Coss Ear2
lakbima.lk
COSS Ear 1

උපන් දිනයට ඉටි පන්දම් දල්වද්දී සාමාන්‍ය ක‍්‍රමය තමයි වයසට ගැළපෙන්න ඉටි පන්දම් පත්තු කරන එක. හැබැයි ශ‍්‍රීමත් චින්මෝයි කියන ඉන්දියානු ආධ්‍යාත්මික නායකයාගේ 85 වැනි උපන් දිනය නිමිත්තෙන් ශ‍්‍රීමත් චින්මෝයිගේ පරිවාරික පිරිස උපන්දින ඉටිපන්දම් ක‍්‍රමවේදය වෙනස් කළා. ඒ මෙහෙමයි. ශ‍්‍රීමත් චින්මෝයි මිය ගියේ මීට අවුරුදු 11 කට කලින්. නමුත් ඔහුගේ 85 වැනි උපන් දිනය යෙදුණු පහුගිය දවසක ඇමෙරිකඑාවේ වෙසෙන චින්මෝයි පරිවාරිකයන් මහා විශාල කේක් එකක් හදලා ඒක වටේට ඉටි පන්දම් මහ ගොඩක් පත්තු කළා. හරියටම කියනවා නම් එතන ඉටි පන්දම් 72585ක් තිබුණා. මේ විදියට පත්තු කරපු ඉටි පන්දම් ටික පස්සේ එකපාර නිවලා දාලා කට්ටියම කේක් එක කපාගෙන කෑවා. උපන් දිනයක් වෙනුවෙන් කේක් එකක් වටේට මෙච්චර ඉටි පන්දම් ගොඩක් පත්තු කරපු පළමු අවස්ථාව මේකයි කියලා ගිනස් වාර්තා පොතේ පවා සඳහන් වුණා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.