Coss Ear2
lakbima.lk
COSS Ear 1

බිල් ගේට්ස් පවා පැරදුණු ලෝකයේ ලොකුම පොහොසතා

ජෙෆ් බෙසොස්’ කියන්නේ කවුදැයි ඔබෙන් ඇසුවොත් එයට පිළිතුරක් දෙන්නට නොහැකි වන්නට පුළුවන්. නමුත් මේ විස්තරය කියවූවාට පසු බොහෝ දෙනෙක් මේ නම මතක තබා ගන්නා බව නොඅනුමානයි. එ් අන් කිසිවක් නිසා නොව අලූත්ම ආර්ථික සහ මූල්‍ය වාර්තාවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ජෙෆ් බෙසොස් වීම නිසයි. ලෝක ප‍්‍රකට, විශාලතම අන්තර්ජාල වෙළෙද සමාගම වන ‘ඇමසන්’ හි හිමිකරුවා වන්නේ ද ඔහුයි. ඔහුගේ මුළු වත්කම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 105ක් වෙනවා. මේ ප‍්‍රමාණය 153 න් වැඩි කිරීමෙන් මේ වත්කම අප රටේ මුදලින් කීයක් වනවාදැයි සොයා ගන්නට ඔබට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා. එ් වගේම 2016 වසරේ අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 81.32ක් යැයි කීමෙන් ඔහුගේ වත්කම්වල ප‍්‍රමාණය කෙතරම් දැයි යම් අවබෝධයක් ඔබට ලැබිය හැකියි.
මෙතෙක් වසර ගණනාවක් තිස්සේම ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පළදා සිටියේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ
බිල් ගේට්ස්. නමුත් පසුගිය දිනෙක ඇමසන් සමාගම කොටස් වෙළෙදපොළේ වේගයෙන් ඉදිරියට පැමිණීම නිසා බිල් ගේට්ස්ව පරදා ජෙෆ් බෙසොස්ට ඉදිරියට එන්නට හැකියාව ලැබුණා.
1964 ජනවාරි 12 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ
නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ දී ජෙෆ් බෙසොස් උපත ලබන විට ඔහුගේ මව වූ ජැක්ලින් ජෝර්ගෙන්සන්ට වසර විස්සක්වත් සම්පූර්ණ වී තිබුණේ නැහැ. ඔහුගේ පියා වූයේ ටෙඞ්
ජෝර්ගෙන්සන්ය. කෙසේ නමුත් ජෙෆ් බෙසොස් ට අවුරුදු හතරක්වත් සම්පූර්ණ වන්නට පෙර ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගත්තාය. ඔහුගේ නව පියා වූයේ මෙක්සිකානු ජාතිකයකු වූ මයික් බෙසොස්ය. කුඩා කාලයේ සිටම අලූත් දේවල් ගැන සිහින මැවූ ජෙෆ් බෙසොස් ඇමසන් නම් වූ ලෝකයේ අති විශාල අන්තර්ජාල වෙළෙ`දසල දක්වා දිගු ගමනක් ගියේ මේ සිහිනය නිසාම බව බොහෝ ව්‍යාපාරික ස`ගරා පවසනවා.
ඔහු පරිගණක විද්‍යාව සහ විදුලි කාර්මික ශිල්පය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. මේ නිසාම මේ ක්ෂේත‍්‍ර දෙකින් ඔහුට උපාධි ගැනීමටත් හැකියාව ලැබුණා. කුඩා කාලයේ දී ඔහු බොහෝ දෙවල් නිර්මාණය කළේ සිය නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. තමන් සමග කාමරයේ එකට හැදුණු වැඩුණු සහෝදරයන් කාමරයෙන් පිටතට යනවාදැයි බලා ගන්නට ඔහු අපූරු අනතුරු හැගවීමේ උපකරණයක් ද නිපදවූයේ කුඩා කාලයේදීමයි.
