Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට කිලෝ මීටර් 90ට පමණ ආසන්න දුරකින් පිහිටි වර්ග කිලෝමීටර් 4400ක වපසරියකින් යුත් ඝන කැලෑවක් තුළ ගල් ගැසුණු දරු තිදෙනා නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයින්ගේ දැස් කඳුලින් පුරවාලන ශෝචනීය දසුනකි.
නිව් සවුත් වේල්ස්හි නිල් කඳුවැටිය ලෙස පරසිඳු නිල් වන අරණක ආදිවාසී උරුමක්කාරයන් වූ ඩුරැග් ගන්ඩුන්ගුරා නෙපීන් කටුම්බා ආදී ගෝත්‍රිකයන්ගේ රැහේ නායකයාට රූමත් තරුණ දියණියන් තිදෙනෙක් සිටි බව පැවසෙයි.
ඇබෝරිජින් නීතියට අනුව රැහේ නායකයා වංශවත් ගෝත්‍රයකින් පැවතෙන්නෙකු විය යුතුය. නායකයා ලෙස ඔහුගේ උරහිස මත පැටවී ඇත වගකීම් ද රාශියකි. ගෝත්‍රික සංස්කෘතියේ නිත්‍යානුකූල භාරකරු වූයේද ඔහුය. ඔහු ආදර්ශවත් විය යුතුය. රැහේ නීතිය හා ගෞරවය රැකබලා ගැනීම නායකයා වෙත පැවැරී ඇති බරපතළම වගකීමයි. අල්ලපු කඳුවැටියේ වෙසෙන නේපීන් ගෝත්‍රිකයන් වංශවත් ගෝත්‍රිකයින්ගේ බැලමෙහෙවර කරමින් දිවි ගෙවන්නෝ වූහ.
නෙපීන් රැහේ තරුණ ගැටව් තුන්දෙනෙකු සිය රජදහන පිහිටි වපසරිය තුළ නිතර නිතර සැරිසරනු දුටු පියරජතුමා කලබල වූ බවක් ද පෙන්වා නොමැත. එහෙත් කල්යත්ම තරුණ කොලුගැටවුන්ගේ හැසිරීම පිළිබඳ පියරජුගේ මනාපයක් ද නොවීය. ගැටවරයන්ගේ දෑස් සැරිසරණ දිශානතිය කියැවූ ඔහුගේ හිත මහා බරකින් තෙරපෙන බවක්  දැනිණි. දියණියන් තිදෙනා ද මෑතක සිට නිවසේ කැඩපත අබියස නිතර නිතර අඬදබර කරගනිමින් හැඩ වැඩවීම ද පියරජතුමාගේ සැකය තව තවත් දලු ලෑමට හේතුවක් විය. නාඹර වයස පසුකරමින් සිටින මීනී, විමලා,  ගනේදු යන සිය දියණියන් තිදෙනාට ඇල්ම බැල්ම හෙළමින් ඉඟි බිඟි පාන දඩබ්බර කොලු ගැටයෝ තුන්දෙනා තම වරිගයාට වඩා අඩු කු‍ලේ ගෝත්‍රයකට අයත් වීම සෘජුවම තම කුලමානයට හා රාජකාරිමය ගැටලු නිර්මාණය කරන්නක් වීමද ඔහුගේ කනස්සල්ල වැඩි කිරීමට තවත් ප්‍රබල හේතුවක් විය.
මවකගේ රැකවරණය අහිමි වූ දියණියන් තිදෙනා හුදකලා කොට එළියට පහළියට යාමට හෝ පියාගේ හිත ඉඩ නොදුන්නේ අවසන් මොහොතේ බිරිඳ විසින් කළ ආයාචනයට පිටු පෑමට ඇති බලවත් අකමැත්තයි. අන් සියල්ලටම වඩා රැහේ නීතියට එරෙහි වීමට පියරජුට කිසිදු අවසරයක් නොමැති වීමයි. දියණියන්ගේ ප්‍රේමාලාපයේ කඳුළුවලට රැහේ නීතිය මෘදුවන්නේ ද නැත. පියරජුගේ ආශිර්වාදය ද මිරිඟුවක් පමණක් බව දියණියන්ට පැහැදිලි අවබෝධයක් තිබුණි. පියරජු ද ආදරයේ වේදනාව අඳුරන්නෙකු බව දූවරුන්ට රහසක් ද නොවේ. නීතියට හා රැහේ පාරම්පරික සංස්කෘතියට මැදි වූ පියෙකුගේ දරුපෙමට අත් වූ ඉරණම කුමක් විය හැකිද..?
