Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉහළ යන බඩු මිලෙන් ඇමැතිවරු නොසන්සුන්

දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන වියදම , මේ වනවිට මෙරට පොදු ජනතාවට මහත් පීඩාවක් හා  හිසරදයක්ව ඇත. මේ නිසාම මෙරට දේශපාලන  කරලිය තුළද මේ දිනවල මෙම ගැටලූ‍ව ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ අනුව මෙවර කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද ජීවන වියදම ඉහළයාමේ ගැටලූ‍ව සම්බන්ධව උණුසුම් ලෙස කතාබහට ලක්විය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් හමුව මෙවරද  සුපුරුදු පරිදි  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී මෙම උණුසුම් කතාබහට මුල පිරුවේ ආපදා කළමනාකරණ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාය.
”ජීවන වියදම දවසින් දවස ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයකම මිල අහස උසට නැගල, මේ බඩු මිල පාලනය කරන්න  ඕනේ. ජනතාව අපහසුතාවයට පත්වෙලා ඉන්නේ”‍.
යාපා මහතා අසල සිටි ශ‍්‍රීල.නි.ප.යේ අමාත්‍යවරු කිහිපදෙනකුම එම අදහස අනුමත කරමින්, කෙටියෙන්  අදහස් දැක්වූහ.
මෙහිදී යළිත් වරක් තම හඬ අවදි කළ යාපා මහතා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඉලක්ක කොට චෝදනාවක්ද එල්ල කළේය.
”ජීවන වියදම පාලනය කරන්න පියවර ගන්නවා කියල බදියුදීන් ඇමැතිතුමා හැමදාම කියනවා. ඒත් තවම මුකුත් වෙලා නැහැ, මේක බරපතළ තත්ත්වයක්.”‍
මෙහිදී අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද කතාබහට එක්විය.
”ඔව්, බඩු මිල පාලනය කරන්න බදියුදීන් අමාත්‍යවරයා නිසි පියවර අරගෙන නැහැ, ගත්තත් ඒවා අසාර්ථක වෙලා. බඩු මිල තවදුරටත් පාලනය කරන්න බැරි නම්, ඒ සඳහා පවතින ආයතනවලින් වැඩක් නැහැනේ, ඒවා විසුරුවලා දාන එක තමා කරන්න වෙන්නේ”‍
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඉන් අනතුරුව වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක, මේ දිනවල පවතින  මිල ගණන් පිළිබඳ විස්තරයක්ද කැබිනට් මණ්ඩලය වෙත ගෙන හැර දැක්වීය.
”‍ඔය චෝදනාව මම පිළිගන්නේ නැහැ, අපි බඩු මිල අඩු කරන්න පියවර රාශියක් ගෙන තියෙනවා. ඒ සඳහා කමිටුවක්ද පත්කර තියෙනවනේ”‍ මෙහිදී තමාට එල්ලවන චෝදනාවන්ට පිළිතුරක් ලෙස රිෂාඞ් බදියුදීන් මහතාද තරමක දැඩි ස්වරයකින් පැවැසීය.
”කමිටු තිබුණට බඩු මිල අඩුවෙලා නැහැනේ. ඒ කමිටුත්, විසිරුවා  හරින එක තමයි වඩා සුදුසු, පාරිභෝගික අධිකාරියත් මෙතැනදී අසාර්ථකයිනේ”‍ මෙහිදී අනුර යාපා මහතාද තරමක උස් හඬකින් ප‍්‍රතිචාර දැක්වීය.
යළිත් පිළිතුරු දෙමින් ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා දිගින් දිගටම කියාසිටියේ  මෙම  චෝදනා පදනම් විරහිත බවත් ජීවන වියදම ඉහළ යාම පාලනය කරන්නට රජයට හැකිවී තිබෙන බවත්ය.
නමුත් මෙහිදී ජනපතිවරයාද මෙම විවාදයට එක්වෙමින් සඳහන් කර සිටියේ බඩු මිල ඉහළයාම පාලනයට ගෙන ඇති පියවරයන් ප‍්‍රමාණවත් පරිදි සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන නොමැති බවයි.
‘‘‍මම මේ ගැටලූ‍ව ගැන මේ දවස්වල හොඳින් නිරීක්ෂණය කළා. බඩු මිල ඉහළ යන එක පාලනය කරන්න රජය ගත්ත පියවරවල්, අපි හිතුව තරම් සාර්ථක වෙලා නැහැ. ඒ ගැන වැඩි අවධානයක් ඉදිරියේදී යොමුකරන්න වෙනවා”‍ ජනපතිවරයා මෙහිදී පැවැසීය.
