Coss Ear2
lakbima.lk
COSS Ear 1

උමා ඔය ව්‍යාපෘතිය ව්‍යසනයක් වුණේ ‘රාවණා උමඟට’ හානි වූ නිසාද?

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgරාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ට කෙසේවත් අමුතුවෙන් හඳුන්වාදිය යුතු තැනක් නොවෙයි. A 23 දරණ ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කිලෝමීටර් 06 ක පමණ දුරක් ගිය පසු රාවණා ඇල්ල වනජීවී රක්ෂිතය තුළ මෙම රාවණා ඇල්ල දැකගන්නට පුළුවන්. මෙය ජෛව විවිධත්වයෙන් අනූන වටිනා අගනා පාරිසරික කලාපයක්.

මුහුදු මට්ටමීන් අඩි 3445 ක  උසකින් පිහිටා ඇති රාවණා ඇල්ලේ උස අඩි 82 ක් පමණ වෙනවා. නමුත් අප මේ කීමට සැරසෙන්නේ එම රාවණා ඇල්ල ප්‍රදේශයේ මෙතෙක් සොයා නොගත් අභිරහස් පිළිබඳ රසවත් කතා පුවතක්.

 පුරාතන හෙළයේ රජකම් කළ සුවිශේෂ නරපතියකු වන රාවණා රජු විසින් රාම කුමරුගේ ප්‍රියම්බිකාව වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ රාවණා ගුහාව මේ ඇල්ල ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ වගේම වළගම්බා රජු විසින් කරනවන ලදැයි පැ‍වසෙන මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත රාවණා ඇල්ල පුරාණ රජ මහා විහාරයත් මේ ප්‍රදේශයේ දී දැක ගන්නට පුළුවන්.මෙම ප්‍රදේශය සම්බන්ධ රාවණා රජුයේ පුරාවෘත්ත වලට අනුව රාවණා ගුහාව තුළ බොහෝ දුරක් දක්වා පොළව යටින් විහිඳුණු උමං මාර්ගයක් ඇති බවටයි ඇතැමුන්ගේ විශ්වාසය. ඌව පළාතට බරපතලම පාරිසරික හානියක් සිදු කළ උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ පෞරාණික භූගත උමං මාර්ගයට හානි පැමිණ ඇති බවටත් ප්‍රදේශයේ කට කතා පැතිර තිබෙනවා. මෙය රාවණා උමඟට හානි සිදුකිරීම නිසා ගුප්ත බලයකින් සිදුවූ විපතක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා. නමුත් මේවා තවමත් විද්‍යාත්මකව සනාථ කරගෙන නැහැ.එමෙන්ම රාවණා ගුහාව තුළ ඇති පොකුණක් පත්ලෙහි වසා දමා ඇති ගල්පර්වතයක් තුළින් එම උමං මාර්ගය ආරම්භ වන බවටත් කතා පැතිර තිබෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආදි මානව නෂ්ඨාවශේෂ වශයෙන් සැලකිය හැකි ශිලා කර්මාන්ත රාශියක් දැකිය හැකියි. නමුත් රාවණා ගුහාව තුළ ඇතැයි සැලකෙන අභිරහස් උමඟ මේ දක්වා විධිමත් ගවේෂණයකට ලක්කොට නැහැ. ඊට හේතුව සාමාන්‍ය කෙනෙකුට ඊට පිවිසීමට ඇති අපහසුවයි.
නමුදු මේ පිළිබඳව විමසා බැලීම සඳහා විවිධ ප්‍රදේශ වලින් තරුණ කණ්ඩායම් පැමිණෙ බවත් ඒ අතර  භික්ෂූන් වහන්සේලා සිටින බවත් එම පිරිස් ඇතැම් විට ඉතා බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. 'ෆේස්බුක්' වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින්  මේ සඳහා ලැබෙන ප්‍රසිද්ධිය මෙම විමසුම් වැඩිවීමට බෙහෙවින් බලපා ඇති බව පැහැදිළියි.ඒ කෙසේ හෝ රාවණා ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සේම රාවණා ඇල්ල, රාවණා ගුහාව ඒ හා සම්බන්ධ ‘නිල් දිය පොකුණ’ සහ මෙතෙක් හෙළි නොවූ ‘උමං මාර්ගය’ පිළිබඳ විමසීමට පැමිණෙන පිරිස් ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන අතර ඒ නිසා එහි ඇති අවදානමද ඉහළ යන බව පැහැදිළියි.විශේෂයෙන් වැසි කාලයට සාපේක්ෂව පායනකාලයේ දී මෙහි හදිසි අනතුරු අවමවීම හේතුවෙන් මෙම පිරිස් මේ දින වල විශේෂ උනන්දුවකින් ක්‍රියා කරනු දකින්න පුළුවන්.

ඒ කෙසේ හෝ මෙවන් දුෂ්කර අත්දැකීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ජීවිතාරක්ෂක උපකරණ සහ වෛද්‍ය කණ්ඩායම් වලද සහය ඇතිව මෙම ගුප්ත පරිසරය අලලා විධිමත් විමර්ශනයක යෙදෙන්නේ නම් මේ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගතහැකි බවයි අපගේ විශ්වාසය.


සහන් සංකල්ප සිල්වා

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.