Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

අමාත්‍යාංශ 51% ක මුදල් පාලනය දුර්වලයි

IMAGE 2018 Jun 19 23:05
දැනට පවතින අමාත්‍යාංශ පනස් එකෙන් සියයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින බව පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත්...
Views - 410
එසැනින් පුවත්

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 171

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 217

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දැඩි වන විනාශයක්

IMAGE 2018 Jun 20 11:24
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ අක්කර 10,000ක පමණ මහා පරිමාණ වන...
Views - 246

අධිවේගයේ අනතුරෙන් මව සහ දියණිය මරුට (Update)

IMAGE 2018 Jun 20 08:07
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට 65වන කිලෝමීටර් කණුව අසල සිදුවු අනතුරෙන්...
Views - 982

නි. ඇමැති - රාජ්‍ය ඇමැතිවරු 2ක් 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති

IMAGE 2018 Jun 19 23:22
නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ...
Views - 1021

විසඳුම් නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයක්

IMAGE 2018 Jun 19 23:07
තැපැල් සේවක ඉල්ලීම්වලට තවදුරටත් විසඳුම් ලබා නොදුණහොත් පවතින අඛණ්ඩ වැඩ...
Views - 675

බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති

IMAGE 2018 Jun 19 22:59
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු...
Views - 599

ඖෂධවල විෂබිජනම් ඇමැති අස්විය යුතුයි

IMAGE 2018 Jun 19 22:55
රෝගීන්ට ලබාදුන් ඖෂධයක විෂබිජයක් තිබිම හේතුවෙන් රෝගීන් මියයන්නේ නම්...
Views - 686

උදය ගම්මන්පිලට උසාවියෙන් දැඩි අවවාද

IMAGE 2018 Jun 19 22:51
තමාට එරෙහිව නඩු විභාගයක් පවතින අතරතුරදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ...
Views - 1182

ඥාණසාර හිමිට ජම්පරය හිමිවීම සාමාන්‍ය දෙයක්

IMAGE 2018 Jun 19 19:57
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ජම්පරයට ඇඳීමට...
Views - 1375

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 70255කට ‍පොහොර සහනාධාර

IMAGE 2018 Jun 19 13:42
2018 යල කන්නය සඳහා කුඹුරු හෙක්ටයාර 70255කට ‍පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කර ඇති...
Views - 611

තිස්සමහාරාම රෝහල වැසියාමේ තර්ජනයක්

IMAGE 2018 Jun 19 13:17
තිස්සමහාරාම රෝහ‍ලේ වෛද්‍යවරුන් 10ක් අඩුයි. හෙදියන් 10ක් අඩුයි. සුළු සේවකයන්...
Views - 660

කිරිවෙහෙරේ සිද්ධියේ සැකකරුවන් සිරමැදිරි 3ක

IMAGE 2018 Jun 19 11:19
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන්...
Views - 959

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50යි

IMAGE 2018 Jun 19 09:01
රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය...
Views - 903

1 වසරට අයැදුම්පත් ලබන 10 තෙක්

IMAGE 2018 Jun 19 08:45
පාසල්වල පළමු ශ්‍රේණියට ලබන වසර සඳහා ඇතුළත් කර ගැනීමට අදාළ අයැදුම්පත් භාර...
Views - 734
එතෙර පුවත්

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 214

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 90

හැරී කුමරුගේ මාමණ්ඩියගෙන් මසකට පසු කතාවක්

IMAGE 2018 Jun 20 11:50
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය සිදු වී මේ වනවිට...
Views - 376

පින්තූර ගැලරිය

IMAGE

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 788

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3136

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5135

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 2990

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1553

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1813

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3110

පොසොන් උදාවේ ජනපතිගේ "දේශපාලන තිඹිරිගෙදර" සුනඛ සංහාරයක්?

