Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලූත්ම ඩිජිටල් ටේප් එක

‘ටේප් එක’ කියලා අපි කටවහරට හඳුන්වන්නේ දිග මනින්න යොදා ගන්නා පටියටයි. කාමරයක, නිවසක දිග පළල මැනගන්න නම් දෙන්නෙක් එක්ක එකතු වෙලා තමයි මනින වැඬේ කරන්න වෙන්නේ. එ්ත් අලූත් තාක්ෂණයත් එක්ක දැන් මේ වැඬේට දෙන්නෙක්  ඕන වෙන්නේ නෑ. එ් වෙනුවට ඩිජිටල් ටේප් එකක් දැන් ඇවිත් තියෙනවා. මෙය හඳුන්වන්නේ Suaoki P7 Digital Laser Measurer නමින්. මෙය දිග මනින්න යොදාගන්නේ ලේසර් තාක්ෂණයයි.
එ් වගේම කෝණ මනින්න සංවේදකයක් වෙනම තියෙනවා. මෙහි ඇති බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔබ කළ යුත්තේ ඔබට දිග මනින්න අවශ්‍ය තැනට ගොස් එක් කෙළවරක මෙය තබා අනෙක් කෙළවරට මෙය එල්ල කොට බොත්තමක් තද කිරීම පමණයි.
එවිට මේ ස්ථාන දෙකේ දුර නිවැරදිව මෙයින් ගණනය කරනවා. ඔබේ අතේ යම් සෙලවීමක් වුවත්, එය ද මෙයින් ගණනය කොට එම වරද නිවැරදි කරන්නටත් මෙයට පුළුවන්. එ් වගේම කාමරයක නම් දිග සහ පළල මැනීමෙන් පසු එහි වර්ග ප‍්‍රමාණයත් ස්වයංක‍්‍රීයවම ගණනය කොට පෙන්වනවා. ඊට අමතරව තවත් පහසුකම් රැසක්ම මෙයින් ලබා ගන්නට පුළුවන්. මෙහි මිල ඇමෙරිකානු ඩොලැර් 59ක් (රු. 9,027) වෙනවා.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.