Coss Ear2
lakbima.lk
COSS Ear 1

පැතුම් ඉටු නොවීම නිසා ආගම දහම හා අමනාප වූ සුමාලී

දැන් ඔයා බෝධි පූජාවලට යන්නේ නැද්ද සුමාලි‘ තිස්හත් වියැති අවිවාහක කාන්තාවක වන සුමාලිගෙන් අසල්වැසි මිතුරියක ඇසුවාය.‘ වැඩක් නැහැ අනේ, මම ආයිත් කවදාවත් පන්සල් යන්නේ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ, මට දැන් හැම දෙයක්ම එපා වෙලා’ සුමාලි කීයේ අතිශය කලකිරීම් සහගතවය.
‘ඒ මොකද ඔයාට එහෙම පන්සල එපා වුණේ’ ඒ සමගම මිතුරිය ඇසුවේ විස්මයෙන් ඇළලී යමිනි.
‘මම දැන් කොච්චර කාලයක් නම් බෝධි පූජා තියන්න ඇතිද? ඒත් මොකක්ද මට ඇති සෙතේ. ඒ හින්දා මීට පස්සේ මම ආයිත් පන්සල් නොයන්න තීරණය කළා. සුමාලි කීයේ අතිශය කලකිරීම් සහගතවය. ඇගේ මෙම ප්‍රකාශය ඥාති හිත මිත්‍රාදීන් අතරේ පැතිර යත්ම තවත් බොහෝ දෙනකු ඒ පිළිබඳව විමසුම් කළහ. එවිට ඒ කාහටත් දැන ගත හැකි වූයේ ඒ වනවිට සුමාලි ආගම දහම ගැන මුළුමනින්ම කලකිරි ඇති බවය.
සුමාලිගේ සැමියා රිය අනතුරකින් මිය ගියේ විසි පස්වන වියේ සිටියදීය. එවිට ඇය සත්මස් ගැබිණියකව සිටියාය. සැමියාගේ මරණයෙන් පසු මුළුමනින්ම ආගමික දිවි පවෛතකට යොමු වූ සුමාලී තම පුතුගේ උපතින් පසු ඒ ආගමික භක්තිය තවත් තීව්‍ර කර ගත්තාය.
පාසල් ගුරුවරියක වූ සුමාලිගේ මව විශ්‍රාම ගැනීමත් සමග සුමාලිගේ පුතුගේ භාරකාරත්වය ඇයට පැවැරිණි. සැමියාගේ මරණයෙන් පසු සුමාලිගේ බැංකු ගිණුමට බැර වූ මුදලත් ඇගේ මවගේ විශ්‍රාම වැටුපත් නිසා ආර්ථිකමය වශයෙන් ලොකු අපහසුවකට මුහුණපෑමට ඔවුනට සිදු නොවිණි.
ඒ වනවිටද මනා රූ සපුවකින් යුතුව සිටි සුමාලිට විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රේමාරාධනා සහ විවාහ යෝජනා ලැබෙමින් තිබුණද ඇය ඒ කිසිවකට  එකඟත්වයක් පළ නොකළාය.
ඊට හේතුව ඇය ඒ වනවිට දැඩි ආගමානුකූල දිවිපවෛතකට යොමුව තිබිමය.
සාමාන්‍යයෙන් අප සමාජයේ බොහෝ දෙනකුන් විහාරස්ථානවලට යනුයේ පුන් ‍පොහෝ දිනවලදී පමණි. එහෙත් බෝධි පූජා පවත්වන පිරිස් කෙම්මුර දිනයන් සේ සැලකෙන බදාදා සහ සෙනසුරාදා දිනයන්හිද පන්සල්  පැමිණි අතර සුමාලීද පසුව එම කෙම්මුර දිනවල පන්සල් ගොස් බෝධි පූජා පැවැත්වීමට පෙළඹුණාය. පසුව ඇගේ එම පුරුද්ද දිනපතාම පන්සල් ඒමක් දක්වා වර්ධනය විණි.
සුමාලිගේ මවට හදිසියේ අංශභාග රෝග තත්ත්වයට පත් වූයේ ඔය අතරේය. එම තත්ත්වයත් සමග ඇගේ සාමාන්‍ය දින චාර්යාව මුළුමනින්ම බිඳ වැටුණු අතර එමගින් සුමාලිගේ දිවිපවෛතද සැලකිය යුතු ලෙසින් පසුබෑමකට ලක්විය. එහෙත් ඒ වනවිට තමන් විසින්  නොකඩවා සිදු කරමින් පවතින බෝධි පූජා කෙරෙන් අත්මිදීමට නොහැකි තත්ත්වයකට සුමාලි පත්ව සිටියාය. එහෙත් මුදලදී පුතුගේ වගකීම් පවා මවට භාර දී තිබූ සුමාලිට මවගේ  රෝගයත් සමගම මවගේත් පුතුගේත් දෙදෙනාගේම වගකීම් දැරීමට සිදුවීම මහත් පීඩාවක් විය. කෙසේ හෝ මවගේ රෝගය නිට්ටාවට සුව කළ නොහැකි වූ මුත් ඇගේ අසනීපය සඳහා සෑහෙන මුදලක් වැය කිරීමට සිදුවීම නිසා පවු‍ලේ ආර්ථිකයද සැලකිය යුතු ලෙස බිඳ වැටිණි.