IMAGE 2018 Jun 12 09:40
පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව...
Views - 1452

ටෙලි නිළියක් ඇතුළු කතුන් 7ක් ගණිකා වෘත්තියේ

IMAGE 2018 Jun 11 12:08
ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ...
Views - 7423
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 147
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 237

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 109

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 512

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 1803
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1201

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1513
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 562
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 942
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 260
විශේෂ පුවත්

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 77

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 200

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 381

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 116

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 464

වයඹ ඇළ ව්‍යාපෘතිය 2020 අවසානයේදී අවසන්

IMAGE 2018 Jun 13 09:38
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිඳින ප්‍රදේශ වෙත මහවැලි ජලය...
Views - 679

ව්‍යවස්ථාව ගැන බොරු කියා දකුණ බය කරන්න එපා

රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම එම ක්‍රියාවලියට එල්ල වී ඇති බාධක පිළිබඳව ද මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී පුළුල්ව සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම වන සතුන්ගෙන් වගා බිම්වලට එල්ලවන තර්ජන පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. ඒ අතර “බල්ලන්” , “වඳුරන්” ගැනත් සාකච්ඡා විය.

වන අලින්ගෙන් මෙන්ම වඳුරන්ගෙන් මෙම වගා බිම්වලට සිදුවන හානිය පිළිබඳව මෙහිදී අමාත්‍යවරු කිහිපදෙනක්ම අදහස් දක්වන්නට වූහ.

“කෑගල්‍ලේ විතරක් වඳුරෝ 7000කට වඩා ඉන්න බවට ගණන් බලල තියෙනවා. මේ සත්තු ප්‍රදේශයේ වගා බිම්වලට මහා විනාශයක් කරනවා” යැයි එම ප්‍රදේශයේ නියෝජිතයෝ කිහිප පළක් මෙහිදී සංඛ්‍යා‍ලේඛන සහිතවම පෙන්වා දුන්හ.
“මේ වඳුරු උවදුර මර්දනය කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේක අපි හිතනවට වඩා බරපතළ ගැටලුවක්” යැයි මෙහිදී එස්.බි. දිසානායක අමාත්‍යවරයා පැවැසීය.

“ඔව්, මේ  වඳුරෝ මර්දනය කරන්න වෙනවා. නැත්නම් වගාබිම් පාලුවෙලා, ලොකු ආහාර අර්බුද මතුවෙන්න පුළුවන්” යැයි පී. හැරිසන්   මහතාද සිය එකඟතාව පළ කළේය.
මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, කොළඹ නගරයේ අයා‍ලේ යන බල්ලන් හා ගවයින් පිළිබඳ ප්‍රශ්නයක්ද මෙතනට ඈඳා ගත්තේය.

“වඳුරෝ විතරක් ‍නෙවෙයි. කොළඹට නම් හරක් හා බල්ලන්ගෙනුත් ලොකු කරදරයක් වෙනවා” ඔහු පැවැසීය.
“අපි අයා‍ලේ යන හරක් මර්දනය කරන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා, අයා‍ලේ යන බල්ලෝ 60,000ක් විතර කොළඹ අවට ඉන්න බවටත් ගණන් බලා තියෙනවා.” යැයි චම්පික රණවක මහතා වැඩි දුරටත් පැවැසීය. ඇත්තෙන්ම මෙහිදී බොහෝ අමාත්‍යවරුන්” නොකියා කිව්වේ” මෙම සතුන් මරා දැමීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවය.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිතව අදහසක් හෝ තීරණයක් නොදුන් ජනපතිවරයා සිනාමුසු මුහුණින් පැවැසුවේ “ මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුන්ට වැඩිය සත්තු ඉදිරියෙන්” යනුවෙනි.
බල්ලන්, වඳුරන් පිළිබඳ මාතෘකාව එලෙස සුහද මට්ටමින් කැබිනෙට්ටුව තුළ සාකච්ඡා වුවද, ජාතික සීමා නිර්ණ කමිටුවේ නියෝජිතවරයෙකුගේ පත්වීමක් සම්බන්ධ කරුණකට අදාළව කැබිනෙට්ටුව තුළ දැඩි උණුසුම් වාතාවරණයක් මතුවිය.
ජාතික සීමා නිර්ණ කමිටුවේ මුස්ලිම් නියෝජිතවරයා සම්බන්ධව මෙසේ මෙහිදී යම් මතභේදයක් මතුව ආවේය.
“මේ පුද්ගලයා බදුයුදීන්ගේ ආධාරකරුවෙක්, දේශපාලනය කරන කෙනෙක්”, රවුෆ් හකීම් මහතා මෙහිදී චෝදනා කරන්නට විය.
කෙසේ වෙතත් ෆයිසර් මුස්තාෆා මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, රිෂාඩ් බදුයුදීන් මහතාද වාදයට එක්වෙමින්, හකීම් මහතාට එරෙහිව විවිධ චෝදනා එල්ල කරන්නට විය. මේ හේතුවෙන් තිදෙනා අතර වාග් සංග්‍රාමය කමෛන් උණුසුම් තත්ත්වයකට පෙරළෙන්නට විය.

