lakbima.lk
නවතම පුවත

වසර 1 1/2ක් කට්ටි පැන්න නේවි සම්පත් අල්ලයි

IMAGE 2018 Aug 15 00:54
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි ධනවත් පවුල්වල උසස් අධ්‍යාපනය ලබමින් සිටි තරුණයන් හා වැඩිහිටියන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ...
Views - 291
එසැනින් පුවත්

ශ්‍රීලනිප සමුළුව කල්යයි

IMAGE 2018 Aug 15 00:48
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය සැප්තැම්බර් 2දා පැවැත්වීමට නියමිතව...
Views - 105

බන්ධනාගාර නිලධාරීන්ට මාධ්‍ය තහංචියක්

IMAGE 2018 Aug 15 00:34
බන්ධනාගාරය ඇතුළත සිදුවන මොනයම් හෝ කාරණයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත...
Views - 60

මරණ තර්ජනය ගැන ඩිලන්ත මාලගමුවගෙන් ප්‍රකාශයක්

IMAGE 2018 Aug 15 00:26
සුපිරි මෝටර් රථ ක්‍රීඩක ඩිලන්ත රන්දුල බණ්ඩාර මාලගමුවගේ ජීවිතයට එල්ල වී...
Views - 107

මැණික් මුදලාලිගේ රියට වෙඩි

IMAGE 2018 Aug 14 12:02
නිවිතිගල ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට අයත් ඩිෆෙන්ඩර් රථයකට...
Views - 383

පළාත් සභාවට පෙර ජනාධිපතිවරණයක්

IMAGE 2018 Aug 14 08:50
පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව...
Views - 720

නිළියගේ ලක්ෂ 10ට විද්ද අධ්‍යක්ෂ දැ‍ලේ

IMAGE 2018 Aug 14 00:42
ප‍්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රෝෂානා ඔන්ඩච්චි...
Views - 2396

වැසි සහ සුළං ඉහළට

IMAGE 2018 Aug 14 00:21
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගය අද (14) දිනයේදී තරමක්...
Views - 447

උතුරු යේමනයට එල්ල වූ ප‍්‍රහාරයෙන් ළමයි 40 ක් මිය යති

IMAGE 2018 Aug 13 11:45
පසුගිය බ‍්‍රහස්පතින්දා (09 ) උතුරු යේමනයේ සාඩා ප‍්‍රාන්තයේ ඩයාන් නම්...
Views - 467

මම ජනපතිවරණයට එන්නේ නෑ

IMAGE 2018 Aug 13 10:40
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායටම් හිටපු නායක කුමාර සංගක්කාර...
Views - 950

කාන්තා රැඳවියන් - ජේලර්වරියන් බෝතල්-බඳ පටි සටනක

IMAGE 2018 Aug 13 10:35
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සහ බන්ධනාගාර ජේලර්වරියන් අතර...
Views - 1326

ආවා ගැන කියන්න දුරකථන අංකයක්

IMAGE 2018 Aug 13 10:11
උතුරේ වැසියන්ගේ ෙදෙනික ජීවිතවලට බාධා කරන ආවා කල්ලියේ පුද්ගලයන්...
Views - 174

සිංගප්පූරු ගිවිසුමට ජනපතිගෙන් කමිටුවක්

IMAGE 2018 Aug 11 01:49
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක්...
Views - 1619

මහින්ද සුළු පක්ෂ සමග රහස් සාකච්ඡාවක

IMAGE 2018 Aug 11 01:27
ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු...
Views - 1268

රුසියානු තානාපති දයාන්මයි

IMAGE 2018 Aug 11 00:57
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක පත් කිරීමට...
Views - 2115

කරුට විරුද්ධව ඒකාබද්ධයෙන් පැමිණිල්ලක්

IMAGE 2018 Aug 11 00:48
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබා නොදීම...
Views - 711
එතෙර පුවත්

හිප‍පොටේමස් ප්‍රහාරයකින් කෙන්යාවේදි සංචාරකයෙක් මරුට

IMAGE 2018 Aug 14 00:25
කෙන්යාවේදී හිප‍පොටේමස් කෙනෙකු ඡායාරූපයට නැගීමට තැත්කළ සංචාරකයෙකුගේ...
Views - 303

සිරියාවේ ආයුධ ගබඩාවක් පිපිරිමෙන් තිස්නවයක් මරුට

IMAGE 2018 Aug 14 00:13
සිරියාවේ වයඹදිග කැරලිකරුවන් යටතේ පවතින ඉඩ්ලිබ් හි ආයුධ ගබඩාවක්...
Views - 148

ඇමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක

IMAGE 2018 Aug 10 11:57
බ්‍රිතාන්‍යයේ වෙසෙන හිටපු රුසියානු ඔත්තුකරුවන් දෙදෙනෙකුට විෂ රසායන...
Views - 587

පින්තූර ගැලරිය

IMAGE

දුටුගැමුණු රජතුමාට අධිකරණයෙන් කැඳවීමක්

IMAGE 2018 Aug 14 12:49
“කැඩිච්ච වාහනයක් ගන්න එකයි, ලෙඩ ගෑනියෙක් කසාද බඳින එකයි, මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය...
Views - 507

සයිබර් අවකාශයේ අලූත්ම ප‍්‍රහාරය ධනංජයට

IMAGE 2018 Aug 14 10:20
සයිබර් අවකාශයේ අලුත්ම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ ධනංජයට නේද? ඒක තමයි. සයිබර් අවකාශය අරක්...
Views - 514

වේදිකාවේ රජු කරන මගේ තටු කපන්න සමහරු දඟලනවා

IMAGE 2018 Aug 14 09:28
ප්‍රවීණ කලාකරු ජයසේකර අ‍පොන්සු පිළිබඳ කිසිවකු නොදැන සිටි අලුත්ම පුවතක් ඔහු සමග කළ සංවාදයක්...
Views - 649

ඒ වගේ දෙයක් දැක්කොත් මගේ මුළු ඇඟම පණ නැතිවෙනවා

IMAGE 2018 Aug 14 09:11
අද මම හෙළි කරන මේ රහස පුංචි කා‍ලේ ඉඳන්ම මා තුළ තිබුණු භීතිකාවක්. ඒ තමයි රිය අනතුරක් දැකීමට ඇති...
Views - 421

