේමදාස ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීම ජනාධිපති ‍ලේකම්වරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කැඳවාගෙන ගොස් තවත් රහස් සාකච්ඡාවක් පැවැත්වූවේය. ඔවුන්ගේ සාකච්ඡාවත් පැය භාගයක් පමණ ඇදී ගිය අතර මහනුවර තත්ත්්වය පාලනය කිරීම ගැන ඔවුන්ගේ පෞද්ගලික අදහස් හුවමාරු කරගැනීමට අමතක කළේද නැත. 
 
 මෛත්‍රී නුවරට 
 
බදාදා උදෑසන ජනපති මෛත්‍රී කුරුණෑගලට ගියේ වජිර සමගය. ඒ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමටය. ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී මහනුවර තත්ත්වය ගැනත් සොයා බැලූ මෛත්‍රී කුරුණෑගල දිසාපතිවරයාගේ නිල කාමරයට ගොස් රනිල් සමග ආරක්ෂක තත්ත්වය ගැන දුරකථනයෙන් සාකච්ඡා කළේය. එදින සවස අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණත් නුවර තත්ත්වය එතරම් සුබවාදී නොවීම නිසා ඔහු එම සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවලංගු කළේය.
“සරත් මම දැන් නුවර එනවා. මේ ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන් සාකච්ඡාවකට එකතු කරගන්න” මෛත්‍රී සරත් ඒකනායක මහ ඇමැතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. එම ඇමතුම ලැබෙන විට සරත් ඒකනායක සිටියේ මිය ගිය තරුණයකුගේ නිවසේය. 
ඒ වන විට මහනුවරට ඇඳිරි නීතිය පනවා තිබූ අතර බොහෝ දෙනා සිටියේ නිවාඩු ලබාගෙනය. දිස්ත්‍රික් ‍ලේකම්වරයාට දුරකථන ඇමතුමක් දුන් සරත් ඒකනායක රාජ්‍ය නිලධාරීන් මහනුවර ජනාධිපති මන්දිරයට කැඳවා ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය. එස්. බි. දිසානායක ඇමැතිවරයා සමග එක්ව ආගමික නායකයන් ජනාධිපති මන්දිරයට කැඳවා ගැනීමට අවශ්‍ය පියවර ගත්හ. ඇතැම් විහාරස්ථානවල වාහනවල රියැදුරන් ලෙස කටයුතු කළ අය එදින නිවාඩු ගෙන තිබුණේ ඇඳිරි නීතිය පනවා තිබූ නිසාය. සරත් ඒකනායක තමන්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා රියැදුරන් යවා ආගමික නායකයන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි. 
මේ අතර කොළඹ සිටින ස්වාමීන් වහන්සේ කණ්ඩායමක් නුවර සාකච්ඡාවට කැඳවා ගැනීමට මෛත්‍රීට අවශ්‍ය වී තිබුණි. ඒ අනුව ඇල්‍ලේ ගුණවංශ, මැදගොඩ අභයතිස්ස සහ ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරු කොළඹ සිට නුවරට වැඩම කළහ. උන්වහන්සේ වෙනුවෙන් මෛත්‍රී ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් යවා තිබූ අතර ඔවුන් සවස හතරට පමණ ජනාධිපති මන්දිරයට පැමිණියහ. ඒ වන විට සාකච්ඡාව ආරම්භ කර පැයක් පමණ ගතවී තිබූ අතර මෛත්‍රී සාකච්ඡාවේදී අවධානයට ලක්වූ කරුණු ගැන සැකෙවින් පැහැදිලි කළේය.
“සම්බෝධියේ කුසලධම්ම හාමුදුරුවන්ගේ ආදාහනය තිබියදී තමයි මම මෙතැනට වැඩියේ. ජනාධිපතිතුමාත් අපිට නුවරට වැඩම කරන්න හෙලිකොප්ටරයක් එවලා තිබුණා. ඒ නිසා අපි මෙතැනට වැඩම කළා” ඇල්‍ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
“ඔබ වහන්සේගේ අදහස අපිට වටිනවා” මෛත්‍රී කී විට ඇල්‍ලේ ගුණවංශ හිමියෝ අදහස් දක්වන්ට වූහ.
මේ අතර පල්ලියකින් පැමිණ සිටි මවුලවිවරයෙක් බෞද්ධයන්ගේ පැත්තට ගෙන කතා කරන්න විය.
“අපි හැමදාම වැඩ පටන්ගන්නේ දළදා මාලිගාව දිහා බලාගෙනයි. මාලිගාව දිහා බලාගෙන වැඩ ටික පටන්ගත්තාම සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා” මවුලවිතුමන් කී කතාව කාගේත් අවධානයට ලක්වූ කතාවක් විය.
“මෙතැන මේ ප්‍රශ්නය විසඳන්න නම් ප්‍රදේශයේ ආරක්ෂාව තවත් වැඩි කරන්න ඕන. හමුදාව වැඩි කරලා ආරක්ෂාව තර කරලා අවශ්‍ය පියවර ගනිමු” එතැනට පැමිණ සිටි සියල්ලෝම යෝජනා කළහ.
ඒ අනුව මෛත්‍රී ‍පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරයාට ඒ අවස්ථාවේදීම ආරක්ෂාව වැඩි කිරීමට උපදෙස් දුන්නේය.
 
