lakbima.lk
නවතම පුවත

දූෂණ විමර්ශන මහාධිකරණය ලබන 15 දා සිට වැඩ

IMAGE 2018 Jun 23 00:48
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ...
Views - 655
එසැනින් පුවත්

කිලිනොච්චි දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි උසාවියෙන් නියෝග

IMAGE 2018 Jun 23 00:36
කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය...
Views - 1441

කිලිනොච්චි සිද්ධිය පාර්ලිමේන්තුවත් හෙළාදකී

IMAGE 2018 Jun 23 00:24
කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින්...
Views - 1144

වර්ජනයෙන් තැපෑලට බර පාඩුයි

IMAGE 2018 Jun 23 00:17
මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවට එවන...
Views - 1026

ඥානසාර හිමිට ඇප

IMAGE 2018 Jun 22 15:55
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්‍ත්‍රාත් අධිකරණ විසින්...
Views - 1050

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා...
Views - 2025

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 1028

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 1293

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 1155

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 1585

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 1378

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 1708

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 968

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 1067

ඒකාබද්ධ මන්ත්‍රී රැස්වීම් වලට 16 කණ්ඩායමත්

IMAGE 2018 Jun 22 09:23
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ...
Views - 756

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 1631
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 267

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 711

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1547

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 403

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 452

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 1286

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1249

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 4114

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 7284

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 4321

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1944

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2140
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 292
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 447

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 163

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 629

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2647
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1451

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2237
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 745
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1337
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 534
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 260