අලියෙක් විශ්වවිද්‍යාලයේ යයි

IMAGE 2018 Aug 10 10:34
මිහින්තලය කටුකැලියාව කැලෑ ප‍්‍රදේශයේ සිට අනපේක්ෂිත මෙහොතක ගම්වැදුණු අඩි දහයකට වඩා උසින්...
Views - 1125

මාලඹේ සිට කොළඹට උඩින් එන සැහැල්ලු දුම්රිය

IMAGE 2018 Aug 07 20:01
ගමන් මල්ල කර ලා ගත් මම මාලඹේ හන්දියට පැමිණියෙමි. පෙනෙන තෙක් මානයේ විසිරී ඇති වාහන මා නෙතට ගෙන...
Views - 3981

නිතර දකින නළුවෙක්ට වඩා ඉඳහිට දකින නළුවෙක් වෙන්නයි කැමති

IMAGE 2018 Aug 07 09:44
කාලෙකට පසුව එක්වන නවතම රංගනය රැගත් “නීල පබළු” ගැන අපි මුලින්ම කතා කරමු .. අපේ සාමාන්‍ය...
Views - 2027

අස්වානේ දෙවියන් නෙරපා දෙවොලට රිංගා ගත් සූනියම් දෙවියෝ

IMAGE 2018 Aug 06 12:41
මේ දිනවල ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වන දේවාල අතරින් ගම්පහ දිස්ත්‍රිකයේ මිනුවන්ගොඩ...
Views - 1790

අනුන්ගේ කකුලකින් තරුණයෙක් ඇවිද්දවු විස්මිත සැත්කමක්

IMAGE 2018 Aug 05 13:56
පසුගිය වසර දෙක තුනක සිට අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ කළ අපූරු සැත්කම් කීපයක් ගැනම අසන්නට ලැබුණි....
Views - 2238
IMAGE

දැනෙන විඳින ආදරේ

IMAGE 2018 Aug 13 12:21
ආදරේ අහිමි වීම නිසා අඩන උන්ට  ඕන හොද උරහිසක්. හුස්ම වල බර පිට කරන්න. නෑ... ඒක එහෙම නෙමෙයි කියලා මටවත් උඹටවත් කියන්න බෑ. මොකද ආදරේ හින්දා ඇස්තෙත් කරන් අ`ඩපු...
Views - 162
ව්‍යාපාරික පුවත්

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්

IMAGE 2018 Aug 08 12:37
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ විශාලතම රථවාහන ආනයනකරුවන්ගේ එකමුතුව වන...
Views - 747

COMPLAST ප්‍රදර්ශනය බණ්ඩාරණායක සම්ම්න්ත්‍රණ ශාලාවේදී

IMAGE 2018 Jul 31 12:18
ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය හා ඉන්දියාවේ Smart Expos & Fairs India Pvt Ltd එක්ව...
Views - 580

කැමරා 4කින් යුත් Nova 3 ප්‍රථම අලෙවිය සඳහා Huawei...

IMAGE 2018 Jul 30 11:09
Huawei හි නවතම හඳුන්වාදීම වන nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා...
Views - 1675
කතා මැද කතා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ‍පොරේ

IMAGE 2018 Aug 14 08:37
වර්තමාන පාර්ලිමේන්තුවේ බරපතළම ගැටලුව වී ඇත්තේ අලුත් විපක්ෂ නායකවරයකු පත්කර ගැනීමේ ප්‍රශ්නයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි 8දා බලයට...
Views - 312
සුන්දර ලක්බිම

කාලයේ වැලි තලයෙන් වැසුණු ජාත්‍යන්තර පැරණි වරායකට යමු

IMAGE 2018 Aug 06 17:04
ගොඩවාය කියන්නේ ඒ 3 මාර්ගය ඔස්සේ කොළඹ සිට කතරගම දෙසට යන විට අම්බලන්තොටත් හම්බන්තොටත් අතර හමුවන කුඩා ධීවර ගම්මානයක්. වර්තමානයේ  බැලූ බැල්මට එතරම්...
Views - 684

සුමති සම්මාන 2018

කාටූන්

සහන් එළිය

තරුණියක් වන්නට සිහින මවන තරුණයෙක්

IMAGE 2018 Aug 10 17:00
එවර මනෝ වෛද්‍යවරයා හමුවට පත් කරන ලද්දේ හොඳින් දැලි රැවුල වැඩුණු මහා පෞරුෂයකින් යුතු පැහැපත් තරුණයෙකි. තරුණයා සමග ඔහුගේ මව සහ වැඩිමල් සොයුරියද වූවාය....
Views - 970
විමසුම

දුම්කොළ වගාව තහනම් කළොත්?

IMAGE 2018 Aug 14 11:39
•ඔබ දුම්කොල වගාව සම්බන්දයෙන් සමීක්ෂණයක් කරලා එහි වාර්තාව එළි දක්වා තිබෙනවා. ඔබ මෙයින් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඇත්තටම දුම්කොළ වගාව සඳහා යොමු වී...
Views - 85
මානිගේ තීරුව

බස් වගේ කෝච්චිත් ප්‍රයිවෙට් කරමු

IMAGE 2018 Aug 14 11:28
අගෝස්තු 12 වැනිදා, කොළඹදී. සැරද? ප්‍රිය දුම්රිය මගිය, යන්න එන්න කෝච්චියක් නැති වුණත්, මේ දවස්වල අපේ රටේ ජනප්‍රියම කෙනා ඔබයි. ඒ ජනප්‍රියත්වයේ රහස...
Views - 223
ලොව වටා සතියක්

ස්වභාවික ව්‍යසන හා නව දේශපාලනමය අර්බුදයන්

IMAGE 2018 Aug 10 15:06
ගෙවී ගිය සතියේ ජාත්‍යන්තර පුවත මැවීමට සමත් වූ ප‍්‍රධානතම මාතෘකා වූයේ ස්වභාවික ව්‍යසන හා නව දේශපාලනමය අර්බුදයන් ය. ඒ අතරින් ගිනිකොණ දිග ආසියනු...
Views - 205
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ප්‍රීතියට පත් දුම්රිය මගීහු රියැදුරන් සිප ගන්න සොයති

