Coss Ear2
lakbima.lk
COSS Ear 1

සීගිරියටත් වඩා ලොකු ‘පුංචි සීගිරිය නගිමු’

පුංචි ශ්‍රීපාදය යනුවෙන් හඳුන්වන කඳු කීපයක්ම අපේ රටේ විවිධ ස්ථානවල තිබෙනවා. නමුත් ඒ කිසිවක් ශ්‍රීපාද කන්ද තරම් විශාල නැහැ. නමුත් පුංචි සීගිරිය නමින් හඳුන්වන ස්ථාන අප රටේ ඇත්තේ එකම එකක් විතරයි. ඒ තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයට අයත් බත‍ලේගලකන්ද. නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙයට බොහෝ දෙනෙක් පුංචි සීගිරිය කියා කියතත් උසින් සහ වට ප්‍රමාණයෙන් මෙය සීගිරි පර්වතය මෙන් කිහිප ගුණයකින් විශාල වීමයි. ඒ අනුව  බත‍ලේගල කන්ද පුංචි සීගිරිය කියා හැඳින්වීමට හේතු දෙකක් දක්වන්න පුළුවන්.
  
ලෝකයේ  අටවන පුදුමය සේ සැලකෙන සීගිරිය හමුවේ මේ බතලගල පර්වතය දෙවන තැනට පත්වීම ඉන්  පළමු වැන්න වන අතර දෙවැන්න වනුයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රපාතය පසු කරනවිට මෙම බත‍ලේගල පර්වතය සීගිරියට වඩා කුඩාවට  දුරට දිස්වීම දෙවැන්නයි. 
 
අලට කන්න බැරි අලගල්‍ලේ කන්ද
බතට කන්න බැරි බත‍ලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට  නායක සමනල කන්ද
 
යනුවෙන් පැවැසෙන පැරණි සබරගමු ජනකවියට අනුව මේ බත‍ලේගල  දුරාතීතයේ සිට ජන අවධානයට ලක් වූ තැනක් බව පැහැදිලියි. මේ කන්දේ හැඩහුරුකම විශාල  ‍පොතකට  සමාන නිසා අතීතයේ අපේ රට පාලනය කළ විදේශිකයන් මෙයට බයිබල් ගල (Bible rock) කියා අපූරු නමක් පටබැඳ තිබුණා මුහුදු මට්ටමින් අඩි 2780 උසින් පිහිටි කන්ද මත පිහිටි බත‍ලේගල, ඒ කියන්නේ පර්වතය අඩි 540ක් පමණ උසින් යුතු බවයි පැවැසෙන්නේ. 
දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් නැතත් මේ බත‍ලේගල පර්වතය කන්ද උඩරට රාජධානී සමයේ රාජ්‍ය ආරක්ෂක මධ්‍යස්ථානයක් හැටියට යොදාගෙන ඇති බව පර්වතය මුදුනේ දක්නට ලැබෙන ඇතැම් ලකුණුවලින් සාධාරණ ලෙස අනුමාන කරන්න පුළුවන්.
ඒ හැරුණුකොට මේ බත‍ලේගල කන්ද ප්‍රදේශය පාරිසරික වශයෙනුත් ඉතාම වැදගත්වන නිසා සොබාදහම සහ පරිසරය කෙරෙහි ඇල්මක් දක්වන්නවුන් කණ්ඩායම් වශයෙන් මේ සොබාදම් රජ දහනට පිවිසෙනු දැකිය හැකියි. ඇටඹ, වල්දෙල්, බදුල්ල, පුස්වැල්, අරත්ත, තෙබු, හවරිනුග, කැන්ද ආදී ප්‍රදේශයේ ස්වාභාවික ලෙස වැඩෙන තුරුලතාවලින් බහුල මෙහි මුවන්, වල් ඌරන්, ඉත්තෑවන්, වලිකුකුළන්, බළල් දිවියන් ආදී සත්ව ගහනයක්ද සුව සේ දිවි ගවෛනවා.  වසරේ වැඩිම කාලයක් වැසි දිය ඇද හැලෙන මෙම පර්වතය මුදුනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් පමණ වෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ලෙන් හැරෙන අරණායක මාර්ගය ඔස්සේ හත්ගම්පලට පැමිණ එහි ශ්‍රී මහා බෝධි විහාරයට හැරෙන මාවත අද්දරින් ඇරඹෙන බත‍ලේගල පාර ඔස්සේ මේ බත‍ලේගල කඳු පාමුලට පැමිණිය හැකියි. ඒ දක්වා වැටී ඇති රළු ගමන් මග ඔස්සේ වාහන පැමිණිය හැකි වුවත් ඉන්පසු ශීඝ්‍ර නැග්මක් ඔස්සේ මෙම පර්වතය පා ගමනින්ම තරණය කළ යුතු වෙනවා. මේ පර්වත මුදුන කොටස් දෙකකින් යුතු අතර එහි  එක් දකුණු දෙසට වැටී ගත් ගමන්මග අවසන් වන්නේ විහාරස්ථනයකින්. ඒ වගේම  එහි අනෙක් කොටසට හැරුණු විට ඉතා මනරම් හාත්පස සුන්දරත්වයකින් වශීකෘක වීමේ වාසනාව ඔබ සතු වෙනවා. ඒ කෙසේ හෝ මේ සොඳුරු සොබාදම් පාරාදීසය වෙත යන ඔබ  ‍පොලිතීන් ප්ලාස්ටික් වීදුරු ආදී නොදිරන ද්‍රව්‍ය සහ මැසි මදුරුවන් බෝවිය හැකි වෙනත් අපද්‍රව්‍ය එහි රඳවා නොඒම සොබාදම් මවගේ මව් සෙනෙහස උදෙසා කරනු ලබන උත්තම මාතෘ පූජාවක් ලෙසයි අවසන් වශයෙන් කිව යුත්තේ.
 











සහන් සංකල්ප සිල්වා 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1696

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1374

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2183

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3498

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4283

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4450

Please publish modules in offcanvas position.