Coss Ear2
lakbima.lk
COSS Ear 1

පීනන මාළු ගැන අපි ඉපදුණු දවසේ ඉඳලා අහලා තියනවා. ඊට පස්සේ මෑත කාලෙදී අපි දැන ගත්තා පියාඹන මාළු ගැන. මේ කියන්න යන්නේ ඇවිදින මාළු ගැන. මෙයාව නම් කරලා තියෙන්නේ ස්ටින් ෆිෂ් කියලා.
මෙයාලා ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ පස් තුළ කුහර හදාගෙන. ඒ වගේම එයාලා පීනන්නේ නැහැ. ඉස්සරහා වරල් දෙක ළගින්ම පිහිටා තියන පාද දෙක උදව්වෙන් මේ අය ඇවිදිනවා.
ඒ වගේම කුහර හදා ගන්නත් ඒ පාද දෙක තමයි උපයෝගී කර ගන්නේ. ස්ටින් මාළුවන්ට වරල් ආධාරයෙන් පීනන්න පුළුවන් උපරිම දුර මීටර් තුනක් විතර කියලා තමයි සාගර විද්‍යාඥයන් කියන්නේ. ඒ නිසා මේ අයව දකින්න නම් මුහුදු පතුළටම යන්න වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.