IMAGE 2018 Aug 13 21:24
රටවල් දියුණුවන්නේය. ඒ වර්ජනය නිසාය. වර්ජන නිසා රට වල් ඉදිරියටම යන්නේය. වර්ජන අඩුම රට අපේය. ඒ අතින් අපි තවමත් පහළය. හරිනම් දවසට දෙක තුනක්වත් තිබිය යුතුය. ඒ...
Views - 229
දහම් මග

පටිවේධ බෞද්ධ විහාරයේ ප්‍රථම වස් සමාදන් විම

IMAGE 2018 Aug 06 22:40
ඊශ්රාලයේ ටෙල්අවීව්හි ශ්‍රී ලංකා තානාපති තුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ...
Views - 439
විශේෂ පුවත්

පෝට් සිටියේ පළමු අදියරේ වැඩ තව ටික දවසකින් අවසන්

IMAGE 2018 Aug 14 10:48
භූමි ප‍්‍රමාණය          මේ වෙද්දී පෝට් සිටි එකේ වැඩ පටන් අරගෙනයි...
Views - 235

එතෙර රටවල වාහන වෙළෙඳපොළ ගැනත් දැන ගමු

IMAGE 2018 Aug 14 10:07
තනිකඩව ජීවත් වෙන කාලේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යන්න මිලට ගන්න වාහනයක් තමයි...
Views - 273

රත්නපුර කම්කරු කාර්යාලයට ගල් භීතියක්

IMAGE 2018 Aug 10 10:57
ගල් පෙරළීමේ අවදානමක් ඇති බව පවසා මීට වසර දෙකකට පමණ පෙර රත්නපුරේ කම්කරු...
Views - 148

එජාපයේ මැයි රැලි වර්ජනය වසන් කරන්න රනිල් ගහපු අලුත් ගැටේ

වෙසක් උත්සවය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂවලට මැයි දිනය මැයි පළමුවැනිදා සැමරීමට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ මැයි හය වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සැමරුවේ මැයි හත් වැනිදාය.
මැයි දින සමරුවට සහභාගි වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොළොන්නරුට ගියේ විවේකීව දින කිහිපයක් ගත කිරීමටය. එහෙත් ‍පොළොන්නරුවේ සිටත් දේශපාලන වැඩ කටයුතු කිහිපයක යෙදීමට ඔහුට සිදුවිය. ඒ අතර ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයද ‍පොළොන්නරුවේ සංවිධානය කර තිබුණි. ජනාධිපතිවරයාගේ දියණිය චතුරිකා සිරිසේනද එහි පැමිණ සිටියාය. ජනපතිවරයා රාජිත සමග කොළඹ සිට ‍පොළොන්නරුවට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. එතැන් සිට මෛත්‍රීගේ නිවසට ගොස් ටික වේලාවක් සිට උත්සවයට පැමිණියහ.
“අපි ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කාලා ටිකක් කතා කරලා යමු” මෛත්‍රී යෝජනා කළේය. ඒ අනුව රාජිත මෛත්‍රීගේ ගෙදරට ගියේ මෛත්‍රී සමගය.
“ජනාධිපතිතුමනි, අපි එකට එකතුවෙලා වැඩ කරමු. ඒ විදියට එකට වැඩ කළොත් ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන්. බෙදිලා වැඩ කළොත් ඡන්ද දිනන්න නම් බෑ” රාජිත දීර්ඝ දේශපාලන විග්‍රහයක් කළේය.
“ගෝඨා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඒකාබද්ධ විපක්ෂය තීරණය කරලා තියෙනවා” මෛත්‍රී තමන්ට ලැබුණු විශ්වාසදායක තොරතුරක් තහවුරු කළේය.
“ගෝඨා එනවා නම් හොඳයි. සුළු ජාතික ඡන්ද ගෝඨට ලැබෙන්නේ නෑ. එයා ආරක්ෂක ‍ලේකම් විදියට වැඩ කරපු කා‍ලේ කරපු දේවල් සුළු ජාතීන් දන්නවා. ඒ නිසා තමයි දැන් සෝෂල් මීඩියාවලින් ගෝඨාභය ගැන කතා කරන්නේ. සුළු ජාතීන්ගේ ඡන්ද නැති නිසා පරාජය අතට අරගෙන තමයි එයා එන්නේ. අපි එකට එකතුවෙලා වැඩ කරමු. තනියෙන් යන්න බෑ. මම පළාත් පාලන මැතිවණයේදීත් කිව්වේ අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලයි. ඒත් ඔබතුමාගේ ‍ලේකම්වරු අවබෝධයකින් තොරව ප්‍රකාශ කළා. වෙන් වෙන්ව තරග කරන්න ඕන එතකොට කරමු කියලා ඒ අය කිව්වා. මම කිව්ව දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමා අගමැතිතුමා එක්ක  කතා කරලා වැඩ ටික කරගෙන යන්න” රාජිත දීර්ඝ විග්‍රහයක් කළේය.
මේ අතර රවි කරුණානායකට ඇමැති ධුරයක් දීම ගැනත් අවධානය යොමුවිය. රවි මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජිත හමුවී තමන්ට ඇමැති ධුරයක් ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබුණි. මෛත්‍රී සහ රනිල් හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට රාජිත ‍පොරොන්දුවී තිබුණේය.
“රවි මට නිතරම මට කතා කරනවා. ඒක නිසයි මම ඔබතුමාගෙන් ඇහුවේ” රාජිත කීය.
“රවිට ඇමැතිකමක් දෙනවාට එක්සත් ජාතික පක්ෂයම විරුද්ධයි. මම හම්බවෙන්න එන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු කියන්නේ රවිට ඇමැතිකමක් දෙන්න එපා කියලයි. එක්සත් ජාතික පක්ෂයට රට තුළම විරෝධයක් තියෙනවා. එක දවසක් රනිල් එක්ක ඇමැතිවරු දෙන්නෙක් ආවා. මේ ගැන කතා කරන්න. ඒ දෙන්නත් රවිට ඇමැතිකමක් දෙනවට විරුද්ධයි. රවිට ඇමැතිකමක් දෙන එක ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දුවක් අරගෙන පක්ෂයේ මතය දැනුම් දෙන්නම් කියලා කිව්වා. එහෙම කියනකොටත් ඒ පක්ෂයේ ඇමැතිවරු විරෝධය දක්වනවා”මෛත්‍රී කීවේ රවිට ඇමැතිකමක් ලබාදීමේ ගැටලුව ගැන පැහැදිලි කරමිනි.
 
