Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 51
එසැනින් පුවත්

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 60

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 39

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 45

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 46

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 52

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 51

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 58

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 70

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 381

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 398

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දැඩි වන විනාශයක්

IMAGE 2018 Jun 20 11:24
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ අක්කර 10,000ක පමණ මහා පරිමාණ වන...
Views - 427

අධිවේගයේ අනතුරෙන් මව සහ දියණිය මරුට (Update)

IMAGE 2018 Jun 20 08:07
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට 65වන කිලෝමීටර් කණුව අසල සිදුවු අනතුරෙන්...
Views - 1366

නි. ඇමැති - රාජ්‍ය ඇමැතිවරු 2ක් 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති

IMAGE 2018 Jun 19 23:22
නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ...
Views - 1275

විසඳුම් නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයක්

IMAGE 2018 Jun 19 23:07
තැපැල් සේවක ඉල්ලීම්වලට තවදුරටත් විසඳුම් ලබා නොදුණහොත් පවතින අඛණ්ඩ වැඩ...
Views - 830

අමාත්‍යාංශ 51% ක මුදල් පාලනය දුර්වලයි

IMAGE 2018 Jun 19 23:05
දැනට පවතින අමාත්‍යාංශ පනස් එකෙන් සියයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් මූල්‍ය...
Views - 541
එතෙර පුවත්

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 389

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 150

හැරී කුමරුගේ මාමණ්ඩියගෙන් මසකට පසු කතාවක්

IMAGE 2018 Jun 20 11:50
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය සිදු වී මේ වනවිට...
Views - 604

පින්තූර ගැලරිය

IMAGE

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 56

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 834

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3232

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5339

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3142

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1586

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1833

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3153

පොසොන් උදාවේ ජනපතිගේ "දේශපාලන තිඹිරිගෙදර" සුනඛ සංහාරයක්?

IMAGE 2018 Jun 12 09:40
පොලොන්නරුව නගරය ආශ්‍රිත අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමක් පිළිබඳ නිවේදනයක් පොලොන්නරුව...
Views - 1464
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 155
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 247

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 113

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 517

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 1868
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1219

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1584
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 576
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 969
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 279
විශේෂ පුවත්

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 119

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 238

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 424

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 130

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 472

වයඹ ඇළ ව්‍යාපෘතිය 2020 අවසානයේදී අවසන්

IMAGE 2018 Jun 13 09:38
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩාවිඳින ප්‍රදේශ වෙත මහවැලි ජලය...
Views - 692

