Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 937
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 298

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 268

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 373

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 509

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 459

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1498

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 587

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 869

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1884

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 643

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 777

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 564

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 574

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 800

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 761
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 196

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 830

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 278

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 53

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 653

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 979

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3527

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5987

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3528

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1707

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1947

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3312
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 299

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2112
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1294

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1092
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 380
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 162

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

රනිල්ට එරෙහිව කැරැල්ල උග්‍රවේ

පුංචි ඡන්දයෙන් පසුව ආණ්ඩුවේ උද්ගත වූ අර්බුදය ඉදිරියට ගමන් කරමින් ඇත්තේ ඔඩු දුවමිනි. අගමැති වෙනස් කිරීම, කැබිනට් සංශෝධනය වැනි පැළැස්තර යෝජනා වුවද ඉන් තවමත් ප්‍රතිඵලයක් ලැබි නැත්තේය.
පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම ආරම්භ වූ කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ කතා බහට පසුගිය සති දෙකේම අත්වී තිබුණේද බාලගිරි දෝශයයි.  කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම දිනෙන් දින කල් ගියේ අගමැති ධුරය වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබූ වුවමනාව නිසාය. එයට කරු ජයසූරිය කථානායකවරයා මුලින් එකඟත්වය පළ කර තිබුණත් පසුව අගමැති ධුරය ඔහු ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා පසුගිය සතිය ආරම්භ වන විටත් තිබුණේ කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන එකඟත්වයකින් තොරවය.
මේ අතරේ පසුගිය බ්‍රහස්පතින්දා සවස වන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ ජනපති මෛත්‍රී හමුවී එක්සත් ජාතික පක්ෂයට අදාළ ඇමැති ධුර සංශෝධනයන්ට අදාළ අවසන් ‍ලේඛනය ඔහුට භාර දුන්හ. මේ ‍ලේඛනය සකස් කරන විට ඇතැම් ඇමැතිවරුන්ගේ බලතල ඉවත්වීමට නියමිතව තිබුණි. තවත් සමහරුන්ගේ ඇමැති ධුර සංශෝධනය වීමට නියමිතව තිබුණි. එක්සත් ජාතික පක්ෂය තුළද මේ සම්බන්ධයෙන් තිබුණේ යම් යම් අර්බුදකාරී තත්ත්වයකි.
අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය ධුරය තලතා අතුකෝරළගෙන් විදේශ රැකියා ඇමැති ධුරය ඉවත් කර හරීන් ප්‍රනාන්දුට දීමටත්, රවීන්ද්‍ර සමරවීරට කැබිනට් ඇමැති ධුරයක් දීමත්, අජිත් පී. පෙරේරාට හා හර්ෂ ද සිල්වාට රාජ්‍ය ඇමැති ධුර දීමටත් රනිල්ගේ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණේය. තලතාගෙන් සහ ගාමිණී ජයවික්‍රම පෙරේරාගෙන් ඇමැති ධුර ඉවත් කිරීම ගැන ඔවුන් වැඩි සතුටකින් සිටියේ නැත. විශේෂයෙන් තලතා අතුකෝරළ ඉකුත් කාලයේ පෙනී සිටියේ පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනුවෙනි. ඇය මෙන්ම ඇගේ සොයුරා වූ ගාමිණී අතුකෝරළද එකල සිටියේ එම මතයේය. මේ නිසා අගමැතිවරයා අතුකෝරළලාට 
කැබිනට් සංශෝධනයේදී අඩු සැලකිල්ලක් දැක් වූ බව කතා බහට ලක් විය. තලතා ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නොකළත් ගාමිණී ජයවික්‍රම ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා සවස් වන විටත් කැබිනට් මණ්ඩල සංශෝධනය වන දිනයක් ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැත. ඒ නමුත් සිකුරාදා රාත්‍රියේදී ඇතැම් ඇමැතිවරුන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලැබුණ අතර එම ඇමතුම්වලින් කියවුණේ ඉරිදා දිනයේදී කැබිනට් මණ්ඩලය සංශෝධනය වන බවත් එයට පැමිණෙන ලෙසත්ය.
එහෙත් ඇතැම් ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවන අවස්ථාවට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ නැත. ඒ අතර පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයාද විය. අනෙක් ඇමැතිවරු කැබිනට් සංශෝධනයට සහභාගී වීමට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට යන විට පාලිත රංගෙ බණ්ඩාර සිටියේ පුත්තලමේය. ඒ  වන විට ඔහුගේ මෑණියන් අසනීපව පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණි. ඔහු සිය මෑණියන්ගේ සුව දුක් විමසීමට රෝහලට ගිය විට එතැන මාධ්‍යවේදීහු කණ්ඩායමක් සිටියෝය.
“මොකද ඇමැතිතුමා අද කැබිනට් සංශෝධනයට යන්නේ නැද්ද?” මාධ්‍යවේදීහු විමසූහ.
“පුත්තලමේ ඉන්නේ පුත්තලම් බූරුවෝ කියලා කියනවානේ. එහෙම හිතාගෙනද කොහෙද අපිට කැබිනට් මණ්ඩල සංශෝධනයට එන්න කියලා නැහැ” පාලිත රංගෙ බණ්ඩාර කීවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන කලකිරීමෙන් යුතුවය.
 
