Coss Ear2
lakbima.lk
COSS Ear 1

පරංගියා කෝට්ටේ යාමේදී පැන ගත් ගල් දෙබොක්කාව

“පරංගියා කෝට්ටේ ගියා වගෙයි“ යන පිරුළ අසා නොමැති කෙනෙක් අප ජන සමාජයේ නැති තරම්; නමුත් මේ පිරුළ ආවාට ගියාට ජන කරළියට 
පැමිණි එකක් නොවෙයි. මෙහි අතිශය ප්‍රබල ඓතිහාසික පසුබිමක් තිබෙනවා. ඒ වගේම පරංගියා කෝට්ටේ ගිය පාරේ යම් තැනක් වශයෙන් හඳුනා ගැණුනු යම් ස්ථානයක් අදත් දක්නට පුළුවන්. මෙය ඇත්තේ මාකොළ සපුගස්කන්ද රජමහා විහාරයේ ඇති ගල් පව්වක් ආශ්‍රිතවයි. 
කෝට්ටේ රජ කළ අටවන වීර පරාක්‍රම බාහු රජ සමයේ එනම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් අප රටට පැමිණීම මෙරට ජන සමාජය කැළඹීමට ලක් කළ සිදුවීමක්. ඔවුන්ගේ ශරීර වර්ණය, කඩිසර ගතිපැවතුම්, කතාබහ ආදී සියල්ල නිසා මහත්සේ කලබලයට පත් වන රට වැසියන් රජ තුමාට ඒ පුවත සැලකරන්නේ යකඩ තොප්පි සහ පාවහන් පැළඳගත් තිරුවානා ගල් කමින් ‍ලේ බොන මිනිසුන් පිරිසක් කොළඹ වරායෙන් ගොඩ බැස ඇති බවකි. එමෙන්ම ඔවුන් රිදී දෙක තුන දෙමින් මසුන් මිලට ගන්නා බවත් රජතුමන්ට දන්වන මෙරට වැසියන් වැඩිදුරටත් පවසා හිඳිනුයේ හෙණ හඬටත් වඩා බිහිසුණු හඬ නගන කළු ගල් පවා පලා දැමිය හැකි තුවක්කු ද ඔවුන් සතු බවයි. 
මෙම ප්‍රවෘත්තියෙන් විස්මයට පත්වන ධර්මපරාක්‍රමබාහු රජතුමා එවක උඩුගම්‍පොළ රජ කරමින් සිටි තම පිය රජුට දාව සුළු මවගේ කුසින් උපන් සකල කලාවල්ලභ රජුට මේ බව දන්වා සිටිනුයේ රහසිගතව කොලොම් තොටට ගොස් එම අමුතු මිනිස් කොට්ඨාසය ගැන තොරතුරු දැනගෙන එන ලෙසයි. ඒ අනුව සකල කලාවල්ලභයන් එම තොරතුරු විමසා දැනට පෘතුගීසීන් හා සාමකාමීව කටයුතු කිරීමේ වැදගත්කම ධර්ම පරාක්‍රම රජතුමා හමුවේ පවසා හිඳිනවා. මේ ප්‍රවෘත්තිය  රාජාවලිය අලකේශ්වර යුද්ධය ආදී ඓතිහාසික කෘතීන්වල සඳහන් වෙනවා. කෙසේ හෝ ඉන්පසු රජතුමා පෘතුගීසි හමුදාවේ සෙනෙවියන් දෙදෙනෙකුට තමන් බැහැ දැකීමට එන මෙන් රජතුමන් ඉල්ලීමක් කරන අතර එම ගමන කොළඹ සිට කෝට්ටේ දක්වා වන සැබෑ ගමන් මග වසන් වන අන්දමින් සිදු කළ යුතු බවටද රජතුමා තම ඇමැතිවරුන්ට නියෝග කරනවා. ඒ අනුව කෝට්ටේ රජ වාසලෙන් කොලොම්තොටට යන නියෝජිතවරුන් එම පෘතුගීසි හමුදා නායකයන් වට රවුම් මං පෙතක් ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත කැඳවාගෙන එනවා. ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු වී නොමැති වුවත් එම ගමන කැලණි ගඟ තරණය කොට  දෙපස වූ වගුරු බිම ඔස්සේ වත්මන් කිරිබත්ගොඩ මාකොළ ඔස්සේ ගොස් නැවත කඩුවෙලින් කැලණි ගඟ තරණය කොට දියවන්නාව මග ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත යොමු වූ බවයි පැවසෙන්නේ. මෙහිදී කොළඹ සිට කෝට්ටේ දක්වා යාමට කැලණි ගඟ තරණය කිරීමට අවශ්‍ය නොවූවත් මේ මාර්ගය ඔස්සේ කැලණි ගඟ දෙවරක්ම තරණය කිරීමට සිදුවීම විශේෂ සිදුවීමක්. එහිදී එම පෘතුගීසි සෙනෙවියන් දෙදෙනා රැගත් කෝට්ටේ රාජ්‍ය නියෝජිතවරුන් මාකොළ සපුගස්කන්ද රජමහා විහාර භූමියේ පිහිටි ගල් දෙබොක්කාවක් ද පසුකොට ඇත්තේ එම ගමන අතිශය දුෂ්කර එකක් බව පෘතුගීසීන්ට ඒත්තු ගැන්වීමටයි. එහෙත් රාජ සභාව හමුවට පැමිණි මෙම සෙනෙවි වරුන් දෙදෙනාට කොළඹ නැව් තොටින් අහස්ගත වූ පෘතුගීසි කාලතුවක්කු ප්‍රහාරයක් ඉතා හොඳින් ශ්‍රවණය වීම නිසා කෝට්ටේ රාජ්‍ය පාලකයන් තමන් රවටා ඇති බව පෘතුගීසීන් තේරුම් ගත් බවයි. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන්නා ඒ කෙසේ හෝ මාකොළ පිහිටි සපුගස්කන්ද රජමහා විහාරයට හෙවත් ග‍ලේ පන්සලට පියමං කරන ඔබට  පරංගියාගේ කෝට්ටේ යාම පිළිබඳ මානව විද්‍යාත්මක සාධකයක් වන මෙම ගල් දෙබොක්කාව මනාව දැක ගන්නට පුළුවන්.
 


සහන් සංකල්ප සිල්වා 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2215

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3209

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3482

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1412

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3361

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2469

Please publish modules in offcanvas position.