රැහේ නීතියට පිටුපෑම මරණීය දණ්ඩනයට හෝ වෙනත් කිසිදු ගෝත්‍රයකට වැද්ද නොගැනීමේ නීතියට යටත් විය යුතු බරපතළ කාරණාවක් බැව් දූවරු හා තරුණ ගැටව් ද හොඳින් දැන සිටියහ. තරුණ ගැටව් තිදෙනා ඔවුන්ගේ රැහේ බලපුළුවන්කාර චරිත තුනක් බව ද පැවසේ. යල්පැනගිය නීති රීති වෙනස් කළයුතුය යන මතයේ සිට දෙකඳු අතරේ ගෝත්‍රිකයන්  අතර විශාල හිඩැසක් ඇතිකරමින් නීති රීතිවලට එරෙහිව කැරලි ගැසීමට තරුණයන් තිදෙනා දුනු ඊතල මුවහත් කරන බවටද රාවයක් පැතිරෙන්නට විය.
රැහේ නීතියට හා කුලමානයට එරෙහි වුණු තරුණ ගැටව් විසින් දියණියන් තිදෙනා පිය උණුසුමෙන් පිටමං කරගැනීමේ රහසිගත සැලැස්ම රහසක් ලෙස රැකගැනීමට ඔවුහු අසමත් වූහ. පියාගේ  ඔත්තු සේවය සාර්ථක විය. ආරංචිය කනවැකුණු වහා රැහේ පිළිගත් වැඩිහිටියෙකු ලෙස සැමගේ ගෞරවයට බඳුන් වූ සියල්ල දත් ෙදෙවඥයා සිය නිවසට කැඳවාගත් පියතුමා දියණියන් තිදෙනා බේරාගැනීමේ සුදුසු උපාය මාර්ගයක් පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව දියණියන් තිදෙනා තාවකාලිකව ගල් කඳු තුනක් බවට හැරවීමේ අපූරු විසඳුමකට එළඹුනාහ. දින කිහිපයක් තුළ යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමේ තිර අදිටනින් යුතුව විමලා, මීනී සහ ගනේදු යන දූවරුන් තිදෙනා ගල්කිරීමේ තීරණය පියරජුගේ අනුමැතිය ලත් වහාම නොපැකිලිවම ක්‍රියාත්මක කෙරිණි.
තරුණයන් තිදෙනාගේ උත්සාහය ව්‍යාර්ථ වීම පිළිබඳ පියරජතුමා බලවත් සතුටට පත් වී සිටියේය. තීරණය ක්‍රියාත්මක කොට දින කිහිපයක් ඇවෑමෙන් සියල්ල දත් ෙදෙවඥයා මෙලොව හැර ගිය පුවත කනවැකුණු පිය රජතුමා ද ළය පැලී මිය ගිය බැව් අදටත් අබෝරිජින්වරු පවසන්නේ දැඩි කම්පාවකිනි. දියණියන් තිදෙනා තවමත් ගල්වෙලා. වසර 65000ක් පුරා සිය ඥාති හිතමිත්‍රාදීන් විසින් හෙළු කඳුළු ගංගාවන් බවට පෙරළී කටුම්බා කඳු පාමුලින් ගලාවිත් සමස්ත සිඩ්නි නගරයම තෙමාලමින් සාගරයට නිසොල්මනේ ගලා බසී. සාගරයට මුසු වූ කඳුළු හේතුවෙන් සාගර ජලය ලුණු රසට හැරණු බැව් ඇතැම් ඇබෝරිජින්වරුන්ගේ විශ්වාසයයි.
කටුම්බා නීල කඳුවැටියේ ඉහළම ඉසව්වක සිට අදටත් සිය පෙම්වතුන්ගේ හෝ දයාබර පියතුමන්ගේ ආගමනය දකිනු රිසියෙන් ගල්ගැසුණු දරු තිදෙනා ත්‍රී සිස්ටර්ස් ඔෆ් බ්ලූ මෞන්ටන් (Three sisters of Blue Mountain) ලෙස ලෝ පුරා සංචාරකයන්ගේ ඉමහත් අනුකම්පාවට හා ආදරයට ලක් වෙමින් සිටින්නාහුය.
 