 නීතිය හා සාමය  රනිල් ගත් හැටි 
 
මේ අතර ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ අවසන් ‍ලේඛන සකස් කෙරෙමින් තිබුණි. ඒ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය වෙනස් කිරීමට අදාළ සාකච්ඡා නැවත නැවතත් සිදුවෙමින් තිබුණේය. 
“අපි මේ අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට දෙමු” මෛත්‍රී යෝජනා කර තිබුණේ රනිල්ටමය. එහෙත් ඒ වන විට සරත් ෆොන්සේකා සිටියේ ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වෙමිනි. 
“සරත් ෆොන්සේකා ලංකාවේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වෙන කෙනෙක් නීතිය හා සාමය අමාත්‍යාංශය ගන්න කැමැති නැහැ. ඒ නිසා මම තාවකාලිකව ඇමැති ධුරය අරගන්නම්. ෆොන්සේකා ආවම අමාත්‍යාංශය දෙමු” රනිල් යෝජනා කළේය. මෛත්‍රීත් එම යෝජනාවට කැමැත්ත දැක්වූවේය.
රනිල් ජනපති ඉදිරියේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව හැරුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයා දෙසටය. රාජිත දෙසට හැරුණ ඔහු මහපට ඇඟිල්ල දිගුකර පෙන්වූවේය. රාජිතත් මහපට ඇඟිල්ල දිගුකරමින් රනිල්ට සිය සතුට පළ කළේය. 
“සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න බැරිවුණොත් ඒක දිගටම ඔබතුමා ළඟ තියාගන්න. අපි දූෂණ වංචා පිළිබඳ තියෙන විමර්ශන දිගටම කරගෙන යමු” රාජිත රනිල්ට සුබ පතමින් පැවැසුවේය.
අජිත් පී. පෙරේරාට රාජ්‍ය ඇමැති ධුරයක් ලැබිමෙන් පසුව ඔහුගේ සහෝදර ඇමැතිවරු ඔහු 
ළගට පැමිණ සුබ පතන්න විය.
“ඒ ගොනා දැන් විකුණලා තියෙන්නේ. මට මේ අමාත්‍යාංශයේ කරන්න පුළුවන් දෙයක් නෑ. නියෝජ්‍ය ඇමැතිවෙලා හරි විදුලි බල අමාත්‍යාංශයේ හිටියා නම් මට වැඩ කරන්න තිබුණා. මම ඒකේදී රස්සා කීයක් නම් දුන්නාද” අජිත් පී. පෙරේරා කීවේ තමන්ට ලැබුණ අමාත්‍යාංශය ගැන සතුටකින් නොවේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරු ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් එළියට ආවේ කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන එතරම් සතුටකින් නොවේ. 
“ආණ්ඩුවේ කොමඩියේ පළමු 
කොටස අද ඉවර වුණා. මේ කොමඩිය දැකලා ජනතාව හිනාවේවිද අඬාවිද, නැතිනම් ගල් ගහවිද කියලා කියන්න මම දන්නේ නෑ” ඩී. ඇස්. සේනානායකගේ මී මුනුපුරා වූ රනිල්ගේ ඥාති සොහොයුරු වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් එළියට පැමිණියේ එසේ කියමිනි.
“ඒ කියන්නේ අගමැති ධුරයේ වෙනසක් වෙන්න ඕන කියන එකද ඔබතුමා කියන්නේ” එතැන සිටි මාධ්‍යවේදීහු විමසූහ.
“මගේ කටට වචනය දීලා අහන්න එපා. හොඳින්් හරි නරකින් හරි අගමැති ධුරයේ වෙනසක් කරනවා” වසන්ත සේනානායක එතැනින් පිටත්ව ගියේ තදින් කතා කරමිනි. කැබිනට් සංශෝධනයෙන් පසු නීතිය හා සාමය ඇමැතිකම නැති වුණත් සාගල රත්නායක අගමැති සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ උත්සවයකට සහභාගි වීමට ගිය සතියේ කළුතරට ගියේය. ඔහු එසේ ගොස් තිබුණේ උත්සවයට සහභාගි වීමට ආරාධනාව ලැබුණේ ඇමැතිකම නැතිවීමට පෙර නිසාය.
එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් එළියට පැමිණියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු තවදුරටත් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ රැඳී සිටියහ. ඒ මෛත්‍රී හමුවී සාකච්ඡා කිරීමටය. 
“ජනාධිපතිතුමනි, නීතිය හා සාමය ඇමැති ධුරය අගමැතිතුමාට දුන්නේ ඇයි” ඇමැතිවරු විමසූහ.
“නීතිය හා සාමය අමාත්‍යාංශයේ ෆොන්සේකාට දිවුරුම් දෙන්න එන්න කියන්න බැලුවා. ඒත් එයා ලංකාවේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ වෙන කවුරුවත් ඒක ගන්න කැමැති නෑ.  ඒ නිසා තාවකාලිකව තමයි අගමැතිතුමාට නීතිය හා සාමය දුන්නේ. සති දෙකකින් ඒක වෙනස් කරනවා. ඒක සරත් ෆොන්සේකාට දෙනවා” මෛත්‍රී කීවේය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැනත් මෙහිදී මෛත්‍රීගේ අවධානය යොමුවිය.
“සමහර පළාත් පාලන ආයතනවල බලය කිසිම පක්ෂයකට තනිව පිහිටුවන්න බෑ. මේ ආයතනවල බලය පිහිටුවන්න අපි එකතුවෙන්න ඕන. එහෙම එකතුවෙන්නේ කාත් එක්කද කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභාපති ධුරය ලබාදීමට කැමැතිවෙන අය එක්ක එකතුවෙලා සභාව පිහිටුවන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෛත්‍රී උපදෙස් දුන්නේය.
 