කෙසේ වෙතත් අවසානයේ ඇමැතිවරුන්  තිදෙනා අතර මෙසේ ඇතිවූ උණුසුම් විවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී සමථයකට පත් කළහ.
මේ අතර පසුගියදා මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ උත්සවයක් හා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. මේ සඳහා රජයේ මැති ඇමැතිවරුන්ට මෙන්ම විපක්ෂයේ නියෝජිතවරුන් හා දේශපාලකයන්ටද ආරාධනා කර තිබිණ. භෝජන සංග්‍රහයේදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අසුන්ගෙන සිටියේ එක ළඟය. මෙහිදී සිනා මුසු මුහුණින් දිනේෂ් ගුණවර්ධන මහතා දෙස බැලූ සම්බන්ධන් මහතා මෙසේ පැවැසීය.

“දකුණේ ජනතාවට නව ව්‍යවස්ථාව ගැන බොරු කියලා බය කරන්න එපා. අලුත් ව්‍යවස්ථාව ගොඩනගන්න ලැබිල තියෙන අවස්ථාව නැති කරන්න එපා”
පසුව ජී.එල්. පීරිස් මහතා වෙතද හැරුණු සම්බන්ධන් මහතා සුහද මට්ටමින් ඉල්ලා සිටියේ , නව ව්‍යවස්ථාව ගෙන එන්නට සහය දෙන ලෙසයි.
“දකුණේ දේශපාලකයන් මේ ව්‍යවස්ථාව ගැන බොරු කියලා ජනතාව රවටනවා. මේකෙන් රට බෙදෙනවා කියනවා. නමුත් එහෙම රට බෙදීමක් මේකෙන් වෙන්නේ නැහැනේ, මේ වෙලාවේ මේක ගෙන එන්න උදව් කරන්න” යයිද සම්බන්ධන් මහතා මෙහිදී පැවැසීය.    
මෙහිදී දිනේෂ් ගුණවර්ධන  මහතා මෙන්ම ජී.එල්.පීරිස් මහතාද සුහද මට්ටමින්ම විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මේ යෝජනා වී ඇති ව්‍යවස්ථාව තුළ අපට එකඟ විය නොහැකි කරුණු රාශියක් තියෙනවා. ඒ නිසයි අපි මේකට විරුද්ධ” ජී.එල්.පීරිස් මහතා පැහැදිලි කළේය.
කෙසේ වෙතත් විපක්ෂනායක සම්බන්ධන් මහතා මේ දිනවල සිටින්නේ නව ව්‍යවස්ථාව ගොඩනැගීම පිළිබඳ දැඩි උනන්දුවකිනි. හමුවන බොහෝ දෙනකු සමග කතා කරන්නේද ඒ ගැනමය. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාක් කලාපීය කථානායකවරුන්ගේ සමුළුවේ සමාරම්භයට ද සම්බන්ධන් මහතා එක්විය. එම උත්සවයෙන් පසුව පැවැති භෝජන සංග්‍රහයේදී තමාට හමුවූ රජයේ දේශපාලනඥයන් කිහිපදෙනකු සමගම සම්බන්ධන් මහතා නව ව්‍යවස්ථාව ගැන කතා කළේය.

“ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනේ. නැත්නම් අපරාධයක්” සම්බන්ධන් මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතාට ළංවී පැවැසීය. සිරිපාල මහතාද පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී පැළඳී බොරු කොණ්ඩය රහිතවම මෙම උත්සවයට එක්ව සිටි අතර, ඒ මහතා සම්බන්ධන් මහතා සමග එක්ව ආහාර අනුභව කරන අතරතුර ව්‍යවස්ථාව ගැනද බර සාකච්ඡාවක නිරත විය.
පුංචි ඡන්ද පැවැත්වෙන දිනයන් තවමත් නිශ්චිතව නැතත් මේ වන විට පක්ෂ කිහිපයක්ම තම ප්‍රචාරක හා සංවිධාන කටයුතු මේ වන විට ගම් මට්ටමින්  ආරම්භ කර ඇත. මේ අනුව එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේ අනුරාධපුර කලා වැව ආසනයේ, පක්ෂ ක්‍රියාකාරී රැස්වීමක් තලාව ප්‍රදේශයේදී පැවැත්වීය. රැස්වීම ආරම්භවීමට පෙර එහි පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් පක්ෂයේ මහ‍ලේකම් කබිර් හෂීම් මහතා  වෙත තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.

