Coss Ear2
lakbima.lk
COSS Ear 1

එළු මස් සාරය


අවශ්‍ය ද්‍රව්‍ය
කටු සමග එළු මස් ග්‍රෑම් 250
ගම්මිරිස් ඇට 10ක්
කරාබුනැටි 2ක්
බාර්ලි ඇට මේස හැඳි 2-3ක්
රතුලූනු ගෙඩි කීපයක්
කුරුඳු ‍පොතු කැබැල්ලක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
බාර්ලි සෝදා පැය කීපයක් ‍පොඟවාගන්න. මස් ටික කපා සෝදා බඳුනකට දමන්න. දැන් එයට රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම, ගම්මිරිස් ඇට, කුරුඳු ‍පොතු කැබැල්ල, බාර්ලි, ලුණු, කරාබු නැටි සහ වතුර ලීටරයක් පමණ දමා පැය 2ක් පමණ හොඳහැටි තැම්බෙන්නට හරින්න. තැම්බුනු පසු පෙරා රෝගීයාට බිමට දෙන්න. ශක්තිය වඩන ආහාරයකි. ටෝස්ට් කරගත් පාන් පෙත්තක් සමග බිමට දෙන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.