Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ සේවයෙන් ඉවත්ව යති

IMAGE 2018 Apr 24 00:35
ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ සේවයේ යෙදී සිටින ගුවන් නියමුවන් සමාගම හැර යමින් සිටින බවට සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන්...
Views - 11

එසැනින් පුවත්

නිල ඇඳුම් වවුචර් වටිනාකම ඉහළට

IMAGE 2018 Apr 24 00:24
පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පතෙහි වටිනාකම වැඩිකිරීම කෙරෙහි...
Views - 3

වර්ජනය කළ ඇමැතිවරු අද කැබිනට් රැස්වීමට

IMAGE 2018 Apr 24 00:12
අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉකුත් සතියේ සහභාගි නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
Views - 7

රාජපක්ෂවරුන් හා එක්වීමට කෙසේවත් බැහැ

IMAGE 2018 Apr 23 21:04
පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස සමඟින් එක්ව ආණ්ඩු කිරීමට තමන් යළි කිසි...
Views - 190

යහපාලනයට නරින්ට රිංගන්න දෙනවාද?

IMAGE 2018 Apr 23 13:36
යහපාලන රජයට තව ඇත්තේ මාස 18ක කාලයක් පමණක් බවත් ඒ කාලය තුළ යහපාලන ආණ්ඩුව...
Views - 533

ප්‍රති ආශ්‍රැත ජල පෙරණ ලබා දීමත් උතුම් පිංකමක්

IMAGE 2018 Apr 23 13:32
ප්‍රදේශය පුරා පැතිර යන දරුණු වකුගඩු රෝගයෙන් වර්තමාන දරු පරපුර හා අනාගත...
Views - 198

උදයංග ශ්‍රී ලංකාවට භාර දිය නොහැකි යැයි මෙතෙක් දන්වා නැහැ

IMAGE 2018 Apr 23 12:30
දැනට ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග...
Views - 465

නව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යාමක්

IMAGE 2018 Apr 23 11:13
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් නිසා මැයි මස පළමු...
Views - 509

කැබිනට් වෙනස මේ සතියේ: ජනපති-අගමැති අතර හමුවක්

IMAGE 2018 Apr 22 22:59
නව පූර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, ‍පෝෂණ හා...
Views - 468

අලුත් ආණ්ඩුවකින් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා

IMAGE 2018 Apr 22 22:56
ඉදිරියේදී අලුත් ආණ්ඩුවක් පිහිටුවා නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති...
Views - 570

ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ සිව්වන ණය වාරිකය ජුනි

IMAGE 2018 Apr 22 22:53
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුද‍ලේ සිව්වන වාරිකය...
Views - 340

විධායකය අහෝසි කිරීමේ ජ.වි.පෙ. තැත බෙදුම්වාදයට පාර කැපීමක්

IMAGE 2018 Apr 22 22:48
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මකව තිබියදී විධායක ජනාධිපතිධුරය...
Views - 228

තැපෑල පාලක මණ්ඩලයකට වෘත්තීය සමිතිවල විරෝධතා

IMAGE 2018 Apr 22 22:45
6/2006 චක්‍ර‍ලේඛයට අනුව තැපැල් දෙපාර්තමේන්තූවේ උද්ගතව ඇති අර්බුදවලට...
Views - 215

රබර් කම්හ‍ලේ රසායන පාලකවරිය රිමාන්ඩ්

IMAGE 2018 Apr 22 22:40
හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා සහිත ටැංකියට වැටි...
Views - 395

සිරිකොත කොටස් තුනකට බෙදේ

IMAGE 2018 Apr 22 18:51
එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට අනුව සිරිකොත පක්ෂ...
Views - 736

මිතුරාගේ පිහිපහරින් මරු දකී

IMAGE 2018 Apr 22 15:52
පෙරේදා (20) රාත්‍රී තම නිවසට පැමිණි මිතුරෙකුගේ පිහිපහරකට ලක් වූ පුද්ගලයෙකු...
Views - 817

බන්දුලගේ ප්‍රකාශයකට විමල් එරෙහි වෙයි

IMAGE 2018 Apr 22 15:15
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
Views - 976
එතෙර පුවත්

කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි

IMAGE 2018 Apr 20 11:47
කියුබාව යනු වාමාංශික අදහස් ඇති, සමාජවාදය ගැන හැඟීමක් ඇති ලාංකිකයින් තුළ...
Views - 587

ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට

IMAGE 2018 Apr 19 10:02
ගමන අතරේ එහි එන්ජිමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් තමා ගමන් කරමින් සිටි මගී...
Views - 1095

මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි

IMAGE 2018 Apr 19 09:58
තරගාවලිය පැවැත්වෙන ප්‍ර්‍රදේශයෙන් වාර්තාවූ මෝරුන්ගේ ප්‍රහාර දෙකක්...
Views - 643

පින්තූර ගැලරිය

IMAGE

වෙසක් උත්සවයට 'පේ වන්නේ' කොහොමද?

