Coss Ear2
lakbima.lk
COSS Ear 1

පවුලෙන් මිදී මායා ලොවක පියෑඹූ දෙදරු මවක්

තිස්පස් වියැති දෙදරු මවක වන නාලිකා ගේ ජීවන රටාව කෙමෙන් වෙනස් වන බව ඇගේ සැමියා වන ජයලාල්ට වැටහිණ.

කලින් දරු දෙදෙනා සම්බන්ධයෙන් තිබූ උනන්දුව කෙමෙන් ගිලිහීයන බවත් නිවසේ සී.ඩී.ප්ලේයරයෙන් ගීත ඇසීමටත් නවතම ඇඳුම් විලාසිතා කෙරෙහි යොමුවීමටත්, මුහුණ බලන කණ්නාඩිය ඉදිරියට ගොස් බොහෝවේලා ගත කිරීමටත් ඇය අසාමාන්‍ය උනන්දුවක් පළ කරන බව ජයලාල්ට වැටහීගියේය.

ඇගේ මෙම අමුතු හැසිරීම පිළිබඳව ජයලාල්ගේ මව කියා සිටියේ ඇයට 'මනමාල පිස්සුවක්' වැළඳී ඇති බවත් නොදුරු දිනයකදීම වෙනත් පුරුෂයෙකු හා ඇය පලායන බවත්ය.

එහෙත් ඒ සම්බන්ධයෙන් විමසුම් කළ ජයලාල්ට නාලිකාට වෙනත් පෙම් සබඳතාවයක් ඇති බවට කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය. එහෙත් ඇය කිසිදු හේතුවක් නැතිව අමුතුම සතුටකින් පසුවන බවත් දකින දකින  සියළුදෙනා සමඟ සිනාසෙමින් කථා'බහට යන බවත් ජයලාල්ට වැටහිණි.

"ඇත්තටම ඔයාට අමතක වුණාද? ඔයා අම්ම කෙනෙක් කියලා.  දැන් ඔයාගෙ හැසිරීම් හරියට අවුරුදු පහළවක දාසයක කෙල්ලෙකුගේ වගේ. ඔයා ඔය විදිහට පවුලේ වගකීම් අතෑරලා එලෝටත් නැති මෙලෝටත් නැති ජීවිතයක් ගත කළොත් කවදාහරි අර අසරණ දරුපැටව් දෙන්නා මහපාරට වැටෙනවා."

ජයලාල් නාලිකාට නොයෙක්වර එසේ අවවාද කරන්නට විය. එහෙත් ඒ කිසිවක් ගණනකට ගත්තේ ඇය නොවේ.

සුනීතා යනු නාලිකාගේ පැරණි යෙහෙළියකි. දිනක් අතරමඟදී සුනීතා හමුවූ නාලිකා දින කිහිපයක් ඇගේ නිවසේ නතරවන්නට එන බවට පොරොන්දුවී ඇත.

"ඔයාට පිස්සුද මේ ගෙවල්දොරවල් දාලා  කොහේවත් ඉන්න ගෑණුන්ගෙ ගෙවල්වල ගිහින් නතරවෙන්න." ජයලාල් ඇයට චෝදනා කළේය.

එහෙත් දිනක් ජයලාල් නිවසේ නොමැති අතරේ තම ඇඳුම් කිහිපයක් ද රැගත් නාලිකා කොහේ හෝ ගොස් තිබුණි. පසුව ඇය ඒ පිළිබඳව ජයල‍ාල්ට දුරකථනයෙන් කියා සිටියේ ඔහුගේ මවගේ තාඩන - පීඩන වලින් ගැලවීම සඳහා තමන් දින කිහිපයක් සුනීතාගේ නිවසේ නතරව හිඳින බැවිනි. නමුත් තම මව එබඳු කුරිරු ගැහැණියක නොවන බව ජයලාල් හොඳින් දැන සිටියේය. ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් ජයලාල් සුනීතාට දුරකථනයෙන් කථා කළ විට ඇය කියා සිටියේ 'නාලිකාගේ හැසිරීම් නම් දැන් සෑහෙන්න අමුතුයි තමයි. ඒත් කමක් නෑ තව ටික දවසක් මෙහේ හිටපුවාවේ.' යනුවෙනි.