 රනිල් වැඩ අල්ලයි 
 
අලුත් අමාත්‍යාංශයේ වැඩ භාරගත් රනිල් නීතිය හා සාමය අමාත්‍යාංශයේ නිලධාරීන් සඳුදා උදෑසනම කැඳවා තිබුණි. 
“දූෂණ, වංචා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ වේගවත් කරන්න ඕන. ඒකට අපි කමිටුවක් පත් කරමු” රනිල් යෝජනා කළේය. රාජිත, අජිත් පෙරේරා සහ ඩී.එම්. ස්වාමිනාදන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණේ ඉන් පසුවය. 
ඒ අතර දූෂණ වංචාවන්ට අදාළ ලිපි ගොනු අසූවක් එම සාකච්ඡාවට ඉදිරිපත්වී තිබුණේය.
“මේවයින් බොහෝ ඒවා සම්බන්ධ පරීක්ෂණ අවසන්. ඉදිරි කටයුතු සඳහා ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නේ” ‍පොලීසියේ නිලධාරීහු පැවැසූහ.
“කෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිත් ඉන්නේ කවුද” රනිල් ඇසූ විට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සිටියේ නැත. ඒ නිසා රනිල් කීවේ ලබන සතියේ අඟහරුවාදා දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද කැඳවා මේ ගැන සාකච්ඡා කළ යුතු බවය.
“මට රාජිත ඇමැතිතුමා එක්ක කතා කරන්න ඕන” කියමින් එම සාකච්ඡාවෙන් පසුව රනිල් රාජිත කැඳවාගෙන ගියේය. ඔවුන් දෙදෙනා සාකච්ඡා කළේ දූෂණ 
වංචා සම්බන්ධ ලිපි ‍ලේඛන ගැනය. රනිල් එයට අදාළ ලිපි ගොනු කිහිපයක් රාජිත අතට දුන්නේ තවත් උපදෙස් කිහිපයක්ද දෙමිනි. 
 