හිටපු ජනපතිගේ වචනයට ඒකාබද්ධය පිටුපෑවේ ඇයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් හා සමස්ත ලංකා කාරක සභාවක් පසුගිය ඉරිදා පැවැත්වුණේ අපේ ගම පරිශ්‍රයේදීය. එහිදී ස්ථිර අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට පෙර තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට අවධානය යොමු වී තිබුණේය. එහිදී මෛත්‍රී පක්ෂයේ තාවකාලික මහ ‍ලේකම් ධුරයට තෝරා ගෙන තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය. රෝහණ ලක්ෂ්මන් පියදාසට පක්ෂයේ ‍ලේකම් ධුරය ලබාදෙන බව කලින්ම මෛත්‍රී කියා තිබුණි.
“වහාම ඇවිත් හමුවෙන්න” මෛත්‍රී රෝහණ ලක්ෂ්මන්ට දැනුම් දුන්නේය. 
එම පණිවුඩය ලැබෙන විට  ඔහු සිටියේ නුවර බිබිල මාර්ගයේ පිහිටි ඔහුගේ නිවසේය. පසුදා උදෑසනම මධ්‍යම කාරක සභා රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුව තිබූ නිසා නුවර සිට කොළඹ පැමිණිය යුතුව තිබුණි. ඒ වන විට රාත්‍රිය වී තිබූ අතර නුවරට ඒමට තිබුණේ එකම බස් රථයකි. ඒ බිබි‍ලේ සිට නුවරට එන බස් රථයකි. එම බස් රථයට මහ රෑම ගොඩවූ රෝහණ ලක්ෂ්මන් නුවරට පැමිණ නුවර සිට කොළඹ බලා පැමිණෙන බස් රථයට නැග්ගේය. 
නුවර සිට කොළඹට එන බස් රථයට ගොඩවන විටම ඔහු බස් රථයේ කොන්දොස්තරවරයාට කතා කළේය.
“මම කැලණිය කැම්පස් එක ළඟින් බස්සවන්න. හදිසියේවත් නින්ද ගියොත් කොළඹ ගිහින් ආයිමත් කැලණියට එන්න බස් නැතිවෙනවා” මහ රෑ නුවර සිට කොළඹ බලා එන අතරමගදී රෝහණ ලක්ෂ්මන් ඉල්ලා සිටියේය. 
නුවර සිට කොළඹ බලා එන අතරවාරයේදී අධික වර්ෂාවක් ඇඳ වැටෙමින් තිබුණි. බස් රථයේදී එන අතරවාරයේදී විටින් විට නින්ද ගියත් පසුදා උදෑසන පැවැත්වෙන මධ්‍යම කාරක සභාවත් ඊට පෙර මෛත්‍රී හමුවිය යුතු බවත් සිහිවන විට අඩ නින්දේ සිටි ඔහු නින්දෙන් නැගිටුණේය. වැසි මැද එන බස් රථයේ වීදුරුවෙන් අවට බැලුවත් කළුවරත් වැස්සත් නිසා තමන් සිටින තැන් ඇතැම් විට බලාගත්තේ අපහසුවෙන්ය. කෙසේ හෝ මධ්‍යම රාත්‍රී එකයි තිහ පමණ වන විට බස් රථය කැලණිය විශ්ව විද්‍යාලය අසලට පැමිණියේය. ඒ වන විටත් වැසි ඇදහැලෙමින් තිබූ අතර ත්‍රිරෝද රථයක් සොයාගෙන රෝහණ ලක්ෂ්මන් තමන්ගේ නවාතැනට ගියේය.
නිදාගැනීමට පෙර කැබ් රථ සේවා සපයන ආයතනයකට කතා කළ ඔහු උදෑසනම තමන්ට කැබ් රථයක් අවශ්‍ය බව දැනුම් දුන්නේය. කලින් දා රෑ වනතුරුම නැගිට සිටීම නිසා ඔහුට උදෑසන නැගිටීමට නොහැකි විය. ඔහු රැගෙන යාමට පැමිණි කැබ් රථයේ රියදුරු දුරකථනයට දිගින් දිගටම ඇමතුම් දෙන්නට වූ අතර එම ඇමතුමකින් රෝහණ ලක්ෂ්මන් අවදි විය. වහාම සූදානම් වූ ඔහු කැබ් රථයෙන්ම මෛත්‍රීගේ නිවසට ගොස් පසුව අපේ ගම පරිශ්‍රයට ගියේය.
අපේ ගම පරිශ්‍රයට යන විට ඔහුට වාඩිවීමට අසුනක් වත් නොවීය. ඔහු වාඩිවූයේ පසු පස තිබූ හිස් අසුනකය. ඔහුගේ නම තාවකාලික මහ ‍ලේකම් ධුරයට මෛත්‍රී යෝජනා කරන විට සියල්ලෝම පැමිණ ඔහුට සුබ පැතූහ.
 
 චණ්ඩියෙක් වූ ඇමැතිවරයා 
 
මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වී පිරිස එළියට එන විට විජිත් විජිතමුනි සොයිසා ඇමැතිවරයාට ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති රොෂාන් ගුණවර්ධන හමුවිය.
“ඇමැතිතුමා” රොෂාන් ඔහු සමග කතා කළේය.
“ඇමැතිතුමා නමෛයි. උඹලා තමයි මේවා කෑවේ” යැයි කියමින් විජිත් විජිතමුනි සොයිසා රොෂාන්ට වැරෙන් පහර දුන්නේ මීට පෙර පැවැති දේශපාලන ආරවුලක් නිසාය. පහර කෑමෙන් පිරිස ඉදිරියේ බිම වැටුණ රොෂාන් පසුව නැගිට තමන්ට වූ දේ අවට සිටි අයට කියන්නට විය.
“මම මේ ගැන ජනාධිපතිතුමාට පැමිණිලි කරනවා” රොෂාන් ගුණවර්ධන කීවේය. එවිට විජිත් විජිතමුනිගේ සොයුරාත් පැමිණ රොෂාන්ට තර්ජනය කරන්න විය.
 
