Coss Ear2
lakbima.lk
COSS Ear 1

රතුහාල් එළවළු බත


RED
අවශ්‍ය ද්‍රව්‍ය
රතු සම්බා සහල් කිලෝග්‍රෑම් 1
කැරට් ග්‍රෑම් 100
මුකුණුවැන්න දලු ග්‍රෑම් 100
කුකුල්මස් ග්‍රෑම් 200
මිටිකිරි අඬු කෝප්ප 1/2
බටර් මේස හැඳි 1
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
රතුලූනු ග්‍රෑම් 50
අමුමිරිස් කරල් 2-3ක්
තලාගත් සුදුලූනු බික් 2-3ක්
තලාගත් ඉතා කුඩා ඉඟුරු කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
සහල් බෙරි නොවන සේ පිසගෙන පසෙකින් තබන්න. දැන් කුකුල්මස්වල කටු ඉවත්කර කුඩාවට කපා ගන්න. කැරට් සිහින්ව ලියාගන්න. මුකුණුවැන්න දලු ටිකද කුඩාවට කඩා සෝදා දිය බේරා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ළිප තබා රත්වන විට බටර් ටික දමන්න. තලාගත් ඉඟුරු සුදුලූනු එක් කරන්න. දැන් කුකුල් මස් කැබැලි දමා බැදෙන්නට හරින්න. එය හොඳින් බැදීගෙන එද්දී රතුලූනු, අමුමිරිස්, කැරට්, මුකුණුවැන්න, ලුණු, ගම්මිරිස් සමග ‍පොල්කිරිද දමා පිසගන්න. එය හොඳින් උකුවීගෙන එන විට පිසගත් බත් ටික දමා කලවම් කරගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.