සරත් අමරකෝන්

අද කාලේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙකුට තමන්ගේ හිතට විවේකයක් ලබාදෙන්නත් කාලයක් ඉතිරි වෙන්නේ නෑ. නමුත් කොයි තරම් වැඩකටයුතු අධික වුණත් හිතට විවේකයක් ලබා දිය යුතුයි. වැඩ කරනා අතරේ මේ දේ කරගන්න පුළුවන් නම් එ්ක කාටත් පහසුවක්.
මෙන්න මේ ගැන කවුරුන් හෝ හිතපු නිසා තමයි ’ZenEgg Balancing Wooden Totem කියන අපූරු නිර්මාණය වෙළෙදපොළට ඇවිත් තිබෙන්නේ. මේක හිතේ සහනය ඇති කරගන්නම හදාපු දෙයක්. චීනයේ සෙන් දහමේ මූලධර්මවලට අනුව කළ නිෂ්පාදනයක් බව මෙහි නමින්ම පැහැදිලියි. මෙය දැවයෙන් සාදා ඇති බිත්තරයක්. ඔබේ වැඩකටයුතු කරනා අතරේ ඔබේ අභ්‍යන්තර සිතිවිලි ගැන නිරායාසයෙන්ම හිතන්න මේ දැව බිත්තරය ඔබව පොළඹවනවා. ඔබ කළ යුත්තේ හිතට සහනයක් අවශ්‍ය යැයි හිතන වෙලාවට මේ දැව බිත්තරය සමබර කරන්නට උත්සාහ ගැනීම පමණයි.
මේ කාර්යය ගැන ඔබේ හිත යොමුකරවීමේ දී හිත එ්කාග‍්‍රතාවයකට පත් වෙලා හිතේ සැහැල්ලූ බවක් ඇති වන බව ඔප්පු වී තිබෙනවා. එ් කාර්යයත් එක්ක ඔබ යම්කිසි භාවනාවකට ද යොමු කරවනවා.
හිතේ සැහැල්ලූ බවට අමතරව මේ දැව බිත්තරය සමබර කිරීමට කරනා උත්සාහයේ දී ඔබේ ශරීරය සමබර කිරීමේ හැකියාව ද වර්ධනය වෙනවා. එ් වගේම ඔබේ අතේ මාංශ පේශීවල සෞඛ්‍යයට ද මෙය උදව්වක්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 33ක් (රු. 5,059)ක් වෙනවා.
 

මේ ඉන්නේ චිත‍්‍ර ශිල්පියෙක්. නම ඩූකා සිරොග්ලාවික්. ඉන්නේ ක්‍රෙඒෂියාවෙ. මෙයා පහුගිය කාලෙ හරි අපූරු වැඩක් කළා. ඒ තමයි චිත‍්‍රයක් ඇඳපු එක. චිත‍්‍ර ශිල්පියෙක් චිත‍්‍රයක් අඳින එක අපූරු වැඩක් වෙන්නේ කොහොමද කියලා දැන් හිතෙයි. මේක අපූරු වැඩක් වුණේ ඩූකා ඇඳපු චිත‍්‍රය අරුම පුදුම එකක් වුණු නිසයි.
මේ චිත‍්‍රය මහා දිගකින් යුතු එකක්. හරියටම කියනවා නම් ඒකෙ ප‍්‍රමාණය වර්ග මීටර් 10800 ක්. වර්ග අඩිවලින් කිව්වොත් 116250 ක්.
මේ මහා දිග චිත‍්‍රය ඇඳලා ඉවර කරන්න ඩූණාට හරියටම මාස 5 ක් ගත වෙලා තියනවා.
ඔහු මේක ඇඳලා තියෙන්නේ ක්‍රොඒෂියාවෙ බොල්බ‍්‍රැක් කියන ප‍්‍රදේශයේ පාරක් දිගේ තාවකාලිකව නිර්මාණය කරපු වැටක් දිගේ කියලා තමයි වාර්තා වෙන්නේ.
 