 රාජ්‍ය සේවක ගැටලු 
 
අඟහරුවාදා සවස මෛත්‍රීගේ නිවසට ඇමැතිවරු පිරිසක් පැමිණියහ. රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුබණ්ඩාර ඇතුළු ඇමැතිවරු එහි පැමිණි විට මෛත්‍රී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් කැඳවීය. ඒ රාජ්‍ය සේවයේ කටයුතු ගැන අවධානය යොමු කිරීමටය. 
“රාජ්‍ය සේවය දැන් අකාර්යක්ෂම වෙලා තියෙනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නේ නෑ. මේ නිසා රජය තමයි අපහසුතාවට පත්වෙන්නේ” රනිල් කීවේය.
“රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙලා තියෙනවා කියන කතාව ඇත්ත. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රාදේශීය මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් පරිපාලනයේ 
අකාර්යක්ෂමතා තියෙනවා” වජිර අබේවර්ධන ඇමැතිවරයාත් කීවේය. මේ ගැන මෛත්‍රීත් අවධානය යොමු කළ අතර අවශ්‍ය මාරුවීම් ගැටලු විසඳමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
 
 ‍පොලිස්පතිට දෝස් මුරයක් 
 
මෛත්‍රී, ‍පොලිස්පති පූජිත් ජයසුන්දර කැඳවූයේ පසුගිය සතියේදීය. මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම් ඇතුළු ඇමැතිවරු පිරිසක් එහි වූහ. ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුවූයේ අපරාධ පරීක්ෂණ කටයුතු කෙරෙහිය.
“ඔයාගේ තියෙන නොහැකියාවයි, වැඩකරන්නේ නැති එකයි නිසා අපාරාධ වැඩිවෙලා. පාතාලය ඔළුව උස්සලා. ඒ නිසා කතාවල් නැතිව වැඩ කරන්න. මීට කලින් හිටපු අයි.ජී.පී. ලා ආදර්ශයට ගන්න. මේවා හරියට කරන්නේ නැති නිසා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා” මෛත්‍රී ‍පොලිස්පතිවරයා දැඩි ලෙස විවේචනය කළේය.
“අපරාධ විමර්ශන කටයුතුවල ප්‍රගතියක් තියෙනවා” පූජිත් සංඛ්‍යා ‍ලේඛන ඉදිරිපත් කිරීමට සූදානම් විය.
“කතා නමෛයි වැඩ තමයි මට ඕන” මෛත්‍රී කීවේය.
ඒ අතර එතැන සිටි ඇමැතිවරුද පූජිත්ගේ ක්‍රියාකලාපය ගැන විවේචන ඉදිරිපත් කරන විට පූජිත් නිහඬව එය අසා සිටියේය.
 
 මධ්‍යම කාරක සභාව 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තවත් රැස්වීමක් බ්‍රහස්පතින්දා පැවැත්විණි. එයට ඇතැම් ඇමැතිවරු පැමිණ තිබුණේ කෝච්චියෙනි. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනාකය නුවර සිට කෝච්චියෙන් පැමිණි අතර එම කෝච්චිය පැය දෙකක් පමණ ප්‍රමාද වීම නිසා ඔහු මධ්‍යම කාරක සභාවට පැමිණියේ තරමක් ප්‍රමාදවය. 
මධ්‍යම කාරක සභාව ආරම්භයේදීම හිටපු මහ‍ලේකම් දුමින්ද දිසානායක විසින් පසුගිය සභා වාර තුනක වාර්තා ඉදිරිපත් කළේය. එම වාර්තා තුන එක්වර ඉදිරිපත් කළේ ඒවා ඉදිරිපත් කිරීම ප්‍රමාදවී තිබිම නිසාය.
මේ අතර මහින්ද පාර්ශ්වය සමග සාකච්ඡා කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ එස්.බි. දිසානයක සහ තිලංග සුමතිපාලය. 
මෙවර මධ්‍යම කාරක සභාවේ වැඩි අවධානයක් යොමුවූයේ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහිය.
“විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක රටට හානිදායකයි. විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක තමයි පළාත් සභා හැදුවේ. විධායක ජනාධිපති ක්‍රමයක් නැති පළාත් සභා තුළින් බෙදුම්වාදයට අවස්ථාවක් ලැබෙනවා” මධ්‍යම කාරක සභාව විස්සට විරුද්ධ වීමට තීරණය විය
මේ අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැනත් විවිධ අදහස් මතුවන්නට විය.
“මටයි මහ ‍ලේකම්ටයි ප්‍රතිසංවිධාන කටයුතු කරගන්න ඉඩ දීලා ඔය අය නිහඬ වෙලා ඉන්න” මෛත්‍රී කියූ විට ඒ ගැන අදහස් දැක්වූ සියල්ලෝම නිහඬ වූහ.
“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර දීලා තියෙනවා” මන්ත්‍රීවරු කීවේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කරමිනි.
“දැන් පළාත් සභා ඡන්දයක් ඉස්සරහට තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ වැඩ ගැනනේ 
වැඩියෙන් කතා කරන්නේ. ගම්පෙරළිය අර පෙරළිය කියලා සල්ලි බෙදාගෙන ඉන්නේ පළාත් සභාවලට කරන්න තියෙන වැඩනේ” සරත් ඒකනායක පෙන්වා දුන්නේය.
“මම ඒ ගැන බලන්නම්” මෛත්‍රී සරත් ඒකනායකගේ කතාව අනුමත කළේය.
 