IMAGE 2018 Apr 23 12:05
වෙසක් මංගල්‍යය යනු නූතනයේ වෙසක් උත්සවය හැඳින්වෙන ජනප්‍රිය නමකි. නූතන ආකෘතියේ වෙසක් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරනුයේ 1880 වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි...
Views - 120
IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1698

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1377

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2187

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3501

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4287

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4453

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1731

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3915

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2890

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1696
IMAGE

ඔයත් ඔයාගෙ හිත විශ්වාස කරන්න පුරුදු වෙන්න

IMAGE 2018 Apr 23 07:55
මම ගොඩක් කැමතියි ආබාධිත පුද්ගලයන් එයාලගේ ජීවිතේ , ලෝකය දිනපු හැටි ලෝකය වෙනස් කරපු හැටි කියලා දෙන්න. එහෙම කරන්න බෑ කියලා හිතන, කියන මිනිස්සුන්ට....
Views - 136
ව්‍යාපාරික පුවත්

HUTCH Champion’s Challenge හිදී අලෙවි විශිෂ්ටයින් ඇගයීමට ලක්වෙයි

IMAGE 2018 Apr 20 11:58
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන බ්‍රෝඩ්බෑන්ඩ් ජංගම දුරකථන සේවා...
Views - 109

හොඳම Dell භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස සිංගර් අභිෂේක...

IMAGE 2018 Apr 19 10:06
මෙරට ගෘහ විදුලි උපකරණ භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා...
Views - 167

අනුරාධපුර කුටුම්භයෙන් සියයට පනහක දැවැන්ත වට්ටමක්

IMAGE 2018 Apr 11 12:12
මේ උත්සව සමයේ අනුරාධපුර නගරයේ පිහිටි කුටුම්භය රිසෝට් (Kutumbaya Resort) සහ ලැවොන්කා...
Views - 974
කතා මැද කතා

නිල් පාට ඇඳුමක් ඇඳගෙන ජනපති හමුවීමට ආ එජාප ඇමැතිවරයා කවුද

IMAGE 2018 Apr 22 11:41
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබුණේ අප්‍රේල් 14 වැනිදාය. අගමැති...
Views - 1154
සුන්දර ලක්බිම

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්

IMAGE 2018 Apr 19 13:20
ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී...
Views - 815

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

මත විමසුම

අද සමාජයේ කාන්තාවට නිසි තැන
  • Votes: (0%)
  • Votes: (0%)
Total Votes:
First Vote:
Last Vote:
IMAGE

ඔසප් නතර වීමෙන් පසු ඊස්ට්‍රජන් ඖෂධය අත්‍යවශ්‍යද?

IMAGE 2018 Apr 17 11:35
යුගදිවියේ ගැටලු ඇතිකරවන කාන්තා රෝග පිළිබඳව කතා කිරීමේදී රෝගයක් නොවන ස්වභාවික සංසිද්ධියක් වන කාන්තාවන්ගේ ආර්ථවහරණය පිළිබඳවද සාකච්ඡා නොකර බැරිය....
Views - 1527
සහන් එළිය

නුග ගසක් යට ඇද වැටී 'සූනියම් දෙවියන්' ආරූඪ වූ නදීශා

IMAGE 2018 Apr 20 09:38
දහ අට විහැති රූමත් තරුණියක වූ නදීශාට හිටිහැටියේ දේව වරමක් ලැබී ඇතැයි යන පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. පසුගිය දිනයක සවස් භාගයේ නගරය දෙසින් ගමට...
Views - 832
විමසුම

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ එළ හරකයි මී හරකයි වගේ

IMAGE 2018 Apr 23 08:37
මේ වන විට ආණ්ඩුවේ කටයුතු සිදුවන ආකාරය ගැන විවිධ අදහස් මතුවෙමින් තිබේ. එය එළ හරකා සහ මී හරකා එකට බැඳ කුඹුරක් සී සෑමට නොහැකි ආකාරය මෙනි. මූලික ගැටුම ඇතිවී...
Views - 62
මානිගේ තීරුව