 
 

අද කාලේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙකුට තමන්ගේ හිතට විවේකයක් ලබාදෙන්නත් කාලයක් ඉතිරි වෙන්නේ නෑ. නමුත් කොයි තරම් වැඩකටයුතු අධික වුණත් හිතට විවේකයක් ලබා දිය යුතුයි. වැඩ කරනා අතරේ මේ දේ කරගන්න පුළුවන් නම් එ්ක කාටත් පහසුවක්.
මෙන්න මේ ගැන කවුරුන් හෝ හිතපු නිසා තමයි ’ZenEgg Balancing Wooden Totem කියන අපූරු නිර්මාණය වෙළෙදපොළට ඇවිත් තිබෙන්නේ. මේක හිතේ සහනය ඇති කරගන්නම හදාපු දෙයක්. චීනයේ සෙන් දහමේ මූලධර්මවලට අනුව කළ නිෂ්පාදනයක් බව මෙහි නමින්ම පැහැදිලියි. මෙය දැවයෙන් සාදා ඇති බිත්තරයක්. ඔබේ වැඩකටයුතු කරනා අතරේ ඔබේ අභ්‍යන්තර සිතිවිලි ගැන නිරායාසයෙන්ම හිතන්න මේ දැව බිත්තරය ඔබව පොළඹවනවා. ඔබ කළ යුත්තේ හිතට සහනයක් අවශ්‍ය යැයි හිතන වෙලාවට මේ දැව බිත්තරය සමබර කරන්නට උත්සාහ ගැනීම පමණයි.
මේ කාර්යය ගැන ඔබේ හිත යොමුකරවීමේ දී හිත එ්කාග‍්‍රතාවයකට පත් වෙලා හිතේ සැහැල්ලූ බවක් ඇති වන බව ඔප්පු වී තිබෙනවා. එ් කාර්යයත් එක්ක ඔබ යම්කිසි භාවනාවකට ද යොමු කරවනවා.
හිතේ සැහැල්ලූ බවට අමතරව මේ දැව බිත්තරය සමබර කිරීමට කරනා උත්සාහයේ දී ඔබේ ශරීරය සමබර කිරීමේ හැකියාව ද වර්ධනය වෙනවා. එ් වගේම ඔබේ අතේ මාංශ පේශීවල සෞඛ්‍යයට ද මෙය උදව්වක්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 33ක් (රු. 5,059)ක් වෙනවා.
 