මංගල උත්සව 
 
මඩකලපුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට ආණ්ඩුවෙන් ඉවත්වූ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ද පැමිණ සිටියහ. ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික වූ එස්.බි. දිසානායක වේදිකාවට ගොඩ වුවත් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු මන්ත්‍රීහු ක්‍රීඩාංගණයට වී සිටියෝය. ඔවුන් එහි සිටිනු දුටු ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයාත් එහි පැමිණ සුහදව කතා කරමින් සිටියේය.
මේ අතර මැයි දිනය අවසන් කර කඩිනමින් කොළඹ ඒමට මෛත්‍රීට අවශ්‍යවී තිබුණි. ඒ ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමැතිවරයාගේ බාල පුතාගේ විවාහ මංගල උත්සවය පැවැති නිසාය. එම විවාහ මංගල උත්සවයට ආණ්ඩුවෙන් ඉවත්වූ ඇමැතිවරු පැමිණ සිටි අතර ඒ නිසාම ඇතැම් අය මැයි දිනයට සහභාගී වී තිබුණේ නැත. 
විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීමට තිබුණේ ගෝඨාභය රාජපක්ෂට හා මෛත්‍රීටය. ඒ සඳහා නැකැත යෙදී තිබුණේ සවස හතට පමණය. නැකැතට විනාඩි දහයක් පමණ පෙර මෛත්‍රී ලක්ෂ්මන්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
“මට මේ නැකැත් වෙලාවට එන්න විදියක් නැතිවේවි. මම රත්මලානෙන් ගුවන් යානයක් ගෙන්වගෙන තමයි කොළඹ එන්නේ. තවත් ටික වේලාවකින් නැකැතක් තියෙනවානම් බලන්න”මෛත්‍රී කීවේය
ඒ අනුව ලක්ෂ්මන් යාපා කඩිනමින් නැකැත් වේලා ගැන සොයා බලන්න විය. ඒ අනුව සවස හතයි හතළිහට පමණ තවත් නැකැත් වේලාවක් යෙදී තිබුණේය. ඒ නිසා මෛත්‍රීට ඒ වෙලාවට එන්නැයි ලක්ෂ්මන් යාපා දැනුම් දුන්නේය. මෛත්‍රී හතයි හතළිහට පැමිණෙන විට ගෝඨා එහි සිටියේ නැත. ඒ මුල් නැකැත් වේලාවට විවාහයේ සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කර ඔහු පිටත්ව ගොස් තිබිම නිසාය.
මෛත්‍රී විවාහයට අත්සන් කිරීමට එන විට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මුහුණට හමුවිය.
“කොහොමද බන්දුල”මෛත්‍රී ඇසුවේය.
“සර් තමයි කොහොමද කියලා දන්නේ”බන්දුලත් කීවේ සිනාසෙමිනි.
 
 තෙල් මිල වැඩි කළ හැටි 
 
මේ සතියේ කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අඟහරුවාදා පැවැත්වුණේ නැත. සති දෙකකින් කැබිනට් රැස්වීම නොපැවැත්වීම නිසා මේ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ බදාදාය. ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ගැන සාකච්ඡාව ආරම්භ කිරීමත් සමග කැබිනට් මණ්ඩලය උණුසුම් මුහුණුවරක් ගත්තේය.
“මේ වෙලාවේ තෙල් මිල ඉහළ දැම්මොත් ආර්ථිකයට බලපාන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ගමට යන්න බැරිවෙනවා” ඇමැතිවරු තෙල් මිල ඉහළ දැමීමට විරෝධය දැක්වූහ.
“අපි අද රෑට කැබිනට් ඇමැතිවරු කැඳවලා දීර්ඝ ලෙස මේ ගැන සාකච්ඡා කරමු”මෛත්‍රී තවත් රැස්වීමක් කැඳවූවේය.
ඒ අනුව බදාදා රාත්‍රියේදී කැබිනට් ඇමැතිවරු සමග මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා හා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කැඳවා තිබුණහ.
“තෙල් මිල වැඩි කරන්න ඕන. වෙනත් විකල්පයක් මේකට තියෙනවාද?” තෙල් ඇමැතිවරයා ඇසුවේය.
“දැන් තෙල් බැරලයක මිල ඩොලර් හැත්තෑ පහක් විතර වෙලා තියෙනවා. ඒ නිසා තවත් පාඩුවට තෙල් දෙන්න බෑ” මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් කීය.
“ඉන්ධනවලට අය කරන බදු අඩු කරලා තෙල් මිල පාලනය කරන්න පුළුවන්ද. මේවාට ලොකු බද්දක් ගහනවානේ” මෛත්‍රී කීවේ තරමක නොරුස්සනා ස්වභාවයෙනි. ඔහු කීවේ බදු නොගසා මහජනතාවට සහන දිය යුතු බවය.
කෙසේ වෙතත් අවසානයේදී තීරණය වූයේ බ්‍රහස්පතින්දා සිට ඉන්ධන මිල ඉහළ දැමීමටය. නැවත මාස දෙකකින් ඉන්ධන මිල සංශෝධනය ගැන සමාලෝචනය කිරීමට තීරණය විය.
 
වැඩි වැඩ කරන්න හදන සංවිධායක 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා සවස රැස්වුණේ මෛත්‍රීගේ නිවසේදීය. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ඇමැතිවරු දහසය දෙනාද එහි පැමිණ සිටියහ. 
“මම හෙට ඉරානයේ සංචාරයකට යනවා. ගිහින් ආවම 17 වැනිදා රෑට මධ්‍යම කාරක සභාව තියමු. පක්ෂ සංශෝධනය ගැන තියෙන අදහස් ඊට කලින් අවශ්‍යයි. 15 වැනිදා වෙනකොට යෝජනා ඉදිරිපත් කරන්න. මම ලංකාවට ආවට පස්සේ මේ ගැන අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කරන්නම්” මෛත්‍රී පැවැසුවේය.
“රජික කොඩිතුවක්කු කියන සංවිධායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තියෙනවා. ඇමැති ධුරවලින් ඉවත්වූ ඇමැතිවරුන්ගෙන් සමහරු ජාතික ලැයිස්තුවෙන් ආපු අය නිසා ඒ අය මන්ත්‍රීධුරවලින් අයින් කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා. එයා කවුද එහෙම දෙයක් කියන්නේ” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
“ඒක ඇත්ත. එයා නිකම් සංවිධායකවරයෙක් විතරයි. එයාට එහෙම කියන්න බෑ. එහෙම දේවල් කියන්න ඒ කවුද” නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාත් කීවේත් තරමක ආවේගයෙන් යුතුවය.
“එහෙම කියන්න බෑ. සමහර අයට ඕනෙ මේ දැන් ඉන්න අය අයින් කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නනේ මේ හදන්නේ” මෛත්‍රීත් කීවේ රජික කොඩිතුවක්කුගේ කතාවට විරෝධය දක්වමිනි.
කෙසේ නමුත් මේ සාකච්ඡාව අවසන් වූයේ දින හතළිස්පහක් ඇතුළත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමේ එකඟතාවය මතය.
 