ජෙෆ් බෙසොස් ලෝකයේ ලොකුම ධනවතා වුවත් යහපත් විවාහ ජීවිතයක් ගත කරන බව තමයි ව්‍යාපාරික වෙබ් අඩවි පවා සදහන් කරන්නේ. එයට හේතුව ලෝකයේ බොහෝ ධනවතුන්ගේ විවාහ ජීවිතවල යම් යම් අසාර්ථකතාවන් තිබෙන නිසායි. ඔහු විවාහ වී සිටින්නේ මැකන්සි ටට්ල් සමගයි. ඔහුට ඇයව හමු වී ඇත්තේ ඔහු උපාධිය සදහා ඉගෙනුම ලැබූ කාලයේ දී. 1993 වසරේ දී විවාහ වූ ඔවුන් ඇමසන් සමාගම ආරම්භ කිරීම සදහා සියැටල් ප‍්‍රාන්තය කරා සංක‍්‍රමණය වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබුණා. එයට අමතරව ඔවුන් චීන ජාතික දැරියකව සිය දරුකමට ද හදාවඩා ගත්තා.
ජෙෆ්, ඇමසන් සමාගමේ මුල්ම කාර්යාලය බවට පත් කරගත්තේ සිය නිවසේ ගරාජයයි. ඔහු තම සමාගමට ගැළපෙන විවිධ නම් ගැන සිතුවත් අවසානයේ දකුණු ඇමෙරිකානු ගංගාවක් වූ ‘ඇමසන්’ යන්න එ් සදහා යොදාගැනීමට තීරණය කළා. මේ නමින් නිර්මාණය කළ ඇමසන් වෙළෙද ලාංඡුනයේ ඉංග‍්‍රීසි ‘එ්’ අකුරත් ‘ඉසඞ්’ අකුරත් යාකරමින් ඊතලයක් ඇද තිබෙනවා. එයින් ඔහු අදහස් කළේ ඇමසන් වෙබ් අඩවියෙන්  ඕනෑම දෙයක් (එ් සිට ඉසඞ් දක්වා * මිලට ගත හැකි බවයි.
ඔහු ගරාජ කාර්යාලයේ සිටියදී මේසයක් ලෙස භාවිත කළේ ලීවලින් සෑ දොරක්. ඔහු මේ බව කිසි දිනක අමතක කළේ නෑ. තමා දවසින් දවස දියුණුව කරා පා තැබුවත් මේ මේසය ඔහු සමග ඉදිරියට ගමන් කළා. අද ද ඇමසන් කාර්යාලයේ ඇති සියලූ මේස සකසා ඇත්තේ ලීවලින් තැනූ දොරක ආකෘතියක් සිහිවන ආකාරයෙනුයි.
2003 වසරේ දී ඔහු ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක් වුණා. එයින් ඔහුට සිදුවූයේ සුළු තුවාලයක් පමණක් වුවත් ඔහු එයින් පසුව හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් යාම සහමුලින්ම නතර කළා.
ඔබ බොහෝ දෙනෙක් ලෝක ප‍්‍රසිද්ධ ‘වොෂිංටන් පෝස්ට්’ පුවත් පත පිළිබද දන්නවා විය හැකියි. 2013 වසරේ දී ජෙෆ් මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට මිලට ගත්තා.
ජෙෆ් කුඩා කාලයේ පටන්ම අභ්‍යවකාශ චාරිකා ගැන සිහින මැවූ පුද්ගලයෙක්. මේ සිහිනය ඉටු කරගන්නට ඔහු ‘ඇමසන් ප‍්‍රයිම් එයාර්’ නමින් සමාගමක් ආරම්භ කළා. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ අභ්‍යවකාශ චාරිකා සදහා වැයවූ මුදල් බොහෝ් අඩු කොට වැඩි දෙනෙකුට එම අත්දැකීම ලබා දීමටයි. කෙසේ නමුත් ඇමෙරිකාවේ ෆෙඩරල් ගගන පරිපාලනය තවමත් මෙයට අනුමැතිය ලබා දී නැහැ.
ජෙෆ් ලෝකයේ ලොකුම සල්ලිකාරයා වුණත් ඇතැම් මූල්‍ය ආයතන එය එකවර පිළිගන්නට කැමැත්තක් නැති බව පෙනෙනවා. ඇතැමෙක් පවසන්නේ අද පවතින උද්ධමන අනුපාතය ආදිය පිළිබද සලකා බැලීමේ දී මේ තරම් වත්කමක් මෙයට වසර කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්ට ද තිබුණු බවයි. කෙසේ නමුත් අනෙක් අය පවසන්නේ සිය ව්‍යාපාර තුළින් ඉදිරියට පැමිණ ලෝකයේ ධනවතා බවට පත්ව සිටින ජෙෆ් බෙසොස් හට එම ගෞරවය ලබා දෙන්නට කිසිවකු මැලි නොවිය යුතු බවයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.