ජෙෆ් බෙසොස්’ කියන්නේ කවුදැයි ඔබෙන් ඇසුවොත් එයට පිළිතුරක් දෙන්නට නොහැකි වන්නට පුළුවන්. නමුත් මේ විස්තරය කියවූවාට පසු බොහෝ දෙනෙක් මේ නම මතක තබා ගන්නා බව නොඅනුමානයි. එ් අන් කිසිවක් නිසා නොව අලූත්ම ආර්ථික සහ මූල්‍ය වාර්තාවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ජෙෆ් බෙසොස් වීම නිසයි. ලෝක ප‍්‍රකට, විශාලතම අන්තර්ජාල වෙළෙද සමාගම වන ‘ඇමසන්’ හි හිමිකරුවා වන්නේ ද ඔහුයි. ඔහුගේ මුළු වත්කම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 105ක් වෙනවා. මේ ප‍්‍රමාණය 153 න් වැඩි කිරීමෙන් මේ වත්කම අප රටේ මුදලින් කීයක් වනවාදැයි සොයා ගන්නට ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා. එ් වගේම 2016 වසරේ අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 81.32ක් යැයි කීමෙන් ඔහුගේ වත්කම්වල ප‍්‍රමාණය කෙතරම් දැයි යම් අවබෝධයක් ඔබට ලැබිය හැකියි.
මෙතෙක් වසර ගණනාවක් තිස්සේම ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පළදා සිටියේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ
බිල් ගේට්ස්. නමුත් පසුගිය දිනෙක ඇමසන් සමාගම කොටස් වෙළෙදපොළේ වේගයෙන් ඉදිරියට පැමිණීම නිසා බිල් ගේට්ස්ව පරදා ජෙෆ් බෙසොස්ට ඉදිරියට එන්නට හැකියාව ලැබුණා.
1964 ජනවාරි 12 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ
නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ දී ජෙෆ් බෙසොස් උපත ලබන විට ඔහුගේ මව වූ ජැක්ලින් ජෝර්ගෙන්සන්ට වසර විස්සක්වත් සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඔහුගේ පියා වූයේ ටෙඞ්
ජෝර්ගෙන්සන්ය. කෙසේ නමුත් ජෙෆ් බෙසොස් ට අවුරුදු හතරක්වත් සම්පූර්ණ වන්නට පෙර ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගත්තාය. ඔහුගේ නව පියා වූයේ මෙක්සිකානු ජාතිකයකු වූ මයික් බෙසොස්ය. කුඩා කාලයේ සිටම අලූත් දේවල් ගැන සිහින මැවූ ජෙෆ් බෙසොස් ඇමසන් නම් වූ ලෝකයේ අති විශාල අන්තර්ජාල වෙළෙ`දසල දක්වා දිගු ගමනක් ගියේ මේ සිහිනය නිසාම බව බොහෝ ව්‍යාපාරික ස`ගරා පවසනවා.
ඔහු පරිගණක විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. මේ නිසාම මේ ක්ෂේත‍්‍ර දෙකින් ඔහුට උපාධි ගැනීමටත් හැකියාව ලැබුණා. කුඩා කාලයේ දී ඔහු බොහෝ දෙවල් නිර්මාණය කළේ සිය නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තමන් සමග කාමරයේ එකට හැදුණු වැඩුණු සහෝදරයන් කාමරයෙන් පිටතට යනවාදැයි බලා ගන්නට ඔහු අපූරු අනතුරු හැගවීමේ උපකරණයක් ද නිපදවූයේ කුඩා කාලයේදීමයි.
ජෙෆ් බෙසොස් ලෝකයේ ලොකුම ධනවතා වුවත් යහපත් විවාහ ජීවිතයක් ගත කරන බව තමයි ව්‍යාපාරික වෙබ් අඩවි පවා සදහන් කරන්නේ. එයට හේතුව ලෝකයේ බොහෝ ධනවතුන්ගේ විවාහ ජීවිතවල යම් යම් අසාර්ථකතාවන් තිබෙන නිසායි. ඔහු විවාහ වී සිටින්නේ මැකන්සි ටට්ල් සමගයි. ඔහුට ඇයව හමු වී ඇත්තේ ඔහු උපාධිය සදහා ඉගෙනුම ලැබූ කාලයේ දී. 1993 වසරේ දී විවාහ වූ ඔවුන් ඇමසන් සමාගම ආරම්භ කිරීම සදහා සියැටල් ප‍්‍රාන්තය කරා සංක‍්‍රමණය වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණා. එයට අමතරව ඔවුන් චීන ජාතික දැරියකව සිය දරුකමට ද හදාවඩා ගත්තා.
ජෙෆ්, ඇමසන් සමාගමේ මුල්ම කාර්යාලය බවට පත් කරගත්තේ සිය නිවසේ ගරාජයයි. ඔහු තම සමාගමට ගැළපෙන විවිධ නම් ගැන සිතුවත් අවසානයේ දකුණු ඇමෙරිකානු ගංගාවක් වූ ‘ඇමසන්’ යන්න එ් සදහා යොදාගැනීමට තීරණය කළා. මේ නමින් නිර්මාණය කළ ඇමසන් වෙළෙද ලාංඡුනයේ ඉංග‍්‍රීසි ‘එ්’ අකුරත් ‘ඉසඞ්’ අකුරත් යාකරමින් ඊතලයක් ඇද තිබෙනවා. එයින් ඔහු අදහස් කළේ ඇමසන් වෙබ් අඩවියෙන්  ඕනෑම දෙයක් (එ් සිට ඉසඞ් දක්වා * මිලට ගත හැකි බවයි.
