Coss Ear2
lakbima.lk
COSS Ear 1
සොෆී ටර්නර් සහ මෙසී විලියම්ස් කියන්නේ ගේම් ඔෆ් ත්රෝන් කතා මාලාවෙන් ප‍්‍රසිද්ධියට පත් වුණු සැන්සා සහ ආර්යා කියන චරිත දෙක. මේ දෙන්නා ගේම් ඔෆ් ත්රෝන් එකේ රණ්ඩු වෙන අක්කා නගෝ දෙන්නෙක් වුණාට ඇත්ත ජීවිතයේදී මේ දෙන්නා ප‍්‍රාණ සම මිතුරියන් දෙන්නෙක්. සොෆීගේ වයස අවුරුදු 21යි. මෙසීට අවුරුදු 20යි. මේ දෙන්නා පහුගිය දවසක රටවල් කීපයක සංචාරයක නිරත වුණා. ඒ යන්න කලින් මේ දෙන්නා අමුතු විදියේ වැඩක් කරලා තිබුණා. ඒ තමයි දෙන්නාගේම අත්වල 07.08.09 කියන ඉලක්කම් ටික ටැටූ කර ගත්තු එක. දෙන්නව වට කර ගත්තු මාධ්‍යවේදීන් ඒ ටැටූ එකේ තේරුම මොකක්ද කියලා අහලා තිබුණා. ඒකේ තේරුම තමයි 2009 අවුරුද්දේ අගෝස්තු හත් වෙනිදා කියන දිනය. ඒ දිනය මේ දෙන්නගේ ජීවිතයට ඉතාම වැදගත් දිනයක්ලූ. ඒකට හේතුව එදා තමයි මේ දෙන්නාව ගේම් ඔෆ් ත්රෝන් කතා මාලාවට තෝරා ගත්තා කියලා දැනුම් දීලා තියෙන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.