රනිල්ගේ කළමනාකරණය 
 
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වුණේ ඉරිදාය. එහෙත් ඊට පෙර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු රනිල්ට රතු එළියක් දල්වා තිබුණි.
“නායකත්වය වෙනස් වෙන්නේ නැතිනම් අපි නායකතුමා එන රැස්වීම්වලට එන්නේ නෑ. ඒ සියල්ල වර්ජනය කරනවා” පසුපෙළ මන්ත්‍රීවරු රනිල්ට දැනුම්දී තිබුණි. ඒ අනුව මැයි දිනයට මන්ත්‍රීවරු පිරිසක් නොපැමිණෙන බව රනිල් දැනුවත්ව සිටියේය. ඒ නිසා ඔහු තමන්ගේ හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක්ට දැනුමදී තිබුණේ මැයි දිනයට නොපැමිණෙන ලෙසය. ඔවුන්ද මැයි දිනයට නොපැමිණි විට වර්ජනයක් ගැන කතාවක් ඉදිරියට ගෙන යාමට නොහැකිවන තත්ත්වයක් ඇතිකිරීම රනිල්ගේ අරමුණ විය.
මේ අතර සාගල රත්නායක ඇමැතිවරයාද රනිල්ට ඇමතුමක් දී තිබුණි.
“සර් මැයි දින රැලිය තියෙන දවසේම තමයි ගැටබරු දේවාලයේ පින්කම පැවැත්වෙන්නේ” සාගල කීවේය.
“සාගල ඒකට සහභාගී වෙන්න” රනිල් සාගලට එයට සහභාගීවීමට අවසර දුන්නේය. එහෙත් රවි කරුණායක උප නායකයාට විශේෂ ආරාධනාවක් විය. එය කර තිබුණේ පක්ෂ මහ‍ලේකම් අකිල විරාජ් කාරියසම්ය.
“රවි කරුණානායකට මම විශේෂයෙන්ම ආරාධනා කළා. ඒ විතරක් නමෛයි කතාවකුත් වෙන් කරලා තිබුණේ. ඒත් ආවේ නැත්තේ ඇයිද කියලා නම් දන්නේ නෑ. ගිය ජනාධිපතිවරණය දිනවල මේ ආණ්ඩුව හදන්න අපි කට්ටිය එකතුවෙලා කරපු වැඩ ගැන පාක්ෂිකයන්ට කියලා ලොකු ජනතා ප්‍රසාදයක් ගන්න තිබුණ අවස්ථාව රවි නැති කරගත්තා” අකිල විරාජ් කාරියවසම් නොපැමිණි මන්ත්‍රීවරු ගැන විමසූ විට රනිල්ට කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. වෙනදාට බස්රථ පිටින් සෙනඟ ගෙන එන නමුත් මෙවර බොහෝදෙනා බස් පිටින් පාක්ෂිකයන් ගෙන ආවේ නැත. එහෙත් ඇතුළට පැමිණීමට නොහැකිවූ පාක්ෂිකයන් සුගතදාස ක්‍රීඩාංගණයට ඇතුළුවීමටවත් නොහැකිව පිටත්ව ගියේය.
මේ අතර බැසිල් රාජපක්ෂ ගැනත් මැයි දිනයට පැමිණ සිටි ඇමැතිවරු කතා කරන්නට වූහ.
“බැසිල් 2020 එනවා නම් හොඳයි. මට එතකොට හොඳට බැසිල් ගැන කියන්න පුළුවන්. එදා මගේ පියා ළඟට ඇවිත් මහවැලියේ රුපියල් හත්දහස් පන්සියයක වැටුපට රස්සාව ගත්ත හැටි පුංචි නවීන්ට හොඳට මතකයි. එහෙම කෙනා අද කෝටිපතියෙක් වුණේ කොහොමද කියලා මම අහනවා” නවීන් කීවේ ඒ ගැන වූ කතාබහ අතරේදීය.
 
ෆොන්සේකාගේ විවේචන 
 
මැයි දිනයේදී සරත් ෆොන්සේකාටද කතාවක් වෙන්ව තිබූ අතර ඔහු එහිදී මෛත්‍රී දැඩි ලෙස විවේචනය කළේය. 
“වැරදි පුද්ගලයෙක් රටේ නායකත්වයට පත් කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට වගේම රටටත් මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී පිටස්තර අය ඉදිරිපත් කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ අයෙක්ම ඉදිරිපත් කරන්න ඕන” ෆොන්සේකා පැවැසුවේය.
මේ ප්‍රකාශය මෛත්‍රීටද ආරංචිවී තිබූ අතර දුමින්ද දිසානායක ඇමැතිවරයා ඒ ගැන මලික් සමරවික්‍රම ඇමැතිවරයාගෙන් විමසා තිබුණේය. මලික් කියා තිබුණේ ෆොන්සේකාගේ ප්‍රකාශය රනිල් අනුමත කර නොමැති බවය.  
“මේ ගැන අගමැතිතුමා ෆොන්සේකාගෙන් අහලා තිබුණා. මේ වගේ කතා මින් ඉදිරියට කරන්න එපා කියලා අවවාද කරලා තිබුණා” මලික් දුමින්දට කියා තිබුණේය.
මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රාජිත, මලික්, ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර රනිල් සමග මෛත්‍රී හමුවී තිබුණේය. ඒ කලින් කළ ප්‍රකාශය ගැන කනගාටුව පළකර සමාව ගැනීමටය.
එහෙත් මේ ගැන ෆොන්සේකා පසුව කීවේ වෙනත් කතාවකි. එනම් තමන් මෛත්‍රීගෙන් සමාව නොගත් බවය.
“ෆොන්සේකා මෛත්‍රීගෙන් සමාව ගත්තා” රාජිත ප්‍රසිද්ධියේම කීවේ ෆොන්සේකාගේ සමාව ගැනීමේ කතාව නිවැරදි බව කියමිනි.
 
