Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් විසින් සම්පාදනය කරන ලද අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම සම්බන්ධ ලිපිය කියැවීමි. එයට  පිළිතුරක්  ලෙස  පේරාදෙණිය  විශ්ව  විද්‍යාලයේ  සමාජවිද්‍යා  අධ්‍යයනාංශයේ  මහාචාර්ය  දයා  අමරසේකරයන් විසින්  රචනා  කරන  ලද  ලිපියත්  මහත්  උද්යෝගයෙන්  යුතුව කියැවීමි.  මෙම  ලිපි දෙකේ  අන්තර්ගත  කරුණු  වෙන්  වෙන්  වශයෙන්  ගත්විට  මට  ලැබෙන්නේ  මෙවන්  අදහසකි.  තිලක්සේනාසිංහ  මහතාගේ  අදහස  වන්නේ  සිංහල  අලුත්  අවුරුදු  චාරිත්‍  කොහෙත්ම  සිංහල  බෞද්ධ  උරුමය  නොවන  බවත්,  එය  බෞද්ධධර්මයට  පටහැණි බවත්ය. මහාචාර්ය  දයා  අමරසේකර  මැතිතුමන්  විසින්  ඉහත  අන්තර්ගතය  ප්‍රශ්න  කෙරෙමින්  හිසතෙල්  ගෑමේ දී පස්ස  හැරවීමට  තවදුරටත්  බුදුදහමක්  මෙරට  ඉතිරි වී තිබේද  යනුවෙන්  ප්‍රශ්න  කරයි.

මේ ඔස්සේ වැඩි දුරටත් බැලීමේ දී අපට පෙනී යන්නේ ඇත්තෙන්ම මේ විද්වත් දෙපොළම ඉතා නිවැරදිව සිංහල අලුත් අවුරුද්දයන සංකල්පය ග්‍රහණය කරගෙන ඇති බවය. එමෙන්ම එම විද්වත්  දෙපොළ ගේම  අදහස්  ඉතා සමාන හා නිවැරදි  බවත් ය. ඒ අනුව මුලින්ම  පෙන්වා  දිය  යුත්තේ   හිස  තෙල්  ගෑමකෙසේ වෙතත් මෙරට සිංහල අලුත් අවුරුදු යන සංකල්පයේ ම අතීතය  එතරම දුරටනොදුවන බවයි. තිලක් සේනාසිංහයන් ලියූ 'සිංහල  අලුත්  අවුරුද්දේ  මායාව  සහ  යථාර්ථය'  යන ග්‍රන්ථයට අනුව අලුත් අවුරුදු සංකල්පය එතරම් පැරණි නො වේ. එහි ඉතිහාසය දිවෙන්නේ මහනුවර රජ කළ වඩුග රජෙක් වූ කීර්ති ශ්‍රී රාජසිංහයන් ගේ යුගය දක්වා පමණය.

එම අදහසට තරමක එකඟත්වයක් පළ කරන මම ඊට යම් සංශෝධනයක්ද ඉදිරිපත් කරමි. එනම් ඉන්දියාවේ ඉතා ව්‍යසනකාරී වකවානුවක් වූ පහළොස්  වැනි  ශත  වර්ෂයේ  මුස්ලිම්  ආක්‍රමණයන්ගෙන්  දිවි  බේරා  ගැනීම  සඳහා  පලා  යන  උතුරු  ඉන්දියානු  හින්දු  ආගමික  ප්‍රභූජනතාව  උතුරු  ඉන්දියාවේ  පාරිසරික තත්ත්වයන්ට බෙහෙවින්  සමාන  පාරිසරික  තත්ත්වයන්  ඇති  මධ්‍යම  පළාතේ  තම  ස්ථිර  වාසය  ආරම්භකරයි.  සීතාවක පළමු රාජසිංහයන් ගේ දේශපාලන හා යුද කටයුතු සඳහා පන්සලෙන් උපකාර නො ලැබෙන  අවස්ථාවේ දී  ඔහු  එම  ප්‍රභූජනයා  හා  පැමිණෙන  බ්‍රාහ්මණ  පූසාරීන් ගේ  ඇසුරට  වැටීමෙන්  මෙම  අලුත්  අවුරුදු  සංකල්පය  මෙරටට  පැමිණෙන්නට  ඇති  බවයි මගේ  හැඟීම.  කීර්ති  ශ්‍රී  රාජසිංහයන්  විසින්  ඉතා  ක්‍රමානුකූලව රාජ්‍යානුග්‍රහයෙන් පවත්වන උලෙළක් බවට පත් කරන්නට ඇතැයි සිතමි.  පෙරදිග   දර්ශනයන් ගෙන්  සුපෝෂිත  ආයුර්වේදය  මෙරටට  පැමිණෙන්නේත්  ඔය  කාලයට  සමානුපාතිකව  බව  පෙන්වා  දියහැක.  මෙරට  කාලයක් තිස්සේ  භාවිතයට  ගැනුණේ  දේශීය  වෙදකම  වන  අතර  ක්‍රමයෙන්  සමාජය  බ්‍රාහ්මණ  ධර්මය  බුදුදහම  හා මිශ්‍රකර  ගන්නා අතර  දේශීය  වෙදකම  ආයුර්වේදයෙන්  පෝෂණය  වන්නට  ඇත.

දැන් අපි මේ කථාවේ  ප්‍රස්තුතය  වන  හිස  තෙල්  ගෑම  පිළිබඳ  විමසා  බලමු.  ඉන්දියාව  සහ ශ්‍රී ලංකාව  යන  රටවල්  ඝර්ම  කලාපික  වන අතර හිරු රැස්  කෙළින්ම  රටට  පතිතවන  කලාපයේ  පිහිටයි.  මේ  අනුව  මෙම  රටවල්  ඉතා උණුසුම් වන අතර හිසමතට  පතිතවන  හිරු  රැස් ප්‍රමාණය  අධික වේ.  මිනිස්  මොළයට යම් උෂ්ණත්වයක්  පවත්වා  ගත  යුතු  අතර  ඉතා  විශාල  උෂ්ණත්වයක්  ඔරොත්තු  දෙන්නේ  නැත. මිනිසාගේ හෝමෝන පද්ධතිය හා පිටියුටරි ග්‍රන්ථිය මේ උණුසුමට හොඳ හා නරක ප්‍රතිචාර දක්වයි. ඝර්ම කලාපීය මිනිසාගේ  හිසකෙස්  කළුපාටින්  නිර්මාණය  වී  ඇත්තේ  එබැවිනි.  එනම්  කළු  පැහැය  සියලු  හිරු  රැස්  උරා  ගෙන  මොළයට  කෙළින්ම  ලැබෙන  හිරු  රැස්  ප්‍රමාණ යපාලනය  කරයි.  එවිට  මොළයට  ලැබෙන  උණුසුම  ක්‍රමානුකූලව  පාලනය  වේ.  නිසි  උෂ්ණත්වයක් ද  පවත්වා  ගනී.  සුදු  හිස  කෙස්  මඟින් හිරු  රැස්  පරාවර්තනය  කරන  අතර උෂ්ණත්වය පාලනය කෙරෙන්නේ නැත. එවිට හිසට කෙළින් ම හිරු රැස් පතිතවීමෙන් උෂ්ණත්වය  ලබා  දේ.  ශීත  රටවල  මිනිසුන්ගේ  හිස  කෙස්  බොහෝ  විට  මේ  අයුරින්  අඩු  මෙලනින්  ප්‍රමාණයකින් සෑදී  තිබෙන්නේ එබැවිනි.

ඉතාඅධික උණුසුම් කාලයේ දී අවශෝෂණය වන හිරු රැස් ප්‍රමාණය අධික වන විට මොළයට ලැබෙන උණුසුම වැඩි වීම  වළක්වා ගැනීමට  හිසට  තෙල්  ගැල්වීම  ඉතා  වටිනා  උපක්‍රමයකි.  මේ  අනුව  තෙල්  ගැල්වීම  මඟින්  හිස  කෙස්  මඟින්  උරා  ගන්නා  උණුසුම  අඩුකරන  අතර,  හිරු  රැස්  පරාවර්තනය  ද  වැඩි  කරයි.  එම නිසා මේ කාලයේ හිසට තෙල් දැමීම ඉතා හොඳ සිරිතකි. උත්සව අවස්ථාවක දී වීශේෂයෙන්  හිරු  මුල්  කරගෙන  පවත්වන්නා  වූ උත්සව අවස්ථාවක දී මේ කරන්නේ එම තෙල් ගැල්වීම සංකේතාත්මක ලෙස නිරූපණය කිරීමක් වශයෙන්  බව  පෙනේ.

මේ  සියල්ල  හින්දු  වේදයට  අනුව  සිදුවන  දේය.  එවිට ආයුර්වේදයට  අනුව  මෙවැන්නක  පැවතීම  ප්‍රශස්තය.  නමුත්  බුදුදහම  එවැන්නක් නොවේ.  බුදුදහම  ලෞකික  වූ  දේ  පිළිබඳ  එවන්  තැකීමක්  නොකරයි.  එම  නිසා  බුදුදහමට  නැකැත් සතර පිළිබඳ ඉගෙනීමේ කිසිම වලංගු භාවයක් නොපෙනේ.  එවැනි  තිරශ්චීන  විද්‍යා  බුදුදහමට  අනුව  භාවිතයක්  නැති  බැවින්  මේ  වේද  හෝ  හින්දු  සිරිත්  බුදුදහමට  ඈදාගැනීම  ඉතා  මෑත  කාලයේ  වූවක්  බව  ඉතා  පැහැදිලි ය.