ඔහු ගරාජ කාර්යාලයේ සිටියදී මේසයක් ලෙස භාවිත කළේ ලීවලින් සෑ දොරක්. ඔහු මේ බව කිසි දිනක අමතක කළේ නෑ. තමා දවසින් දවස දියුණුව කරා පා තැබුවත් මේ මේසය ඔහු සමග ඉදිරියට ගමන් කළා. අද ද ඇමසන් කාර්යාලයේ ඇති සියලූ මේස සකසා ඇත්තේ ලීවලින් තැනූ දොරක ආකෘතියක් සිහිවන ආකාරයෙනුයි.
2003 වසරේ දී ඔහු ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක් වුණා. එයින් ඔහුට සිදුවූයේ සුළු තුවාලයක් පමණක් වුවත් ඔහු එයින් පසුව හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යාම සහමුලින්ම නතර කළා.
ඔබ බොහෝ දෙනෙක් ලෝක ප‍්‍රසිද්ධ ‘වොෂිංටන් පෝස්ට්’ පුවත් පත පිළිබද දන්නවා විය හැකියි. 2013 වසරේ දී ජෙෆ් මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට මිලට ගත්තා.
ජෙෆ් කුඩා කාලයේ පටන්ම අභ්‍යවකාශ චාරිකා ගැන සිහින මැවූ පුද්ගලයෙක්. මේ සිහිනය ඉටු කරගන්නට ඔහු ‘ඇමසන් ප‍්‍රයිම් එයාර්’ නමින් සමාගමක් ආරම්භ කළා. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ අභ්‍යවකාශ චාරිකා සදහා වැයවූ මුදල් බොහෝ් අඩු කොට වැඩි දෙනෙකුට එම අත්දැකීම ලබා දීමටයි. කෙසේ නමුත් ඇමෙරිකාවේ ෆෙඩරල් ගගන පරිපාලනය තවමත් මෙයට අනුමැතිය ලබා දී නැහැ.
ජෙෆ් ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුණත් ඇතැම් මූල්‍ය ආයතන එය එකවර පිළිගන්නට කැමැත්තක් නැති බව පෙනෙනවා. ඇතැමෙක් පවසන්නේ අද පවතින උද්ධමන අනුපාතය ආදිය පිළිබද සලකා බැලීමේ දී මේ තරම් වත්කමක් මෙයට වසර කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්ට ද තිබුණු බවයි. කෙසේ නමුත් අනෙක් අය පවසන්නේ සිය ව්‍යාපාර තුළින් ඉදිරියට පැමිණ ලෝකයේ ධනවතා බවට පත්ව සිටින ජෙෆ් බෙසොස් හට එම ගෞරවය ලබා දෙන්නට කිසිවකු මැලි නොවිය යුතු බවයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අයර්ලන්තයට අයිති ලයිටී්‍රම් සහ මායෝ කියන රටවල් දෙකේ හරි අපූරු විවාහ සම්ප්‍රදායක් තියෙනවා. විවාහ උත්සවය පැවැත්වෙන දිනයට කලින් දවසේ රෑ තමයි මේ අපූරු දේ සිද්ධ වෙන්නේ. මනාල පාර්ශ්වයේ පිරිමි අය නව දෙනෙක් පිදුරු හෝ පන් කොළවලින් හදපු ඇඳුම් ඇඳ ගන්නවා. ඒ නව දෙනා කවුද කියලා හඳුනාගන්න බැරි විදියට මුහුණු ආවරණය වෙලා තියෙන්න ඕනේ.
ඒ අයට කියන්නේ 'ස්ටේ‍රා් බෝයිස්' කියලා. ඊට පස්සේ මේ නව දෙනා මනාලියගේ ගෙදරට යනවා. ගිහින් මනාලිය එක්ක නර්තනයේ යෙදෙනවා. ඒ වෙලාවේ මනාලියගේ ගෙදර තවත් ගැහැනු අය ඉන්නවා නම් ඒ අය එක්කත් මේ නව දෙනා නර්තනයේ යෙදෙනවා.
ඊට පස්සේ පහුවදාට ඒ කියන්නේ විවාහ මංගල උත්සවය දවසට මනාලිය හොයා ගන්න ඕනේ කලින් දවසේ රෑ කවුරු එක්කද නැටුවේ කියලා.එහෙම හොයා ගන්න පුළුවන් වුණොත් ඇය හොඳ සංවේදී කෙනෙක් විදියට මනාල පාර්ශ්වය පිළිගන්නවා. 

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 929

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1709

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3502

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2832

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4057

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5028

Please publish modules in offcanvas position.