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වුණේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදීය. මැයි දින රැලියට සූදානම් වන අයුරු නිරික්ෂණය කිරීමට බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හදිසියේම සමනල ක්‍රීඩාංගණය අසලට පැමිණියේ පෙරදා රාත්‍රියේය. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා සමග එහි පැමිණි ඔහු වේදිකාවේ ඉදිකිරීම් ගැන සොයා බැලුවේය.
“වැඩ ටික හොඳට කෙරීගෙන යනවා” බැසිල් වේදිකාව දෙස බලමින් කීවේය.
“ඔබතුමා හැම දේම හොඳට සප්ලයි කරලා තිබුණාණේ. ඒක නිසා අපිට මේ වැඩ ටික පහසු වුණා” රමේෂ් කීය.
පැය දෙකක් පමණ බැසිල් එතැන රැඳී සිටිමින් කටයුතු ගැන සොයා බැලුවේය. 
මැයි දින පෙළපාළියේ පිළිගැනීම් ස්ථානයේ සිටියේ බැසිල්ය. රැලියට එක්වන පිරිස් ගැන නිරීක්ෂණය කළ ඔහු මෙවර සෙනඟ ගෙනවිත් ඇති අය ගැන තක්සේරුවක් ගැනීමට උත්සාහ කළේය. පෙළපාළිය ආරම්භ කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටියේ තංගල්‍ලේය. තංගල්‍ලේ සිට හෙලිකොප්ටරයෙන් ගාල්ලට පැමිණි ඔහු වේදිකාවට පැමිණීමට පෙර ගාල්ල කොටුව තුළට ගියේය. ඒ කොටුව තුළ සිටින සිය ඥාතියකුගේ නිවසටය. එහි ටික වේලාවක් ගත කළ මහින්ද වේදිකාවට පැමිණියේ සංවිධායකයින්ගෙන් ඇමතුමක් ලැබුණ විටය.
මැයි දින රැලිය අවසන්වීමෙන් පසුව මහින්ද වේදිකාවෙන් පහළට බැස්සේ සංවිධායකයන්ට ස්තුති කරමිනි.
“මේක හොඳට සංවිධානය කරලා තිබුණා. හැබැයි මට ‍පොඩි ඉල්ලීමක් තියෙනවා” මහින්ද කීය.
“ඒ මොකක්ද සර්” අවට සිටි සියලුදෙනාම මහින්ද වෙත අවධානය යොමු කළේය.
“මීට පස්සේ මේ වගේ උත්සවලට එන අපේ ජනතාව බස් රථවලින් පුළුවන් තරම් ළඟටම ගෙන්වා ගන්න. කිලෝමීටර ගණනාවක් ඈත ඉඳලා පයින් එන්න සිද්ධවුණා කියලා මට ආරංචි වුණා. එහෙම කරන්න එපා. හැම තැනකින්ම මිනිස්සු එද්දී මේ විදියට කරන්න අමාරුයි කියලා මම දන්නවා. හැබැයි මිනිස්සුන්ට කරදර අඩුම විදියට අපි වැඩ කරන්න ඕන” මහින්ද කීය.
එදින රාත්‍රී ආහාර සූදානම් කර තිබුණේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ කිතුලම්පිටියේ නිවසේය. එහෙත් මහින්දගේ සහෝදරියක අභවප්‍රාප්තවී වසරක් ගතවීම නිමිත්තෙන් වන ආගමික වැඩකටයුත්තක් දෙණියායේ සංවිධානය කර තිබුණි.
“රමේෂ් මට පිරිතකට දෙණියායේ යන්න වෙලා තියෙනවා. ඒ නිසා වෙන වෙලාවක එන්නම්” මහින්ද පිටත්ව ගියේය.
 
ලොකුගේ ගේ චණ්ඩිකම් 
 
මේ සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසේදීය. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ගැන එහිදී වැඩි අවධානයක් යොමුවිය.
 “මේ දහසය දෙනා සෘජුව ඒකාබද්ධ විපක්ෂයේ සහ ‍පොහොට්ටුව එක්ක එකතුවෙන්න ඕන. මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පවසා තිබුණි.
එදිනම සවස ගාමිණි ලොකුගේ ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි. රාජපක්ෂ පවු‍ලේ සහෝදරයෝ සිව් දෙනෙක් එයට එක්ව සිටියහ. මන්ත්‍රීවරුද එහි පැමිණ සිටි අතර බැසිල් මන්ත්‍රීවරු සිටි තැනට පැමිණ ටික වේලාවක් කතා කරමින් සිට එතැනින් පිටත්ව ගියේය.
“එක්කෙනෙක් නම් ඇවිත් ගියානේ. අනික් කෙනත් ආව නම් අපිට කවුද හොඳ කියලා හිතාගන්න තිබුණා” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ගෝඨා දෙස බලමිනි. ඒ කතාව කියනවාත් සමගම ගෝඨාත් මන්ත්‍රීවරු සිටින තැනට පැමිණියේය.
“මීළඟ ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුණත්  එයාට අනිවාර්යෙන්ම මහින්ද මහත්තයාගේ ආශිර්වාදය තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට නම් අපේ කිසිම සහයෝගයක් නෑ” පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේය.
“ජනාධිපතිවරණයක් එනකම් අපි ඕවට කලබල වෙන්නේ නැතිව ඉන්න ඕන. ජනාධිපතිවරණයක් කිට්ටුවට ආවම අපිට පුළුවන් අපේ අපේක්ෂකයා කවුද කියලා කියන්න. එතකම් සද්ද නැතිව ඉන්න එක තමයි හොඳ” ප්‍රසන්නගේ කතාව සියල්ලෝම අනුමත කළහ.
මේ අතර මහින්ද ගාමිණි ලොකුගේගේ ‍ලේලියන් දෙදෙනා සිටි තැනට ගොස් ලොකුගේගේ දේශපාලන අතීතය ගැන සිහිපත් කළේය.
“ලොකුගේ මන්ත්‍රීතුමා නම් හරිම හිතුවක්කාරයා. කවුරුහරි ගහන්න ආවොත් එයා අරින්නේ නෑ. බැන්නොත් බණිනවා. ගැහුවොත් ගහනවා. ඒ වගේ චරිතයක් තමයි මේ”මහින්ද ලොකුගේ පෙන්වමින් කියන විට ‍ලේලියෝද ඒ කතාව අනුමත කළෝය. 
“මතක නැද්ද එදා මරික්කාර්ගේ කනට ගහපු හැටි. කොල්ලෙක් වගේ නැගිටලා දුවගෙන ගියේ” මහින්ද සිනාසෙමින් සිහිපත් කළේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුමක් ගැනය.
ලොකුගේ ගේ උපන්දිනය වෙනුවෙන් කේක් කපන අවස්ථාව පැමිණි විට මහින්ද ප්‍රසන්න රණවීර පෙන්වමින් තවත් උපන්දින කුමාරයෙක් ගැන කීවේය.
“අද අපිට තවත් උපන්දින කුමාරයෙක් ඉන්නවානේ. මේකට එයත් සම්බන්ධ කරගන්න” ඒ අනුව ලොකුගේ කේක් කැපුවේ රණවීරත් අසලින් තබාගෙනය.
 
