Coss Ear2
lakbima.lk
COSS Ear 1
ගමන් බිමන් යද්දී පොඩි පොඩි අසනීප හැදෙන එක සාමාන්‍ය දෙයක්. තෙහෙට්ටුව, හිස රුදාව මේ අතුරින් විශේෂයි. විවිධ පෙති වර්ග, බාම් වර්ගවලින් යම්කිසි සුවයක් ලැබුවත්, එයට වඩා වෙනස්, එ් වගේම ඖෂධවලින් තොර සහනයක් ලබන්නට පුළුවන් නම් එ්ක ලොකු උදව්වක්. මේ සදහා තමයි Volosano micSTICK Mobile Microcurrent කියන අපූරු ගැජට් එක වෙළෙ`ද පොළට ඇවිත් තිබෙන්නේ. මෙය අඩු සංඛ්‍යාත ක්ෂුද්‍ර තරංග සංඥා නිකුත් කරන උපකරණයක්. එය නම් micSTICK ඇප් එක ඔස්සේ ඔබේ ස්මාර්ට් දුරකථනය හා සම්බන්ධ කරගන්නටත් පුළුවන්.
ගමනක් බිමනක් යන අතරතුරේ ඔබට යම්කිසි වේදනා තත්ත්වයක්, තෙහෙට්ටු තත්ත්වයක්  ඇති වුවහොත් ඔබ කළ යුත්තේ මෙහි ඇති ඉලෙක්ට්‍රෝඩ අග‍්‍ර සිරුරේ නිශ්චිත ස්ථානයක තැබීමයි. මෙම ස්ථාන මොනවාද කියා මේ උපකරණයට අදාළ උපදෙස්වල තිබෙනවා. එ් වගේම මෙයට අදාළ ඇප් එකෙන් ද මේ නිශ්චිත ස්ථාන පෙන්වා දී තිබෙනවා.
මෙහි සැකසුම් සියල්ල ඔබගේ ජංගම දුරකථනය හරහා කර ගත හැකියි. මෙම උපකරණයෙන් සිරුරට නිකුත් වෙන ස්පන්දන තුළින් ඔබගේ සිරුරේ ෙසෙල උත්තේජනය කොට වේදනාවන් සහ තෙහෙට්ටු තත්ත්වයන් සමනය කරනවා. මෙය කුඩා ප‍්‍රමාණයෙන් පවතින නිසා  ඕනෑම තැනක රැගෙන යා හැකියි. මෙහි මිල ඇමරිකානු ඩොලර් 119 (රු. 18,200.00) ක් වෙනවා. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.