Coss Ear2
lakbima.lk
COSS Ear 1
ඔබගේ ස්මාර්ට් දුරකථනය ආරෝපණය කරගන්නට ලීවලින් හදාපු චාර්ජර් එකක් තියෙනවා කිව්වොත් එ්ක ටිකක් පුදුම හිතනෙ කතාවක්. එ්ත් දැන් එහෙම එකක් තියෙනවා. මෙය වෙළෙදපොළට පැමිණ තිබෙන්නේ Qivv නමින්.  යන්ත‍්‍රානුසාරයෙන් නොව අතින් නිමාවූ උපකරණයක් ලෙස පැමිණ ඇති මෙය රැහැන් රහිත ආරෝපණයට සහයෝගය දක්වන  ඕනෑම ස්මාර්ට් දුරකථනයක් සමග ක‍්‍රියාත්මක වන එකක්. 
ඔබ කළ යුත්තේ මෙය විදුලි බලයට සම්බන්ධ කොට මෙය මත ඔබගේ ස්මාර්ට් දුරකථනය තැබීම පමණයි. අධි බල කාර්යක්ෂමතාවක් සහිත මෙයට විදුලි බලය ලබා ගන්නේ මෙය මත දුරකථනයක් තැබූ විට පමණයි. මේ නිසා විදුලි බලය ද අරපිරිමැසෙනවා. සාමාන්‍ය දැව හෝ උණ දැවයෙන් නිෂ්පාදනය කළ එ්වා වශයෙන් මේවා තෝරා ගන්නට පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 15.99 (රු. 2,450.00) ක් වෙනවා. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.