ගෝඨාට අවස්ථාවක් නොදෙන හැටි 
 
පසුගිය සතියේදී ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් හමුවීමට බටහිර තානාපති රටක තානාපතිවරයෙක් පැමිණියේය. ඒ රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන සුහදව අදහස් හුවමාරු කරගැනීමටය.
“ඔබතුමා හිතන්නේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කවුරු ජනාධිපති අපේක්ෂකයා වේවි කියලාද”තානාපතිවරයා ඇසුවේය.
“ගෝඨා තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ” ඇමැතිවරයා උත්තර දුන්නේය.
“ඒක වෙන්න බෑ. තවම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝඨාගේ පුරවැසිභාවය අහෝසි කරලා නෑ. ඒක අහෝසි කරන එකක් නැහැ. ඒ නිසා ගෝඨාට ඡන්දයට එන්න තියෙන අවස්ථාව අඩුයි” තානාපතිවරයා කීවේ ගෝඨාගේ මැතිවරණ බලා‍පොරොත්තු ගැන සැකයක් තබමිනි. 
 
තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

‘ලාස්ට් මෑන් චාන්ස්’ ක්‍රිකට් ශූරතාව අජන්ත මෙන්ඩිස්ගේ කණ්ඩායමට

IMAGE 2018 Aug 15 00:24
එංගලන්තයේ පැවැති ‘ලාස්ට් මෑන් චාන්ස්’ 20-20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
Views - 47

ශ්‍රී ලංකා නැගී එන පිල තෙවැනි ජය වාර්තා කරයි

IMAGE 2018 Aug 15 00:20
ශ්‍රී ලංකා නැගී එන පිල සහ දකුණු අප්‍රිකානු නැගී එන පිල අතර ඊයේ (14දා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී...
Views - 33
IMAGE වෙනත් කී‍්‍රඩා

ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා ක්‍රීඩා සම්මාන උළෙල ලබන වසර මුලදී

IMAGE 2018 Aug 13 23:44
අනාගත ලොව ජය ගන්නා රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියට හඳුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීමේ අරමුණෙන් පවත්වන ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා ජාතික...
Views - 57

ආසියානු කුසලාන අවු. 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය

IMAGE 2018 Aug 13 22:24
ආසියානු රග්බි සංගමයේ මෙහෙයවීමෙන් හොංකොංහිදී පැවැති ආසියානු කුසලාන අවු. 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා...
Views - 60

පාකිස්තාන අගමැතිගේ නොදන්න කතා

Monday, 13 August 2018 IMAGE
මෙම ලිපිය ලියන විට පාකිස්තානයේ 19 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන හිටපු ක‍්‍රිකට් නායකයෙකු සහ තෙහෙරක් ඉ ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන් ...
Views - 480

කැස්පියන් මුහුද රටවල් පහක් බෙදා ගනී

Monday, 13 August 2018 IMAGE
වසර  20ක් තිස්සේ ඉරානය හා රුසියාව අතර බෙදී ගොස් තිබූ කැස්පියන් මුහුද සම පාර්ශවීය ගිවිසුමක් මඟින් රාජ්‍යයන් 5ක් අතර බෙදා වෙන් කර ගැනීමට තීරණය  කර ඇත. ඒ...
Views - 263

බංගලාදේශයම නතරකළ රිය අනතුර

Monday, 13 August 2018 IMAGE
බංගලාදේශයේ අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී මේ වනවිට සති දෙකකට ආසන්නය. දැඩි වාහන තදබදයක් මෙන්ම ප්‍රවාහන කටයුතු දුබල තත්ත්වයේ පවතින බවට මෙය ලියන අප...
Views - 214

ලොව පුරා රූපවාහිනී නාලිකාවලට අලුත් අභියෝගයක්

Monday, 13 August 2018 IMAGE
මේ කාලයේ සන්නිවේදන මාධ්‍ය අතරින් වඩාත්ම ජනප්‍රිය මාධ්‍යයක් ලෙස සැලකෙන්නේ රූපවාහිනියයි. රූපවාහිනියේ ආගමනයත් සමග ඒ වනවිට ජනප්‍රියව පැවැති ගුවන්...
Views - 127

යුවතියන්ගේ ආර්තවය සම්බන්ධ ගැටලු

Tuesday, 14 August 2018 IMAGE
නව යෞවන වයස්වල පසුවන දැරිවියන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර ඔසප්වීම හා සම්බන්ධ ඒවා රාශියකි. අනාගතයේ දරුවෙකු දරා සිටීමට, ගර්භාෂය සූදානම් වීමක් නිසා...
Views - 75

හිසකෙස් ඩයි කරන අය ඇලර්ජි ටෙස්ට් එකක් කළ...

Tuesday, 14 August 2018 IMAGE
මැදිවිය පසුවන්නටත් පෙරාතුව කළු කෙස් සුදුපැහැ වන්නට පටන්ගැනීම වර්තමානයේ සුලබව දැකිය හැකි තත්ත්වයකි. ඒ නිසාම ඒවා  කෘත්‍රිමව වර්ණ ගන්වන්නට නොයෙක්...
Views - 137

මව්පිය උරුමයෙන් වැලඳෙන ජානගත රෝගවලින්...