“අපිට හිමි දේශපාලන වන්දි ලැබිල නැහැ. දැන් අවුරුද්දකටත් වැඩී මේ ඉල්ලීම කරලා. තවම මුකුත් නැහැ.” එක පක්ෂ ක්‍රියාකාරිකයෙකු පැවැසුවේ තරමක අවේගශීලී අයුරකිනි.
“‍පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ, ඒවා අපි කරනවා” හෂීම් මහතා බොහොම සන්සුන්ව පිළිතුරු දුන්නේය.
“ ඒ වුණාට සර් ඊළඟ ඡන්දෙදි පැරදුනාම කොහොමද වන්දි ගෙවන්නේ ? පාක්ෂිකයෝ තවදුරටත් නොසන්සුන්වෙමින් ප්‍රහ්න කළේය.
ඒ ප්‍රශ්නයෙන් නම් හෂීම් මහතා තරමක් කලබලයට පත්විය.
“කොහොමද පරදින්නේ? , අපි ඊළඟ ඡන්දයත් උඩින්ම දිනනවා, ” හෂීම් මහතා දැඩි විශ්වාසයකින් පැවැසීය.
“ ඒ වුණාට සමහර පාක්ෂිකයෝ  කලකිරිලා සර්, ‍පොරොන්දු තාම හරියට ඉටුවෙලා නැහැනේ. හිතේ තියෙන දුකටයි මේ වගේ දේවල් කියන්නේ” අසල සිටි තවත් පක්ෂ ක්‍රියාකාරිකයකු පැහැදිලි කළේය.
“ඔව් සර් අපි නඩු ෆයිල් කරලා, ඒවාට සල්ලි වියදම් වෙලා. තවම වන්දි  නැහැ. ලැජ්ජයි සර්” තවත් පාක්ෂිකයකු චෝදනා කළේය.
හරි අපි ඉක්මනටම විසඳුම් දෙන්නම් යයි කබිර් හෂීම් මහතා ‍පොරොන්දු විය.

බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයද පසුගිය සතියේ මාධ්‍ය අවධානය යොමුවූ සංසිද්ධියක් විය. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පසුගිය සති අන්තයේ මෙම යාපනය සංචාරය ආරම්භ කළහ.
අනුරාධපුරයේ එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසින් දිවා ආහාරය ගත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස යාපනයට පැමිණෙන විට පිළිගනු ලැබුවේ මේ වන විට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට එක්ව සිටින හිටපු ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු විසිනි.

මෙම සංචාරය පුරා රැස්වීම් සංවිධානය කරන ලද්දේ ‍පොදුජන පෙරමුණට සම්බන්ධ එම ප්‍රදේශයේම නවක සාමාජිකයන් වීම විශේෂත්වයක් විය. ‍පොදුජන පෙරමුණ යාපනයේ පැවැත්වූ රැස්වීම් කිහිපයම සාර්ථක වූ බව පක්ෂයේ අදහසයි. බැසිල් රාජපක්ෂ මහතා අපේක්ෂා කළාටද වඩා වැඩි සෙනඟක් එම රැස්වීම්වලට සහභාගි වී සිටියහ. මෙම සංචාරයේදී බැසිල් රාජපක්ෂ මහතා නල්ලූර් කෝවි‍ලේ හින්දු ආගමික නායකයන් කිහිප දෙනකුද මුණ ගැසිණ.