මෑත කාලීන බුදුදහමේ භාවිතය පිළිබඳ බොහෝ ගැටලු තැන්  සැම'තවිද්‍යමාන  වේ.  මේ  ද  එවැන්නකි.  වර්තමානයේ  ජ්‍යෝතිෂ මත, බ්‍රාහ්මණ මත,  වේදය,  ආදී  විද්‍යා  සංකල්ප  බුදුදහම  හා  බෙහෙවින්  මිශ්‍රව  පවතී.  ඒ  සියල්ල  එක්ව  තැනුණු  බුදුදහම  අද  ප්‍රායෝගික  බුදුදහම බවට  පත් වී  ඇත.  මේවායේ  මිශ්‍රණයේ  දැඩිකම  කොතෙක්  ද  දැයි  බැලූවිට පෙනෙන්නේ, ගෞතම බුදුන් දේශිත දහම වසාගෙන මෙම නූතන  බුදුදහම  සැම'ත  පැතිරී  ඇති  වගයි.  එම  නිසා  මේ  විද්වත්  දෙපළ  ප්‍රකාශ  කළ  පරිදි  හිස  තෙල්  ගාන  අතර  බුදු  පිළිමයට  පිටුපස හරවාගෙන  සිටීම  අද  නූතන  සංකල්පයක්  බවට  පත්  වී ඇත.

ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ඒ.ආර්.පී.සුසන්ත

 


සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම අඩන්තේට්ටම් කිරීම් දකුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව සිදුකරන බවද හෝටල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා සංචාරක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ. මෙම ලිපියේ පිටපත් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත සහ ‍පොලිස්පතිවරයා වෙතද යොමුකර තිබේ.
මුහුදු තීරයේ ගැවසෙන බිච් බෝයිලාට එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන්ට පවා තර්ජන එල්ල වන අවස්ථා තිබෙන බවද ඒ මහතා විසින් යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය නොකළොත් ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බවද උක්වත්ත මහතා විසින් පෙන්වා දී තිබේ.
දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උණවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ සැරිසරන බිච් බෝයිස් යනුවෙන් හඳුන්වන තරුණ කොටස්වලටය. බිච් බෝයිස්ලාගෙන් සංචාරකයින්ට සිදුවන හිරිහැර විශාල වශයෙන් ඇතත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බොහෝ සංචාරකයන් උනන්දු නොවීම  හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවද දැනගන්නට තිබේ.
දකුණු මුහුදු තීරයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ද අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කියන බිච් බෝයි මාෆියාවට එරෙහිව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස සංචාරක අමාත්‍යාංශය ‍පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. විදේශීය සංචාරකයින් සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. විදේශීය සංචාරකයින් සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි අංශ සමග කටයුතු කරන්නේනම් අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බවද වැඩිදුරටත් සඳහන් කළ එම ප්‍රකාශකයා සෑම විටම සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි අංශ සමග කටයුතු කරන ලෙසද සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේය.
සංචාරකයන්ට බහුල වශයෙන් හිරිහැර සිදුකෙරෙන මිරිස්ස ප්‍රදේශයේ ඉදිරි කාලය තුළ විශේෂ සංචාරක ‍පොලිස් මුර‍පොළක් ස්ථාපිත කිරීමටද ‍පොලීසියේ අවධානය යොමුවී තිබේ. දැනට ක්‍රියාත්මක සංචාරක මුර‍පොළවල් එකොළහට (11) අමතරව තවත් සංචාරක ප්‍රදේශ දහනවයකටද (19) එවැනි ‍පොලිස් ඒකක ස්ථාපිත කිරීමටද ‍පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විටත් සැලසුම් කර තිබේ.

ජයකාන්ත ලියනගේ - බලපිටිය

චීනයේ බිජිංහි විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ලද පශ්චාත් ගෞරව උපාධිය (Ph.D) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අප්‍රේල් 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. එහි කන්ෆුෂසස් ආයතනය මූලස්ථාන මීට අනුග්‍රහය දක්වා ඇත.
සුමතිපාල මහතා චීනයට ළඟා වූ අවස්ථාවේදී එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යූ යෙන්ග් ෆෙන්ග් මහතා (එම ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක හා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්) මහතා ඇතුළු නියෝජිත පිරිසක් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එහිදී දෙපිරිස අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදී. එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ පීඨාධිපති යූ හුවායි ඔන්ගාස්ඩ් මහතා ද එක්විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට චීනයේ අධ්‍යයන චාරිකා, පුහුණු වැඩසටහන් හා උපාධි පාඨමාලාවන්ට සහභාගි වීමට අවස්ථාව සලසාදීම පිළිබඳව ඒ මහතා සහ සුමතිපාල මහතා අතර, දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සුමතිපාල මහතාගේ පශ්චාත් ගෞරව උපාධි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විණි.
සුමතිපාල මහතා තම රාජ්‍ය පරිපාලන එම්.ඒ. උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය, පරිපාලන පශ්චාත් උපාධිය දකුණු කොරියාවේ කේට් යුන්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපාධියක් ඇමෙරිකාවේ ජෝන් එෆ්. කෙනඩි විශ්වවිද්‍යාලයේ වැඩසටහන් රාජ්‍ය කටයුතු පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ විධායක පාඨමාලාවද සමත්ව ඇත. හාවඩ් ව්‍යාපාර කළමනාකරණ පාස‍ලේ උපාධියද, එංගලන්තයේ ලන්ඩනයේ කො‍ලේජි ඔෆ් ප්‍රින්ටින් විශ්වවිද්‍යාලයේ මුද්‍රණ, ඡායාරූප ශිල්ප, ග්‍රැෆික් නිෂ්පාදන කටයුතු වෙනුවෙන් 1984-85 වසරවලදීත් පශ්චාත් උපාධියද ලබා ඇත.
අප්‍රේල් 17 වැනිදා බිජිංහි පැවැති පශ්චාත් ගෞරව උපාධිය පිරිනමන අවස්ථාවේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවයට විශේෂ අමුත්තෝ රැසක්ම සහභාගි වූහ. ඔවුන් අතර එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෙන්ග්ලොන්ග් සහ මහාචාර්ය යැන්ග් ගුඩ් හුවා යන මහත්වරුද සහභාගි වී සිටියහ. මේ විශ්වවිද්‍යාලය චීනයේ පිහිටි විදේශීය පාඨමාලා හැදෑරීමේ ප්‍රධානම විශ්වවිද්‍යාලයයි.
මෙම විශ්වවිද්‍යාලයේ භාෂා 84කින් අධ්‍යයන කටයුතු සිදුකෙරේ. මේ ආයතනයෙන් තනාපතිවරුන් 400ක් කොන්සාල්වරුන් දහසක්ද බිහිකර තිබේ. 

මෙවර සිංහල අලුත් අවුරුද්දේ අගයන් පිළිබඳව මාධ්‍ය වලින් වර්ණනා කරන ලද බොහෝ දෙනෙකු කියා සිටියේ මෙය වසර ‍දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පැවත එන සූර්ය සංක්‍රාන්තිය මුල්කොට ගත් උත්සවයක් බවය. එමෙන්ම මෙය ජ්‍යෙතිෂය හා සම්බන්ධ ඉතා වැදගත් සංසිද්ධියක් ලෙසද එහි සඳහන්ය. ඒ අනුව මේවා ගැන මෙලෝ හසරක් නොදත් සාමාන්‍ය ජනතාව මේ කතා ඉස්මුදුනින් පිළිගනිති.

ලංකා ග්‍රහස්පුට පංචාංග ලිත යනු ශ්‍රී ලාංකීය ජ්‍යෙතිර්වේදීන් අතරේ මහත් සම්භාවනාවට පත් අනගි ජ්‍යෙතිෂ සංග්‍රහයකි. වාර්ෂිකව කලඑළි දකින මෙහි 2001 වසර කලාපයේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මෙලෙස සඳහන් වෙයි.

"පැරණි සංස්කෘත පොතපත විපරම් කිරීමේ දී සූර්ය සංක්‍රාන්තිය නිසා සිදුවන පලාපල සහ ඒ අවස්ථාවේදී පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව පැහැදිළි විස්තරයක් දක්වා ඇත්තේ බ්‍රහ්ම සෘෂි ‍වශිෂ්ඨ විසින් රචිත වශිෂ්ඨ සංහිතාවේ සංක්‍රාන්ති අධ්‍යාය නම් දහනව වෙනි පරිච්ඡේදයේය. එහි ශ්ලෝක 31ක් ඇත. මේ සියල්ල කියවන ඔබට අවුරුදු චාරිත්‍ර කියා අප කරන විකාර මොනවාදැයි වැටහෙනු නොඅනුමානය......

...කිසිම සෘෂි වරයෙකු ප්‍රකාශ නොකළ දේවල් අප බුදු බණටත් වඩා මහ ඉහළින් පිළිගෙන කරන විකාරයක මහත! මෙය රට තුළ පවතින සංස්කෘතික අංගයක් වශයෙන් පමණක් අගය කළ හැකිය. ජ්‍යෙතිෂ වශයෙන් බොහෝ දෙනා අදහස් කරන විකාර කිසිවක් එහි ඇතුලත් නොවේ. මෙය කියැවීමෙන් 'රට බොරුවෙන් ගිනිතියන්නට' සැරසෙන අයගේ බුද්ධිය පෑදේවා!"