කෙසේ හෝ නැවත නාලිකා නිවසට කැඳවාගැනීමට ඇති අපහසුව ඒ වන විට හොඳින් දැන සිටි ජයලාල් ඇයට දින කිහිපයක් එසේ රැඳී සිටීමට ඉඩ සලසා දී තිබිණ.

මේ අතර දිනක් සුනීතා ජයලාල්ට දුරකථන ඇමතුමක් ගෙන කියා සිටියේ අද අළුයම සිට නාලිකා තම නිවසේද නොමැති බවය. එහිදී  ඇය කියා සිටියේ ඔවුන් හොඳින් දන්නා ත්‍රිරෝද රථ රියැදුරකු සමඟ ඇය කොහේ හෝ ගොස් ඇති බවකි. ‍මෙහිදී කළබල වූ ජයලාල් ඇගේ එම අතුරුදන් වීම පිළිබඳව පොලිසියට දැනුම් දී ඇය පිළිබඳව සොයන්නට වූවාය.

එහෙත් එදින රාත්‍රියේ ඇය යළි සුනිතාගේ  නිවසට පැමිණ තිබුණි. ඒ වන විට එම නිවසට ගොස් සිටි ජයලාල්ට නාලිකා කියා සිටි‍යේ තමන් ඔහු සමඟ ගියේ තමන්ගේ කැමැත්තෙන් බවත් තමන්ට ඔහුගෙන් සතුටක් ලැබීමට අවශ්‍යව තිබූ බවත්ය. මෙම ප්‍රකාශය ඇසූ ජයලාල්ට වික්ෂිප්ත විය.

ඒ අනුව නාලිකාගේ මෙම අසාමාන්‍ය ප්‍රකාශ මුල්කොට ඇය ළඟම ඇති රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කරනු ලදුව ඇය පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ඇගෙන් ඒ පිළිබඳ තොරතුරු අසා ඇයට 'මන්ද ක්‍ෂිප්තතාව (Hypomania)' නම් රෝගය ඇති බවට නිගමනය කළේය.

ජීවිතයේ පවත්නා තත්ත්වයට වඩා අහේතුක සතුටක් සිත රැඳීම, ජීවිතයේ වගකීම් වලින් බැහැරවීම, තමන් පිළිබඳ තරමක උච්ච හැඟීමකින් පසුවීම, ලිංගිකත්වය සහ රසාස්වාදිත මාධ්‍යයන් කෙරෙහි වැඩිපුර යොමුවීම, සදාචාරය පිළිබඳව ඇති හැඟීම් අවමවීම ආදී ලක්ෂණ මෙම මන්ද ක්‍ෂිප්තතා රෝගය තුළ ඇති බව වටහාදුන් මනෝ වෛද්‍යවරයා ඇය හට තම මනෝවෛද්‍ය ඒකකයේ සති කිහිපයක නේවාසික ප්‍රතිකාර ලබා දී ඉන්පසුව නිරන්තරව ගැනීම සඳහා ඖෂධ නියමකොට ඇය පිළිබඳ ඉතා සෝදිසියෙන් පසුවන ලෙසත්, ඇය හොඳින් රැකබලා ගන්නා ලෙසත් ජයලාල් ඇතුළු පවුලේ සාමාජිකයන්ට නියමකරන ලද්දේ ඇයට ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් වැළඳී ඇත්ද පිළිබඳව නිශ්චය කිරීම පිණිස නාලිකා රෝහලේ එම අංශයට යොමු කරමිනි. එහෙත් වාසනාවකට මෙන් ඇයට එවන් රෝග තත්ත්වයක් වැළඳී නොතිබූ අතර ජයලාල් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ දැඩි ආරක්ෂාව සහ අවධානය මුල්කොට සති කිහිපයක් එක දිගට ඖෂධ ලබා ගත් නාලිකා තමන් මෙතෙක් ගතකළ මායා ලෝකයෙන් පියවි ලොවට පිමිණියාය.

ඉන්පසු තමන් එවැනි ආකාරයකින් කටයුතු කළ බව සිහිකිරිමටවත් අකැමැති වූ ඇය බිරිඳක, ගෘහනියක හා මවක ලෙස තම යුතුකම් සහ වගකීම් දැරීම සඳහා ද ඉදිරිපත්වූවාය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

සටහන - දමන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2203

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.