Coss Ear2
lakbima.lk
COSS Ear 1
අයර්ලන්තයට අයිති ලයිටී්‍රම් සහ මායෝ කියන රටවල් දෙකේ හරි අපූරු විවාහ සම්ප්‍රදායක් තියෙනවා. විවාහ උත්සවය පැවැත්වෙන දිනයට කලින් දවසේ රෑ තමයි මේ අපූරු දේ සිද්ධ වෙන්නේ. මනාල පාර්ශ්වයේ පිරිමි අය නව දෙනෙක් පිදුරු හෝ පන් කොළවලින් හදපු ඇඳුම් ඇඳ ගන්නවා. ඒ නව දෙනා කවුද කියලා හඳුනාගන්න බැරි විදියට මුහුණු ආවරණය වෙලා තියෙන්න ඕනේ.
ඒ අයට කියන්නේ 'ස්ටේ‍රා් බෝයිස්' කියලා. ඊට පස්සේ මේ නව දෙනා මනාලියගේ ගෙදරට යනවා. ගිහින් මනාලිය එක්ක නර්තනයේ යෙදෙනවා. ඒ වෙලාවේ මනාලියගේ ගෙදර තවත් ගැහැනු අය ඉන්නවා නම් ඒ අය එක්කත් මේ නව දෙනා නර්තනයේ යෙදෙනවා.
ඊට පස්සේ පහුවදාට ඒ කියන්නේ විවාහ මංගල උත්සවය දවසට මනාලිය හොයා ගන්න ඕනේ කලින් දවසේ රෑ කවුරු එක්කද නැටුවේ කියලා.එහෙම හොයා ගන්න පුළුවන් වුණොත් ඇය හොඳ සංවේදී කෙනෙක් විදියට මනාල පාර්ශ්වය පිළිගන්නවා. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.