 රනිල් - තිස්ස හමුවක් 
 
අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක වැඩි ඇයි හොඳයියක් නැත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී තිස්ස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද සමග එක්වීම නිසාය. එහෙත් මේ වනවිට මහින්ද රාජපක්ෂ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවකට සම්බන්ධ වී නොමැති තිස්ස එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින්නේය. මේ අතර තිස්සට නුගේගොඩ, නාලන්දාරාමයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට ආරාධනාවක් ලැබුණේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන්ගෙන්ය.
“මේ උත්සවයට අගමැතිතුමාත් එනවා” පාලිත හිමියන් කල් ඇතිවම තිස්සට දැනුම් දී තිබුණේය. තිස්ස රනිල් එන උත්සව වලට ගොස් රනිල් හමුවීමට වැඩි කැමැත්තක් නොදක්වන නමුත් තිනියාවල පාලිත හිමියන් සමග ඇති සමීප සම්බන්ධය නිසාම තිස්ස එහි ගියේය.
ආරාධිත අමුත්තන්ට ආසන වෙන් කළ පළමු පේළියේම රනිල්ට හා තිස්සට ආසන වෙන් කර තිබුණි. රනිල් සිටි තැනට ටිකක් ඈතට වන්නට ඔහුට ආසනයක් වෙන් කර තිබුණත් බුද්ධ පූජාව තැබිම සඳහා තිස්සටත් රනිල්ටත් ආරාධනා කළේ එකම විටය. රනිල් බුද්ධ පූජාව පූජා කර හැරෙන විටම ඔහුගේ මුහුණට මුහුණ සිටියේ තිස්සය.
“හලෝ..කොහොමද තිස්ස” රනිල් ඇසුවේය.
“හොඳින් ඉන්නවා සර්” යැයි තිස්ස කීවා මිස වෙන කිසිවක් කියන්න ගියේ නැත. 
එතැනින් තිස්ස ගියේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමටය. එම විවාහ මංගල උත්සවයේදී තිස්සට එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු කිහිපදෙනෙක් හමුවිය. එහිදී ඔහු රනිල්ගේ හමුවීම ගැන කීවේය.
“මොකද ලොක්කා කිව්වේ” මැති ඇමැතිවරු ඇසූහ
“හලෝ කිව්වා විතරයි. වෙන මුකුත් කතා කළේ නෑ. මම එක්ක විතරක් නමෛයි එතැන හිටපු කවුරු එක්කවත් කතා කළේ නෑ” තිස්ස සිනාසෙමින් කීවේය.
මේ අතර සිකුරාදා දහවල් තිස්ස තවත් මංගල උත්සවයකට සහභාගී වූ අතර එහිදී සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී පක්ෂය වෙනුවෙන් ගිනි තබාගෙන මිය ගිය රියෙන්සිගේ දරුවෙකු හමුවිය.
“අපිට නායකතුමා කිසිම දෙයක් කළේ නෑනේ” තිස්සට ඔහු පැවැසුවේ හැඩූ කඳුළින් යුතුවය.
 