 මංගල කැබිනට් රැස්වීම 
 
අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව පළමු කැබිනට් රැස්වීම අඟහරුවාදා උදෑසන සුපුරුදු පරිදි ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගැනීමෙන් පසුව දයා ගමගේ ඇමැතිවරයා කතා කරන්න ගත්තේ අම්පාරේ සිදුවීම ගැනය.
“හරි හරි.. . මම ඒ සේරම දැනගත්තා. මේවා ගැන දීර්ඝව සාකච්ඡා කරන්න ඕන. මේ වගේ දේවල් කරලා ජාතිවාදය අවුස්සන්නනේ හදන්නේ. මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. ඔය ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය මේවා පස්සේ ඉඳගෙන කරන වැඩ ගැනත් මම දන්නවා” මෛත්‍රී කීවේ තරමක් තදින්ය.
“සර් මේක රජය අපහසුතාවට පත් කරන්න කරපු දෙයක්. අම්පාරේ සිද්ධියෙන් පීඩාවට පත්වූ අයට වන්දි දෙන ක්‍රමයක් හදන්න” රවුෆ් හකීම් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
“මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා අපිට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න පුළුවන්” මෛත්‍රී කීවේය.
“මේක වෙන වෙලාවේ ‍පොලීසියේ අයත් එතැන ඉඳලා තියෙනවා. ඒත් සේරම වුණාට පස්සේ තමයි ඒ අය මේකට මැදිහත් වෙලා තියෙන්නේ” හකීම් නැවත අදහස් දක්වන්න විය.
“හරි. එහෙනම් ඒ ගැන සොයා බලලා මට වාර්තාවක් දෙන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.
 
 හැට පැන්න  දිසාපතිවරු 
 
“වජිර මොකක්ද මේ දිසාපතිවරුන්ගේ ප්‍රශ්නය” මෛත්‍රී වජිර අබේවර්ධන ඇමැතිවරයාගෙන් ඇසුවේය.
“දිසාපතිවරු කිහිපදෙනෙකුගේ සේවා කාලය දීර්ඝ කරලා තියෙනවා සර්” වජිර කීය.
“අවුරුදු හැට පැනපු දිසාපතිවරු තුන් දෙනෙකුගේ සේවය දීර්ඝ කරපු නිසා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදයක් මතුවෙලා තියෙනවා. තරුණ නිලධාරීන්ට දිස්ත්‍රික් ‍ලේකම්වරුන් බවට පත්වීමට තිබෙන අවස්ථාව මේ නිසා නැතිවෙලා තියෙනවා” මෛත්‍රී කීවේ පරිපාලන නිලධාරීන්ගෙන් ඔහුට ලැබුණ පැමිණිල්ලක් සිහිපත් කරමින්ය.
“මේ දිසාපතිවරුන්ට සේවා දිගුවක් දුන්නේ පළාත් පාලන මැතිවරණය නිසා. නැවත මේ අයට සේවා දිගුවක් දෙන්නේ නෑ” වජිර සහතික විය.
“නියමිත කාලයට විශ්‍රාම යන අයට විශ්‍රාම යන්න දෙන්න. අනිවාර්යයෙන් ඒ අය යවන්න. ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි තරුණ අයට අවස්ථාවක් ලැබෙන්නේ. මේක ප්‍රතිපත්තියක් විදියට ක්‍රියාත්මක කරන්න” මෛත්‍රී අවධාරණය කළේය.
 