තහනම් වචනය :- දේශපාලනය

IMAGE 2018 Apr 22 10:27
හැම අවුරුද්දේම මේ කාලයේ සිය මිතුරන්ට අවුරුදු පාටියක් දමන මිත්‍රයෙක් අපට සිටී. මෙවර පාටියට තෑගිබෝගද රැගෙන මහරගම පිහිටි ඔහුගේ නිවෙසට ගිය අපට ඔහු...
Views - 483

විශේෂ පුවත්

ඉහළින්ම විභාග සමත්වන පාසල් දරුවන් මේ තරමටම ඇගයිය යුතුද?

IMAGE 2018 Apr 23 09:48
ඒ, මා මීට වසර  දෙකකට පමණ පෙරාතුව එක්තරා ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යත්ව...
Views - 113

වෙසක් තොරණට පුංචි බොරැල්ලෙන් අලුත් පිටුවක්

IMAGE 2018 Apr 23 09:40
වෙසක් සමයේ වැඩිම ජන ආකර්ෂණයක් ලැබෙන නිමැවුම නම් වෙසක් තොරණය. නානා පැහැයෙන්...
Views - 191

ලංකාව අලුත් හැඩයක් අරන්

IMAGE 2018 Apr 23 08:45
නිර්මාණකරුවාට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයකි. තවත් විටෙක පුංචි...
Views - 115

සිංහල අලුත් අවුරුද්ද ඇරඹී ඇත්තේ සීතාවක යුගයේ පූසාරියන්ගෙන්

IMAGE 2018 Apr 20 11:47
මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් විසින් සම්පාදනය කරන ලද අලුත් අවුරුද්දේ හිස...
Views - 743

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ' එකේ ඇති අංග පිළිබඳව සඳහන් කරමින් ඔවුන් කියා සිටියේ ඊට ආහාර වර්ග කිහිපයක් සේම අතුරුපස දෙක තුනක්ද ඇතුලත් බවකි. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ 'සවුදන් ජෙමා ආවත් හිතේ හැටියට කන්න පුළුවනි' යනුවෙනි.

අසීමාන්තිකව කෑමට ලැදි හෝ ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයකු හැඟවීම පිණිස සිංහල ජනකතාව විසින් යොදනු ලබන පොදු ව්‍යවහාරයක් වෙයි. එනම් 'සවුදං ජෙමා වගේ' යනුවෙනි. එහෙත් මේ 'සවුදං ජෙමා' යනු කවරෙක්ද? ඔහු කිනම් කාලයක කවර ප්‍රදේශයක ජීවත් වූ කවර ගති සිරිත් ඇත්තෙක් ද යන්න පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ අනුව අද කවුරුත් පාහේ 'සවුදං ජෙමා' වගේ කියනුයේ 'කියන්නං වාලේ' බව පෙනෙයි.

නමුත් අප මේ කීමට සැරසෙනුයේ ඔබ කිසිවෙකුත් මෙතෙක් අසා නොමැති සැබෑ 'සවුදං ජෙමා' පිළිබඳ අපූරු විස්තරයකි.

'සවුදං ජෙමා' පිළිබඳව මුල්ම සාහිත්‍යමය මූලාශ්‍රය අපට හමුවනුයේ කොළඹ කවි පරපුරේ මහා කවියකු වන තිහාරියේ පීටර් පෙරේරා සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලද 'සවුදං ජෙමා' නම් කවි පන්තියෙනි.

1902 වසරේ ඉපදී 1968 වසරේ අභාවප්‍රාප්ත වූ තිහාරියේ පීටර් පෙරේරා මහා කිවිදාණන් වෘත්තියෙන් ගුරුවරයකු වූ අතර පසුව ගුරු වෘත්තීය සමිති නායකයකු ලෙස ද ප්‍රකට විය. ඔහු විසින් ලියන ලද 'සවුදන් ජෙමා' නම් කවි පන්තියට අනුව මෙම 'සවුදං ජෙමා' තිහාරියේ පීටර් පෙරේරා කිවිඳුන්ගේ සමකාලීනයෙකු බව පෙනේ. සවුදං ජෙමා නමැත්තා ගේ හැඩරුව, ගතිගුණ සේම අධික ලෙස ආහාර අනුභව කිරීමට ඔහු තුළ පැවති හැකියාව සහ අධික කෑදර බව ද එම කවි පන්තිය තුළින් මැනැවින් ‍නිරූපණය කර ඇත.