ප්‍රබුද්ධ ජ්‍යෙතිර්වේදී මතය එය වුවද මේ වන විට මෙරට සාමාන්‍ය ජනතාව, බහුජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරිකයන්ගේත්, ජාවාරම් කරුවන්ගේත් ගොදුරු බවට ලක්කෙරෙන මෙම පාරිභෝගික උන්මාදනීය උත්සවයට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇතැයි පසුගිය දින වල ප්‍රාසාංගික පඬිවරුන් ජනමාධ්‍ය වලින් කී කතාවල කිසිදු ‍ඓතිහාසික හෝ මානව විද්‍යාත්මක සත්‍යතාවයක් නොමැත. තුන්සිංහලයේ අසමසම මූලාශ්‍රය වශයෙන් සලකන මහාවංශයේ හෝ එහි ටීකාව වන වංසත්තපකාසිනියේ  යම් යම් තැන්වල නැකත් කෙළි සහ වසන්ත උත්සව පිළිබඳව සඳහන් වෙතත් ඒ කිසිදු තැනක වත්මන් සිංහල අවුරුද්ද හා සමාන කිසිදු උත්සවයක් පිළිබඳව වදනක්, අකුරක් තබා කොම්බුවක්, ඇලපිල්ලක්, පාපිල්ලක් වත් නොමැති බව සහතිකවම කිව හැක. එහෙත් අද වන විට මේ සත්‍යය සිංහල අවුරුදු කාලයට කලඑළි බසින ප්‍රාසාංගික පඬිවරුන් කිහිප දෙනෙකු විසින් සාහසික ලෙස යටපත් කරගෙන තිබේ. 'වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්' යැයි පැරණි පිරුළක් ඇත. ඒ අනුව මාධ්‍ය මඟින් කෙරෙන මෙම කැකුණ තැලීමෙන් 'ජාවාරම්කාර හබන් කුකුළෝ' රජ මඟුල් කති.

සැබැවින්ම ශ‍්‍රී ලාංකීය ජාතිය සතු සැබෑ ජාතික මහෝත්සවය විය යුත්තේ බුද්ධ වර්ෂය පදනම් කරගත් වෙසක් මංගල්‍යය මිස මෙම ඊනියා සිංහල අලූත් අවුරුද්ද නොවේ. කොටින්ම කිව හොත් 'බක් මහ උළෙල' වෙසක් උත්සවයට වඩා මුල්කොට සැලකීමෙන් ජාතියම 'හබක්' වීමට පහසු ඉඩකඩක් පවතී.

මා එසේ කියන්නේ ඇයි?

සම්මත වර්ෂයෙන් සලකන විට ක‍්‍රිස්තු පූර්ව සය වන සියවස තෙක් පැතිර ගත් ඉතිහාසයක් අප සතු ය. එමෙන්ම මානව විද්‍යාත්මක සාක්ෂි මගින් ඊටත් සියවස් කිහිපයක් අතීතයට දිව යන දියුණු ශිෂ්ටාචාරයක් අපට තිබූ බව ද නිසැක ය. එහෙත් සමස්ත ජාතියේ ශිෂ්ටාචාරයට සැබෑ සවියක්, පන්නරයක් හිමිවූයේ ක‍්‍රි.පූ. තුන්වන සියවසේ සිදුවූ මහින්දාගමනයෙන් පසුව යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එවන් පසුබිමක් තුළ එදා මෙදා මුල් අනුරපුර යුගයේ සිටම අපගේ ජාතිය සතු වර්ෂ ක‍්‍රමය බුදුන් වහන්සේගේ බුද්ධත්වය හෝ පරිනිර්වාණය පදනම් වූවක් බව අතිශයින් පැහැදිලි ය. ඒ අනුව මෙරට පැවැති  අනේක විධ උත්සව, සැණකෙළි අතරේ අතීතයේ සිට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජාතික උත්සවය සහ ජාතික මංගල්‍යය වෙසක් උත්සවය වූ බව නිසැක ය.

දැන් අපි ඒ සම්බන්ධයෙන් ලක් ඉතිහාසය පිළිබඳ අද්විතීය මූලාශ‍්‍රය වන මහා වංශය මගින් සැපයෙන සාක්ෂි සමුදාය වෙත අවධානය යොමු කරමු.

මහාවංශ මූලාශ‍්‍රවලට අනුව මෙම අද්විතීය සැබෑ ජාතික උත්සවයේ සමාරම්භකයා වනුයේ ද තුන් හෙළයේ අසමසම නරපතියා වන දුටුගැමුණු මහරජතුමන් ය. එය ජාතියක් වශයෙන් අප සතු සුවිශේෂ භාග්‍යයක්, වරප‍්‍රසාදයක් සේ යමකුට හැඟී යාමේ අරුමයක් නැත.

මහාවංශයේ තිස් දෙවන පරිච්ඡේදයේ 33-35 ගාථා පාඨවලින් පැවසෙන පරිදි දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය දකුණු ෙදාරටුව අද්දර බිම තැනවූ සයනයක හෙවත් මරණ මංචකයේ සිට මෙසේ පවසා ඇත.

‘‘වෙහෙර පෙළහර සතියේත්, ප‍්‍රසාද පූජා සතියේත්, මහ සෑ ආරම්භක සතියේත්, ධාතු නිධානෝත්සව සතියේත් සිව් දිගින් වැඩම කරවන ලද මහා සංඝරත්නය විෂයෙහි මම දන් පිරිනැමුවෙමි. (එමෙන්ම) විසිහතර වසරක් වෙසක් පූජාවන් ද පැවැත්වීමි. ලංකාවේ සියලූම භික්ෂූන් වහන්සේලාට තුන්වරක් තුන් සිවුරු පූජා කළෙමි.’’

ඉහත සඳහන් ප‍්‍රකාශයට අනුව දුටුගැමුණු රජතුමා තමන් විසිහතර වසරක් වෙසක් පූජා පැවැත්වූ බව පැවැසීමෙන් තහවුරු වනුයේ එතුමන් තම රාජ්‍ය කාලය පුරාවට (ක‍්‍රි.පූ. 161-137) අඛණ්ඩව වෙසක් උත්සව පැවැත්වූ බවකි. ඒ අනුව සිංහල ජාතියේ අසමසම වීරයාණන් ලෙස පොදුවේ සම්මත දුටුගැමුණු රජතුමා විසින් පවත්වනු ලැබූ බවට සිංහලයේ අතිසම්භාවනීය ඓතිහාසික මූලාශ‍්‍රය වන මහා වංශයෙන් පවා මනාව තහවුරු කොට ඇති වෙසක් උත්සවය වර්තමානයේදී අපගේ ජාතික උත්සවය බවට පත්කර ගැනීමට ඇති නොහැකියාව කුමක්දැයි මට නම් සිතා ගත නොහැක.

මහාවංශය දක්වන තොරතුරුවලට අනුව දුටුගැමුණු රජතුමන්ගෙන් අනතුරුව විශිෂ්ටතම වෙසක් පූජා පවත්වා ඇත්තේ වසභ (ක‍්‍රි.ව. 62-106) රජතුමන් විසිනි. ඔහුගේ එම වෙසක් පූජා පිළිබඳව සඳහන් වනුයේ මහාවංශයේ තිස් පස් වන පරිච්ඡේදයේ 99-100ගාථා පාඨවලිනි. ඒ මෙලෙසිනි.

‘‘මිහිපල් තෙමේ මෙලෙස නන් වැදෑරුම් පින්කම් කොට නසන ලද අන්තරාය ඇත්තේ වසර හතළිස් හතරක් රජකම් කළේ ය. ඒ වසර හතළිස් හතරේ වෙසක් පූජා ද කරවී ය.’’

ඉන්පසුව ක‍්‍රි.ව. 215-337 තෙක් රජය හෙබවූ වෝහාර තිස්ස රජතුමන් ලක්දිව විසි දෙවසරක් රජකම් කළ අතර ඔහු මෙම වෙසක් පූජා පැවැත්වූ බව මහා වංශයෙහි සඳහන් ය. විවිධ විද්‍යා ශාස්ත‍්‍රයන්හි බහුශ‍්‍රැතයකු වූ එතුමන් අවිහිංසාව පදනම් කරගත් නීති ක‍්‍රමයක් අප රටට හඳුන්වා දුන් බැවින් තිස්ස යන එතුමන්ගේ නමට පෙරාතුව ‘‘වෝහාර’’ යන නම යෙදුණු බව මහාවංශයේ තිස්හය වන පරිච්ඡේදයේ 27-28 ගාථා පාඨවලින් පැවසෙයි. අද වුව ද ‘‘අධිකරණ’’ යන පදය සඳහා විදග්ධ ව්‍යවහාරයේ එන Forensic යන ඉංග‍්‍රීසි වදන වෙනුවට මෙම වෝහාර යන පාලි වදන මුල් කොට වෝහාරික විද්‍යාව (Forensic Science) වෝහාරික වෛද්‍ය විද්‍යාව (Forensic Medicine)ආදී වශයෙන් යොදා තිබීම සතුටට කරුණකි. මෙම වදන සංස්කෘතියෙහි වර නැගෙනුයේ ‘ව්‍යවහාරික’ ලෙසිනි.

‘‘සසුන් ළැදි වූ රජතුමන් තුන් ලක්ෂයක මුදල් ප‍්‍රදානයකින් භික්ෂුන් ණය බරින් මුදාගත්තේ ය. වෙසක් මහා පූජා කරවා ලක්වැසි සියලූම භික්ෂුන්ට තුන් සිවුරු පිදීය’’

යන්න මහාවංශයේ තිස් හය වන පරිච්ඡේදයේ 38-39ගාථාවල සිංහල අරුත ය.