චීන කඩ කැබිනෙට්ටුවට 
 
මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව ගැන වැඩි අවධානයක් යොමුවිය. එම කමිටුවේ සාමාජිකයන් බහුතරය වූයේ අගමැතිවරයාගේ සමීපතමයේ මිතුරන් වන චරිත රත්වත්තේ, මලික් සමරවික්‍රම, ආර්. පාස්කරලිංගම්ය. මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්ද ඇමැති සරත් අමුණුගම සෙසු සාමාජිකයන්ද වූහ.
“ටයර් කර්මාන්තශාලාවක් හොරණ පැත්තේ ආරම්භ කළා. ඒත් ඒ කර්මාන්තශාලාව තියෙන්නේ කර්මාන්තපුරය ඇතුළේ නමෛයි. එකෙන් පිට. කිසිම අවසරයක් නැතිව එතැන ඉදිකිරීම් කරනවා. කුරුණෑගල පැත්තේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට අගමැතිතුමා එක්ක මමත් ගිහින් මුල් ගල් තිව්වා. මේ කර්මාන්තශාලාවට අපේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වොක්ස් වැගන් සමාගම පස්සේ කිව්වා” මෛත්‍රී කීවේ පසුගිය කාලයේදී රනිල්ගේ ආර්ථික කමිටුව හරහා ආරම්භ කළ කර්මාන්ත ශාලා ගැන අප්‍රසාදයකින් යුතුවය.
“වොක්ස් වැගන් කර්මාන්තශාලාව ආරම්භ කිරීමේ ගිවිසුමේ ප්‍රශ්න තිබුණා. ඒත් ඒ සමාගමේ කොටස් හිමියන් තමයි මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්නේ. මේ කර්මාන්තශාලාව කුලියාපිටියේ හැදෙනවා” රනිල් මෛත්‍රීට උත්තර දුන්නේය.
“මේ වගේ සංවර්ධන ව්‍යාපෘති ආර්ථික කළමනාකරණ කමිටුවට දැම්මම එතැන ලොකු ප්‍රමාදයක් ඇතිවෙනවා. සියලුම ව්‍යාපෘති වෙන අයට දෙන්න එපා. කැබිනට් ඇමැතිවරුන්ට මේ සියලුම ව්‍යාපෘති දෙන්න. වෙන අය ගැන විශ්වාසය තියනවාට වඩා කැබිනට් ඇමැතිවරු ගැන විශ්වාසය තියන්න. මාත් ජනාධිපතිවරු කීප දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් මේ වගේ කමිටුවක් එක්ක වැඩ කළේ පළමු වතාවටයි” මෛත්‍රී රනිල්ගේ හිතවතුන්ගෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුවට දැඩි පහරක් එල්ල කළේය.
“ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ, චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදීත් මේ වගේ කමිටු පත් කරලා තිබුණා” රනිල් පැවැසුවේය.
“මම ඉදිරිපත් කරපු සංවර්ධන ව්‍යාපෘති අසූවක් විතර මේ කමිටුවේ හිරවෙලා තියෙනවා. ඒවා 2015 අවුරුද්දේ ඉඳලා ඉදිරිපත් කරපු ඒවා” රාජිත මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටියේය.
“මේ වගේ කමිටුවක් තියෙන එක ඉතාම හොඳයි” මංගල රනිල් වෙනුවෙන් පෙනී සිටියේය.
“දැන් රටේ හැමතැනම චීන කඩ හැදෙනවා. ලබන සතියේදී සුගතදාස එකට මේ කඩ හිමියෝ කැඳවලා රැස්වීමකුත් තියන්න යනවා” මෛත්‍රී තමන්ට ලැබුණ තොරතුරක් පැවැසුවේය.
“චීන කඩ 2001 අවුරුද්දේ ඉඳලා ආරම්භ වුණේ පනතක් අනුවයි. ඒවායේ තියෙන මිල ගණනුත් මම ඉදිරිපත් කරන්නම්. ඒත් තැන් තැන්වල තියෙන චීන කඩ ගැන නම් සොයා බලන්න ඕන” රනිල් කීවේය.
“කොළඹ නුවර තමයි මේවා වැඩියෙන්ම තියෙන්නෙ. මේවා පෙන්නලා රාජපක්ෂවරු වාසි ගන්න හදනවා.” මෛත්‍රී කීය.
“අපිට මහ මැතිවරණයකට තියෙන්නේ තවත් අවුරුදු එකහමාරක් විතරයි. ඒ නිසා ඒ කාලය ඇතුළත කරන්න පුළුවන් වැඩ කොටස් තීරණය කරලා ඒවා කරමු” පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කතාව වෙනතකට යොමු කළේය.
“අපි පහුගිය කාලයේදී වැරදි තීරණ ගත්තා. එක්සත් ජාතික පක්ෂයට උදව් කරන කුකුළු ගොවියෝ පවා ආණ්ඩුවට විරුද්ධව වැඩ කළේ. ඒ කුකුළු ගොවියන් සම්බන්ධයෙන් ගනිපු වැරදි තීරණ නිසයි” ඇමැතිවරු පැවැසූහ.
“ඒකත් ඉතිං ආර්ථික කමිටුව ගනිපු තීරණයක් නේ” මෛත්‍රී කීවේ උපහාසාත්මක සිනහවක් මුවට නංවාගනිමිනි.
“එහෙම කියන එක වැරදියි ජනාධිපතිතුමා. මේ තීන්දුව ගත්තේ කැබිනට් මණ්ඩලයෙන්” රනිල් ආර්ථික කමිටුව නිදහස් කිරීමට උත්සාහ ගත්තේය.
“මේක තාවකාලික තීරණයක් ජනාධිපතිතුමා” පී. හැරිසන් ඇමැතිවරයාද කතාවට එක්විය.
“කොහොම නමුත් චීන කඩකාරයෝ කොළඹට ගේන එක අපිට අවාසියි. කොහොම වුණත් හිටපු මුදල් ඇමැතිතුමාට පින් සිද්ධවෙන්න සුළු ව්‍යාපාරිකයෝත් අපිත් එක්ක තරහා වුණානේ” මෛත්‍රී කීවේ ආර්ථික කමිටුව හා හිටපු මුදල් ඇමැතිවරයා ගැන ඔහුගේ ඇති අප්‍රසාදය යළිත් පෙන්වමිනි. 
මේ අතරේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකද සටන අතහරින පාටක් නැත. ඔහු ගිය සතියේ ප්‍රසිද්ධියේම චෝදනා කළේ එජාප ජාතික ලැයිස්තුවෙන් පත් ඇමැතිවරු දෙදෙනෙක් පක්ෂය 
විනාශ කරන බවය. ඔහු මේ චෝදනාව කර තිබුණේ රනිල්ගේ හිතවතුන් දෙදෙනකු වන මලික් සමරවික්‍රම හා තිලක් මාරපන ඉලක්ක කර ගෙන බව සඳහන්ය.
 