 රංගේ බණ්ඩාර රනිල්ගේ රැස්වීමට  
 
එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ කැබිනට් සංශෝධනයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ විෂයන් වෙනස්වනු ඇතැයි පැවසුණත් පසුගිය සතිය වන විට ඒ කතා බහ යළිත් යට යමින් තිබුණේය. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී රැස්වූයේ පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවෙමින් තිබියදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වාර්තාවන් තුනක් රනිල්ගේ අතට පත් කිරීමට නියමිතව තිබුණේය. පසුගිය සතිය වන විට එයින් වාර්තා දෙකක්ම රනිල්ගේ අතට පත්ව තිබුණි. නවීන් දිසානායක ඇමැතිවරයා විසින් එක් වාර්තාවක් රනිල්ට ලබාදී තිබුණේය. නවීන්ගේ වාර්තාවෙන් ඉල්ලා තිබුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානුවක් ප්‍රකාශයට පත් කළ යුතු බවය. නිශ්චිත දින වකවානු සමග ඉදිරියට යා යුතු බව ඔහු රනිල්ට කියා තිබුණේය.
“දින වකවානු නිශ්චිතව සඳහන් කරන්නේ නැතිනම් අවිශ්වාසයක් ඇතිවෙනවා. ඒ නිසා නිශ්චිත දින වකවානු සහිතව ඉදිරියට යමු”නවීන් රනිල්ට සිය වාර්තාව දෙමින් පැවසුවේය.
මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු චීනයට යැවීමට ගත් තීරණය ගැනත් අවධානය යොමුවිය.
“බ්‍රිතාන්‍ය රජය කියන දේම කරන්නේ නැතිව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිගටම මහ කොමසාරිස් කාර්යාලයේ තියාගන්න ඕන. ඔහු ආරක්ෂක උපදේශක තනතුරින් ඉවත් කරන්න එපා. මම එංගලන්තයේ ඉගෙන ගනිපු කෙනෙක්. බ්‍රිතාන්‍යයේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ කවුද කියලා අපි දන්නවා. ඩයස්‍පෝරාව තමයි ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ. අපේ රණවිරුවන් වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕන. ඔහු වෙනුවෙන් අපි හරියට පෙනී නොසිටීම නිසා පහුගිය ඡන්දයේදී අපිට ලැබෙන්න තිබුණ ඡන්ද ලක්ෂ තුනහමාරක් විතර නොලැබි ගියා”නවීන් කීවේ ඔහු නැවත බ්‍රිතාන්‍යයට යැවිය යුතු බව කියමිනි.
“නැවත යැව්වොත් ඔහුගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න එන්න පුළුවන්”නවීන්ගේ ඉල්ලීමට විරුද්ධ අදහස් ඉදිරිපත් විය.
“ඔහු තානාපති නිලධාරියෙක් විදියටනේ බ්‍රිතාන්‍යයට යන්නේ. ඔහුට ආරක්ෂාව ලබාදෙන එක බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වගකීමක්”නවීන් තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේය.
පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ අනෙකුත් වාර්තා දෙක රනිල්ට ලැබුණත් ඔහු ඒ ගැන වැඩි යමක් කතා කරන්න ගියේ නැත. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කර තිබූ පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියත් නායකත්වයේ වෙනසක් ගැන ඔවුන් අදහස් දක්වන්න ගියේ නැත.
“ඇතුළේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඇතුළේම කතා කරලා විසඳාගන්න. එළියේ ගිහින් ඒවා කතා කරන්න එපා”රනිල් කී විට මන්ත්‍රීවරු ඒ ගැන අදහස් දක්වන්න ගියේද නැත.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ මහනුවර සිද්ධිය ඇවිළෙමින් තිබියදීය. ඒ ගැන කතා කිරීමටද වැඩි වේලාවක් ගත කළ අතර මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන කතා කරමින් රැස්වීම අවසන් විය. 
 
