Coss Ear2
lakbima.lk
COSS Ear 1

නේපාලය වෙසක් සැමරූ හැටි

නේපාලයේ බොහොම උත්සවශ්‍රීයෙන් වෙසක් සමරන්නේ ලුම්බිණි ප්‍රදේශයේ. ඒ සිදුහත් උපත ලුම්බිණි සල් උයනේ සිදුවුණු නිසයි. නේපාලය පුරා විසිරිලා ඉන්න නේපාල වැසියන් සිදුහත් උපත සමරන්න ලුම්බිණියට එනවා. ඒ වගේම ඔවුන් වෙසක් සමරන්නෙත් අපි වෙසක් සමරන දවසෙමයි. වෙසක් දවස ඔවුන්ටත් නිවාඩු දවසක්. ඒ වගේම Monkey Temple  නමින් හඳුන්වන ස්වයම්බු විහාරයත් වෙසක් දවසට සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කරනවා. ස්වයම්බු විහාරය මුළු අවුරුද්දටම සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කරන එකම දවස වෙන්නෙත් වෙසක් දවස. ඒකට හේතුව තමයි ස්වයම්බු විහාරය මේ වෙද්දී අයිති කරගෙන ඉන්නේ වඳුරන්. මේ වඳුරන්ගෙන් සැදැහැවතුන්ට හිරිහැර සිදුවූ අවස්ථා බොහොමයක් වාර්තා වුණා. ඒ නිසා තමයි අවුරුද්දේ අනිත් දවස්වලට එය වසා දමා තියෙන්නේ.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.