Coss Ear2
lakbima.lk
COSS Ear 1

රත්තරන් ඇඳුම

මේ ඉන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රදේශයේ දේශපාලනඥයෙක් වුණු පංකජ් පරාක්. වයස අවුරුදු 45 යි. ඔහු මේ ඇඳගෙන ඉන්නේ  දඹ රත්තරනින් නිම කළ කමිසයක්. මේ කමිසය ඔහුගේ වියදමින් ඔහු වෙනුවෙන්ම නිර්මාණය කළ එකක්.

එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් 213000 ක් කියලා ගණන් බලලා තියනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 320 ක විතර මුදලක්. මේ කමිසය නිර්මාණය කරන්න රත්තරන් කිලෝ හතරක් වැය වෙලා තියනවා.  ඒවායේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි එක හමාරක් විතර වෙනවා. ඔහුගේ 45 වැනි උපන් දිනය දවසේ තමයි මේ කමිසය පළමුවරට ඔහු ඇන්දේ. ඒ වගේම කිලෝ තුනක් විතර බර දඹ රන් මාල කීපයක් පළඳින්නත් ඔහු එදා අමතක කරලා නැහැ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.