Coss Ear2
lakbima.lk
COSS Ear 1

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි ලැයිස්තුවේ හය වැනි ස්ථානය හිමි හැරී කුමරුගේ සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල්ගේ විවාහය යෙදී තිබුණේ මැයි මස 19 වැනිදා ය. රාජකීයයන් මෙම විවාහය මහ ඉහළින් සිදු කළ ද ඇමෙරිකාවේ මෙන්ම ප‍්‍රධාන වශයෙන් බි‍්‍රතාන්‍යයේ ද බොහොමයක් පිරිස් මෙම විවාහය වෙත හෙළනු ලබන්නේ අප‍්‍රසාදය මුසු බැල්මකි. එයට මූලික හේතුව ලෙස ඔවුන් පවසන්නේ මේගන් මාකල් යනු බි‍්‍රතාන්‍ය රාජකීය පවුලට සම්බන්ධ වීමට තරම් ”වැදගත් කමක් නැති දික්කසාද වූ හොලිවුඞ් නිළියක” නිසා බවයි. කෙසේ වුවද මෙම අප‍්‍රසාදය කෙතරම් ද යත් විවිධ සමාගම් හැරී සහ මේගන්ගේ රුව යොදා විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන්නට පවා යොමු වී තිබේ.
එක් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් ”ක‍්‍රවුන් ජුවෙල්ස්”යන සන්නාමය යටතේ ”හෙරිටේජ් කොන්ඩම්ස්” නමින් උපත් පාලන කොපුවක් නම් කර ඇති අතර මෙම උපත් පාලන කොපුවේ ආවරණයේ ඇති රූපයේ දැක්වෙන්නේ හැරී සහ මේගන් යුවළයි. එපමණක් ද නොව වින්ඞ්සර් නොට් නමින් බීර වර්ගයක් ද මේ වනවිට නිෂ්පාදනය වී ඇති අතර එහි වෙළෙඳ දැන්වීම සඳහා යොදා ඇත්තේ නව යුවළ දැක්වෙන ඡුායාරූපයකි. ඊ්ටි දෙ ඛදඩැ නම් වූ ඇඳුම් නිර්මාණ ශිල්ප සමාගම විසින් පසුගිය දිනක එළි දක්වන ලද එක්තරා කාන්තා නාන ඇඳුම් කට්ටලයක් සඳහා අති විශාල ඉල්ලූමක් ලැබී තිබිණි. මෙම නාන ඇඳුමේ හැරී සහ මේගන්ගේ රුව මුද්‍රණය කර තිබූ අතර ලෝකයේ විවිධ රටවලින් මේ සඳහා ලැබුණු ඉල්ලූම නිසාම මේ වනවිට මෙවැනි කට්ටල ලක්ෂ 30 ක් නිෂ්පාදනය කර ඇති බව එම සමාගම පවසයි.
්‍ය්රහහ ්බා ඵැටය්බ.ි ඇාාසබට රසබටි නමින් මේ වනවිට සීරියල් ධාන්‍යමය ආහාර වර්ගයක් ද වෙළෙඳ පොළේ පවතී. මීට අමතරව හැරී සහ මේගන්ගේ රුව යොදා නිර්මාණය කළ බෙර, ලී හැඳි, පාවහන්, සුදොකු ප‍්‍රහේලිකා, කුඩා දරුවන් සඳහා වන පාට කිරීමේ පොත්, මැහුම් ගෙතුම් සඳහා භාවිත කරන දිදාල, ප්ලාස්ටික් කරාබු, පිරිමි යට ඇඳුම් පමණක් නොව කාන්තා සනීපාරක්ෂක තුවා ආදිය ද වෙළෙඳ පොළට පැමිණ තිබේ. මේවායේ නිර්මාණකරුවන් පවසන්නේ මෙම විවාහයට ඔවුන්ගේ අප‍්‍රසාදය ප‍්‍රකාශ කරනු සඳහා මෙවැනි දේ නිර්මාණය කළ බවය.

 

  1. ලබන වසරේ වෙළෙඳ‍පොළට එන රොබෝ සුරතල්ලු
  2. විශාල මනාලියෝ
  3. වාර්තාගත උපන් දිනය
  4. රීසයිකල් මිනිස්සු
  5. කූණිස්සාගේ අරුම පුදුම හදවත
  6. යෝධ මිනිස්සු
  7. තල්මස් බබ්බු කිරි බොන හැටි
  8. පදික වේදිකාවේ ඇඳපු මහා චිත‍්‍රය
  9. ජිරාෆ් සම රළු ඇයි?
  10. සංසාර ගත ඉරියව්ව
  11. ලෝකේ ලොකුම රන් කාසිය
  12. හාදු වැස්ස
  13. ගිරා මොළය
  14. පාද නොසොලවා නටන හැටි
  15. රොකට් කොණ්ඩ
  16. ඇන්ටෙනා මිනිසා
  17. ගස් බැඳීම
  18. බඳින්න කලින් දත් බැලීම
  19. රතු මව්පියන්ගේ සුදු පැටව්
  20. දියණියන් තිදෙනෙකුගේ අනුවේදනීය ආදර කතාව වසර 65,000 පුරා සුරකින කටුම්බා නිල් වන අරණ
  21. හිතේ සැනසුමට සෙන් බිත්තරයක්
  22. මෙන්න චිත‍්‍ර
  23. හිතේ සැනසුමට සෙන් බිත්තරයක්
  24. බිල් ගේට්ස් පවා පැරදුණු ලෝකයේ ලොකුම පොහොසතා
  25. මඟුලට පෙර නැටුම

Page 1 of 77

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.