ඒ කෙසේ හෝ මේ සවුදං ජෙමා පිළිබඳව යම් විස්තරයක් කීමට මගේ පියා (එස්.පීටර් සිල්වා) ‍ට යම් හැකියාවක් තිබිණ. ඒ ඔහු තරුණ කාලයේ සවුදං ජෙමා සියැසින් දැක තිබූ බැවිනි. ඒ ගණේමුල්ල පරණ පොලිසිය ඉදිරිපිට විසූ එස්.එම්. ද සිල්වා නම් ප්‍රභූ වරයකු ගේ නිවසේ දීය. ගම්මුන් විසින් 'මැන්දිස් මහත්තයා' යනුවෙන් හඳුන්වන ඔහු  කුරුඳු ව්‍යාපාරිකයෙකු සේම සැදැහැවත් බෞද්ධ ප්‍රජා නායකයෙකු ලෙස ද ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි.

"සවුදං ජෙමා හරි උස මිනිහා; ඒ වගේම හරිම ආඩම්බර කාරයා; ලොකු ලොකු මිනිස්සු එක්ක තමයි කතා බහ වුණත්; අපි දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ."

මා කුඩා කාලයේ දී මගේ පියා එසේ කී අයුරු මට යාන්තමින් මතකය; එහෙත් ඒ අපූරු මිනිසා පිළිබඳව ඊට වැඩි යමක් දැන ගැනීමට මගේ පියා දැන් ජීවතුන් අතර නැත.

මගේ විශ්වාසයට අනුව සවුදං ජෙමා යනුවෙන් හඳුන්වන ලද මේ පුද්ගලයාගේ සැබෑ නම ජේමිස් විය යුතුය. ජේමිස් යන නම ඇත්තවුන් '‍ජෙමා' යනුවෙන් හැඳින්වීම අප ගැමි සමාජයේ සුලබව සිදුවන්නකි. එමෙන්ම ඔහුගේ මෙම 'ජෙමා' යන නමට පෙරටුව 'සවුදං' යන නම යෙදී ඇත්තේ ඔහුගේ ගායනය හා රංගනය නිසා විය යුතුය.

'සවුදම' යනු නැටුම්, ගැයුම් සහ වැයුම් සඳහා ප්‍රබන්ධය කරන ලද ගී විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජන සංගීත පර්යේෂකයකු වන ඩබ්ලිව්.බී. මකුලොලුව සූරීන් පෙන්වා දෙන පරිදි භරත නැටුම්වල එන 'ශබ්දම්' සහ කථක් නැටුමේ එන 'කවිතා' යන අංග 'සවුදම්' අතර යම් සමාන කමක් තිබේ. එහෙත් ඒ සවුදං සහ ජෙමා ගේ සවුදං අතර කිසියම් සමානාත්වයක් තිබිණි දැයි සොයා ගත නොහැක. ඇතැම් විට සවුදං ජෙමා එම සවුදං මුහුණු  වරින් කිසියම් හායෝත්පාදක සහ උපහාසාත්මක ගායනයක් සහ රංගනයක් ඉදිරිපත් කළ ජන කවියකු හෝ ජන රංගන ශිල්පියෙකු විය හැක.

මේ අතර 'සවුදං ජෙමා' නමින් සිංහල චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවට ද එක් වී තිබේ. එය මුල්වරට තිරගත කොට ඇත්තේ 1979 වසරේ ඔක්තෝම්බර් 09 දාය.

එහි 'සවුදං ජෙමා' ගේ චරිතය ලයනල් දැරණියගල විසින් නිරූපණය කොට ඇති අතර ප්‍රධාන නිලිය ගීතා කුමාරසිංහය. සවුදං ජෙමා චිත්‍රපටයේ කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය ජයන්ත පී සමරසිංහ ගෙනි. මුල දී 'දෙකටන යෝධයා' ලෙසින් නම් කොට ඇති එම චිත්‍රපටයේ නම 'සවුදං ජෙමා' ලෙස වෙනස් කොට ඇත්තේ තිරගතවීමට ආසන්න සමයකය. එය පසුගිය සමයේ රූපවාහිනියෙන් ද ප්‍රචාරය වී ඇති අතර සී.ඩී වශයෙන් ද එම චිත්‍රපටය නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත.