ඉන්පසුව ක‍්‍රි. වර්ෂ 253-266අතර ලංකාවේ රජකම් කළ ගෝඨාභය රජතුමන් විසින් සිදුකරන ලද වෙසක් පූජා පින්කම් පිළිබඳව ද එහි තිස් හය වන පරිච්ඡේදයේ 108-110ගාථාවල සඳහන් ය. ඒ මෙලෙසිනි.

‘‘(රජතුමා) මේඝවර්ණභය නම් නව විහාරයක් ද කරවී ය. විහාර පූජා පෙළහරෙහි ලක්දිව තිස් දහසක් භික්ෂූන් රැස්කොට සිවුරු සය (ඡචීවරං) පූජා කළේ ය. වෙසක් පූජා ද එලෙසින්ම කරවී ය. වාර්ෂිකව භික්ෂුන්ට සය චීවර ප‍්‍රදානය කරන ලදී.’’

ඒ අතර මහාවංශයේ එම පරිච්ඡේදයේම 129-131 ගාථා පාඨවලින් ඉන්පසුව රජ පැමිණි ජෙට්ඨතිස්ස හෙවත් දෙටුතිස් (ක‍්‍රි.ව. 332-340)රජතුමන් විසින් පවසන ලද වෙසක් පූජා පිළිබඳව ද සඳහන් වෙයි. ඒ මෙලෙසිනි.

‘‘(රජතුමා) වෙහෙර පහ පෙළහර, වෙසක් මහ පූජා (යන මේවා) සිදු කොට දහසක් මහ සඟරුවනට චීවර දානය පූජා කළේ ය.’’

ක‍්‍රිස්තු වර්ෂ සයවන සියවස පමණ වන විට රටේ අභ්‍යන්තරික අර්බුද නිසා ලක් රජයෙහි යම් අස්ථාවර බවක් පෙනෙයි. එහෙත් අතීතයේ සිට පැවැති වෙසක් පූජා චාරිත‍්‍රය කෙරෙහි එම යුගවල නරපතියන්ගේ පවා අවධානය යොමුව තිබූ බවට මහා වංශය ලබාදෙනුයේ ප‍්‍රබල සාක්ෂියකි. ක‍්‍රි.ව. 608-614 අතර අනුරපුරයේ රජ කළ මුගලන් රජු විසින් පවත්වන ලද වෙසක් පූජා විස්තරය එවැන්නකි. මහාවංශයේ හතළිස් දෙවන පරිච්ඡේදයේ 44-46 ගාථාවලින් පැවසෙන එම විස්තරය මෙලෙසිනි.

‘‘ඒ  රජ තෙමේ බුදුන්ගේ කේශධාතුව, දළදා ධාතුව සහ මහා බෝධිය යන සියල්ල සඳහා පූජා පැවැත්වී ය. වෙසක් පුද චාරිත‍්‍රානුකූලව (චාරිත්තානුගතං) පවත්වාගෙන ආ සියල්ල කළේ ය.’’

ඒ  අනුව ඉහත සඳහන් මහාවංශ පාලි පාඨයෙහි සඳහන් ‘චාරිත්තානුගතං’ යන්නෙන් ඉතා පැහැදිලිව ගම්‍ය වන එක් කරුණක් තිබේ. එනම් වෙසක් පූජා සම්බන්ධ චාරිත‍්‍රාවලියක් ඒවනවිට රට තුළ ස්ථාපිතව පැවති බවකි.

එසේම අප රටට දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය ආක‍්‍රමණ එල්ල වූ නව වන සියවසේ පවා මෙරට අතීතයේ සිට තිබූ වෙසක් පූජා සම්ප‍්‍රදාය නොබිඳී පැවැති බව පෙනෙයි. ක‍්‍රි.ව. 866-901දක්වා වසර තිස් පහක් අනුරාධපුර රජ කළ දෙවන සේන රජතුමන් විසින් පැවැත්වූ වෙසක් උත්සව පිළිබඳ මහාවංශයේ එන සඳහන ඊට නිදසුන් කොට දැක්විය හැකිය. මහාවංශයේ පනස් එක්වන පරිච්ඡේදයේ 684-85 ගාථා පාඨ මගින් එය විස්තර වනුයේ මෙලෙසිනි.

‘‘හෙතෙම දුගී දනන් හා එක්ව ඔවුන්ට රිසි සේ බත් පැන් වත් දී වෙසක් කෙළි (වේශාඛ ඛීල) පැවැත්වීය. ලක්දිව බික් සඟනට නිති දන් දී දුගී මගී යාචකාදීන් ද දනින් සැතපවී ය.’’

ඉහත සඳහන් මහාවංශ පාඨයෙහි එන ‘වේශාඛ ඛීල’ යන වදන මෙහිදී අතිශයින් වැදගත් වෙයි. ඒ තාක් අතීතයේ සිට පැවැති වෙසක් පූජාවන්හි ආධ්‍යාත්මික අංගයන්ට අමතරව සංස්කෘතික අංගයන් ද වර්ධනය වී එය සංස්කෘතික උත්සවයක් වූ බවට ඉහත සඳහන් මහාවංශ පාඨයෙන් අපට නිසැක සහ ප‍්‍රබල සාක්ෂියක් ලබාගත හැක.

'ඛිල' යන වදනින් උත්සවය, සැනකෙළිය ආදී අරුත් සපයාගත හැක.

අතීතයේ අප රටේ රාජ්‍යානුග‍්‍රහයෙන් පැවැති ජාතික මට්ටමේ වෙසක් පූජා සහ උත්සවවලට අමතරව ජාතික ශාසනික වශයෙන් අතිශය වැදගත් කටයුතු ද වෙසක් පුන් පොහොය මුල් කොට සිදු කෙරුණු බවට මහාවංශයෙන් සාක්ෂි ලබාගත හැක. ඉන් ප‍්‍රබලතම සහ වැදගත්ම සාක්ෂිය වනුයේ අප රටේ අසම සම නරපතියාණන් ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමා අප රටේ අසමසම ස්ථූපය වන රුවන්වැලි සෑය තැනීම ඇරඹීම ආරම්භ කළ පුවත ය. මහාවංශයේ රුවන්වැලි සෑ විහාර කර්මාන්තය පිළිබඳ විස්තර පැවසීම ඇරඹෙන එහි විසිනව වන පරිච්ෙඡ්දයේ පළමු සහ දෙවන ගාථා පාඨයන් මගින් පැවසෙනුයේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකත එළඹීමෙන් පසු රුවන්වැලි සෑ චෛත්‍ය කර්මාන්තයේ වැඩ ඇරඹූ බව ය.

වෙසක් උත්සවය අපගේ ශ‍්‍රී ලාංකීය ජාතිකත්වය සමඟ පවත්නා මෙම අවියෝජනීය සහ තිරසාර සබඳතා  පිළිබඳව මෙලෙස මහා වංශය ඉදිරිපත් කරනු ලබන ප‍්‍රබල සාක්ෂි සමුදාය ඔස්සේ දැනට ඓතිහාසික වශයෙන් හුදු නිර්වස්ත‍්‍ර භාවයක් පළකරන සිංහල අලූත් අවුරුද්ද අපගේ ජාතික උත්සවය ලෙස හඳුන්වා ගැනීමේ අනුචිත භාවය කොතරම්දැයි අප හදවතින් නොව බුද්ධියෙන් විමසා දැන ගත යුතුය.

 

තිලක් සේනාසිංහ

 

 

රිළා ආක්‍රමණයකින් මාත‍ලේ අවට ගම්මාන රැසක ජනජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබේ. මාත‍ලේ නගරය, උප නගර ඇතුළු නගරාශ්‍රිත ගම්මානවලටද මෙම රිළා තර්ජනය බලපා තිබේ. ගම්මානවලට කඩා වැදුණු රිළවුන් බවභෝග විනාශ කිරීමේ මහා විනාශයක් සිදු කරන බව මාත‍ලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීද අනාවරණය විය. රිළා තර්ජනය පිළිබඳව නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය කෘෂිකර්ම කමිටුවට යොමු කළ ලිපියක් සභාගත කළ අවස්ථාවේදී මෙම රිළා ආක්‍රමණය පිළිබඳව තොරතුරු හෙළි විය.
ගම්මානවලට කඩා වැදුණු රිළවුන් කිසිදු බෝග වගාවක් පවත්වා ගෙන යාමට ඉඩ නොදෙන තරමින් අස්වැන්න කා දමන බවත් නිවෙස් තුළට ඇතුළු වී බත් මුට්ටි පවා ඔසවා ගෙන යන බවටත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවත් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.
රිළා හානියෙන් වාර්ෂිකව සිදුවන රුපියල් කෝටි ගණනක් බෝග හානියක් සිදුවීම නිසා ගොවීන් ගොවිතැනින් බැහැරවීමේ අවදානමක් ඇති බව හිඹිලියාකඩ ගොවි සභාපති පී.බි.වීරකෝන් මහතා පෙන්වා දෙයි.
කාර්යාල භූමියේ ‍පොල් ගසක කුරුම්බැට්ටියක් පවා තබා ගැනීමට නොහැකි තරමින් රිළා උවදුර වැඩිවී ඇති බව නාඋල ප්‍රාදේශීය ‍ලේකම් ආත්මා ජයරත්න මහත්මිය කමිටුවට පැවැසුවාය.
මාත‍ලේ මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසුවේ තම ගෙවත්තේ රෝපණය කළ පෙයාස් ගසක වසර 20ට පසු ගෙඩියක් පළ ගත් නමුත් රිළවුන් එම ගෙඩියද මොහොතකින් අහිමි කළ බවයි.
දිසාපති කුමාරසිරි මහතා ගොවියා දුක් මහන්සියෙන්  මාස කීපයක් තිස්සේ රැක බලා ගත් වගාව මොහොතකින් ඉවරයි. මේක මහා ව්‍යසනයක්. වනජීවී පැත්තෙන්වත් මේකට පිළියමක් නැද්ද? කාලෙකට ඇඩ්‍රස් නැතිව ඉන්න රිළව් කාලෙකට පස්සේ එළි බහිනවා. ගෙවතු වගාව, ආර්ථික භෝග වගාව කියල වෙනසක් නැහැ. කොනක ඉඳං කාගෙන යනවා.
රිළා ගහණය පාලනය කරන නරියා, දිවියා වැනි විලෝපිතයන්ගේ ගහණය අඩුවීම රිළා උවදුර ඉහළ යාමට හේතුවී ඇති අතර වනාන්තර තුළ ආහාර වර්ග හිඟවීමද රිළවුන් ගම්මාන ආක්‍රමණය කිරීමට බලපා ඇති බව ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා කමිටුවට පෙන්වා දුන්නේය.
ජනජීවිතවලට තර්ජනයක් බවට පත්ව ඇති රිළවුන් ගම්මානවල මොරගහකන්ද ජලාශය ආශ්‍රිත වනාන්තරවලට බැහැර කිරීමේ තීරණයට ගොවි සංවිධාන විරුද්ධවීම නිසා රිළවුන් ගම්මානවලින් බැහැර කිරීමේ උත්සහයද අසාර්ථක වූ බව වනජීවී නිලධාරීහු කමිටුවට දැන්වීය.