ආගමික කටයුතුවල යෙදෙන්නවුන් හට ඒ ආගම මගින් රැකවරණ සැලසෙන බව ‍පොදු ජන විශ්වාසයකි. ඒ අනුව ආගම වෙනුවෙන් මෙතරම් කැපවීමක් සිදු කළ තමන්ට මෙබඳු විපත්තිකර තත්ත්වයක් ඇති වූයේ කෙසේදැයි සුමාලි නිතර දෙවේ‍ලේ සිතන්නට වූවාය. එම අංශභාග රෝගය හේතුවෙන් සුමාලිගේ මව මියගියේ ඇයට එම රෝගය වැළදී වසරකට පමණ පසුවය. ඉන්පසුව තම දරුවාද සමග තනි වූ සුමාලි තම මවගේ විශ්‍රාම වැටුප අහිමිවීම නිසා අතිරේක ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය.
කෙසේ හෝ සුමාලි තුළ දක්නට ලැබුණු මෙම ආගම් විරෝධය එම  විහාරස්ථානයේ  නායක ස්වාමීන් වහන්සේටද දැන ගැනීමට ලැබිමෙන් පසු උන්වහන්සේ තමන් දන්නා මනෝ වෛද්‍යවරයකු හට විශේෂ දේශනයක් සඳහා එම විහාරස්ථානයට ඇරයුම් කළහ. ඒ යමකු තුළ මෙවන් තත්ත්වයක් ඇති වනුයේ මන්දැයි තම දායක කාරකාදීන්ට මනෝ විද්‍යාත්මකව පැහැදිලි කරදීම පිණිසය.
එම දේශනයේදී විහාරස්ථානයට  රැස් වූ සැදැහැවතුන් ඇමතූ මනෝ වෛද්‍යවරයා ආගමානුකූල දිවි පවෛතක් මගින් යමකුගේ ජීවිතය සාර්ථක කර ගත හැකි බව පැවැසීය. එහෙත් ඒ  එම ආගමේ දාර්ශනික සහ සදාචාරාත්මක හරය නිසි ලෙස වටහාගෙන කටයුතු කිරීමෙන් පමණකැයි වෛද්‍යවරයා කීය.
‘අපි කියවලා තියන බුද්ධ චරිතය තුළින් බුදුන් වහන්සේටත් ජීවිතයේ අවස්ථා රාශියක විවිධ ගැටලු අර්බුද මුහුණ දීමට සිදු වුණු බව මනාව පැහැදිලි  වෙනවා. නිදසුනක් හැටියට සංඝ සමාජයේ ඇති වුණු ගැටලුවක් මුල්කොට උන්වහන්සේට  පාරිලෙයිය වනයට  වැඩමකොට ටික කාලයක් ගත කිරීමට සිදු වුණා. ඒ ඔස්සේ අපට දෙන පණිවුඩය තමයි රෝග පීඩා ගැටලු අර්බුද කම්කටොළු කියන එක මිනිසුන්ගේ ‍පොදු උරුමයක් බව. නමුත් ආගම දහම කියන දේ තුළින් හේ තමන්ගේ සෑම අභිලාෂයක්ම සංතෘප්ත වෙනවා කියන හැඟීම තරයේ සිතේ දරා ගැනීම තුළින් ඒ අරමුණු ව්‍යාර්ථ වෙන කොට වැරදි වැටහීම මුල්කොට ගෙන ආගම දහම එපාවීමක්  ඒ ඔස්සේ විඝටණය නම් මානසිකත්වය ඇතිවීමත් ස්වභාවිකයි. වෛද්‍යවරයා කීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1926

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2946

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3268

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.