හම්බන්තොට ප‍්‍රදේශයේ පසුගියදා පැවැති උද්ඝෝෂණ හා ඉන් අනතුරුව සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව පාර්ලිමේන්තුව තුළද මෙම සතියේ උණුසුම් වාදවිවාද මතුවිය. මෙම වාදවිවාද අතරතුර  එක් අවස්ථාවක බන්දුල ගුණවර්ධන මහතා රීති ප‍්‍රශ්නයක් මතුකිරීමට උත්සාහ ගත්තේය. එහිදී වාසුදේව නානායක්කාර මහතාද තවත් රීති ප‍්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට නැගී සිටියේය.
එහිදී උස්  හඩින් ගුණවර්ධන මහතා ඇමතු වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසීය.
‘බන්දු, බන්දු මට මේ ප‍්‍රශ්නය අහන්න ඉඩ දෙන්න’  
එවිට බන්දුල ගුණවර්ධන මහතා එකවරම වාසුදේව මහතා දෙස බැලීය.
”එහෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නම කියල, බන්දු බන්දු කියල, කතාකරන්න බැහැ”  යැයි  එවිට ගයන්ත කරුණාතිලක මහතා සිනහසෙමින් පැවැසීය.
‘ඔව් ඔව් ගරු මන්ත‍්‍රීතුමා කියන්න  ඕනේ’ යයි එවිට අසල සිටි තවත් මන්ත‍්‍රීවරයකුද සිනහ මුවින් පැවැසීය.
හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත  බන්ධනාගාරගතව සිටින ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයා එදින පාර්ලිමේන්තුවට පැමිණියේ තංගල්ල බන්ධනාගාරයට අයත් වෑන් රථයකිනි.
තම බිරිඳ දරුවන් හා ඥාතීන් හමුවී ඔවුන්ද සමග මන්ත‍්‍රීවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරයේදී රණවීර මහතා දිවාභෝජනය ගත්තේය. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පැමිණ ඔහුගේ සුව දුක් විමසන්නට වූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද රණවීර මහතාගේ සුවදුක් විමසන්නට පැමිණියේය. පසුව ඔහු හා ඔහුගේ පවුලේ උදවිය සමග සමූහ ජයාරූපයකට පෙනී සිටීමටද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
ඉන් පසු රණවීර මහතාගේ දරුවන් ළඟට කරගත් මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට මෙසේ පැවැසීය.
‘‘ඔය දරුවන්ගේ තාත්තා හිරේ ගිහිල්ල ඉන්නේ මේ රටේ සම්පත් රැුකගන්න, සටන් කරලා, ඒ නිසා තාත්ත ගැන ඔයාලට ආඩම්බර වෙන්න පුළුවන්. රට වෙනුවෙන් සටන් කරලා හිරේ ගිය ඔයාලගේ තාත්තාව රටේ මිනිස්සු කවදාවත් අමතක කරන එකක් නැහැ,’’
ඉන්පසු රාජපක්ෂ මහතා තම අතීතය ගැනද කරුණක් සිහිපත් කළේය,
”මමත් ඔය වගේ දේශපාලන
පළිගැනීමකට සිරබත් කෑවා. මට  මගේ අම්මගේ මරණයට සහභාගිවෙන්න යන්න වුණෙත්, සිරගෙදර ඉඳගෙන, අත්වලට මාංචුත් දාගෙන”‍
රාජපක්ෂ මහතා මෙසේ තම අතීතය සිහිපත් කරන විට අසල සිටි බොහෝ දෙනෙකුගේ ඇස් වලට කඳුළක් එක්විය.
හම්බන්තොට උද්ඝෝෂණයෙන් අනතුරුව රණවීර මහතා මෙන්ම නාමල් රාජපක්ෂ, ඩි.වී. චානක, සම්පත් අතුකෝරාල, උපාලි කොඩිිකාර හා පළාත් සභා නියෝජිතවරුන් පිරිසක්ද අත්අඩංගුවට ගැනිණ.
