Coss Ear2
lakbima.lk
COSS Ear 1

මව මළ බිලිඳියක නිසා අවිවාහක යුවතියකට කිරි එරිලා

එරංගී තම වැඩිමල් සොයුරියට සිටි හොඳම මිතුරියගේ අවමඟුල සඳහා විශේෂ කැපවීමකින් එක් වූයේ ඇය තම පවු‍ලේද සමීප හිතවතියක බැවිනි. විෂබිජයක් ශරීරගත වීමෙන් සිදු වූ බව පැවසෙන එම මිතුරියගේ අකල් මරණය සිදුවන වීම ඇගේ වයස අවුරුදු තිස් දෙකකි. ඒ වන විට ඇයට එක් දියණියක සිටි අතර ඇගේ වයස අවුරුදු දෙක හමාරකි. කුඩා කාලයේ සිට අතිශය සංවේදී චරිතයක් වූ එරංගීගේ සිත වඩාත් කම්පා වූයේ තම සොයුරියගේ යෙහෙළියගේ මරණයටත් වඩා ඉන් පසු තනිවන එම බිලිිඳු දියණිය සම්බන්ධයෙනි. මියගිය තැනැත්තියගේ සැමියා තව වසර දෙක තුනකින් දෙවන විවාහයක් කර ගෙන ඔහුට දාව ඇගෙන් දරුවකු බිහිවූ පසු එම දැරිය මෙලොව තනි වන බව ඇයට වැටහිණ. ඒ අනුව තම වැඩිමල් සොයුරියගේ යෙහෙළියගේ අවමඟුලින් පසු ද එම නිවසට ගිය එරංගී එම කුඩා බිලිඳියගේ සුවදුක් විචාරීමට අමතක නොකළාය. එහිදී ඇයට කමෛන් වැටහෙන්නට වූයේ මව් සෙනෙහස අහිමි එම දැරියද තමන් කෙරෙහි කමෛන් දැඩි බැඳීමක් ඇතිකර ගන්නා බවය. 
මියගිය තැනැත්තියගේ සැමියාගේ රැකියාව නිසා ඔහුට එම බිලිදු දියණිය තනිව රැක බලා ගැනීමට ඇති නොහැකියාව මත දින කිහිපයකින් එම දැරිය ඇගේ මවගේ දෙමාපියන් විසින් ඔවුන්ගේ මහ ගෙදරට ගෙනෙන ලදි. ඉන්පසු දින දෙක තුනකට වරක් එරංගී ඇය බැලීම පිණිස එම නිවසට ගිය අතර පසුව එය දිනපතාම යන ගමනකක් බවට පරිවර්තනය විය. එරංගීගේ මෙම පැමිණීම එම බිලිඳියගේ මුත්තනු - මිත්තනියන්ට මහත් පහසුවක් වූ බැවින් ඔව්හු ඊට මහත්සේ කැමති වූහ. ඉන්පසුව කැවීම්, පෙවීම් නෑවීම් ආදී එම දැරිය සම්බන්ධ කටයුතු ද කමෛන් එරංගී විසින් කැමැත්තෙන්ම පවරා ගන්නා ලදුව ඇය එම දැරියගේ නිල නොලත් මව බවට පත්විය. කමෛන් එරංගීගේ මෙම හැසිරීම් රටාව ඇගේ දෙමාපියන්ට වැඩිමල් සොයුරියට සේම ඇගේ පෙම්වතාට ද මහත් ගැටලුවක් විණි. ඒ අය අන් සියලු දේ අතහැර එම බිලිිඳිය කෙරෙහි පමණක් අසීමාන්තික ලෙස ලොල්වීම නිසාය. 
“මේ ආත්මයේ නොවුණත් මම පහුගිය ආත්මයක හරි එයාගේ අම්මා වෙන්න ඇති” එම දැරිය කෙරෙහි දක්වන අසීමිත පැහැදීම පිළිබඳව විමසන සමීපතමයන්ට එරංගී කීවාය. ඒ කෙසේ හෝ පසුකාලීනව එරංගීගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු පවා අඩාල වූ බැවින් එරංගීගේ දෙමාපියෝ ඇයට එම දැරිය බැලීමට යාම සපුරා තහනම් කළහ. ඉන්පසු දින කිහිපයක් නිවෙස තුළම අලස සෝමාරි දිවි පවෛතක් ගත කළ එරංගීට උණ ගැනී තිබූ අතර එක්තරා විස්මිතදෑ සිදුවිය. එනම් ඇගේ ළමැදින් මව් කිරි ගලා එන්නට පටන් ගැනීමය. 
එරංගීගේ මාපියන් දුටු අන්දමට අතිශය අසාමාන්‍ය තත්ත්වයක් වූ මෙය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින් ඔව්හු ඇය පවු‍ලේ වෛද්‍යවරයා වෙත යොමු කළහ. එහි දී ඇගේ කායික රෝගී තත්ත්වයන් සඳහා මූලිකව ප්‍රතිකාර කළ ඔහු එරංගී පිළිබඳව වැඩිදුර විමසා බැලීම පිණිස ඇය මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලදි. 
