Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෛත්‍රී මහ රෑම කාටවත් නොකියා ගිය ගමන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සතියේ පළාත් පාලන මැතිවරණ මෙහෙයුම් කටයුතු සමගින් කාර්යබහුල වී සිටියේය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් හමුවීමට මෙන්ම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය ලබාදෙන අපේක්ෂකයින් හමුවීමටද ඔහු වේලාව වෙන් කරගෙන තිබුණේය. 
“රටේ බලයත්, ගමේ බලයත් නිදහසට” යන තේමාව යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය මුල්කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම ක්‍රියාකාරීහු එක්ව ප්‍රතිඥා දුන් “නිදහසේ සම්මුතිය” නම් ලියැවිල්ල එළිදැක්වූ අවස්ථාවේ මෛත්‍රී කළ කතාවත් සමග දේශපාලන ලෝකයේ බෝම්බයක් ළඟදීම පුපුරා යනු ඇති බවට තිබූ රහස සියලු දෙනාම දැන ගත්තේය. 
“රටට ආදරෙන් පිරිසිදු දේශපාලනය කරන පිරිසක් මේ රට තුළ සිටිනවා. ඒ වගේම දූෂණය, වංචාව, නාස්තිය කරමින් තමන්ගේම න්‍යාය පත්‍රයක් ඔස්සේ අපිරිසිදු දේශපාලනය කරන පිරිසකුත් මේ රට තුළ සිටිනවා. මේ තත්ත්වය නිසා ඉහළ පෙළ හැදීම අපට තරමක් අමාරුයි. ඒ නිසා අපි අපේ පහළ පන්තියවත් හදාගත යුතුයි. පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යහපත්, අවංක, සෘජු දේශපාලන නවකයන් තෝරාගෙන අනාගත දේශපාලනයට යොමු කිරීමයි අප කළ යුත්තේ. මේ සම්මුතිය ප්‍රකාශයට පත් කරන්නේ එම අදහස පෙරදැරි කරගෙනයි. ඒ විතරක් නමෛයි, රටේ අනාගතය වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක් බිහි කිරීමට ගෙන යන වැඩපිළිිවෙ‍ලේදී මගේ කඩුවට කවුරු කැපෙයිද කියලත් කියන්න බෑ.” මෛත්‍රී මෙසේ කතාව කරගෙන ගියේ කිසිවකු බලා‍පොරොත්තු නොවූ අයුරකිනි. 
මෛත්‍රී මේ කතාව කරන්නට පැමිණියේ පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ සිටය. එදින උදේ මෛත්‍රී හමුවීමට මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හිටපු මන්ත්‍රීවරයා පැමිණි සිටියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දෙමින් මෛත්‍රී සමග එක්වීමටය.
මම දැන් පක්ෂයේ වැඩසටහනකට යනවා. ඔයත් මාත් එක්කම යමු මෛත්‍රී සෝමවීර චන්ද්‍රසිරි කැඳවාගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේය.
මෙන්න මම ඔයාලට තෑග්ගට කට්ටියක්ම අරගෙන තමයි ආවේමෛත්‍රී පිළිගැනීමට පැමිණ සිටි මහින්ද අමරවීරට කීවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
උත්සවයෙන් පසු මැති ඇමැතිවරු පවා මෛත්‍රී කළ කතාව පිළිබඳව විවිධ අදහස් පළ කළහ. එම කතා බහ තුළ ඊට පෙර දිනයේ සිදු වූ විශේෂ සිදුවීමක් ගැනද පිරිස සිහිපත් කළෝය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “නිදහසේ සම්මුතිය” ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් ඊට පෙර රාත්‍රියේ සිටම පක්ෂයේ මහ ‍ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ආදීහු වෙහෙස මහන්සි වෙමින් වැඩ කරමින් සිටියහ. මෙම ස්ථානයට කිසිවෙකුටද නොදන්වා පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 
“අපි මෙතන වැඩ ටික ඉවර කරලා ඔබතුමාගේ නිල නිවසටම ඇවිත් මෙතන තත්ත්වය පැහැදිලි කර දෙන්නයි හිතා ගෙන හිටියේ.” මෙවර පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන තිලංග සුමතිපාල ජනාධිපතිවරයාට ළං වී කීවේය. 
“ඔයාලා එනකොට රෑ 11.00, 12.00 වෙනවනේ. ඒකයි මම කලින්ම ආවේ. හෙට මොනවද මම කතා කරන්න ඕනේ කියලා කල් ඇතිවම අදහසක් ගන්නයි මෙතනට ආවේ.” මෛත්‍රී කීවේය. 
“ජනාධිපතිතුමනි ..... මෙදා සැරේ මැතිවරණ නීතිරීති නම් බොහොම වැඩියි. කොටින්ම දැන්වීමක්වත් දාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයාට කීවේය. 
“ඉතින් කොච්චර හොඳයිද ...” එතකොට කාටවත් සල්ලි වියදම් කරන්න ඕනෙ නෑනේ ..... නැති බැරි කෙනාටත් එතකොට දිනන්න පුළුවන්......” ජනාධිපතිවරයා කීවේ කොට්ඨාස ක්‍රමය ගෙන එන්නට ලැබිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග්‍රහණයක් බවය. “කොට්ඨාස ක්‍රමය ගේන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළත්, ඉන් පිටතත් විශාල සටනක් කළා. ඒ සටනේ ප්‍රතිඵල අද ජනතාවට ලැබිලා තියෙනවා.” 
දිගු වේලාවක් ජනාධිපතිවරයා මැති ඇමැතිවරු සමග මේ විදියට කතා බහේ නිරතව සිටියේය. ජනවාරි 8 වැනිදා රාත්‍රිය ගත කළ ආකාරයත් මැතිවරණ ප්‍රතිඵල ඇසූ ආකාරයත් ගැන සිහිපත් කළේ තවත් දේශපාලන කතා කිහිපයක් කතා කරන අතරවාරයේදීමය.
 “රටේ අනාගතය වෙනුවෙනුත්, පිරිසිදු දේශපාලනයක් වෙනුවෙනුත් මගේ කඩුවට කවුරුන් කැපේවිද දන්නේ නෑ..” යැයි ජනාධිපතිවරයා කීවේ එම රාත්‍රිය නිම වී පසු දිනට එළිය වැටීමෙන් පසුවය.
 