 රනිල්ට රටඉඳි 
 
මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවයට අදාළ නිල භෝජනයක් අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන්ය. මුස්ලිම් ආගමිකයින් මෙන්ම විපක්ෂ නායකයාද එහි පැමිණ සිටියහ.
“ඔබතුමා ආණ්ඩුවේද විපක්ෂයේද කියලා නෑ. හැමදාම අපිට ආරාධනා කරලා ඉෆ්තාර් උත්සවය පැවැත්වුවා. සමහරු වගේ ඡන්දෙ තියන කාලෙට විතරක් මේක තිව්වේ නෑ” මුස්ලිම් නායකයෝ රනිල් අසලට පැමිණ කීහ.
“සමහරුන් ඡන්දෙ කාලෙට මුස්ලිම් අයටයි, දෙමළ අයටයි ආදරෙයි. ඊට පස්සේ ඒකෙ අනික් පැත්ත. මමත් එක්සත් ජාතික පක්ෂයත් හැමදාම සුළු ජාතීන්ට නිසි ගෞරවය දෙනවා” රනිල් කීවේය.
මේ අතර ඉෆ්තාර් උත්සවයේ කෑම මේසයේ රනිල් වෙනුවෙන් රටඉඳි වෙන් කර තිබුණි. වෙනදාට රනිල් කෑම කන විට ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පීන්ට අවස්ථාව නොලැබෙන නමුත් මෙදින කිසිම බාධාවකින් තොරව ඡායාරූප ගැනීමේ අවස්ථාව දී තිබුණේය.
මේ අතර බ්‍රහස්පතින්දා උදෑසන රනිල් හමුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ ජාත්‍යන්තර හමුදා දිනයේ ප්‍රධාන දේශනයට ආරාධනා කිරීමටය.
“මතෛක් කල් මේ උත්සවයේ ප්‍රධාන දේශනය කරලා තියෙන්නේ පිටරට කෙනෙක්. මෙවර උත්සවයට අපි ඔබතුමාට ආරාධනා කරන්නේ ජාතීන් අතර සංහිඳියාවටත් ඒක වටිනා නිසයි” යුද හමුදාපතිවරයා කියන විට රනිල්ද ආරාධනාව පිළිගත්තේය.
මේ අතර රනිල් හමුවීමට ඇමැතිවරු කිහිපදෙනෙක් පැමිණ සිටියහ. ඔවුන් හමුවූයේ යුද හමුදාපතිවරයා එතැනින් පිටත්ව ගිය පසුවය.
“ඔබතුමාගේ සහෝදරයාගේ ටී.එන්.එල්. එකේ බඩු ‍පොලීසියෙන් අරන් ගිහින් තියෙනවානේ. මේක ගැන ජනාධිපතිතුමා එක්ක කතා කළේ නැද්ද” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඇසුවේය.
“නෑ. පවු‍ලේ දේවල්වලට මම මැදිහත්වෙන්නේ නෑ” රනිල් කීවේය.
“ඇයි ශාන් වික්‍රමසිංහවත් මේකට මැදිහත්වෙන්න කියලා ඉල්ලුවේ නැද්ද” කිරිඇල්ල යළිත් ඇසුවේය.
“මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ශාන් කතා කරලා විස්තරේ කිව්වා. මැදිහත්වෙන්න කිව්වේ නෑ. මොකද මම මේවාට මැදිහත් වෙන්නෙ නෑ කියලා ශාන් දන්නවා. ප්‍රශ්නය අපිම විසඳාගන්නම් කියලා ශාන් කිව්වා” රනිල් කීවේය. එහිදී එක් අයෙක් කීවේ මේ ගැන ජනමාධ්‍ය ඇමැතිවරයාවත් නොදන්නා බවය.
 
 රනිල්ගෙන් අධීක්ෂණ මන්ත්‍රීකම් 
 
පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ කිහිපයකට අගමැති ‍ලේකම් කාර්යාලයෙන් ලිපියක් ලැබි තිබුණේය. මේ ලිපිය එවා තිබුණේ අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ ඇමැති ධුර නොදරන මන්ත්‍රීවරු වෙනුවෙන් මේ අධීක්ෂණ මන්ත්‍රී ධුර හිමිව තිබේ.
ඇතැම් අමාත්‍යාංශවලට අධීක්ෂණ මන්ත්‍රී ධුර දෙක බැගින් ලබාදී තිබේ. අමාත්‍යාංශවලට යැවූ ලිපි මගින් කියා තිබෙන්නේ අධීක්ෂණ මන්ත්‍රීවරයා සඳහා අමාත්‍යාංශයේ ඉඩ පහසුකම් වෙන් කරන ලෙසය. ඊට අමතරව ඔහු වෙනුවෙන් කාර්ය මණ්ඩලයක් වෙන් කරන ලෙසද දැනුම් දී තිබේ. ඒ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයක් හා ඉන්ධනවලට අමතරවය. මේ අතර අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ධන දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබෙන්නේද අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්ය.
 