හේවා.පී. කරුණාරත්න - මාත‍ලේ දිස්ත්‍රික්

බළන්ගොඩ මාරතැන්න වතුයායේ දලු කඩන මුනියන්ඩි මල්ලිකා දේවියට ලංකා වතු කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයට එන්නට කියා තිබුණි. ඒ පසුගිය මාර්තු 06 වැනිදාය. එදා උදේ පාන්දරම බළන්ගොඩින් හැටන් බසයකට ගොඩවී කොටගලට ගිය දලු කඩන මල්ලිකා දේවිය ආපසු ආවේ දලුකඩන මල්ලිකා දේවි හැටියට නොවේ. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මල්ලිකා දේවි හැටියටය. කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මල්ලිකා දේවිට කොටගල කාර්යාලයට එන්නට කියා තිබුණ් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ පත් කළ මන්ත්‍රීකම භාර දෙන්නටය. 
මල්ලිකා දේවි මාරතැන්න වත්තේ සිසිල්ටන් කොටසේ 'තලවී' නැතිනම් කම්කරු නායිකාවයි. ඇය ඒ කොටසේ 'තලවී' වුණේ ඇය සතු ඉදිරිපත්වීමේ හා නායකත්වයේ ගුණය නිසාමයි. සිසිලටන් කොටසේ 'තලවී' කමෙන් නොනැවතුණ මල්ලිකා දේවී ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකාවක වී එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් වතු කම්කරු කාන්තාවන්ගේ නායිකාව බවටද පත්වූවාය. ඒ 2013 වසරේ සිටය. පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේදී අවම කාන්තා නියෝජනය සියයට විසිපහක් විය යුතු බවට නීතියක් ආවේය. ඒ අනුව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කිරීමේ වරම මල්ලිකා දේවිටද ලැබුණි.
බළන්ගොඩ හැටන් මාර්ගයේ කිලෝ මීටර් පහළොවක් ගිය තැන ඇති මාරතැන්න වතුයායේ සිසිල්ටන් කොටස අතිශය දුෂ්කරය. වතු කම්කරුවන්ට ඇත්තේ අවම පහසුකම්ය.
මම උපන්නෙත් මේ වත්තේ පුදුකුඩුවේ 1976 අවුරුද්දෙ. මගේ මහත්තයා රාජ ගෝපාලුත් පුදුකුඩුවෙමයි. අපි යාළුවෙලා බැන්ඳේ 1991. ඒ අවුරුද්දේ ඉඳලම මම මේ වත්තේ දලුකඩන්න ආව. අපි කොච්චර මහන්සිවෙලා වැඩ කළත් අපට හරියකට ගෙවල් නෑ, වතුර නෑ, පඩියක් නෑ. ඒ නිසා දලු කඩන අපටත් මේ දේවල් දිනාගන්න ඕනෑ කියල හිතුණේ ඒ වැඩට ආපු දවස්වලමයි. අලුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීනිය කියන්නීය.
පින්නවල මහා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණිය දක්වා උගත් මල්ලිකා දේවි පාසල් සමයේ පටන්ම කතාවට හපනීය. මිතුරු කණ්ඩාමේ නායිකාවය. වත්තේ රස්සාවට ආවට පස්සෙත් වත්තෙ ගෑනු අයගෙ රණ්ඩු සරුවල් බේරුවෙ මම. ඒ අයගේ ප්‍රශ්න වත්තේ මහත්තුරුත් එක්ක කතා කළෙ මම. ඒ නිසා වත්තෙ කවුරුත් ප්‍රශ්නයක් වුණාම මාව හොයාගෙනයි ආවේ. ඒ නිසාම මිනිස්සු ඔක්කොම කැමති වුණා මාව මේ කොටසෙ 'තලවී' කරන්න. ඇය කියන්නීය.
සිසිල්ටන් කොටසේ 'තලවී' මල්ලිකා දේවි ලංකා කම්කරු කොංග්‍රසයට සම්බන්ධ වන්නී 2010 වැනි වසරකදීය. 2013 වසරේදී ඇය කම්කරු කොංග්‍රසයේ රත්නපුර දිස්ත්‍රික් වතුකම්කරු නායිකාව වන්නේ ඒ පන්නරය තුළිනි.
 ඇය තරග වදින්නී ඉඹුල්පේ මැද්දේගම ආසනයටය. එය බහු ආසනයකි. 'තොණ්ඩමන් මහත්තය තමයි මට කතා කරල කිව්වේ මැද්දේගම ආසනයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන්න කියල. මැද්දේගම හුඟක් ඉන්නේ දෙමළ අය. සිංහල අයත් ඉන්නව. ඡන්දෙ ඉල්ලන්න තීරණය කළාට මොකද මට ලොකු මුදලක් තිබුණෙ නැහැ. ඒ නිසා මමත් මහත්තයත් කතාවෙලා පුංචි අත් පත්‍රිකාවක් හදාගෙන ගෙයින් ගෙට ගියා. සමහර තැන්වල සමහර ගෙවල්වලට දෙතුන්පාරක් ගියා. මල්ලිකා දේවි කියන්නීය.
ඒත් ඇයට ඡන්දෙදී ලැබුණේ ඡන්ද දෙසිය හැත්තෑ අටක් පමණි. එය සභාව නියෝජනය කිරීම සඳහා ප්‍රමාණයත් නැත්තේය. මට හුඟක් දුක හිතුණා අනේ මගේ ජනතාවට සේවයක් කරන්න තිබුණ අවස්ථාව නැති වුණානේ කියල මන්ත්‍රිනි මල්ලිකා දේවියගේ සැමියා රාජ ගෝපාල් සිසිල්ටන් කොටසේම මුරකරුවෙකි. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වත්තේ තේ කම්හ‍ලේ දලු අඹරන කොටසේ සේවය කරන්නේය. දෙවැනි පුත්‍රයා ජනවාරියේ සිට ‍පොලිස් කොස්තාපල්වරයකු හැටියට වවුනියාව ‍පොලීසියේ සේවය කරන්නේය. දියණිය උසස් පෙළද සමත්ව රැකියාවක් බලා‍පොරොත්තුව සිටින්නීය. 
අපි නම් වත්තේ තනියෙන් ඉන්නේ. ඒත් ඒක ලොකු පහසුකම් තියෙන තැනක් නෙමේ. අපි බැන්ද කා‍ලේ ඉඳල ඉන්න ගෙයක් තිබුණෙ නෑ. 2000 අවුරුද්දේදී ඒ කා‍ලේ වත්තේ හිටපු මහත්තයට මේ ගැන කිව්වම අත් ඇරල දාපු ‍පෝර ගබඩාව අපට වියදම් කරල හදාගන්න කිව්වා. එදා ඉඳලා අදටත් අපි ඉන්නේ ඒකෙ. දරු පැටව් ලොකු කරගත්තේ ඒ පුංචි ‍පෝර ගබඩාවෙමයි. වතුකම්කරුවො ගෙයක් දොරක් නැතිව විඳින දුක අපට හොඳට තේරෙනව. බොන්න වතුර ටිකක් නැතිව විඳින දුක තේරෙනවා. ඒ නිසාම තමයි ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඡන්දෙට ඉදිරිපත් වුණේ ඇය කියන්නීය. 
ආරුමුගම් තොණ්ඩමන් පසුගිය මාර්තු 06 වැනිදා මල්ලිකා දේවිට කොටගල එන්න යැයි කියා කැඳවන්නේ මේ අතරතුරේදීය. ඒ අවසරයෙන් කොටගල ගිය ඇයට පක්ෂ නායකයා දැනුම් දෙන්නේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව සඳහා මල්ලිකා දේවි ලැයිස්තුවෙන් පත් කරගන්නට තීරණය කර ඇති බවයි. 
මට තොණ්ඩමන් මහත්තය වගේම බළන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නීතිඥ භාණු මුණිප්‍රිය මහත්තයත් හුඟක් උදව් කළා. ඒ වගේම සභාවේ රැස්වීම් තියෙන දවස්වලට ඒවට සහභාගි වෙන්න නිවාඩු දෙන්නත් අනිත් දවස්වල වත්තේ වැඩට එන්නත් පහසුකම් සලසල දෙන්නම් කියලා වත්තේ අලුත් ලොකු මහත්තය කිව්වා යැයි ඇය කියන්නී කෘතගුණ පූර්වකවය.
වත්තේ දලු නෙළන ගෑනු අයම විතරක් නෙවේ වත්තේ කොයි කාටත් සතුටුයි. සමහර අයට මටත් වඩා සතුටුයි. මේ ඊයේ පෙරේදා දවසක ඒ අය ඔක්කොම එකතුවෙලා අපේ ගෙදරට ඇවිත් මාව පිළිගත්ත. හෙට අනිද්ද දවසක ව‍ලේබොඩ කොටසෙත් පිළිගැනීමක් තියෙනව කියල කිව්වා. ලබන විසිපස් වැනිදා බළන්ගොඩ ගෲප් එකේම කට්ටිය කෝවි‍ලේ ලොකු පූජාවක් තියෙනව කියල දැනටම දැනුම් දීල තියෙනවා ඇගේ මන්ත්‍රී ධුරයෙන් සෙස්සෝ සතුටු වන හැටි ගැන ඇය කියන්නේ සතුටිනි.
මන්ත්‍රී වුණාට මම වත්තේ වැඩ අත් අරින්නේ නෑ. සභාව දවසට ඒකට යනව. වතුකම්කරුවන්ගේ විශේෂයෙන්ම වතු කම්කරු කාන්තාවන්ගේ මොනතරම් ප්‍රශ්න තියෙනවද තවම පිළියම් නැති. ඒවට උත්තර හොයනව. අනිත් දවස්වලට පුරුදු විදියට ඇවිත් දලු කඩනව 
 