සම්මාන දිය යුතු අය
 
බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණයේදී දක්ෂතා දැක්වූ පුද්ගලයින්ට සම්මාන ලබාදීමේ උත්සවය පසුගිය සතියේදී නෙළුම්‍පොකුණ රඟහ‍ලේදී පැවැත්වුණේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මෛත්‍රී පිළිගත්තේය.
දැන් මට මෙතැන මොකක්ද කරන්න තියෙන්නේ මෛත්‍රී ඇසුවේය.
මුකුත් නෑ සර් ඉසුර උත්තර දුන්නේය.
මුකුත් කරන්න නැතිනම් මට එන්න කිව්වේ මොකටද මෛත්‍රී ඇසුවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
නෑ.. නෑ.. සර් සම්මාන දෙන්න තියෙනවා. සර් තමයි සම්මාන දෙන්නේ ඉසුර කීවේ තරමක කලබලයෙන් යුතුවය.
සම්මාන කීයක් දෙන්න තියෙනවාදමෛත්‍රී ඇසුවේය.
සම්මාන දහයක් දෙන්න තියෙනවා ඉසුර කීය.
එහෙනම් කමක් නෑ. මට ඉක්මනට යන්න ඕන. මොකද උදේ ඇඳගත්තු ඇඳුම පිටින් තමයි තවම මම ඉන්නේ යැයි කී මෛත්‍රී සම්මාන උළෙලට එක්විය.
සම්මාන ලබාදී මෛත්‍රී උත්සව සභාවෙන් නික්ම යන්නට විය. ඔහු සභාවෙන් පිටව යන විට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ අධිකාරියේ සභාපති අසේල ඉද්දවෛල සිටිනු මෛත්‍රී දුටුවේය.
කෝ.. මෙයාට සම්මානයක් දෙන්නේ නැත්තේ ඇයි? මෙයාට දෙන්න මොනවා හරි සම්මානයක් නැද්ද මෛත්‍රී ඇසුවේ සිනාමුසුවමය.
 