ලංකා මාතා චිත්‍රපට වෙනුවෙන් ඩී.ජේ කටුගම්පොල, ජී.ඩබ්ලිව්. පෙ‍රේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී..එම්. ගුණසේකර නිෂ්පාදනය කළ 'සවුදම් ජෙමා' චිත්‍රපටියේ කතා තේමාවට අවශ්‍ය වස්තු බීජය සොයා ගත්තේ කෙසේ දැයි මම එහි අධ්‍යක්ෂ ජයන්ත පී සමරසිංහ මහතාගෙන් ඇසීමි.

"සවුදං ජෙමා කියන පුද්ගලයා ගැන තැන තැන පැතිරුණු කතා මිසක් නිශ්චිත තොරතුරක් හොයා ගන්නට බැරිවුණු හින්දා මම ඒ චිතපටි කතාවට විනෝදනී (ගීතා කුමාරසිංහ), කහතුඩුවේ රාළහාමි (පියදාස ගුණසේකර), නොක්කි (සෝනියා දිසා) , ධර්මෙ (මොරිස් දහනායක) වගේ චරිත එකතු කළා ඒ එක්කම යුරේනියස් (ඇලෙක්ස් සැන්ඩර් ප්‍රනාන්දු) ගේ චරිතය නම් කල්පිතයක් නොවේ. යුරේනියස් කියන්නේ ඉස්සර බියගම පළාතේ හිටපු චන්ඩියෙක් නමුත් සවුදං ජෙමාත් යුරේනියස් එක කාලේ ජීවත් වුණත් ඒ දෙන්නා දැන හඳුනන බවක් මම දන්නේ නැහැ. ඒක මගේ ප්‍රබන්ධයක්."

තත්ත්වය මෙසේ වුවද මෙම සවුදං ජෙමා දැක පුරුදු සහ ඔහුගේ ගීත සහ රැඟුම් දැකබලා ගත් ගණේමුල්ල, නැදුනවත්තේ පදිංචි සුප්‍රකට සමාජ සේවිකාවක සහ බෞද්ධ මහෝපාසිකාවක වන එස්. වයලට් සෝමා ද සිල්වා මහත්මියගෙන් මම ඒ පිළිබඳව විමසුවෙමි.

 ඇය එස්. එම් ද සිල්වා මහතාගේ දියණියකි.

 ඇය පවසන අන්දමට සවුදං ජෙමා නම් වූ පුද්ගලයා 1940 දී පමණ ඇගේ මහ ගෙදරට පැමිණ තිබේ. ඒ රැඟුම් ඉදිරිපත් කිරීමටය. උසට සරිලන මහතකින් යුත් සවුදං ජෙමා තමන් හැඳ සිටි සරමට උඩින් තවත් සරමක් ඇද සිටි බවත් ඇය කියයි.

මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ තිහාරියේ පීටර් පෙරේරා කිවිදුන් ලියූ සවුදං ජෙමා පැදි පෙළෙහි එන 'දෙමාලයට මඩකලපුවෙ සරම අදී' යන්නය.

එසේ සවුදං ජෙමා මසකට දෙකකට වරක් තම නිවසට පැමිණි බවත් ඇතැම් විට සරමට උඩින් ගවුමක් වැනි ඇඳුමක් ඇද සිටි බවත් සිල්වා මහත්මියට මතකය. ඔහු තම නිවසට පැමිණ පියා ඉදිරියේ රැඟුම් පාමින් කළ ගායනයේ මුල් වචන 'නන්නානේ' යනුවෙන් හැඳින්වෙන අතර ඉන්පසුව 'ජාරනන්නේ, වළගොඩ නන්න්නේ' ආදී වශයෙන් ගැයූ බව සිල්වා මහත්මිය පවසනුයේ ඔහු මනා සිහිබුද්ධියකින් යුතු මිනිසුන්ට හාස්‍ය රසය ලබා දීමට සමත් ශිල්පියෙකු මිස සිහිමද ගතියෙන් යුතු පුද්ගලයෙකු නොවන බව තහවුරු කරමිනි.

තම පියා ද අත්පොලසන් දෙමින් ඔහුගේ ගායනා සහ රැඟුම් රසවින්දනය කළ බව සිල්වා මහත්මිය කියයි. එසේම ඔහු අධික ලෙස ආහාර ගත හැකි පුද්ගලයෙකු සහ ආහාර වලට මහත් ඇල්මක් දක්වන්නෙකු බව ඒ වන විට ද තමන් දැන සිටි බව පවසන සිල්වා මහත්මිය සවුදං ජෙමාගේ මව ඔහුට විවාහයක් කර දී ඇතත් එය සාර්ථක වී නොමැති බවත් තමන්ට දැන ගත හැකි වූ බවද කීවාය.