 සුදර්ශනීට ආ යෝජනාව 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දහසයක් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග තිලංග සුමතිපාල දැරූ නියෝජ්‍ය කථානායක ධුරය හිස්විය. ජාතික ආණ්ඩු එකඟතාව අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදිය යුතුව තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  පත් කළ මන්ත්‍රී අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා යෝජනා විය. එම යෝජනාව ඉදිරිපත් වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ය. එහෙත් දෙමළ ජාතික සන්ධානය එයට වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඒ නිසා වෙනත් විකල්පයක් වෙත යොමුවීමට මෛත්‍රීට සිදුවිය.
මේ අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේගේ නම යෝජනා විය. එය මෛත්‍රීගේ පාර්ශ්වයෙන් යෝජනා වූ අතර ඒ සඳහා වන සම්බන්ධීකරණ කටයුතු කළේ එස්.බි. දිසානායක මන්ත්‍රීවරයාය. 
“සුදර්ශනීගේ නම යෝජනා කරනවා නම් ඒකට හිටපු ජනාධිපතිතුමාගේ සහායත් ගන්න ඕන” මෛත්‍රී එස්.බි.ට කීවේය.
“හරි සර්, මම ඒක භාරගන්නම්. මම සුදර්ශනී එක්කත් කතා කරන්නම්” එස්.බි. කීවේය. ඒ අනුව එස්.බි. මහින්දට දුරකතන ඇමැතුමක් දුන්නේය.
“සර්, නියෝජ්‍ය කථානායක ධුරයට සුදර්ශනී පත් කරන්න අපි යෝජනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඒකට අවශ්‍යයි” එස්.බි. දැනුම් දුන්නේය.
“මම මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්නම්. සාකච්ඡා කරලා මේකට සහාය ලබාදීම ගැන තීන්දුවක් දෙන්නම්. හැබැයි මේක එක්සත් ජාතික පක්ෂයට යන්න දෙන්න බෑ” මහින්ද ශ්‍රීලනිපයේ යෝජනාවට කොළ එළියක් දැල්වූවේය.
මේ යෝජනා මතුවන අතරේ සුදර්ශනී සිටියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කේරළයට ගොස් එහි පැවැත්වූ වැඩසටහන්වලට සහභාගී වෙමිනි.
“නියෝජ්‍ය කථානායක ධුරයට ඔබතුමියගේ නම යෝජනා වෙලා තියෙනවා. මේ යෝජනාව දහසය දෙනාගේ කණ්ඩායමේ යෝජනාවක් විතරක් නමෛයි. ජනාධිපතිතුමායි හිටපු ජනාධිපතිතුමායි මේකට කැමැතියි. මොකද කියන්නේ? මේක ගන්නවාද?” එස්.බි. ඇසුවේය.
“ඇමැතිතුමා, අපි කණ්ඩායම අයින් වුණ වෙලාවේ මේක ගන්න කියලා මෛත්‍රී ජනාධිපතිතුමා කිව්වා. ඒත් මම ගන්න බෑ කියලා කිව්වා. දැන් වුණත් ලොකු කැමැත්තක් නෑ” සුදර්ශනී එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“මේකට මෛත්‍රී ජනාධිපතිතුමයි, මහින්ද මහත්තයයි දෙන්නගේම ආශිර්වාදය  තියෙනවා” එස්.බි. කීවේය.
 