මෛත්‍රී බලෙන් මඟුල් ගෙදර ගෙන ගිය අය
 
මහනුවර ගම්‍පොල ප්‍රදේශයේ නායක ස්වාමීන්වහන්සේ නමකට අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයකට සහභාගී වන්නැයි මෛත්‍රීට ආරාධනාවක් විය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා මෛත්‍රී හෙලිකොප්ටරයෙන් ගම්‍පොළ බලා ගියේ එස්.බි. දිසානායක ඇමැතිවරයාද කැටුවය. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියේය.
අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් පසුව මෛත්‍රී විවාහ මංගල උත්සවයකටද සහභාගි වීමට නියමිතව තිබුණි.
ඔය දෙන්නත් එන්න මාත් එක්ක මඟුල් ගෙදර යන්න මෛත්‍රී එස්.බි. ටත් සරත් ඒකනායකටත් ආරාධනා කළේය.
කාගේ මඟුල් ගෙදරද සර් සරත් ඒකනායක ඇසුවේය.
මගේ අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් කෙනෙකුගේ පුතෙකුගේ මඟුල් ගෙදරක්. 
පිළියන්දල බෝම්බයක් පිපුරුණා මතකද? අන්න එදා තමයි මේ ‍ලේකම්තුමා වැඩ භාරගන්න හිටියේ මෛත්‍රී විවාහ මංගල උත්සවයේ විස්තර කීවේය.
ඒ වුණාට සර් අපිට ආරාධනා කරලා නෑනේ. අපි එන එක හරි නෑනේ එස්.බි.ත් සරත් ඒකනායකත් අදි මදි කරන්නට වූහ.
කමක් නෑ. මමත් එක්ක යමු යැයි කී මෛත්‍රී ඔවුන් දෙදෙනා බලෙන්ම කැඳවාගෙන ගියේය. මංගල උත්සවයට පැමිණ සිටි අය පැමිණ මෛත්‍රී සමග ඡායාරූප ගැනීමට පෙළ ගැසී සිටියහ. දිවා ආහාරයට නොසිටියත් ඡායාරූපවලට පෙනී සිටි මෛත්‍රී කොළඹ ඒමට පෙර ගම්‍පොළ ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක්ගේ රැස්වීමකට සහභාගිවීමටද අමතක කළේ නැත.
 
