Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළඳින්න පුළුවන් විදියේ කැමරාවක්

කැමරාවෙන් ෆොටෝ ගන්නවා මිසක් පැළඳගෙන මොනවා කරන්නද කියලා ඔබට හිතෙන්න පුළුවන්. එ්ත් මේ කැමරාව නම් පැළඳ ගත්තාම තමයි වටිනාකම තියෙන්නේ. Shonin Streamcam Compact Wearable Camera නමින් හැඳින්වෙන මෙයට ඔබ යමක් දකින ආකාරයෙන්ම වීඩියෝ ගත කිරීමේ හැකියාව තිබෙනවා.
මෙයට සිම්පතක් ඇතුළු කළ හැකියි. එ් වගේම වයි ෆයි පහසුකම ද ලබාගන්න පුළුවන්. මේ නිසා එසේ පටිගත කරගන්නා වීඩියෝ දර්ශන එ් මොහොතේම අන්තර්ජාලයට මුදාහරින්නත් පුළුවන්. එසේ අන්තර්ජාලයට එක් කරන්නට අවශ්‍ය නැත්නම් මෙහි ඇති මතක ගබඩාවේ තැන්පත් කොට තබන්නටත් පුළුවන්. මෙය ඔබේ ස්මාර්ට් දුරකථනය හා සම්බන්ධ කළ හැකි නිසා මෙසේ ලබාගන්නා වීඩියෝ දර්ශන ජංගම දුරකථනය ඔස්සේ සංස්කරණය කරන්නටත් පුළුවන්.
මෙය ඔබේ ඇඳුමේ පහසුවෙන් රඳවා ගත හැකියි. එ් වගේම මෙහි ප‍්‍රබල කාන්දමක් පවතින නිසා ලෝහ මතුපිටක පහසුවෙන් රඳවා තබන්නටත් පුළුවන්. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 149 (රු. 22,794) ක් වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.