 ප්‍රසන්න මහින්දට පිටුපායි 
 
සුදර්ශනීට නියෝජ්‍ය කථානායක ධුරය ලබාදීමට යෝජනා වීමත් සමග අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. එහිදී වැඩි අවධානය යොමුවූයේ සුදර්ශනීගේ ප්‍රශ්නය වෙතය.
“අපි මේ වෙලාවේ සුදර්ශනීට පක්ෂව ඡන්දය දෙන්න ඕන. මේ වෙලාවේ මෛත්‍රී සහ රනිල් අතර බෙදීමක් තියෙනවා. ඒ බෙදීම වැඩි කරන්න පුළුවන් මේ වෙලාවේදී. අපි සුදර්ශනීට සහයෝගය දුන්නොත් මේ බෙදීම වැඩි වෙනවා” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
“ඡන්දයකට ගියොත් අපිට දිනන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එක පාරක් අගැමැතිතුමාට විරුදධව විශ්වාසභංග යෝජනාවක් ගේන වෙලාවේත් මේ වගේ කතා කිව්වා. හැබැයි අපි අන්තිමේදී පැරදුනා. මේ පාරත් ඒ දේ නොවේවි කියලා සහතික වෙන්න පුළුවන්ද” ප්‍රසන්න ඇසුවේය.
“එදා තත්ත්වයයි, අද තත්ත්වයයි වෙනස්” මහින්දානන්ද කීවේ පවතින දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයක්ද කරමිනි. 
“මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායත් ලැබෙනවා. 16 කණ්ඩායම වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුත් මේකට ඡන්දෙ දෙනවා” දිනේෂ් සිටියේද සුදර්ශනී නියෝජ්‍ය කථානායක කළ යුතු බවට වන ස්ථාවරයේය. 
“මම සුදර්ශනී එක්ක තරහක් නෑ. හැබැයි එතුමිය ඉන්න තැන ගැන මගේ පැහැදීමක් නෑ. සුදර්ශනී මන්ත්‍රීතුමිය නියෝජනය කරන්නේ මෛත්‍රී පාර්ශ්වය. අනික ඒකට මම   විරුද්ධයි. අපි මහන්සි වෙලා ගම්පහින් ‍පොහොට්ටුව උස්සලා තිව්වට පස්සේ සුදර්ශනීලා පිල් මාරු කරනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය” ප්‍රසන්න සිටියේ සුදර්ශනීට විරුද්ධ ස්ථාවරයේය. 
“ඔයාලාට මෙතැන තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලික ප්‍රශ්නයක්නේ. මේ ප්‍රශ්න ජාතික දේශපාලනයට අරගෙන එන්න එපා. ඔයාලාට ජාතික දේශපාලනයේ වෙන දේවල් ගැන අවබෝධයක් නෑ” මහින්දානන්ද කීවේ ප්‍රසන්නට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.
“මෙතැන තියෙන්නේ සුදර්ශනී එක්ක පුද්ගලික තරහක් නමෛයි. අපි ජෙයරාජ් ඇමැතිතුමාට ගරු කරනවා. හැබැයි සුදර්ශනී නෝනා දිනවන්න අපි මහන්සිවෙන්න ඕන නෑ” එයට උත්තර දීමට නැගී සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් මන්ත්‍රීවරයෙකු වන නිමල් ලන්සාය.
“අපිට මේ අය ගැන පුද්ගලික ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ අය නිසා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‍පොහොට්ටුව දිනවන්න මහන්සි වුණ කාට හරි අසාධාරණයක් වෙනව නම් අපි කැමැති නෑ” ප්‍රසන්න කීවේය.
“ප්‍රසන්නට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රසන්න ඡන්දෙ නොදී ඉන්න. හැබැයි අනික් අය සුදර්ශනීට ඡන්දය දෙන්න” මන්ත්‍රීවරුන්ගේ වාද විවාද දෙස සාවදානව බලා සිටි මහින්ද කීවේ ස්ථිර හඩිනි.
මහින්දගේ කතාවත් සමග මුහුණ අඳුරු කරගත් ප්‍රසන්න එතැනින් නැගිට ගියේය. එහෙත් ඔහු නැගිට ගියේ තනිවම නොවේ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ඩුලිප් විජේසේකර සමගය. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා ප්‍රසන්නගේ කල්ලියට එක්වූයේ නැත.
මහින්දගේ කණ්ඩායම් රැස්වීමෙන් නැගිට ගිය ප්‍රසන්න කෙළින්ම ගියේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හමුවීමටය. ඒ වන විට බැසිල් සිටියේ බත්තරමුල්‍ලේ නෙළුම් මාවතේ පිහිටි ‍පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේය.
ප්‍රසන්නගේ කල්ලිය නෙළුම් මාවතට යන විට බැසිල් සිටියේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සමග සාකච්ඡා කරමිනි. ප්‍රසන්නගේ කල්ලිය බැසිල් සමග ගොස් ටික වේලාවක් සාකච්ඡා කළේය. ඒ සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේදී පැවැති කණ්ඩායම් රැස්වීමේදී සිදුවූ දේ ගැන බැසිල් දැනුවත් කිරීමට මේ කල්ලිය පියවර ගෙන තිබුණි.
 