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 140

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 231

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 413

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 548

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 892

බිලිඳු පුතු පැහැරගන්න එංගලන්තයේ සිට සැලසුම් හැදූ තාත්තා

වව්නියාව, ගුඩ්ෂෙඩ් පාරේ පිහිටි නිවසකට ඉකුත් 31 දා අලුයම 2.30ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනකු එක වරම නිවසේ දොරවල් කඩා නිවසට ඇතුල් වී නිවසේ ඇතුල් කාමරයක මවගේ තුරුළේ සුවසේ නිදා සිටි මාස හයක බිලිඳෙකු පැහැර ගෙන ගියේ කිසිවෙකුටත් කිසිවක් සිතා ගන්නවත් තරම් කාලයක් ඉතිරි නොකරමිනි. 
මෙම නිවසින් පැහැර ගැනීමට ලක්ව තිබුණේ වසුදරන් වානිෂන් නමැති මාස අටක බිලිඳෙකි. ඔහුගේ මව වූයේ මෙම නිවසේ පදිංචිව සිටි විසිඅට හැවිරිදි රමේෂ් මොනිසාය.
සිය දරුවා පැහැර ගැනීමෙන් විනාඩි පහකට පමණ පසු ඇයගේ ජංගම දුරකථනය නද දෙන්නට විය. එහි තිරයේ සටහන් වූයේ විදේශ දුරකථන අංකයකි. මොනිසා එම ඇමතුම ලබා ගත්තාය. එහා පස සිටියේ ඇයගේ සැමියා යැයි පැවැසූ තැනැත්තාය. මොනිසාට ඔහු හා කතා කිරීමට නොහැකි වූ අතර ඇය සිය දරුවා නොමැති සොවින් වැළහින්නකසේ හඬා වැටෙද්දී දුරකථන ඇමතුමද විසන්ධි වී ගියාය.
සිය සුරතල් දරුවා නොමැති සොවින් උදෑසන වනතුරු පහන් කළ මොනිසා හා ඇගේ ඥාතීන් 31 උදෑසනම වව්නියාව ‍පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තම සිඟිති පුතු සොයා දෙන ලෙස හඬා වැටෙමිනි.
ඒ අනුව උතුර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු හා වව්නියාව දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණයෙන් වව්නියාව කොට්ටාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සනත් තෙන්නකෝන්ගේ උපදෙස් මත වව්නියාව මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චිගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප ‍පොලිස් පරීක්ෂකා ස්වර්ණා තිලකරත්න ඇතුළු කණ්ඩායමක්ද, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක දමින්ද සෝමජිත් ඇතුළු කණ්ඩායමක්ද, නොවිසිඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක චින්තක කෝරළගෙදර ඇතුළු කණ්ඩායමක්ද වශයෙන් කණ්ඩායම් තුනක් මෙම දරුවා සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළෝය.
මොනිසාගේ ඥාති කාන්තාවක් (පුංචි අම්මා) එංගලන්තයේ ලන්ඩන් නුවර වෙසෙන අතර ඇය මාර්ගයෙන් මොනිසාට මංගල යෝජනාවක් පැමිණියේ මේ අතරය.
ඔහු ආසුපිල්‍ලේ වසුදරන් (43)ය. එංගලන්තයේ වෙසෙන ඔහු ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු බවත් විවාහයට ඉතා සුදුසු සහකරුවකු බවත් මොනිසාගේ පුංචි අම්මාගෙන් රෙකමදාරුව ලැබිණි. ඒ අනුව මොවුන් අන්තර්ජාලය හරහා දැන හඳුනාගත් දෙදෙනාට දෙදෙනා හමුවී කතා කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. කෙසේ හෝ ඒ අවස්ථාව උදා වූයේ ලංකාවේදී නම් නොවේ. ඉන්දියාවේදීය. 
වසුදරන් කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකුව සිටි බවත් මීට වසර 10කට පමණ ඉහතදී ඔහු ඉන් ඉවත්ව එංගලන්තය බලා ගොස් ඇති බවත් එහිදී මොනිසාට දැන ගැනීමට ලැබිණි. දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු නැවත වෙන් වූයේ නුදුරු දිනකදීම විවාහ වීමේ බලා‍පොරොත්තුවෙනි.
ඒ අනුව 2015-10 -23 වෙනි දින මොනිසා සිය ඥාතීන්ද කැටුව ඉන්දියාවට ගොස් සිටියදී වසුදරන් දෙමළ චාරිත්‍රානුකූලව මොනිසාට තැල්ල පැළැන්දුවේය. ‍පොතක අත්සන් නොකළාට එය දමිළ වැසියන්ගේ සිරිත් විරිත්වලට අනුව මංගල්‍යයකි.
පසුව ටික කලකින් නැවත මොනිසා පමණක් ලංකාවට පැමිණ යළිත් 2016 දෙසැම්බර් මසදී ඉන්දියාව බලා ගියේ වසුදරන් සමග ඉන්දියාවේ විසීමටය.
දෙදෙනා සතුටින් කාලය ගත කරමින් සිටියදී ඇය මවක් වීමේ ලකුණු පහළ වූයේ වසුදරන්ව මෙන්ම මොනිසාවද දැඩි ලෙස සතුටට පත් කරවමිනි.
මේ අතර දිනක් මොනිසාට වසුදරන් පිළිබඳ යම් තොරතුරක් ලැබි තිබුණු අතර ඉන් කියවුණේ ඔහු විවාහකයෙකු බවත් දරුවන් දෙදෙනකුගේ පියෙකු බවත්ය. මොනිසා මෙයින් දැඩි ලෙස කම්පාවට පත් වූවාය. ඇය මේ පිළිබඳ වසුදරන්ගෙන් නිතර නිතර විමසා සිටියද ඔහු එය පිළිගත්තේම නැත.
මෙම ගැටුම් නිසාම මොනිසා 2017-03-09 වෙනි දින ලංකාවට පැමිණියේ මාස තුනක ගැබිණියකව සිටියදීය.
මේ අතර 2017-11-18 වෙනි දින මොනිසා පුතෙකු බිහි කළාය.
දරුවාට උප්පැන්න සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලිද මේ අතර මොනිසා වසුදරන් වෙත යවා තිබුණේ තම දරුවාට පියෙක් අවශ්‍ය නිසාය.