මා විසින් මෙතෙක් කරන ලද විමසුම් වලට අනුව සවුදං ජෙමාගේ ගම් පියස ලෙස වැලිවේරිය, දෙල්ගොඩ සහ දෙකටන වශයෙන්  ප්‍රදේශ කිහිපයක් අනුමාන කළ හැකිව තිබේ.  

එහෙත් මිට සියවසකට මෙපිට කාලයක් තුළ ජීවත් වූ මේ අපූරු මිනිසාගේ ඥාති පරපුර අදත් එම ප්‍රදේශ වල හිඳිනු ඒකාන්තය. නමුදු අධික කෑදර මිනිසකු ලෙස රට පුරා ප්‍රසිද්ධියට ලක්ව ඇති සවුදං ජෙමා තම ඥාතියෙකු බව කීමට ඔවුන් දක්වන මැලි කම නිසා දෝ ඔහු පිළිබඳ ඊට වඩා විස්තරයක් දැන ගැනීමට මට නොහැකි විය.

ඒ කෙසේ හෝ විසිවන සියවසේ මුල් කාර්තුවේ අප රටේ ජීවත් වූ ජනකවියකු සහ ජන රංගන ශිල්පියකු වන මෙම අපූරු මිනිසා ගේ සැබෑ වගතුග අනාගත පරපුර වෙත දායාද කරවීම වර්තමාන සමාජය සතු යුතුකමක් හා වගකීමකැයි මට සිතේ. ඒ අදවන විටත් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති 'සවුදං ජෙමා' යන නාමයේ සැබෑ පසුබිම් කතාව කෙරෙහි මුලු මහත් ජාතියම බෙහෙවින් උනන්දු විය හැකි බැවිනි.

සවුදං ජෙමා සියැසින් දුටු වයලට් සිල්වා මහත්මියගේ ප්‍රකාශය මෙතනින් - 



තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

නිදහස් කුසලානෙන් රු. ලක්ෂ 9430ක ශුද්ධ ලාභයක්

IMAGE 2018 Apr 23 08:32
ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන 20,20 ක්‍රිකට් තරගාවලියෙන් රු. ලක්ෂ 9430ක...
Views - 82

මනෝජ්ගේ ශතකයෙන් දඹුල්ලට මුල් ඉනිමේ ජය

IMAGE 2018 Apr 23 08:30
සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්‍ලේ පැවැත්වෙන කොළඹ සහ...
Views - 55
IMAGEමලල කී‍්‍රඩා

සමස්ත ලංකා මල්ලව‍පොර ආධුනික ශූරතාව තුඩැල්ල ක්‍රිස්තුරාජයට

IMAGE 2018 Apr 19 07:59
සමස්ත ලංකා මල්ලව‍පොර (2018) තරගාවලියේ ආධුනික අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට...
Views - 102

21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරතාව ඕස්ට්‍රේලියාවට

IMAGE 2018 Apr 17 11:05
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි පැවති ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා...
Views - 226
IMAGEරග්බි

බ්‍රැඩ්බි පළිහ පළමු අදියරෙන් රාජකීයට ලකුණු 39-07ක ජයක්

IMAGE 2018 Apr 23 08:19
කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ...
Views - 44

අන්තර් වතු සමාගම් රග්බි ශූරතාව මස්කෙළියට

IMAGE 2018 Apr 19 07:57
අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන සත් සාමාජික රග්බි තරගාවලියේ 2018...
Views - 83
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු නික් ‍පෝතාස් ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Apr 18 11:35
ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික්...
Views - 141

ජාතික බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

IMAGE 2018 Apr 18 11:33
දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික...
Views - 72
IMAGE
Thursday, 19 April 2018
ස්ට්‍රෝබෙරි ස්මූදි
Views - 214
IMAGE
Thursday, 19 April 2018
ග්‍රීන් ස්මූදි
Views - 218
IMAGE
Thursday, 19 April 2018
ලෙමන් සැල්දිරි පානය
Views - 199
IMAGE
Thursday, 19 April 2018
දෙළුම් මීකිරි පානය
Views - 159
IMAGE
Thursday, 19 April 2018
කැරට්, බිට් පානය
Views - 232

Please publish modules in offcanvas position.