 නීතිය හා සාමය රංගෙ ඉල්ලයි 
 
මහනුවර තත්ත්වය දින කිහිපයක් තිස්සේ පාලනය කර නොගැනීමේ ඇඟිල්ල ‍පොලීසිය වෙත දිගු විය. නීතිය හා සාමය භාර ඇමැතිවරයා වූයේ රනිල්ය. ඔහුට අනෙකුත් රාජකාරී කටයුතු මධ්‍යයේ ‍පොලීසියේ කටයුතු ගැනත් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබුණි. මහනුවර සිද්ධියේදී ‍පොලීසියේ ක්‍රියාකාරීත්වය ගැන විවිධ පාර්ශ්වයන්ගෙන් මැසිවිලි නැගෙමින් තිබූ අතර ‍පොලිස්පතිවරයා සහ තවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියෙක් අතර ඇතිවී තිබෙන ගැටුමක් ගැනද දේශපාලන ක්ෂේත්‍රයෙන් පමණක් නොව ‍පොලීසිය තුළද කතා බහට ලක්වෙමින් තිබේ. මීළඟ ‍පොලිස්පතිවරයා වීමට බලා‍පොරොත්තුවෙන් සිටින මෙම නිලධාරියා ‍පොලීසිය තුළ අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් ‍පොලිස් විශේෂ කාර්ය බලකාය මහනුවරට යැවීම ප්‍රමාද කර ඇතැයි යන කතාව දේශපාලන ක්ෂේත්‍රයටද පැමිණ තිබෙන කතාවකි.
“මේක මේ තරුණයෙක්ට පහරදීලා ඝාතනය කිරීම නිසා ඇතිවූ තත්ත්වයක්නේ. මේ පහරදීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කියලා ආණ්ඩුවෙන් පැහැදිලි නියෝග ලබාදී තිබුණා. ඒත් එම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තිබුණා. ‍පොලීසියෙන් තමයි මේ ප්‍රමාදය ඇතිවෙලා තිබුණේ. ඒක නිසා මිනිස්සු කැළඹුණා” රනිල් පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු කිහිප දෙනෙක් සමග කියා තිබුණේය.
මේ අතර රංජිත් මද්දුමබණ්ඩාර, සජිත් ප්‍රේමදාස සහ පාලිත රංගෙ බණ්ඩාර පාර්ලිමේන්තු ලොබියට වී ඇතිවී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න වූහ. 
“ආ.. මොනවද මේ කට්ටිය එකතු වෙලා කතා කරන්නේ” රනිල් ඇසුවේය.
“නෑ.. සර්. අපි මේ රටේ තත්ත්වය ගැන කතා කරමින් හිටියේ” පාලිත රංගෙ බණ්ඩාර උත්තර දුන්නේය.
“මේ වගේ වෙලාවකදී හැසිරෙන්න ඕන කොහොමද කියලා ‍පොලිස් ‍පොතේ නම් හොඳටම ඇති නේද” රනිල් ඇසුවේය.
“සර් මට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න. මම සති දෙකකින් මේ ප්‍රශ්න සේරම විසඳලා දෙන්නම්” පාලිත රංගෙ බණ්ඩාර කීවේය.
ඒ කතාවට රනිල් සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නැත. සිනාසෙමින් එතැනින් ඉවත්ව ගිය රනිල් පසුදා උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ වන විට රංජිත් මද්දුමබණ්ඩාරට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීමට රනිල් තීරණය කර තිබුණේය.