 පාලිත ‍පොලීසියට? 
 
කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුව සාගල රත්නායකට ලැබුණේ රනිල් යටතේ මතෛක් පැවැති යෞවන කටයුතු ඇමැතිකමය. නීතිය හා සාමය ඔහුට දැන් නැති වුණත් සාගල ඇමැතිවරයා කටුකුරුන්දේ ‍පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගියේය. ඒ රනිල් සමගය.  ‍පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසිරයාම වෙනුවෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වී තිබුණේ රනිල්ය. සාගල එහි ගොස් තිබුණේ නීතිය හා සාමය ඇමැති ධුරය දැරූ කාලයේ ඔහුට ලද ආරාධනාවට අනුවය.
“සාගල ඇමැතිතුමා ‍පොලීසිය භාරව කටයුතු කරන කාලයේදී ‍පොලිස් සේවයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට වැඩ කළා” රනිල් සාගල ‍පොලීසිය භාරව කටයුතු කළ කාලයේදී කළ දේ අගය කළේය.
රනිල් උත්සවය අවසන් වන තෙක් රැඳී නොසිටියත් සාගල උත්සවය අවසන් වන තෙක් එහි සිටියේය. රනිල් සභාවෙන් පිටත්ව ගිය පසු අංගම්‍පොර සංදර්ශනයක්ද සංවිධානය කර තිබුණේය. සාගල එය නැරඹුවේ ‍පොලිස්පතිවරයා එක් පැත්තකින් සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා තවත් පැත්තකින් තබාගෙනය.
“ඔයා මේ කිට්ටුවනේ. ඉඩ තියෙන වෙලාවට මේ පැත්තට ඇවිත් යන්න” සාගල කීවේ පාලිත තෙවරප්පෙරුම දෙස බලාගෙනය.
“ඒ මොකටද සර්” පාලිත තෙවරප්පෙරුමත් පුදුමයෙන් මෙන් සාගල දෙස බැලුවේය.
“නෑ. ඔයා මෙහේ ඇවිත් කැරලි මර්දනය කරන හැටි ගැන කියලා දෙන්න. දවස් පහක් තිස්සේ ඔයා කරපු කැරැල්ල මර්දනය කරන්න ‍පොලිස් දෙපාර්තමේන්තුවටම බැරි වුණානේ” සාගල කීවේ පාලිත තේවරප්පෙරුම කළ උපවාසය සිහිපත් කරමිනි.
“ඒක නමෛයි ඔයාට අංගම්‍පොර පුළුවන්ද” සාගල ඇසුවේය.
“ඔව්. මට අංගම්‍පොර පුළුවන්. කරාටේ පුළුවන්. ජූඩෝ පුළුවන්. වෙඩි තියන්න පුළුවන්. ඕන තැනක වාහනයක් ඩ්‍රයිවිං කරන් යන්න පුළුවන්” පාලිත කීවේය.
 