මහින්දගෙන් ප්‍රසන්නට දොස් 
 
මේ රැස්වීම අවසන් කර ප්‍රසන්න ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින විට මහින්ද ප්‍රසන්නට ඇමතුමක් දී තිබුණේය.
“ප්‍රසන්න කොහේද ඉන්නේ” මහින්ද ඇසුවේය.
“මම සර් මේ නෙළුම් මාවතේ ඉඳලා පාර්ලිමේන්තුවට එන ගමන් ඉන්නේ” ප්‍රසන්න උත්තර දුන්නේය.
“ඉක්මනට එන්නකෝ එහෙනම්. අද ඡන්දය දෙන එකේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. අපේ අය පාර්ලිමේන්තුවේ නෑ” මහින්ද කීවේය.
“හරි සර්. මම එන්නම්” ප්‍රසන්න කඩිනමින් පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ අනුව ප්‍රසන්න පාර්ලිමේන්තුවට පැමිණෙන අතරවාරයේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට දුරකථන ඇමතුම් දුන්නේය.
“අද අපිට ඡන්දයක් තියෙනවා කියලා කිව්වේ නෑ. එහෙම ඡන්දයක් දෙන්න එන්න කියලා කවුරුවත් කියලා නෑ” මන්ත්‍රීවරු කීවේ වෙනදාට පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වෙන විට එයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා යවන කෙටි පණිවුඩයවත් නොලැබුණ බව කියමිනි.
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දයක් කැඳවන විට ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් ඉවත්ව ගියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමිනි. මේ අතරවාරයේ ප්‍රසන්න තමන්ගේ කල්ලියේ මන්ත්‍රීවරු පිරිස සමග සභා ගර්භයෙන් පිටතට පැමිණියේය. ඔහු තමන්ගේ කල්ලියේ මන්ත්‍රීවරුන්ට අමතරව කුමාර වෙල්ගම, කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, නිමල් ලාංසා, මොහාන් සිල්වා, ශෙහාන් සේමසිංහ, කනක හේරත් සහ රෝහිත අබේගුණවර්ධන සභා ගර්භයෙන් ඉවත් කරවා ගත්හ. ඉන් පසුව ඔවුන් පැමිණියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයටය. මන්ත්‍රී භෝජනාගාරයට වී එහි තිබූ රූපවාහිනියෙන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන පිරිස බලා සිටියහ.
“අගමැතිතුමා කාන්තා අයිතිවාසිකම් ලබාදෙන අගමැතිතුමෙක්නේ. ඒ නිසා අගමැතිතුමාගේ ඡන්දය කාන්තාවකට තමයි ලැබෙන්නේ” මන්ත්‍රීවරු කීහ.
“ලෙෆ්ට් -රයිට්, ලෙෆ්ට් - රයිට්” ෆොන්සේකා ඡන්දය දීමට එනවිට මන්ත්‍රීවරු කෑ ගසන්නට වූහ.
“ඒ ඉස්සර” යැයි කියමින් ෆොන්සේකා ඡන්දය දුන්නේය.
මයන්ත දිසානායක ඡන්දය ප්‍රකාශ කර එය ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක අසුන්ගෙන සිටි ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට පෙන්වා ඡන්ද පෙට්ටියට ඡන්දය දැම්මේය.
ඡන්දය අවසන් වූයේ සුදර්ශනී පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ ආනන්ද කුමාරසිරිට ජයග්‍රහණය අත්කර දෙමිනි.
මහින්දගේ ආශිර්වාදය ලැබුණ සුදර්ශනීගේ පරාජය ගැන ඔහු සිටියේද තරමක කලකිරීමෙන් යුතුවය. ඔහු ප්‍රසන්නට දුරකථන ඇමතුමක් දුන්නේය. දුරකථනයෙක් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණේ අනෙක් මන්ත්‍රීවරුන්ද ප්‍රසන්නගේ කල්ලියට එක් කරගැනීම ගැන කියමිනි.
 
මහින්දගේ රැස්වීමට ‍පොල්ලක් 
 
නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දය අවසන් කර සභා ගර්භයෙන් එළියට එන විට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට අනුර කුමාර දිසානායක හමුවිය.
“යන යන තැන බෙදෙනවා නේද”අනුර ඩිලාන්ගෙන් ඇසුවේය.
“මම ඉතිං සිංහල වෙදෙක් වගේනේ. හදන්න කලින් කඩනවා. කඩලා තමයි හදන්නේ” ඩිලාන් ද කීවේ සුපුරුදු ලෙස සිනහවක් මුවට නංවාගනිමිනි.
එදින සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණේ මහින්දගේ විජේරාම නිවෙසේය. කුමාර වෙල්ගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එහි පැමිණ සිටියහ. එහෙත් අනෙක් පක්ෂවල නායකයෝ එහි පැමිණියේ නැත. ඒ නිසා මහින්දට සිදුවූයේ පක්ෂ නායක රැස්වීම කල් දැමීමටය. 
 
තිලකජය
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

දකුණ සහ බස්නාහිර මධ්‍යම තෙවැනි ජය වාර්තා කරයි

IMAGE 2018 Jun 20 11:06
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණ වාර්තා කිරීමට දකුණු පළාත සහ...
Views - 61

මාරවිල ශා. සේවියර් ලකුණු 3කට දැවී යයි

IMAGE 2018 Jun 20 10:40
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී...
Views - 95
IMAGEමලල කී‍්‍රඩා

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 264

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරැඹෙයි

IMAGE 2018 Jun 07 10:24
18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූහිදී අද (7දා) ආරම්භවේ. මෙම තරගාවලිය අද සිට ලබන 10දා දක්වා ආසියානු කලාපයේ රටවල් 35ක ක්‍රීඩක...
Views - 211
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 54

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 147
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 108

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 191

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.