“නීතිය හා සාමය අමාත්‍යාංශය මම රංජිත්ට දෙනවා. තව ටික වේලාවකින් මමත් එක්කම ගිහින් ජනාධිපතිතුමා ඉදිරියේදී දිවුරුම් දෙනවා” රනිල් කීවේ අරලියහ මන්දිරයට පැමිණ සිටි ඇමැතිවරු කිහිප දෙනෙකුට හා මාධ්‍යවේදීන් දෙදෙනකුටය. ඔවුන් අලුත් නීතිය හා සාමය ඇමැතිවරයා කවුරුන්දැයි දැන සිටි නමුත් රංජත් මද්දුමබණ්ඩාර ඒ වන තෙක් තමන්ට ඇමැතිධුරය ලැබෙන බව දැන සිටියේ නැත.
මේ අතර ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් රංජිත් මද්දුමබණ්ඩාරට දුරකතන ඇමතුමක් ලබාදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට එන්නැයි දැනුම්දී තිබුණේය. එහෙත් තමන්ට පැමිණෙන්නැයි දැනුම්දී තිබුණේ කුමකටදැයි නිශ්චිතව සඳහන් කර තිබුණේ නැත.
“මට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට එන්න කියලා තියෙනවා. එන්න කියලා තියෙන්නේ ඇයි කියලා නම් දන්නේ නෑ. සමහර විට තවත් ඇමැතිකමක් දෙන්නද කියලා දන්නේ නෑ” රංජිත් මද්දුමබණ්ඩාර තමන්ගේ හිතවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුට දුරකතන ඇමතුමක් දුන්නේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට යන අතරවාරයේදීය. ඔහු ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගිය විට රනිල්ද එහි පැමිණියේය. රනිල් සමග මෛත්‍රී හමුවු ඔහු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
තමන් ජපානයේ සංචාරය ආරම්භ කිරීමට පෙර නීතිය හා සාමය අමාත්‍යාශය තමන්ට විශ්වාසවන්ත අයෙකුට ලබාදීමේ අවශ්‍යතාවය මෛත්‍රීට තදින්ම තිබුණේය. ඒ නිසා රංජිත් මද්දුමබණ්ඩාරගේ නම යෝජනාවූ විට මෛත්‍රී එක පයින්ම එයට කැමැතිවී තිබුණේය.
මේ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය බලා‍පොරොත්තුවෙන් තවත් කිහිප දෙනෙකුම සිටියේය. රන්ජන් රාමනායක මෛත්‍රී හමුවී තමන්ට එම ඇමැති ධුරය ලබාදීමට නොහැකි නම් ජනාධිපතිවරයා අත ඇමැති ධුරය තබාගෙන රාජ්‍ය ඇමති ධුරය තමන්ට දෙන්නැයි ඉල්ලා තිබුණේය. මේ අතර පාලිත රංගෙ බණ්ඩාරද එම අමාත්‍යාංශයට සිය කැමැත්ත පළ කර තිබුණේය. 
“මහනුවර තත්ත්වය පාලනය කරන්න බැරි නම් මට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරන හැටි මම කියලා දෙන්නම්. විවිධ කණ්ඩායම් ගහගන්නවා නම් රජය එවාට විරුද්ධව කටයුතු කරන්න ඕන. සමාජ ජාල ඔස්සේ විවිධ කුමන්ත්‍රණ වෙනවා. වෙඩි තැබිමේ නියෝගයක් දුන් විට ‍පොලීසිය එය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතිව අහසේ ඉන්න කුරුල්ලන්ට වෙඩි තියන එක නමෛයි කරන්න ඕන” පාලිත රංගෙ බණ්ඩාර කියා තිබුණේය.