එම ලියකියවිලිවලට අත්සන් තබා වසුදරන් නැවැත මොනිසාට ලැබිමට සලස්වා තිබූ අතර ඒ අනුව  වසුදරන් වානිෂන් ලෙස සඳහන් කෙරුණු උප්පැන්න සහතිකය මොනිසාට හිමි විය. ඇය නොරට සිටින දරුවාගේ පියාට අන්තර්ජාලය ඔස්සේ දරුවාගේ මුහුණ පෙන්වූවාය. එසේ සිය පුත්‍රයාගේ මුහුණ දැකීමෙන් උද්දාමයට පත් වසුදරන්ට දරුවා තමා ළඟට ගැනීමේ දැඩි ආසාවක් ඇති විය.
මේ අතර වසුදරන් විවාහකයෙකු බව සැක හැර දැන ගැනීමට මොනිසාට ලැබුණි. මෙයින් දුකට පත් වූ ඇය එතැන් සිට සිය දරුවා වසුන්දරන්ට පෙන්වීමෙන් වැළකී සිටියේය. දරුවා නොදැකීමෙන් දැඩි ලෙස නොසන්සුන් වූ වසුදරන් මොනිසාට රිදවීමට සිතුවේය. ඒ අනුව ඔහු එංගලන්තයේ සිටම සැලැස්මක් සකස් කළේය.
දරුවා පැහැර ගැනීම පිළිබඳ සිය සැමියාද සැක සහිත බව මොනිසා විසින් ‍පොලීසියට ප්‍රකාශ කර තිබූ අතර ‍පොලීසියේ අවධානය ඔහු දෙසටද යොමු වූයේ ඒ අනුවය. 
මේ අතර ඉකුත් 02 වෙනි දින සවස 4.30ට පමණ පුදුකුඩිඉරිප්පු ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එම්.ඩී.චන්ද්‍රපාල වෙත දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුම ලබා ගෙන තිබුණේ කේපිලාව් ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරන ගුවන් හමුදා සෙබළෙකුගෙනි.
ඔහු සඳහන් කර සිටියේ වව්නියාවේ පැහැර ගත් දරුවාට සමාන දරුවෙකු දේවිපුරම් ප්‍රදේශයේ නිවසක වෙසෙන බවය.
එම තොරතුරු ලද වහාම ‍පොලිස් ස්ථානාධිපතිවරයා ‍පොලිස් කණ්ඩායමක්ද සමග අදාළ නිවස කරා පිටත්ව ගියේ මේ පිළිබඳ වව්නියාව ‍පොලීසියද දැනුවත් කරමිනි.
අදාළ නිවසට යන විට එහි කාන්තාවන් දෙදෙනකු සිටි අතර එක් කාන්තාවක් අත කුඩා දරුවෙකු විය.
“මේ දරුවා කාගේද? යැයි ‍පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. “මේ අපේ දරුවා මිස කාගෙවත් දරුවො අපි ළඟ කොහෙද යැයි එක් කාන්තාවක් පවසා තිබිණි.
මේ අතර පුදුකුඩිඉරිප්පු ‍පොලිස් ස්ථානාධිපතිවරයා දරුවා හඳුනා ගැනීම සඳහා විශේෂ සලකුණක් තිබේදැයි වව්නියාව ‍පොලිසියෙන් විමසා සිටි අතර එහිදී අනාවරණය වූයේ දරුවාගේ එක් පාදයක කළු පැහැති පැල්ලමක් ඇති බවය.
ඒ අනුව ‍පොලීසිය දේවිපුරම් නිවසේ සිටි දරුවාගේ පාද පරීක්ෂා කිරීමේදී කළු පැහැති පැල්ලම දැක ඇත. ඒ සමගම දරුවා ‍පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳ වව්නියා ‍පොලීසියටද දන්වා සිටියේය.
දරුවා රඳවා ගැනීම සම්බන්ධයෙන් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි. 
මොනිසා දරුවා දැකීමෙන් කෑගසා හඬන්නට වූ අතර කුඩා බිලිඳාද කෑ මොර දුන්නේ සිය මව හඳුනාගත් බව කියා පාමිනි.
මෙම දරුවා සමග අත්අඩංගුවට ගත් කාන්තාවන් වූයේ දේවිපුරම් පදිංචි මුහුදන් කදංජනී හා පේදුරුතුඩුව, මනල්කාඩු පදිංචි කුමාර් සෝබනාය.
මේ අතර මෙම පැහැර ගැනීමට සම්බන්ධ පුදුකුඩිඉරිප්පු පදිංචි රාජ් ගෝපාල් චන්ද්‍ර ගෝපාල් නැමැත්තෙකුද ‍පොලිස් අත්අඩංගුවට පත් වූයේ කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශ මතය.
මුහුදන් කදංජනී හා කුමාර් සෝබනා යන දෙදෙනාම වසුදරන්ගේ මුහුණු ‍පොතේ මිතුරන්ය. මේ අතර කදංජනී විසින් ඇගේ මිතුරෙකු වන ගෝපාල්ට පවසා ඇත්තේ එංගලන්තයේ මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයට උදව් කළොත් ඔයාටත් රට යන්න පුළුවන් බවය.
ඒ අනුව ගෝපාල් කදංජනී මාර්ගයෙන් වසුදරන් හඳුනාගෙන තිබේ. වසුදරන් සිය පුතුව රැගෙන ආ යුතු ආකාරය මෙහිදී ගෝපාල්ට පවසා ඇත. ඒ අනුව ගෝපාල් සිය මිතුරන් පිරිසක් යොදවාගෙන මොනිසාගේ දරුවා පැහැර ගෙන තිබුණි. මේ සඳහා වසුදරන් ගෝපාල්ට මුදල් ලබා දී තිබුණි.
ඒ අනුව ඉකුත් 30 වෙනි දින වසුදරන් සෝබනාට දුරකථන ඇමතුමක් ලබා දී පරන්තන් යන ලෙස දන්වා සිටියේය. එහි ගොස් පුද්ගලයෙකු ලබා දෙන දරුවා රැගෙන විත් රැක බලා ගන්නා ලෙසද දන්වා ඇත. 
ඔවුන් සියලු දෙනාම රැගෙන වෑන් රථය කදංජනීගේ නිවස වෙත ගිය අතර දරුවාත් සෝබනාත් එහි නතර කර ගෝපාල් පිටව ගියේ ඊළඟට දරුවා රැගෙන එංගලන්තයට යාම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ගැනීම සඳහාය.
දරුවා නිවසින් පිටතට නොගත්තද මෙම නිවසින් බිලිඳු හඬක් නැගෙන බව අසල්වැසියන්ට ඇසුණි. ‍පොලීසියට තොරතුරු ලැබුණේ ඒ අනුවය. එම තොරතුර හේතුවෙන් වානිෂන් සිඟිති පුතුට සිය මව තුරුළට නැවත යාමේ වාසනාව උදාවිය.
 
 ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 282

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 224
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 133

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 106
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 86

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 205
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 82

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 247

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.