Coss Ear2
lakbima.lk
COSS Ear 1
තමන් දකින දේ එ් ආකාරයෙන්ම, එ් අවස්ථාවේම ඡායාරූප හෝ වීඩියෝ ගතකරන්න නම් තමන්ගේ ඇස ළගම කැමරාවක් සවිකරගත යුතු වෙනවා. Blincam First-Person Camera කියන අපූරු උපැස් යුවළ ඔබට මේ අවස්ථාව උදාකර දෙන බව සදහන් කළ හැකියි.
මේ උපැස් යුවළේ ඉදිරිපස ඉතා උසස් ගුණත්වයෙන් යුක්ත, නමුත් ඉතා කුඩා කැමරාවක් සවිකොට ඇති නිසා මෙයින් ඔබ දකින සියලූ දේ ඡායාරූප හෝ වීඩියෝ ගත කළ හැකියි. මෙතෙක් වෙළෙදපොළට පැමිණි මෙවැනි අනෙකුත් කැමරා ක‍්‍රියාත්මක කළයුත්තේ අතින්.
නමුත් මෙම කැමරාවේ තිබෙන විශේෂත්වය වන්නේ මෙය ක‍්‍රියාත්මක කිරීමට නම් ඔබ කළයුත්තේ කැමරාව පැත්තේ ඇති ඇස වැසීම පමණක් වීමයි. එම චලනය උපැස් යුවළේ සංවේදකවලට දැනෙන අතර එවිට කැමරාව ක‍්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මෙහි බැටරිය පැය අටක කාලයක් දක්වා භාවිත කළ හැකියි. මෙහි මිල නම් මෙතෙක් දැනුම්දී නැහැ.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.