ඇමැතිකම් බෙදූ හැටි
 
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණ මෛත්‍රීගේ රාජකාරී අවසන් වනතුරු බලා සිටිනු මෛත්‍රී දුටුවේය.
මොකද ලක්ෂමන් අදත් කපුකමකට මේ පැත්තේ ආවාද මෛත්‍රී ඇසුවේ ලක්ෂ්මන් යාපා මේ දිනවල දේශපාලන කපුකම් කිහිපයකටම අත ගසා ඇති නිසාය.
මම ජනාධිපතිතුමා හමුවෙන්න ආවේ වෙන දෙයක් නිසා ලක්ෂ්මන් යාපා කීවේය.
ඒ මොකද මෛත්‍රී ඇසුවේය.
දකුණු පළාත් සභාවේ ක්‍රීඩා ඇමැතිකම අපිට නැතිවෙන්න යනවා ලක්ෂ්මන් යාපා කීය.
මම ‍පොළොන්නරුවට වගේ ඔයත් මාතරට මොනවා හරි ගන්න තියෙනවා නම් ඒක අතාරින්නේම නෑ නේ. අපි ඒ ඇමැතිකම රන්දිම ගමගේට දෙනවා මෛත්‍රී ඇසුවේය.
දැන් අවුරුදු ගානක් තිස්සේ මහ ඇමැතිකම ගාල්ලට දීලා තියෙන්නේ. මහ ඇමැතිකමට අමතරව තවත් ඇමැතිකමක් ලැබුණම මාතරට මොනවත් නැති වෙනවා ලක්ෂ්මන් යාපා කරුණු පැහැදිළි කළේය.
එහෙනම් ඒක මනෝජ් සිරිසේනට දෙමු ලක්ෂ්මන් යාපාගේ කතාව අසා සිටි මෛත්‍රී කීවේය. 
රන්දිමට පළාත් සභාවේ ඇමැතිකමකුත් පියසේන ගමගේට රාජ්‍ය ඇමැති ධුරයකුත් ලබාදීමට යෝජනා වී තිබුණේ පියසේනට කැබිනට් ඇමැතිකම් ලබාදීමට නොහැකි නිසාය. තමන්ට රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදෙනවා නම් පුතාට පළාත් සභාවේ ඇමැති ධුරයක් හිමිවිය යුතු බව ඔහුගේ ඉල්ලීම වී තිබුණි.
අපි රන්දිමට පළාත් සභාවෙ වෙන වගකීමක් දෙමු අවසානයේදී මෛත්‍රී තීරණය කළේ සියලු දෙනාගේම සිත් සතුටු කරමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය සතියේදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පෙදෙසේ පිහිටි නිවසේදීය. මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමුවූයේ නාම යෝජනා ලබාදීමේ දී ඇතිවූ මත ගැටුම් කෙරෙහිය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණට ලැබුණු අපේක්ෂක සංඛ්‍යාව සම්බන්ධයෙන් විමල් සිටින්නේ දැඩි කළකිරීමකින්ය. බැසිල් සමග ගැටුම් ඇති කරගත් විමල් දැන් මහින්ද සමගත් ගැටුම් ඇති කරගෙන තිබෙන්නේ තමන්ට අවශ්‍ය අපේක්ෂකයන්ට නාම යෝජනා නොලැබිම නිසාය.
අපි අලුත් පක්ෂයක් විදියට නාම යෝජනා හදනකොට මන්ත්‍රීවරුන්ට යම් යම් ගැටලු ඇතිවෙන්න ඇති. එක එක පක්ෂවලට කෝටා බෙදනකොට හිත් අමනාපකම් ඇතිවෙන්න ඇති. දැන් ඒ සේරම ඉවරයි. අපේ ‍පොදු සතුරා එක්සත් ජාතික පක්ෂයයි. අපි දැන් ‍පොදු සතුරාට විරුද්ධව ශක්තිමත්ව සටන ඉදිරියට ගෙන යන්න ඕන මහින්ද කීවේය.
අපි විතරක් නමෛයි අනෙක් පක්ෂවලටත් නාමයෝජනා හදනකොට ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාද නාම යෝජනා ප්‍රශ්න සමතයකට පත් කිරීමට උත්සාහ ගත්තේය.
අපේ නොමිනේෂන් රිජෙක්ට් වෙනකොට සමහර මාධ්‍ය ඒ ගැන කතා කළේ පළමු වතාවට මේවා වුණා වගේනේ වෙල්ගම කීවේය.
හවුල් ආණ්ඩු ගිවිසුම අඩුගානේ තව අවුරුද්දක් වත් දික් කරන්න කියලා චන්ද්‍රිකා මධ්‍යම කාරක සභාවේදී කියලා තියෙනවා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීය.
එයාගේ හිතේ තියෙන්නේ රාජපක්ෂ වෛරයක්. ඒ හින්දා කොහොම හරි එක්සත් ජාතික පක්ෂය බලයේ තියාගන්න තමයි එයා හදන්නේ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
මේ වෙලාවේ රැල්ල තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩු විරෝධී ඡන්ද ගන්න පුළුවන් එකම කණ්ඩායම බවට පත්වෙලා තිබෙන්නේ අපි. ඒ හින්දා කොහොම හරි මේ මැතිවරණය ඉහළින්ම ජයගන්න ඕන මහින්ද පෙන්වා දුන්නේය.
‍පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහයවීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී තීරණය වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙන් රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමටය.
 