තංගල්ල බන්ධනාගාරයේදී නාමල් රාජපක්ෂ, ඞී. වී චානක හා ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාටම ලැබුණේ අඩි අටේ හයේ කුඩා කාමරයකි. පළමු දින රාත‍්‍රිය තිදෙනාටම නිදි නොමැතිව සිටින්නට වූයේ මදුරු හා මකුණු ප‍්‍රහාර නිසාවෙනි. රණවීර මහතා රාත‍්‍රියට ඇඳීමට නිවසින් සරමක් හා කමිසයක් ගෙනවිත් තිබුණද, නාමල් හා චානක මන්ත‍්‍රීවරුන් එසේ ගෙනවිත් නොතිබිණි. එ් බව දැනගත් බන්ධනාගාර රැුඳෙවියෝ  ඔවුන්ට ඇඳුම්ද ලබාදුන්හ. ඔවුන්ට කොට්ට මෙට්ට ලබාදුන්නේ, යාබද කාමරයේ සිටි ”‍ජුල්ලම් පිටියේ අමරේය”‍.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවේ නැවතත් මැතිවරණය කල්දැමීමක් ගැන වටින් ගොඩින් සංවාදයට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් විෂයභාර ඇමැතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ පසුගිය 17 පස්වරුවේය. මනෝ ගනේෂන් ඇමැතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ ඉල්ලීම අනුව නුවරඑළිය අඹගමුව ප‍්‍රාදේශීය සභාව කොටස් කිහිපයකට වෙන් කිරීමේ වුවමනාව මුල් කරගෙන මෙම ගැටලූව නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ජ.වි.පෙ නියෝජනය කරමින් සහභාගි වූ පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේ ”අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ ගැටලූව විසඳන්න  ඕනෑ. ඒ ගැන අපිට විරෝධයක් නැහැ. නමුත් ඒක පදනම් කරගෙන මැතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ගැටලූව විසඳන්න කල් යනවානම් එම ප‍්‍රාදේශීය සභාව පසුවට තබා මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ” යනුවෙනි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡුාවෙන් අනතුරුව පක්ෂ නායකවරයා මේ බව පක්ෂයේ ලේකම්වරයා, ප‍්‍රචාරක ලේකම්වරයා ඇතුළු නායකයන් දැනුවත් කිරීමට කටයුතු කළේය. ”ශ‍්‍රීල.නි.ප.යට දිගටම වුවමනාව තිබුණා ඡුන්දය කල්දාන්න. දැන් අයෙත් ප‍්‍රශ්නයක් අල්ලගෙන.” විජිත හේරත් කියා සිටියේය. ”සුසිල්ලා ජෝන්ලා කණ්ඩායමක් මහින්ද මෛත‍්‍රී කණ්ඩායම් එකතු කරන්න වැඩසටහනක් ආරම්භ කරලලූ. ඒ නිසා තව ටික කාලයක් ඡුන්දය පස්සට දාගන්න උපක‍්‍රමයක් හොයමින් ඉන්න බව ආරංචියි. නුවරඑළිය අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රශ්නය ඇමැතිට විසඳන්න පුළුවන්. ඇමැති ගැසට් එක ගහන්නේ නැතුව ඇඟ බේරගන්න ඒ ප‍්‍රශ්නේ කැබිනට් එකට දාලා.” අනුර දිසානායක කියා සිටියේය.
”ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ පක්ෂය කැඩෙන එක විශාල පාඩුවක්. මොකද ඡුන්දෙදි එයාගෙ ගොඩ පේන්න ගන්නවා. ඒ නිසා ඡුන්දය කල්දාන්න හදනවා. මේකට අපි ඉඩ දිය යුතු නැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.
