Coss Ear2
lakbima.lk
COSS Ear 1

‘සයිගන්’ නැව වසර 75කට පසු ගොඩගනී

දෙවන ලෝක යුද සමයේදී ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සයිගන් නෞකාව වසර 75කට පසු නැවත ගොඩ ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයට හැකි වූ බව නාවික හමුදාව පවසයි.
සුප්‍රසිද්ධ නෞකාවක් වන සයිගන් මීටර් 138ක දිගකින් යුතු මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැනුණු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මගින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී නෞකාව ගිනිබත් වී ඇත. එමගින් නෞකාවට ඇති වූ හානිය හේතුවෙන් එය අතහැර දමා ඇති අතර  1943 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින මෙම නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිත කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කොට ඇත.
ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව පැනනැගීම හේතුවෙන් අඩි 35ක්  පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව ආරම්භ කෙරිණි. එම කාර්යය නැගෙනහිර නාවික විධානය වෙත පැවැරුණු අතර  විධාන කිමිදුම් නිලධාරී, කපිතාන් (කිමිදුම්) ක්‍රිශාන්ත අතුකෝරළ  මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකය 2017 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කළේය.
නෞකාව ගොඩ ගැනීමේ සවිස්තරාත්මක සැලැස්ම විධාන කිමිදුම් නිලධාරී සකස් කළ අතර ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඒ.එල්.එන්.එස්.එස්. ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද ගිලී තිබූ නෞකාවේ පිරී පැවැති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක්ද ඉදිකිරීමට කටයුතු කළහ. ඒ අනුව, නාවික පුද්ගලයන්ගේ දැඩි කැපවීම හා අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක් ලෙස මාස  05ක් පුරා සිදු කරන ලද මෙහෙයුම්වලින් අනතුරුව පසුගියදා ගිලී තිබූ සයිගන් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතු පිටට ගත්හ.
මෙම සුවිශේෂී ක්‍රියාන්විතය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කර ඇති අතර ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) සතිෂ්ක පතිරණ සහ ලුතිනන් කොමාණ්ඩර් ශිරාන් බුද්ධික යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කිමිදුම් අංශයේ නාවිකයන් 98 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා දායකත්වය දැක්වූහ. එමෙන්ම, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම්, සැපයුම් හා සේවා, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත්, නැව් බඳ කාර්මික සහ වෛද්‍ය සහායක යන අංශයන්ද නිරන්තර දායකත්වය ලබාදීමට කටයුතු කොට ඇත.
තවද මෙම කර්තව්‍ය සඳහා ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලා ක්‍රියාකරුවෙකු සමග දොඹකරයක් ලබා දීමට කටයුතු කළ බවද නාවික හමුදාව පවසයි.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1101

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.