මහින්ද සම්බන්ධන් ළඟට
 
පසුගිය දිනවල අසනීපයෙන් සිටි විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ සුවදුක් විමසීමට මහින්ද ගියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සමගය.
සර් ඇතුළට යනවා නම් මේ මාස්ක් එක දාගෙන යන්නරෝහ‍ලේ කාර්යමණ්ඩලය මුව ආවරණ දෙකක් මහින්දටත් නාමල්ටත් දුන්හ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවට ඔබතුමන්ලා විතරයි විරුද්ධ වෙලා ඉන්නේ. මේකට ඔබතුමන්ලාගේ සහාය ලබාදෙන්න සම්බන්ධන් ඉල්ලා සිටියේය.
කිසිම හේතුවක් නිසා අපි රට බෙදන යෝජනාවලියකට සහාය ලබාදෙන්නේ නෑ. ජීවිතය නැති වුණත් අපිට ඒ වගේ දෙයක් කරන්න බෑ මහින්ද අවධාරණය කළේය.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ ‍ලේකම්වරු අතර සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්විණි. එයට ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වූයේ බැසිල් රාජපක්ෂය.
මේ මැතිවරණ ක්‍රමය ගේන්න මුල් වුණේ බැසිල්. බැසිල් හදපු මැතිවරණ ක්‍රමය තවත් හොඳ අතට හරවලා ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුණා අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී කීවේය.
අපි හොඳ වැඩක් කළොත් ඒකේ ලකුණු ආණ්ඩුවට දාගන්නවා. හැබැයි නරකක් තිබ්බොත් ඒක එහෙම පිටින්ම රාජපක්ෂලාගේ ගිණුමට දානවා. ඒක තමයි මේ ආණ්ඩුවේ හැටි බැසිල් කීවේ සිනාසෙමිනි
 
විමල් හැරදා ගිය අයට ලැබෙන වැඩ
 
විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පිරිස් විටින් විට පසුගිය දිනවලදී මෛත්‍රී සමග එක්වූහ. පියසිරි විජේනායකට පැවැරී ඇත්තේ වෘත්තීය සමිති නායකයන්ගේ සහය මෛත්‍රීට ලබාදීමටය. ඒ අනුව ඔහු වෘත්තීය සමිති නායකයන් සමග දේශපාලන කපුකම් කරමින් සිටින්නේ මැතිරවණයෙන් පසුව ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලැබිමට නියමිතව තිබෙන නිසාය.
පියසිරි විජේනායක පසුගිය දිනවල මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි සමග සාකච්ඡා කරමින් ඔහුගේ සහය මෛත්‍රීට ලබාදුන් අතර ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශගේ සහය ලබාගැනීමේ කපුකමද කළේය.
මේ අතර විමල්ගෙන් ඉවත්ව ගිය ප්‍රියන්ජිත් විතාරණ ජාතික නිදහස් පෙරමුණෙන් තරග කරන අපෙක්ෂකයන් බිලි බා ගැනීමේ කටයුතුවල යෙදී සිටී. ඔහු එම වැඩ කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසුව තානාපති ධුරයක් ලැබිමට නියමිතව තිබේ. 
 