දකුණේ අන්තවාදී සුළු පිරිසක් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් සඳහා උතුරේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදෙන බවත් ඒ හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජනතාව බියට පත්ව ඇති බවත් මෙම හින්දු ආගමික නායකයෝ රාජපක්ෂ මහතාට පැවැසූහ.
දකුණේ බහුතර ජනතාව තුළ අන්තවාදී අදහසක් නැහැ බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.
ඔබතුමන්ලා කොළඹට ඇවිත් බලන්න. එතකොට දකුණේ තත්ත්වය ගැන ඔබතුමන්ලාටම පැහැදිලි අදහසක් ලබාගන්න පුළුවන් යයිද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
රාජපක්ෂ මහතාගේ ආරාධනය ඉහළින්ම පිළිගත් හින්දු පූජකයන් පිරිස පැවැසුවේ උතුරුකරයේ සංවර්ධනය මේ වනවිට ඇණහිට ඇති බවකි.
යහපාලන රජයෙන් තවම එකම එක සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක්වත් උතුරට ලැබිලා නැහැ. පහුගිය ආණ්ඩුව ආරම්භ කරපු දේවල් පවා දැන් නතර වෙලා යයිද මෙම පිරිස පැවැසූහ.
බැසිල් රාජපක්ෂ මහතා හා උතුරේ මාධ්‍යවේදීන් අතර විශේෂ හමුවක් යාපනයේදී සිදුවිය. මෙහිදී ප්‍රදේශයේ මාධ්‍යවේදීන් රැසක් විවිධ ප්‍රශ්න රාජපක්ෂ මහතා වෙත යොමු කළ අතර එමනිසාම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් දක්වා දීර්ඝ විය.

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද? මාධ්‍යවේදියකු රාජපක්ෂ මහතාගෙන් විමසීය.

ශ්‍රී ලංකා හමුදාව අතින් යුද අපරාධ සිදුව ඇති බව අප පිළිගන්නේ නැහැ. නමුත් යුද අපරාධ හා සාමාන්‍ය අපරාධ යනු එකක් නොවේ, දෙකක්. හමුදාවේ අය අතින්ද යම් නීති විරෝධී දෙයක් සිදුවන්නට පුළුවන්. ඒ ගැන මෙරට සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ හැකියි. එයට අප විරුද්ධ නැහැ රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.
උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැනද මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක්විය.
උතුරේ ජනතාව සතු ඉඩම් එම ජනතාවට හිමිවිය යුතුයි. මහින්ද රාජපක්ෂ රජය සමයේ එම ඉඩම් නිසි පරිදි යළි ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කළා. දැන් දැන් එම කටයුතු අතරමග හිරවෙලා. මේ රජයට අවශ්‍ය මේ ගැටලු නොවිසඳා මේ ලෙසම තියාගන්නයි. ඒ හරහා දේශපාලනික වාසි ලබාගැනීමට මේ රජය උත්සාහ කරනවා යයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා හා යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් අතරද විශේෂ හමුවක් පැවැත්විණ. එම හමුව සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල හා දෙමළ සිසුහු විශාල පිරිසක් එක්ව සිටියහ.
මොනවා වුණත් දැන් අපට වෙනදට වඩා නිදහසක් තියෙන බවක් දැනෙනවා. අපි තිලීපන් සමරුවකුත් පැවැත්වුවා. පසුගිය රජය තිබුණා නම් ඒ වගේ සමරුවක් තියන්න බැහැනේ යාපනය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සිසුවෙක් රාජපක්ෂ මහතාගෙන් සෘජුවම විමසීය.

නිදහස කියන දෙය ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන දෙයක්. යුද්ධය අවසන් වූ විගස එවැනි නිදහසක් උදාවන්නේ නැහැ. ඒත් යුද්ධය අවසන්ව කාලයක් ගත වන විට, නිදහසත් ක්‍රමිකව ගොඩනැගෙනවා. අපේ රජය පැවැතුණත් ඔය කියන නිදහස මේ වන විට උතුරට ලැබෙනවා යැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

දකුණ සහ බස්නාහිර මධ්‍යම තෙවැනි ජය වාර්තා කරයි

IMAGE 2018 Jun 20 11:06
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණ වාර්තා කිරීමට දකුණු පළාත සහ...
Views - 42

මාරවිල ශා. සේවියර් ලකුණු 3කට දැවී යයි

IMAGE 2018 Jun 20 10:40
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී...
Views - 70
IMAGEමලල කී‍්‍රඩා

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 259

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹෙයි

IMAGE 2018 Jun 07 10:24
18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූහිදී අද (7දා) ආරම්භවේ. මෙම තරගාවලිය අද සිට ලබන 10දා දක්වා ආසියානු කලාපයේ රටවල් 35ක ක්‍රීඩක...
Views - 207
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 49

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 139
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 100

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 187

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.