කෙසේ වෙතත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමන්ට ලැබේ යැයි දැඩි බලා‍පොරොත්තුවකින් සරත් ෆොන්සේකා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ කැබිනට් සංශෝධනය සිදුවූයේ සරත් ෆොන්සේකා ඉන්දුනීසියාවේ සංචාරය කරමින් සිටියදීය. ලංකාවට පැමිණි පසුව තමන්ට අමාත්‍යාංශය ලැබේ යැයි විශ්වාසයෙන් සිටි ඔහු තමන්ගේ කාර්ය මණ්ඩලයට පත් කරගන්නා පුද්ගලයින් ගැනත් අවධානයෙන් පසුවිය. එහෙත් සරත් ෆොන්සේකාට රනිල් හමුවූ අවස්ථාවේදී මේ ගැන අදහස් දක්වා තිබුණේය.
“ඔබතුමාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඔබතුමාට අමාත්‍යාංශය දෙනවාට ‍පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසක් විරුද්ධ වෙලා තියෙනවා” රනිල් කියා තිබුණේය.
“කවුද ඔය කියන ‍පොලිස්කාරයෝ. ඕකුන් සේරම හොරු. කුඩු බිස්නස් කරන අය. මේ අය ‍පොලීසියේ නමෛයි හිර ගෙදර ඉන්න ඕන අය” ෆොන්සේකා අතිශයින් කෝපයට පත්ව කියා තිබුණි.
රනිල්ගේ කතාවෙන් පසුව ෆොන්සේකා මෛත්‍රී හමුවීමට ගියේය. ඒ නීතිය හා සාමය අමාත්‍යාංශය තමන්ට ලැබෙනවාද යන්න ගැන පැහැදිළි අදහසක් ලබාගැනීමටය. මෛත්‍රීගේ ප්‍රතිචාරය වූයේද ෆොන්සේකාට නීතිය හා සාමය නොලැබෙන බවය.
“මම නීතිය හා සාමය ඉල්ලුවේ හම්බකරගෙන කන්න නමෛයි. රටට සේවයක් කරන්න. ‍පොලීසිය සුද්ධ කරලා හොරු ටික අයින් කරලා දාන්න” ජනාධිපති නිල නිවසේ සිටි තමන්ගේ වාහනය දක්වා යන අතරවාරයේදී හමුවූ අයට කියමින් ෆොන්සේකා පිටත්ව ගියේය.
එහෙත් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන්නැයි ඉල්ලීම් කරමින් ෆොන්සේකා මෛත්‍රීට ලිපි කිහිපයක්ද යවා තිබුණේය. එහෙත් එයට රනිල්ගෙන් ලැබුණේ එතරම් සුභවාදී ප්‍රතිචාරයක් නොවේ.
මේ අතර සිකුරාදා උදෑසන රංජිත් මද්දුමබණ්ඩාර නව අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේය. එහි පැමිණ සිටි ඔහුගේ හිතවතුන්ගේ අවධානය යොමුවී තිබුණේද මහනුවර තත්ත්වය වෙතය.
“මහනුවර තත්ත්වය වර්ධනය වුණේ ෆේස් බුක් එකේ විවිධ දේවල් දාලා තිබුණ නිසා. ඉන්දියාවේ ඉන්න ඇමරිකානුවන් කණ්ඩායමක් ඇවිත් මේ ෆේස් බුක් ගැන සොයා බලලා තිබුණා. ඒ අයගේ උපකරණ ගෙනවිත් මේවා ෆේස් බුක් එකට දාපු අය කවුද කියලාත් පෙන්නලා තිබුණා. ඒ විතරක් නමෛයි ඒ අය ඉන්න තැන් පවා කියලා තිබෙනවා. ඒත් ‍පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ නෑ. ‍පොලීසියට මේ අය අල්ලන්නේ නැතිව ඉන්නකොට ෆේස් බුක් එකේ අය තමන්ට වාහනයක් දෙනවා නම් ගිහිල්ලා ඒ අය ඉන්න තැන් ටික පෙන්නන්නම් කියලා තිබුණා” රංජත් මද්දුමබණ්ඩාරගේ හිතවත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් එතැන සිටි අයට කීවේය.
“මේවා කරපු අය ඉන්න තැන් මොනවද කියලා පැහැදිලිව කියලා තිබියදීත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්. මේවා තමයි තියෙන ප්‍රශ්න” එතැන සිටි තවත් රනිල් විරෝධියෙක් පැවැසුවේය.
 