රනිල්ට වෙල්ගම හමුවූ හැටි
 
අගමැති රනිල් වික්‍රමසිංහ වසර අවසානයේ නිවාඩුව ගත කළේ නුවරඑළියේය. සිය බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග පසුගිය ඉරිදා කොළඹින් පිටත්වූ රනිල් මුලින්ම ගියේ ඇල්ලටය. පසුව නුවරඑළියේ අගමැති නිවාඩු නිකේතනයට ඔහු පැමිණියේය.
නත්තල සැමරීමට රනිල් තෝරාගෙන තිබුණේ නුවරඑළිය එස්.ඕ.එස්. ළමා ගම්මානයයි. ළමා ගම්මානයේ දරුවන්ට තෑගි බෝග රැගෙන රනිල් ගියේ නත්තල් සීයා සිහිකරමිනි. නත්තල් දිනට පසු දින උදෑසන රනිල් නානුඔය පාරේ සිට රේස් කෝස් පිටිය දක්වා පයින් ඇවිදමින් ආවේ උදෑසන ව්‍යායාමටය. ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු සමග පමණක් පාරේ ඇවිදිමින් සිටි රනිල් අසල සුඛෝපභෝගී වාහනයක් නැවැත්විය. ඒ වාහනයේ සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය.
සර්.. මමත් නුවරඑළියේ ආවා වෙල්ගම මහ පාරේදීම රනිල් සමග ටික වේලාවක් කතා කරමින් සිටියේය. 
වෙල්ගම රනිල් ළගට පැමිණ කතා කරන විට නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාද රනිල් සමග විය. වෙල්ගම පිටත්ව ගිය පසුව දෙදෙනා යළිත් ගේ‍රගරි වැව දෙසට ඇවිද ගියෝය. නලීන් බණ්ඩාර ගේ‍රගරි වැව අසලින් නතර වූ අතර රනිල් නැවත හැරී තමන් සිටි නිකේතනය බලා පිටත්ව යන්නට විය. තමන්ට රනිල් සමග සිටින ඡායාරූපයක් ගැනීමට නොහැකි වූ බව නලීන් බණ්ඩාරට සිහිවූයේ රනිල් එතැනින් ගොස් ටික වේලාවකට පසුවය.
රනිල් සමග ඇවිදින ඡායාරූපයක් ගැනීමට නැවත හැරී ගිය නලීන් බණ්ඩාරට රනිල් ඈතින් යනු දුටුවේය. ඉතා වේගයෙන් ඇවිදිමින් සිටි රනිල් ළගට යාමට නලීන් බණ්ඩාරට දිව යාමට සිදුවිය.
සර් මට ෆොටෝ එකක් ගන්න බැරි වුණානේ යැයි කී නලීන් බණ්ඩාර රනිල් සමග ඡායාරූපයකට පෙනී සිටියේය.
 
මනෝ - රවි ගැටුම්
 
මනෝ ගනේෂන් ඇමැතිවරයා පසුගිය සතියේදී රනිල් හමුවීමට ගියේ පැමිණිල්ලක් කිරීමටය. රවි කරුණානායක මන්ත්‍රීවරයා තමන්ගේ පක්ෂයට නාම යෝජනා දීමෙන් උද්ගත වූ ගැටලු ගැන කතා කරන්නටය. රවි කරුණායක මන්ත්‍රීවරයා කොළඹ නගර සභාවට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ දී මනෝට නියමිත අවස්ථාවන් නොදීම ගැන රනිල්ට පැමිණිලි කිහිපයක් රැගෙන ආවේය.
අපි පසුගිය නගර සභාවේ සභිකයින් හය දෙනෙක් හිටියා. මෙවර අපිට අපේක්ෂකයින් දොළොස් දෙනෙක් අවශ්‍යයි. උතුරු කොළඹින් අපිට කිසිම අවස්ථාවක් නෑ. ඒ වගේම පාතා‍ලේ අය මේ ලයිස්තුවේ ඉන්නවාඅපේක්ෂක ලැයිස්තුව ගැන මනෝ පැහැදිළි කළේය.
එ අනුව රනිල් රවි දැමූ එක් අපේක්ෂකයෙක් ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණත් එය මනෝගේ අපේක්ෂකයින්ට දීමට රවි වැඩි කැමැත්තක් දැක්වූයේ නැත අපි එහෙම නම් වෙනම තරග කරනවා මනෝ වෙනම තරග කිරීමට තීරණය කළේය.
මේ අතර මනෝට විවිධ තර්ජන ඇතිවන්නට විය. 
සර් මට තර්ජන එනවා. ඡන්ද කාලය නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා මනෝ මෛත්‍රීටත් රනිල්ටත් කීවේය. ඒ අනුව මෛත්‍රී මනෝට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දෙන ලෙස ‍පොලිස්පතිවරයාට නියෝග කළේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 914

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1697

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2819

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4044

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5018

Please publish modules in offcanvas position.