Tuesday, 14 August 2018 IMAGE
එකම වර්ගයේ පෑන් දෙකක් සෑම අතින්ම එක හා සමාන වේ. එවැනි පෑන් දෙකක් අතර ඉතා කුඩා වෙනසක් හෝ සොයාගැනීම පහසු නැත. එසේ වන්නේ එම පෑන් දෙකම එකම යන්ත්‍රයක...
Views - 87

ගැබිනි සමයේ දෙන විටමින් වර්ග මවටත් දරුවාටත්...

Tuesday, 14 August 2018 IMAGE
විවාහපත් යුවළකගේ මීළඟ සිහිනය ඉක්මනින්ම මා පියන් බවට පත්වීමය. ඒ සිහිනය සැබෑ වූ බව දැනගත් දිනයේ පටන් ඇය පවුල් සෞඛ්‍ය සේවිකාවගේ මගපෙන්වීම අනුව...
Views - 55

බිට්රූට් සලාදය

Tuesday, 14 August 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය බිට්රූට් ග්‍රෑම් 250 විනාකිරි මේස හැඳි 3 සීනි තේ හැඳි 1 ඔලිව් තෙල් මේස හැඳි 3 ලුණු රසට අනුව ගම්මිරිස් ස්වල්පයක් සාදන ආකාරය බිට්රූට්...
Views - 76

අර්තාපල් සලාදය

Tuesday, 14 August 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අර්තාපල් ග්‍රෑම් 500 සැල්දිරි කිනිත්තක් ලුණු රසට අනුව සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2 ගම්මිරිස් රසට අනුව පාස්ලි කිනිත්තක් විනාකිරි...
Views - 73

මිශ්‍ර එළවළු සලාදය

Tuesday, 14 August 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය කැරට් අල දෙකක් බෝංචි කරල් 5ක් පමණ ළපටි ගෝවා කැබැල්ලක් රතුලූනු ගෙඩි කීපයක් සලාද කොළ කීපයක් දෙහි යුෂ ස්වල්පයක් ලුණු රසට අනුව තක්කාලි...
Views - 62

අළු කෙසෙල් සලාදය

Tuesday, 14 August 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අළු කෙසෙල් ගෙඩි 5ක් පමණ ලොකු ලූනු ගෙඩි 2ක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව අමුමිරිස් කරල් 3යි උම්බලකඩ කැබැලි මේස හැඳි 3 දෙහි යුෂ රසට...
Views - 59

කාස්ට් ඔන් රෝසමලින් හැඩ කළ කුෂන් කවරයක්

Tuesday, 14 August 2018 IMAGE
කාස්ට් ඔන් යනු බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් ක්‍රමයකි. මෙයින් මල් මසා ගත්විට ඉතා අලංකාරය 18*18 ප්‍රමාණයේ අමුරෙදි කැබලි 2ක් දුඹුරු පාට, මඩ කහපාට රන්වන්පාට...
Views - 62

උත්සව සඳහා බ්ලවුස් විලාසිතා

Tuesday, 31 July 2018 IMAGE
මෙහි ඉදිරිපත් කර ඇති උත්සව අවස්ථාවන් සඳහා හැඩගැන්විය හැකි බ්ලවුස් නිර්මාණ නිතර දෙවේ‍ලේ දක්නට නොලැබෙන මෝස්තර රටාවන් කීපයකි. මේ සඳහා දීප්තියෙන් අඩු...
Views - 359

උත්සව අවස්ථාවකට ඔසරියට ගැළපෙන සරල කොණ්ඩා ...

Tuesday, 14 August 2018 IMAGE
උත්සව අවස්ථාවන් සඳහා ඔබ ඔසරියෙන් සැරසෙන්නේ නම් ඔබේ කෙස් බැඳ සකස් කර ගැනීම වඩාත් උචිතයි. මේ නිසා අද අප ඉදිරිපත් කරන්නේ ඔබට  පහසුවෙන්  ඔබට සකස් කර ගත...
Views - 56

කුඩා දියණියට ඇඳුම් විලාසිතා

Tuesday, 14 August 2018 IMAGE
අවුරුදු 4 සිට 10 දක්වා වයසැති දියණියකට ඇඳුම් නිර්මාණයක් තේරීම පහසු කටයුත්තක් නොවන්නේ වෙළඳපළේ බොහෝවිට එකම ආකාරයේ මෝස්තර නිර්මාණ එකිනෙකට වෙනස් රෙදි...
Views - 56

මගේ නම වැඩිපුර කතාබහට ලක් නොවන්නේ මා කළ අකුසලයක්...

Tuesday, 14 August 2018 IMAGE
සන්දර්ශන වේදිකාවේ මෙන්ම නව පරපුර අතරත් ජනප්‍රිය ගී නිරතුරුව බිහි වන අතර ඒවා කාලයත් සමග යටපත් වීමත් අලුත් ගී ඒ අතරට ඒමත් සංගීත ලෝකයට ‍පොදුය. එහෙත්...
Views - 102

මම ඉස්සර හාත්පසින්ම වෙනස් චරිතයක් කියලා ගොඩාක් අය...

Sunday, 05 August 2018 IMAGE
මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ගායනයට පිවිසුණේ සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගැනීමෙන් පසුවයි. සාමාන්‍ය ජීවිතයේදී මට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්...
Views - 1053

ෂෙල්ටන් මුතුනමගේ ලෙඩ ඇඳේ

Sunday, 05 August 2018 IMAGE
ෂෙල්ටන් මුතුනමගේ කියන්නේ තමන්ටම ආවේණික වූ හඬ පෞරුෂයකින් ගීත ලෝලීන් වෙත සමීප වූ ගායන ශිල්පියකු ලෙස හැඳින්වූවොත් නිවැරදියි. “මේ දෙව් මැදුරේ”,...
Views - 1082

ගයාන් චතුරිකා අලුත් ටෙලි නාට්‍යයක වැඩ අරඹයි

Sunday, 05 August 2018 IMAGE
ගයාන් - චතුරිකා එකතු වෙලා අලුත් ටෙලි නාට්‍යයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. ඉස්සර නිතර නිතර පුංචි තිරයෙන් අප හමුවට ආ චතුරිකා දැන් දකින්නෙම නැති...
Views - 919

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.