තනූජා නානායක්කර 
 
පින්තූර : සරත් වීරවංශ 

අප්‍රේල් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව නොමග යවන ආකාරයේ පුවත්, විශේෂාංග තව දුරටත් පුවත්පත්වල දක්නට ලැබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සියලු ගැටලුවවලට පිළිතුරු ලබා දී ඇති තත්ත්වයක් තුළ වුව ද අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්ෂණය වේ. ඇතැම් පුවත්පත්වල කතුවැකි තුළින් පවා නිවැරැදි නොවන කරුණු ප්‍රචාර කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම්වලට 5% ක රඳවා ගැනීමේ බද්ද අදාළ වනුයේ එවන් පුද්ගලයන්ගේ තැන්පතු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නව තිබෙන අවස්ථාවන්හි දී පමණි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට තම ඉතිරි කිරීම සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනු ලබයි. ඔවුන්ගේ ඉතිරිකිරීම් මත ලබන මාසික පොලී ආදායම රු. 125,000 දක්වා වන මුදලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. රු. 125,000 ක මාසික පොලිය ලබන්නට නම් එක්කෝටි විසිපන්ලක්ෂයකට ආසන්න මුදලක් තම ඉතිරිකිරීමේ තැන්පතුවල තිබිය යුතුවේ. ඒසා විශාල මුදලක් තම ඉතිරිකිරීමේ ගිණුමේ පවත්වාගෙන යා හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටිනුයේ ඉතා අතලොස්සක් පමණි.

මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් බදු අය කිරීම

පුවත්පත්වල මෙන් ම විද්‍යුත්  මාධ්‍ය සංවාදවල දී ද මතු කරනු ලබන මෙම චෝදනාව සම්පූර්ණයේ ම අසත්‍යය. මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් ලැබෙන පොලී ආදායම් නව පනත යටතේ බද්දකට යටත් කර නොමැත.

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල්වලට බදු අය කිරීම

විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවෙන් පිට කුමන රටක සිට වුවද තම නිවෙස් වෙත හෝ ඥාතීන් වෙත එවනු ලබන මුදල් වලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. එසේම, ලංකාවේ සිටින යම් පුද්ගලයෙකු විසින් විදේශ රටකට සේවා සපයා එයින් ලබන වාර්ෂික ආදායම රු. මිලි. 15 දක්වා බද්දෙන් නිදහස් කොට තිබේ.

ආගමික ස්ථානවලින් බදු

පිං කැටේටත් බදු නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම චෝදනාවට ද කිසිදු පදනමක් නොමැත. ආගමික ස්ථානවලට ලබා දෙන ආධාර හෝ පිං කැට වෙත ලැබෙන මුදල් සඳහා බදු අය කිරීමට අදාළ කිසිදු වගන්තියක් නව දේශීය ආදායම් පනතට ඇතුළත් කර නොමැත. එහෙත් කිසියම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නම් එයින් ලබන ලාභය මත මෙයට පෙර පැවැති ආකාරයට ම බදු පැනවේ.

උපයන විට ගෙවීමේ බද්ද (PAYE)

 මෙම නව පනත මගින් මාසිකව රුපියල් ලක්ෂයක් හෙවත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක ආදායම් ලබන සියලු දෙනා ආදායම් බද්දෙන් නිදහස් වේ. ශ්‍රී ලංකාවේ ඍජු බදු ගෙවන ප්‍රමාණය ඉතා අතලොස්සකි. දෙකෝටියක් පමණ ජනතාව වෙසෙන රටේ බදු ගොනු තිබෙනුයේ ලක්ෂ 16ක් පමණි. එයින් ලක්ෂ 12ක් පමණ ම අයත් වනුයේ උපයන විට ගෙවීමේ බද්දට යටත් වන සේවා නියුක්ත්කයන්ට ය.
මෙම බද්දට යටත් කරනු ලබන වාර්ෂික සීමාව රුපියල් 750,000 සිට නව බදු පනත මගින් රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කර ඇත. මේ හේතුවෙන් දැනට උපයන විට බදු ගෙවන ලක්ෂ 12ක් පමණ වන සේවා නියුක්තිකයන්ගෙන් 40% පමණ එනම් ලක්ෂ 5කට ආසන්න පුද්ගලයන් නව බදු පනත අනුව බද්දෙන් නිදහස ලබති.
එමෙන් ම විවිධ ස්ථරයන් යටතේ බදු ගෙවීම සඳහා මෙතෙක් පැවැති ලක්ෂ පහේ වාර්ෂික ලාබ සීමාව ලක්ෂ 6 දක්වා වැඩි කර ඇති බැවින් ඒ යටතේ ද බොහෝ ආදායම් ලබන්නන් ගෙවිය යුතු බදු ප්‍රමාණය පෙරට වඩා අඩුවනු ඇත.

18ට වැඩි සියල්ලන්ට ම බදු ගොනුවක්

දේශීය ආදායම් පනත තුළ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත වී නොමැති අතර ඒ අනුව වයස අවු. 18 ට වඩා වැඩි පුරවැසියන්හට බදු ලිපිගොනු විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත.

බදු නිදහස් කිරීම

බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් පුවත්පත්වල ඇතැම් කතුවැකිවලද නිවැරදි නොවන ප්‍රවෘත්ති වාර්තා විය. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප, ජනාධිපති අරමුදලෙන් ලැබෙන ප්‍රදාන, රු. ලක්ෂ පහ නොඉක්මවන ලොතරැයි තෑගි මුදල සහ රජයේ වාහන බලපත්‍ර යටතේ සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ යනාදිය සඳහා තිබූ බදු නිදහස් කිසිවක් ඉවත් කර නොමැත. ඉහත කී ක්ෂේත්‍රයන් සඳහා ලබාදී තිබූ මෙම බදු නිදහස් කිරීම් දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වන 2018.04.01 දින සිට ද අඛණ්ඩවම එලෙසම බල පැවැත්වෙන බව අවධාරණය  කළ යුතුයි.
මෙම නව බදු පනත මගින් ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ට සමාන අවස්ථාවන් සලසා දී ඇති අතර, දේශීය හෝ විදේශීය ආයෝජකයන් තම ආයෝජන වෙනුවෙන් බදු විරාම, බදු නිදහස් කිරීම, බදු සහන ලබා ගැනීම සඳහා මෙතෙක් දේශපාලඥයන් පසුපස හඹායාමට තිබූ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති බදු පරිපාලන ක්‍රමය යටතේ ආයෝජකයන්හට බදු විරාම/ බදු සහන ලබාදීම තීරණය කරනු ලැබුයේ අදාළ ඇමැතිවරයා විසිනි. දේශපාලඥයන්ගේ අත්තනෝමතික හෝ අභිමතානුසාරී බලය යටතේ බලපෑම් මත බදු සහන දීමේ මෙම ක්‍රමවේදය මෙම නව පනත මගින් ස්ථිරවම ඉවත් කර තිබේ. ඒ වෙනුවට ආයෝජකයන් වෙත බදු සහන ලබාදීමේ විනිවිද පෙනෙන නීතිමය පදනමින් යුක්ත ක්‍රමවේදයක් පනත තුළ අන්තර්ගත කර තිබීම විශේෂත්වයකි.
උදාහරණයක් ලෙස ඇ.ඩො. මිලියන 03 ක ආයෝජනයක් කරන පුද්ගලයෙකු තම ආයෝජනයට සමාන ප්‍රතිලාභ අත්පත් කරගන්නා තෙක් ඔහුට බදු ගෙවිය යුතු වන්නේ නැත.
එසේම ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජනයක් කරන්නේ නම් එවැනි සමාගමකට තම ආයෝජනය මෙන් 150% ප්‍රතිශතයක ප්‍රතිලාභ ලබාගන්නා තෙක් බදු සහන හිමිවන බැවින් ආයෝජනයන් සඳහා බදු සහන හෝ බදු විරාම ලබාගැනීමට දේශපාලඥයන් පසුපස හඹායෑමේ යුගය මෙම නව දේශීය ආදායම් පනත මඟින් නිශේධනය කර තිබේ.