පාලිතගේ කැරැල්ල 
 
කැබිනට් මණ්ඩලය තුළ රනිල්ගේ ආර්ථික කමිටුවට විරෝධය පළ වන විට එක්සත් ජාතික පක්ෂය තුළින් රනිල්ට විරෝධය යළිත් මතුවන්නට පටන් ගෙන තිබුණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව විටින් විට මතුවී ආ විරෝධයන් යළිත් වර්ධනය වන්නට ගත්තේ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුවය. පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා මේ විරෝධයන් සමග එක්ව සිටියේය.
පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සකස් කිරීමට කටයුතු කළේ ඒ අනුවය. නාරාහේන්පිට පිහිටි උලපනේ සුමංගල හිමියන්ගේ විහාරස්ථානයේදී විශ්වාසභංගය සකස් කළ අතර එයට අත්සන් ලබාගැනීමට තවත් මෙහෙයුමක් ආරම්භ කළේය.
පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු කණ්ඩායමේ  සැලසුම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පමණක් අත්සන් ලබාගෙන එය කථානායකවරයා වෙත භාරදීමටය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ සහාය ලබාගැනීම ඔවුන්ගේ බලා‍පොරොත්තුව විය. 
පසුගිය සති අන්තය වන විට රනිල් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් සිටි තිබුණු විශ්වාසභංග යෝජනාව යළිත් වරක් යට ගියේය. විශ්වාසභංගයට පෙරමුණ ගත් පාලිත රංගෙ බණ්ඩාර ගැනද ගිය සතිය පුරාම ආරංචියක් නොවීය.
 
 මහින්දගෙන්  ජය පැන් සාද 
 
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීමට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ සාදයක් පසුගිය සතියේදී පැවැත්වුණේ මහින්දගේ විජේරාම නිවසේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පෙර වට දෙකකින් පළාත් පාලන නියෝජිතයන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.
 ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පැමිණ සිටි එම සාදය ආරම්භ වූයේ සවස හයයි තිහට පමණය. සාදයේදී මේසයෙන් මේසයට ගිය මහින්ද ඔවුන් සමග සුහදව කතා කිරීමට අමතක කළේ නැත. 
“අපේ ජයග්‍රහණයට සෘජුවම සම්බන්ධ වුණ මන්ත්‍රීවරුන්ට වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් ස්තුති කරන්න ඕන. මොකද මන්ත්‍රීවරු ඡන්දෙ කරනකොට ඔයාල තමයි ගෙදර ඉඳගෙන ඒකට ශක්තියක් දුන්නේ. අපිට මේ මැතිවරණයේදී වගේම ඉදිරියේදී එන මැතිවරණවලදීත් ඔයාලගේ සහාය ඕන වෙනවා. එහෙම වුණොත් තමයි අපි ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ” මහින්ද කීවේය.
ආණ්ඩුවේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක්වූ නිමල් ලන්සා, අරුන්දික ප්‍රනාන්දු, පියංකර ජයරත්න, ඩුලිප් විජේසේකර වාඩිවී සිටියේ එකම මේසයකය. 
“මොකද මේ අය එකට වාඩිවෙලා. කොහොම වුණත් ඔයාල හොඳ වෙලාවට තමයි ඡන්දයට කලින් ආවේ” මහින්ද ඔවුන් සිටි තැනට පැමිණියේ විහිළුවක්ද කරමිනි. 
“අපිත් කොහොම හරි ‍පොහොට්ටුවේ කොටස්කාරයෝ වුණානේ” ලන්සා කීවේය.
“ඔයාලට නම් මොළේ පෑදුණා. ඒත් කවදද ආණ්ඩුවේ ඉන්න අනික් අයට මොළේ පෑදෙන්නේ”මහින්ද ඇසුවේය.
“සමහරුන්ට නම් කවදාවත් මොළේ පෑදෙන එකක් නෑ සර්” පියංකර කීවේත් විහිළුවෙන්මය.
“මිනිස්සු මේ පාර රතු එළියක් දැල්ලුවා. ඊළඟ මැතිවරණයේදී එයාලට ගෙදර යන්න ටිකට් එක ලැබේවි. ඊට පස්සේ ඉතිං මේ රටේ දේශපාලනය කරන්න ලැබෙන එකක් නෑ. කුඹුරක් කොටාගෙන ඉන්න තමයි වෙන්නේ” පවිත්‍රා කීවාය.
සාදය ආරම්භවී පැය තුනක් පමණ යන තෙක් මහින්ද මන්ත්‍රීවරු සමග ගත කළේය. රාත්‍රී නමයට පමණ වාදක මඩුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුවේය. එහිදී මුලින්ම ගීත ගායනා කිරීමට පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය. විමල් ගීත ගායනා කිරීම අවසන් කළේ ඔහුගේ දියණිය සමග දම්පාටින් ලා සඳ බැසයනවා ගීතය ගායනා කරමිනි.
මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත් සංගීත කණ්ඩායම අසලට ගොස් සිටියේ ගීතයක් ගායනා කිරීමටය. එහෙත් විමල් මයික්‍ර‍පෝනය අතහරින පාටක් පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනා කිරීමට ගිය පියල්ට සිදුවූයේ බොංගෝවක් වාදනය කරමින් විමල්ට සහාය දීමටය. විමල් මයික්‍ර‍පෝනය අතහැරීමෙන් පසුව පියල් සුපුරුදු පරිදි කුණ්ඩුමනී ගීතය ගැයුවේය. ඔහු කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රාත් කාංචනත් වේදිකාව අසලට වී නර්තනයක යෙදුනේය. එහෙත් සැමගේ සිත් ගත්තේ සාදය ආරම්භයේ සිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා නැටු නන්ස්ටොප් නැටුමය.
වෙනදාට මෙවැනි සාදවල ඉදිරියෙන්ම සිටින ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සාදයට පැමිණ සිටියේ නැත.
“මොකද ප්‍රසන්න ආවේ නැත්තේ” මහින්ද ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගෙන ඇසුවේය.
“නෑ සර් මට මේ දේශපාලන සංවාදයකට යන්න වෙලානේ” පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති සංවාදයකට යාමට සිදුවූ බව ප්‍රසන්න කීවේය.
“‍පොඩි වෙලාවකට හරි මෙතැනට ඇවිත් ගියා නම් හරිනේ” මහින්ද කීවේය.
“ඒක ඇත්ත සර්. ඒ වුණාට මේවාට නිකම්ම ගිහිල්ලත් බෑනේ” ප්‍රසන්න කීවේය.
 