ගම්පහ දිරිය පුරවැසි දිස්ත‍්‍රික් සමුළුව පසුගිය පහළොස්වැනිදා ගම්පහ නයිවලදී පැවැත්වුණේ අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයින්ගේ සහ හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්, ක‍්‍රීඩා ශූර සුගත් තිලකරත්න ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී ව්‍යවස්ථා කෙටුම්පත ගැන මතුවී තිබෙන සාකච්ඡුාව පිළිබඳව ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා සහ අශෝක පීරිස් අතර කතාබහක් ඇතිවිය. මේ කතාබහට සුගත් තිලකරත්නද එක්විය. ”මන්ත‍්‍රීතුමා ව්‍යවස්ථා කෙටුම්පත ගැන රටේ තියෙන්නේ වැරදි මතයක් කියලයි මට හිතෙන්නේ. ජ.වි.පෙ.ට මේ ගැන මොකුත් කරන්න බැරිද?” අශෝක පීරිස් විමසා සිටියේය. ”ඒක ඇත්ත. වැරදි මතයක් හදලා තියෙනවා. බංකොලොත් කණ්ඩායම් තමන්ට දේශපාලන මාතෘකා නැති නිසා ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා. මේක ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෙවෙයි. සාකච්ඡුාවල කරුණු එකතුවක් විතරයි. මේක ව්‍යවස්ථාව කියලා අරගෙන බංකොලොත් අය රට බෙදනවා. ඒකීයභාවය ඉවරයි කියලා කෑ ගහනවා.” විජිත හේරත් කියා සිටියේය. ”ජ.වි.පෙ ගැනත් වැරදි මතයක් තමයි හදලා තියෙන්නේ” සුගත් තිලකරත්න කියා සිටියේය. ”රාජපක්ෂලාගේ කණ්ඩායමට ජ.වි.පෙ.ට ගහන්න මාතෘකාවක් නැහැ. ඒ නිසා මඩ ගහනවා. අපි කරුණු 09ක් ව්‍යවස්ථා මණ්ඩලයට දුන්නා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ පළවෙනි කොන්දේසිය. පළාත් එකතු කරන්න බැහැ කියන එක තව එකක්. අපි එදත් රට කඩන යෝජනා පරාජය කළා. 2005 නොවැ. මහින්ද ජනාධිපති වෙලා උතුර නැගෙනහිර එක කරලා තිබුණ ගැසට් එක දීර්ඝ කළා. අපි තමයි 2006 නඩු කියලා පළාත් දෙක වෙන් කළේ. එහෙම කට්ටිය අද බොරුවට කෑගහනවා. අපේ ස්ථාවරය පැහැදිලියි. රට බෙදන ව්‍යවස්ථා එපා. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුමයි. ඉස්සරහට අපි මේ ගැන රටේ සංවාදයක් හදනවා” විජිත හේරත් කියා සිටියේය.
පසුගිය දිනෙක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් ජ.වි.පෙ. නායකයාට අභූත චෝදනාවක් එල්ල කළේය. කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් තොගයක් පොහොර ගෝනිවල දමාගෙන ගිය බව එයින් කියවුණි. මෙම ප‍්‍රකාශය ප‍්‍රවෘත්තිවල ප‍්‍රචාරය වීමත් සමග නීතිඥයන් මෙන්ම ජ.වි.පෙ. හිතවාදීන් ජ.වි.පෙ මන්ත‍්‍රීවරුන්ට කියා සිටියේ, මෙම ප‍්‍රකාශයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි. මේ පිළිබඳව විජිත හේරත්, සුනිල් වටගල හා ලාල්කාන්ත යන අය අතර කතාබහට ලක්වූයේ ගත හැකි නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳවයි. ”නඩු දාන්න නිමිත්තක් තියෙනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. අපි කීර්තිනාමයට හානි කළා කියලා වන්දියක් ඉල්ලමු. ඊට අමතරව අපිට මේකෙන් වාසියක් තියෙනවා. චරිතය ගැනනේ නඩුව යන්නේ. හරස් ප‍්‍රශ්න අහනකොට අපිට පුළුවන් ජොන්ස්ටන්ගේ හොරකම් ගැන ප‍්‍රශ්න කරන්න.” වටගල කියා සිටියේය. ”ඔව්, ජොන්ස්ටන්ට එරෙහිව එෆ්සීඅයිඞීයේ පැමිණිලි ගණනාවක් තියෙනවා. මේවා ආණ්ඩුවත් කල් දදා තියෙන නිසා මේ වගේ නඩුවකදී අපිට ජනතාවට දැනගන්නත් එක්ක සියලූ දේවල් එළියට අදින්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියේය. ”මේ රාජපක්ෂ කල්ලියට අපිත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. අපිට කියන්න වෙන කිසිම චෝදනාවක් නැහැ. ඒක නිසා ආණ්ඩුවත් එක්ක ඞීල් කියන්න එක එක කතා හදනවා. මේකට එරෙහිව ලොකු ප‍්‍රහාරයක් දෙන්න  ඕනෑ. අපිට මඩ ගහන්න ආපු ගොඩක් අය වැඬේ අනාගත්තා” ලාල්කාන්ත කියා සිටියේය.

පැතුම් වික‍්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1926

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2944

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3267

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.