එම්.අලි හසන්,

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ,

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සිදුවූ බෝම්බ ප්‍රහාරය අවම කිරීමට කටයුතු කළ එවකට එහි රාජකාරියේ යෙදී සිටි ‍පොලිස් නිලධාරිනිය වසර විස්සකට පසු අගයමින් රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (7) දින ක්‍රියා කළේය.
මෙසේ ඇගයීමට ලක් වූයේ එවකට කාන්තා ‍පොලිස් කොස්තාපල්වරියක වූ 1176 (වර්තමානයේ කාන්තා ‍පොලිස් සැරයන්) ජයවර්ධන නමැති නිලධාරිනියයි. ඇය වර්තමානයේ කෑගල්ල ‍පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරයි.
1998 වර්ෂයේ ජනවාරි 25 වැනි දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉලක්ක කරගනිමින් බෝම්බයක් ඇට වූ වෑන් රථයක් ධාවනය කර තිබේ.
එහිදී මාලිගාවේ ප්‍රධාන දොරටුව අසල නිරායුධව කාන්තා බැතිමතුන්ගේ ශරීර පරීක්ෂා කරමින් සිටි මෙම නිලධාරිනියට ඈත සිට වේගයෙන් පැමිණෙන වෑන් රථය දැක ඒ පිළිබඳ සැක සිතී ඇත. එම අවස්ථාවේදීම ගිනි අවි රැගත් පිරිසක් මාලිගාව දෙසට දිව එනු දුටු ඇය සිය ජීවිතය ගැනද නොතකා වහා දුව ගොස් ප්‍රධාන වාහල්කඩ දොරටුවේ ගේට්ටුව ඉබි යතුරු දමා වැසීමට ක්‍රියා කර තිබේ.
ඇයගේ එම ක්‍රියාව නිසා මාලිගාව තුළ සිදුවීමට ගිය ව්‍යවසනය වැළකී දොරටුව ඉදිරිපිට බෝම්බය පිපිරී ගියේය.
ඇගේ මෙම ක්‍රියාව වික්‍රමාන්විත ඇගයීම පෙරේදා දින කොළඹ අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි.
එහිදී ඇයට ‍පොලිස් ත්‍යාග මුදලට අමතරව වැටුප් වර්ධකයක් සමග ‍පොලිස්පති ප්‍රශංසාවක්ද ‍පොලිස්පතිවරයා විසින් පිරිනමන ලදී.
 