 මහින්ද තිරුපති යයි 
 
මහින්ද හදිසියේම පසුගිය සතියේදී තිරුපති බලා පිටත්ව ගියේය. ඒ ලොහාන් රත්වත්තේ ඇතුළු මහින්දගේ හිතවතුන් කණ්ඩායමක් සමගය. තිරුපති කෝවි‍ලේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගීවීමට ඔහු මෙසේ තිරුපති බලා පිටත්ව ගියේය.
තිරුපති ගොස් පැමිණෙන මහින්ද නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට එක්වීමට සූදානමින් සිටි. මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලි මාලාවේ පළමු ජන රැලිය මෙසේ පැවැත්වීමට නියමිතව ඇත. බැසිල්ගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡාවක් නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැත්වුණේය.
“පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පළමු ජාතික රැලිය මේක. ඒක නිසා ජනවරම ප්‍රදර්ශනය වෙන විදියට මේ රැලිය තියන්න ඕන” බැසිල් කීවේය.
 
රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව සකස් කර තිබුණත් එයට අත්සන් තැබූ අයගේ ‍ලේඛනය තවම එළියට පැමිණියේ නැත. තමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙමින් තිබියදීත් රනිල් සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් අරලියගහ මන්දිරයට පැමිණියේ සිය රාජකාරී කටයුතු සඳහාය. සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණියේ තමන්ට හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක් හමුවීමටය.
“එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සංශෝධනය කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක කල් ගියා. හරිනම් දෙකම එකටයි කරන්න තිබුණේ. අපේ සංශෝධනය විතරක් කරන්න ඉඩ දීම ගැන නම් මම පෞද්ගලිකව කැමැති නැහැ” කිරිඇල්ල කතාවට මුලපිරුවේය.
“උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය අයින් කළේ මගේ වරදක් නිසා නමෛයි. වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා කියලා දැන් පේනවානේ”
“දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් බැංකු අයින් කරනවාද” ඇමැතිවරයෙක් ඇසුවේ කිරිඇල්ලගෙනි.
“බැංකු ටික මගෙන් ගලවලා කියලා කතාවක් තිබුණානේ. එහෙම වුණොත් මට බෝඩ් ලෑල්ල විතරයි ඉතිරි වෙන්නේ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකට ඉන්න වෙලාවක මම මේ ගැන ඇහුවා. බැංකු මගෙන් ගලවන්නේ නෑ කියලා සහතිකයක් ලැබුණා” කිරිඇල්ල උත්තර දුන්නේය.
 
 තිලකජය 
 
කාටූන් - අන්ජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 51
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 75

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.