Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙහෙමත් දඩයම්

සාමාන්‍යයෙන් කටුස්සෝ එයාලට  ඕනෙ කරන කෑම බීම සපයා ගන්නේ සිරුරේ පාට වෙනස් කරලා. සිරුරේ පාට එයාලා ඉන්න පරිසරයේ පාටට සමාන වෙන විදියට වෙනස් කළාම නොදැන එයාලගෙ ළඟට එන කෘමි සතුන්ව බොහොම පහසුවෙන් අල්ලාගෙන කන්න එයාලට පුළුවන්.
මේක කටුස්සාගේ විදිය වුණාට ‘අං කටුස්සා’ එහෙම නැහැ. එයාට අනිත් කටුසු වර්ග තරම් හොඳට සිරුරේ පාට පරිසරයේ පාටට වෙනස් කර ගන්නත් බැහැ. ඒ වුණත් එයාලට ස්වභාව ධර්මයෙන් ඊට වඩා හොඳ ක‍්‍රමයකට කෘමි සතුන් ගොදුරු කර ගන්න අවස්ථාව ලබා දීලා තියනවා.
ඒ තමයි ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ඇස්වලින් රතු පැහැති දියරයක් නිකුත් කරන්න. මේ දියරය හරියට රුධිරය වගේමයි. ඉතින් මේ රතු පාටින් ගලා යන්නේ මැරිච්ච කටුස්සෙකුගේ රුධිරය කියලා හිතන කෘමි සතුන් කටුස්සා ඉන්න දිහාට ඇදිලා යනවා. අන්න එතකොට තමයි කටුස්සා ඒ කෘමින්ව අල්ලාගෙන ගිල දාන්නේ. මේ විදියට කෘමි සතුන්ට වඩා ටිකක් විශාල කුරුල්ලන් වගේ සතුන්ව වුණත් රවට්ටලා ගිල දාන්න මේ අං කටුස්සා පසුබට වෙන්නේ නැහැ. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.