 ගැටුම් අස්සේ රනිල් ගොඩයන හැටි 
 
ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ මහින්දගේ විජේරාම නිවසට පසුගිය සතියේදී පැමිණියේ රනිල්ට විරුද්ධව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන අවධානය යොමු කිරීමටය.
“මම මේක ගැන මගේ අදහස කියන්නම්. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විතරක් අත්සන් කරලා අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව භාරදෙන්න ඕන. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ සහාය අරගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්” උදය ගම්මන්පිල කතාවට මුලපිරුවේය.
“මම නම් ඊට වඩා වෙනස් මතයක ඉන්නේ. මේ විශ්වාසභංග යෝජනාව නිසා රනිල්ට බේරෙන්න අවස්ථාවක් ලැබෙනවාද නැද්ද යන්න ගැන අවධානය යොමු කරන්න ඕන. විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ආණ්ඩුවෙන් සහාය දෙන අය මේකට අත්සන් කරන්න ඕන” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා යෝජනා කළේය.
“ඒ කතාව හරි. රනිල් අයින් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇත්ත උවමනාවක් තියෙනවා නම් ඒ අය මේකට අත්සන් කරාවිනේ” මහින්දානන්ද කීවේය.
“මේකට ආණ්ඩුවේ අය උදව් කරනවා නම් මිනිස්සු ඒ බව දැනගන්න ඕන. එහෙම නැතිව අපි ඉස්සරහට දාලා තමන්ගේ වැඩේ කරගන්න ඒ අයට අවස්ථාවක් දෙන්න බෑ” ප්‍රසන්න කීවේය.
“මේවා කටින් කියලා වැඩක් නෑ. සහාය දෙනවා නම් කො‍ලේට අත්සන් කරන්නම ඕන” මහින්ද ද එම ස්ථාවරයේ සිටියේය.
“අපි දැන් ඡන්දයෙන් හොඳ තැනකට ඇවිත් තියෙනවා. මේ විශ්වාසභංගයට උදව් කරන්න ගිහින් පැරදුනොත් වෙන්නේ ඒකාබද්ධය පැරදුනා කියන මතය රටට යනවා. මැතිවරණ වැලක් ඉදිරියට තියෙන නිසා ඒ වගේ මතයක් රටට යන එක අපිට පාඩුයි” මහින්දානන්ද කීවේය.
මේ අතර මහින්දට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගෙන්ය. ඔහු නුවර තත්ත්වය මහින්දට පැහැදිලි කළේය.
“නුවර ඉන්න ආගමික නායකයෝ  හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න. මේවා දුරදිග යන්න දෙන්න නරකයි” මහින්ද උපදෙස් දුන්නේය.
“අපිට පේන විදියට ‍පොලීසියට හරියට රාජකාරී කරන්න අමාරුයි වගේ සර්” දිලුම් කීය.
“ඕක දුරදිග ගියොත් ලොකු විනාශයක් වෙනවා. පුළුවන් ඉක්මනට මැදිහත්වෙලා අවශ්‍ය දේවල් කරන්න” දිලුම්ට උපදෙස් දුන් මහින්ද, ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාටද දුරකථන ඇමතුමක් ගෙන ගත යුතු පියවර ගැන උපදෙස් දුන්නේය.
 
 මහින්දට ෆොන්සේකා හමුවේ 
 
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්විය. මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළේ මහනුවර තත්ත්වය ගැනය. 
“ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නයි. මේ කලබලපිට දාලා ජනතා විරෝධය මර්දනය කිරීමේ උත්සාහයක් තියෙන බව තමයි මම කියන්නේ. හදිසි නීතිය තියෙන වෙලාවකට උද්ඝෝෂණ, පෙළපාලි කිසිම දෙයක් කරන්න බෑ” වාසුදේව පෙන්වා දුන්නේය.
“අපේ රැලිය නතර කරන්න හිතාගෙන මේ කලබල පටන්ගත්තාද දන්නේ නෑ” ප්‍රසන්න කීවේය.
“ඒකත් කියන්න බැහැ. ආණ්ඩුව හොඳාකාරවම පහුගිය ඡන්ද ප්‍රතිඵල එක්ක ජනමතය තියන්නේ කොතැනද කියලා තේරෙනවා. ගිය අවුරුද්දේ මැයි රැලියට ආවටත් වඩා සෙනඟක් මේ අවුරුද්දේ රැලියට ඒවි කියන එක රහසක් නමෛයි. ඒ නිසා මේක කඩාකප්පල් කරන්න හදනවාද දන්නේ නෑ” පියල් නිශාන්ත කීය.
“මොනවා වුණත් අපේ රැලිය කල්දාන එක තමයි හොඳම දේ. මොකද අපේ රැලිය යන අතරවාරයේ ආණ්ඩුව තමන්ගේ හෙංචයියෝ කීප දෙනෙක් රැලියට එවලා කඩාකප්පල්කාරී වැඩක් කළොත් සේරම වගකීම ගන්න වෙන්නේ අපිට. ඒක අපේ කණ්ඩායමට නරක විදියට බලපාන්න පුළුවන්” දිනේෂ් කී කතාව සියල්ලෝම අනුමත කළහ.
පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් කර පාර්ලිමේන්තුවෙන් එළියට එමින් සිටි මහින්දට සරත් ෆොන්සේකා මුණගැසුනේය.
“කොහොමද” මහින්ද ඇසුවේය.
“හොඳයි” යනුවෙන් පිළිතුරු දුන් ෆොන්සේකා එතැනින් පිටත්ව ගියා මිස වැඩි කතාවකට ගියේ නැත.
 
තිලකජය 
 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 50
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 73

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.