මෙහිදී ඇගෙන් බොහෝ වේලාවක් ප්‍රශ්න කළ වෛද්‍යවරයා මෙය වියෝග දුක්ඛ තත්ත්වයක් Grief and lass ලෙස හඳුන්වා දෙන ලදී. මුලදී එම දැරිය සම්බන්ධයෙන් ඇති කරගනු ලැබූ දයානුකම්පාව පසුව දැඩි ආදරයක් බවට පත්ව පසුව ඇය නොදැනුවත්ම එය කායානුබද්ධ තත්ත්වයට පත්වී ඇති බව කී වෛද්‍යවරයා එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවද පෙන්වා දුන්නේය. එමෙන්ම එම යුවතියගේ තන පුඩුවලින් මව් කිරි මතුවීමට හේතුව ඒ දරු සෙනෙහස මුල්කොට මොළයේ ෙජෙව රසායනික පද්ධතියට බලපෑමක් සිදුවීම මත ඔක්සිටොසින් (Oxytocin) හෝමෝනය සක්‍රියවීම බව පෙන්වා දුන් වෛද්‍යවරයා අධික දරු සෙනෙහසක් මුල්කොට දරු ප්‍රසූතියක් සිදු නොවූ අවස්ථාවක වුවද කාන්තාවකට මව්කිරි එරීමට හැකි බව පෙන්වා දුන්නේ ඒ සඳහා විවාහක අවිවාහක භේදයක් නොමැති බවද ඔවුන්ට වටහා ගනිමිනි. 
තරුණියකගේ හිත දරුවෙකු වෙත මේ විදිහට යොමුවීම මානසික රෝගයක් විදිහට හඳුන්වන්න බැහැ. නමුත් මේ වගේ අසීමාන්තික නැඹුරුවක් තුළින් යම් මානසික අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන් මනෝ වෛද්‍යවරයා කීය. 
විශේෂයෙන් මේ වගේ දරුවෙකුට කොච්චර ආදරය කළත් ඒ දරුවා හිමිකර ගන්න සමාජ සංස්කෘතික වටපිටාවක් නැතිවීම තුළ ඒ තරුණියගේ මනැසේ මානසික ගැටුමක් (Conflict) ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ දරුවා තමන්ට කවදාවත් අයිතිකර ගන්න බැරිවෙනවා නේද? කවදාහරි තමන්ගෙන් ඈත් වෙනවා නේද කියන එක මුල් කරගෙන ඇති වෙන මානසික පීඩාව; ඒ කියන්නේ anticipatory grief කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ තත්ත්වය මුල් කරගෙන පහසුවෙන්ම විශාද තත්ත්වයක් ඇති වෙනවා. වගේම ඒකෙන් ජීවිතයේ සමතුලිත බව බිඳ වැටෙන්න පුළුවන්” වෛද්‍යවරයා කීය.  නමුත් ඒ නිසාවටම එම දැරිය අමතක කළ යුතු නොවන බව පෙන්වා දුන් වෛද්‍යවරයා එහිදී ඇයට සේම තමන්ට ද හිතකර වන හා අහිත පිණිස නොවන ඉදිරි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් දෙමාපියන් හා පෙම්වතා සමග සාකච්ඡා කළ යුතු බවද කීයේ ඒ වනවිට එරංගී තුළ ඉහළ නැංවී තිබූ විශාද රෝගී තත්ත්වයට ඖෂධීය ප්‍රතිකාර නියම කිරීමෙන් පසුවය. 
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 301

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 410

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 725

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2649

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3588

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3786

Please publish modules in offcanvas position.