ශානිකා මාධවී පීරිස්

අහස් ගෝලයේ තාරකා ‍පොකුරු හෙවත් රාශි 88ක් නම් කර තිබේ. ඒවායින් ‍ජ්‍යොතිෂය විසින් සලකා බැලෙන්නේ හිරුගේ දෘෂ්‍ය ගමන් මාර්ගයට පසුබිමින් පිහිටා ඇති තාරකා රාශි 12ක් පමණි. අනෙක් තාරකා රාශිවලට මිනිසුන්ගේ ෙදෙවය සම්බන්ධව උනන්දුවක් හෝ තැකීමක් නැත්තේ කුමක් නිසාදැයි ‍ජ්‍යොතිෂය  මගින් පැහැදිලි කෙරෙන්නේ නැත. අහස් ගෝලයේ හිරුගේ දෘෂ්‍ය ගමන් මග ඉහත රාශි 12 අතර සමානව බෙදීමෙන් එක් රාශියකට අංශක 30ක් වෙන්කර ඇතත් රාශිය නම් කිරීමට පාවිච්චි කළ අදාළ තරු ‍පොකුර රාශිය තුළ මධ්‍යගතව පිහිටා නැත. ආදි කාලයේ මෙම රාශි දොළහ නම්කර ඇත්තේ ඒවායේ පිහිටි ප්‍රධාන තාරකා සිතින් යා කිරීමෙන් යම්කිසි හුරුපුරුදු රූපයක් සාදා ගැනීමෙනි. උදාහරණයක් ලෙස තරාදි හැඩයක් සිතාගෙන ඇති තුලා රාශිය ගත හැක. මෙම හැඩය සිතින් මවාගෙන ඇත්තේ අදාළ තාරකා ද්විමාන ලෙස එකම තලයක පිහිටා ඇතැයි වැරදි ලෙස සිතමිනි. ඒවා ත්‍රිමාණ ලෙස එකිනෙකට බොහෝ දුරස්ව පිහිටා ඇති බවත් ඒ ඒ රාශිවලට ලබා දී ඇති රූප සැබැවින්ම නැති බවත් තවත් උදාහරණයකින් දැක්විය හැකිය.
ඒ අනුව තුලා රාශියේ පිහිටි ප්‍රධාන තාරකා අතර ආලෝක වර්ෂ 77ක දුරකින් පිහිටි අල්ෆා ලිබ්රායේ තරුවත් ආලෝක වර්ෂ 300 ක දුරකින් පිහිටි ඩෙල්ටා ලිබ්රායේ තරුවක් ආලෝක වර්ෂ 185ක දුරකින් පිහිටි බිටා ලිබ්රායේ තරුවත් ආලෝක වර්ෂ 152ක දුරකින් පිහිටි ගැමා ලිබ්රායේ තරුවත් ගත හැකිය. ආලෝක වර්ෂයක් යනු තත්පරයට කිලෝමීටර් තුන් ලක්ෂයක වේගයෙන් වසරක් පුරා ගෙවී යන දුරයි. ඒ අනුව ඉහත තාරකා අපට සිතා ගැනීමටවත් නොහැකි තරමේ එකිනෙක අතර විශාල දුරකින් ත්‍රිමාණව (එකම තලයක නැතිව) පිහිටා ඇති බව පෙනේ.
මේ නිසා එම තරු ‍පොකුරට තරාදි හැඩයක් සැබැවින්ම නැති අතර ‍ජ්‍යොතිෂඥයන් සිතන පරිදි එයට සාමූහික බලපෑමක් කිරීමේ හෝ සාධාරණ විනිශ්චයන් ලබා දීමේ හැකියාවක්ද නැත. අනෙක් රාශි ගැනද කිවහැක්කේ එයමය.
තවද රාශියක් දෙස පියවි ඇසින් බැලීමේදී තරු කිහිපයක් පමණක් පෙනෙන නමුත් දුරදක්නයක ආධාරයෙන් බැලූවිට තරු දහස් ගණනකි. තවත් සියුම් උපකරණයක් තුළින් බැලුවොත් තරු බිලියනයකටත් වැඩියෙන් එක රාශියක්  තුළ දැකිය හැකිවනු ඇත. ඒවායින් තෝරාගත් ඒවා යා කොට තම සිතැඟි පරිදි කැමැති රූපයක් සාදාගත හැකිය. ඒ අනුව මීන රාශියට පහසුවෙන්ම පක්ෂියෙකුගේ හැඩයක් ලබාදිය හැකිව තිබිණි. එසේ වූවානම් එය පක්ෂි රාශිය ලෙස නම් කෙරෙන අතර ‍ජ්‍යොතිර්වේදීන් එයට ජලය නොව වාතය සහ නිදහස පිළිබඳ ගතිගුණ ආරෝපණය කරනු නොඅනුමානය. එවිට මීන රාශියේදී ජලගැලීම් වෙනුවට පක්ෂි රාශියේදී චණ්ඩ මාරුත ගැන අනාවැකි ඔවුන්ගෙන් කියවෙන්නට ඉඩ තිබිණි.
‍ජ්‍යෙතිර්වේදීන් ග්‍රහමාරු ගැන කියමින් ජනතාව බියගන්වන අයුරු ජනමාධ්‍ය තුළ විටින් විට දැකිය හැකිය. ඇත්තටම ග්‍රහමාරුව යනු කුමක්ද...? උදාහරණයක් ලෙස සෙනසුරු මාරුව සලකා බලමු. සෙනසුරු හිරු වටා පරිභ්‍රමණය වීමට දළ වශයෙන් අවුරුදු 30ක් පමණ ගතවේ. මෙම එක වටයක් යාමට අහස් ගෝලයේ 3600 ක් පසුකළ යුතුය. ‍ජ්‍යොතිෂයේ සම්මතයක් ලෙස අහස් ගෝලයේ හිරු සහ ග්‍රහයන් ගමන් ගන්නා මග 300 රාශි 12කට බෙදා ඇති හෙයින් සෙනසුරුද සෑම රාශියක් තුළම අවුරුදු දෙකහමාරක් පමණ ගතකරමින්ද, වෙනත් ග්‍රහලෝක මෙන් අංශක 30න් 30ට රාශි මාරුකරමින්ද, පෘථිවියේ මිනිසුන් ගැන තැකීමක් නොකොට තමන්ගේ පාඩුවේ හිරු වටා  යන සිය ගමන යයි. ‍ජ්‍යොතිෂයට අනුව 2011 නොවැම්බර් 15 දින ද සෙනසුරුගේ රාශි මාරුවීමක් සිදු විය. ඒ කන්‍යා රාශියෙන් තුළා රාශියටය. එය කිසිසේත්  බියට පත් විය යුතු දෙයක් නොවේ. අහස් ගෝලය 300 කොටස්වලට බෙදා දැක්වීම ‍ජ්‍යොතිෂයේ සම්මතයක් පමණි. ඕනෑනම් එය 100 න් 100 ට හෝ අංශකයෙන් අංශකයට බෙදා දැක්විය හැකිය.
රාශි වෙන් කිරීමේ සම්මතය 600 වූවා නම් සෙනසුරු එක් රාශියක අවුරුදු පහක් පමණ සිටිනු ඇත. රාශි වෙන්කිරීම 100 න් 100 ට වූවානම් සෙනසුරු එක් රාශියක ගතකරන්නේ මාස දහයකි. 10 බැගින් වෙන්කළ නම් සෙනසුරුගේ රාශි මාරුව මසකට වරකි. එසේ මාසිකව රාශි මාරුව සිදු වූවානම් සෙනසුරු පිළිබඳ බිය පහවගොස් ‍ජ්‍යොතිර්වේදීන්ගේ රැකියාවටද බලපෑමක් වනු ඇත.
පෘථිවිය (හිරුට සාපේක්ෂව) එක් රාශියක මසක පමණ කාලයක් ගතකරයි. පෘථිවිය සූර්යයා වටා එක පරිභ්‍රමණයක් සිදු කිරීමට මාස 12ක් ගත වන බැවින් එක රාශියක් පසු කිරීමට මසක පමණ කාලයක් ගනී. පෘථිවියේ රාශි මාරුව අපට පෙනෙන්නේ සූර්යයාගේ රාශි මාරුවක් ලෙසිනි. අප වාහනයක ගමන් කරත්දීත් අප නිශ්චලව සිට දෙපස වස්තු ආපස්සට ගමන් කරනවා මෙන් පෙනෙන්නාක් මෙනි. ‍ජ්‍යොතිෂය එදත් අදත් එම මායා දැ‍ලේ පැටලී සිටී.
සිංහල අවුරුදු නැකතට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන්නේ නැත. ‍ජ්‍යොතිර්වේදීහු තමනුත් රැවටී ජනතාවද රවටති. සූර්යයා ගමන් කරනවා මෙන් පෙනෙන්නේ මායාකාරී දසුනකි.  හිරු (සෞරග්‍රහ මණ්ඩලයට සාපේක්ෂව) ග්‍රහයන් මෙන් රාශි මාරු කරන්නේ නැත. පෙනෙන දෙය මායාවකි. ඇත්තටම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා කෙරෙන පරිභ්‍රමණයේදී කන්‍යා රාශියෙන් තුළා රාශියට මාරුවීමයි. එය පෘථිවියේ සිටින අපට පෙනෙන්නේ අපට විරුද්ධ දෙසින් සූර්යයාට පසුබිමින් පිහිටි මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයා ගමන් කරන ආකාරයකි. පහත රූප සටහන අධ්‍යයනය කිරීමෙන් එය පැහැදිලි වනවා ඇත.
වෙනත් ග්‍රහලෝක සූර්යයා වටා කෙරෙන පරිභ්‍රමණය නිසා සිදුවන රාශි මාරුව අප පෘථිවියේ සිට දකින්නේ පෘථිවියේ චලනයන්ට සාපේක්ෂවය. ග්‍රහයන් ආපසු ගමන් කිරීම හෝ වක්‍රවීම් ගැන ‍ජ්‍යොතිර්වේදීන් කතා කරන්නේ එහෙයිනි. එයද මායාවකි.
සෙනසුරු පිහිටා ඇත්තේ යුරේනස් සහ පෘථිවිය අතරය. (සෙනසුරුට අමතරව තවත් ග්‍රහයන්ද ඒ අතර ඇත) මෙම ග්‍රහලෝක තුන සිය කක්ෂවල ගමනේදී එක එල්‍ලේ ඇති අවස්ථා ද දැකිය හැකිය. එවැනි අවස්ථාවක යුරේනස් මත කෙනෙකුට ඉන්නට හැකි නම් ඔහු සෙනසුරු කන්‍යා රාශියේ දකින විට ඒ මොහොතේ පෘථිවියේ වසන කෙනෙකුට සෙනසුරු පෙනෙන්නේ මීන රාශියේය.
සෙනසුරු වටා පිහිටි කක්ෂයක පැයකට එක වටයක් ගමන් කරන අභ්‍යවකාශගාමියෙකුට පෙනෙන්නේ සෙනසුරු පැයක් තුළ රාශි 12ම පසුකරන සෙයකි. එවිට එම පැය තුළ සෙනසුරු මාරු ද 12කි. ගගනගාමියා,  ග්‍රහතාරකා සරණ යන කෙනෙකු වූයේ නම් ඔහු කොයි තරම් බියට පත්වනු ඇතිද? ආරක්ෂාවට නූලක් බැඳ ගැනීමටවත් කාලයක් නැත.
සඳ, දින දෙක හමාරකට පමණ වරක් රාශි මාරු කරයි. එහෙත් වෙනත් ග්‍රහලෝකයක සිට බලන කෙනෙකුට පෘථිවිය සහ සඳ නිතරම එකම රාශියක් තුළ ඇති අයුරුද එකට රාශි මාරු කරන අයුරුද දැකිය හැකිය. එමෙන්ම සෙනසුරු වැනි ඈත ග්‍රහලොවක හිඳින කෙනෙකුට හිරුත් බුදත් සිකුරුත් නිතරම එකම රාශියක් තුළ ඇති බවද එකට රාශි මාරු කරන බවද දැකිය හැකිය.
ඒ අනුව අප වටහා ගත යුතු දෙය වන්නේ රාශි කියා ස්ථාවර යමක් නැති බවයි. එය අප ඉන්නා තැන අනුව පෙනෙන දෙයක් පමණි.
‍ජ්‍යොතිෂයේ රාශි නම්කර ඇත්තේ පියවි ඇසින් දැකිය හැකි ඒ ඒ තරු ‍පොකුරුවල හැඩයන් සැලකිල්ලට ගනිමිනි. ඒ ඒ රාශිවලට අයත් තරු පන්ති සහ ඒවායේ හැඩයන් ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්ය. කන්‍යා රාශිය වඩාත් විශාලය. මේ නිසා රාශි 12ට 300 බැගින් ජ්‍යාමිතිකව අහසේ ඉඩ වෙන් කිරීම කළ නොහැකි දෙයකි. නමුත්  ‍ජ්‍යොතිෂය විසින් එසේ කිරීම නිසා ඔවුන්ව විශාල අර්බුදයකට තල්ලු වී ඇත.
එම අර්බුදය කැපී පෙනුණ අවස්ථාවක් ලෙස පසුගිය 2011 නොවැම්බර් 15 දින ‍ජ්‍යොතිෂයට අනුව සිදුවු සෙනසුරු මාරුව සැලකිය හැකිය. එදින සෙනසුරු කන්‍යා රාශියේ සිට තුළා රාශියට මාරුවන බව පැවැසූ ‍ජ්‍යොතිර්වේදීහු ප්‍රවේශම් වන ලෙස ජනතාවට අනතුරු ඇඟවූහ. ඒ අනුව රට පුරා බෝධි පූජා පැවැත්වුණ අතර සමහර රජයේ සේවකයන් නිවාඩු දමා ගෙදරට වී දුරකථනද ක්‍රියා විරහිත කර දමා ආරක්ෂා සහිතව සිටි බව මාරු වුණා කියූ සෙනසුරු තවමත් කන්‍යා රාශියේ බව තාරකා සිතියම් සහිතව පෙන්වා දෙමින් බ්‍රිතන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා 2012 පෙබරවාරි 12 දින සති අන්ත පුවත්පතක ලිපියක් පළ කළේය.  සෙනසුරු පියවි ඇසට දක්නට ලැබෙන අවසාන ග්‍රහ ලෝකය වන අතර එය කන්‍යා රාශියේ ලොකුම තරුව වන ස්පයිකා අසල මෙදින රාත්‍රියේද දකින්නට හැකි බව ඔහු සිය ලිපියෙන් පැහැදිලි කළේය.
එම ලිපිය ‍ජ්‍යෙතිෂය විශ්වාස කරන නොකරන සියලු දෙනාගේ බලවත් අවධානයට ලක් වූවක් විය. උණුසුම් විවාදයකට කදිම අවස්ථාවක් නිර්මාණය විය. එහෙත් සතියෙන් සතිය නොව දෙසතියෙන් දෙසතියට කල් මරමින් පළවුණු ඇල්මැරුණු පුංචි ලිපිවලට විවාදය සීමා විය. අහන දේ නුදුටුවාක් මෙන් සිට නාහන දේවල්වලට පිළිතුරු බැඳීම එහිදී බොහෝවිට සිදු විය. ඉන්පසු එම පුවත්පතේ තාරකා විද්‍යාවට අදාළ සුපුරුදු ලිපිද නවතමින් සියල්ල නිමාවට පත් විය.

 සැම්සන් ගුණතිලක

තිස්සමහාරාම යෝධ වැව රක්ෂිත ප්‍රදේශයේ ඉඩමක චීන ජාතිකයෙකු  විසින් හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ගම්වාසීහු විරෝධය පළ කරන බවත් රක්ෂිත ප්‍රදේශය වෙන්කර අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් ගොවි සංවිධාන නියෝජිතයෝ ඉල්ලීම් කරති.
අනවසර ඉදිකිරීම් තව දුරටත් සිදුකරන බවත් වැව් රක්ෂිතයේ දැනටමත් චීන ජාතිකයෙකුට අයත් යැයි සැලකෙන හෝටලයක් ඉදිකර අවසන්ව ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, එම ඉදිකිරීම් නතර කිරීමට උත්සාහ ගත්තද එය නතර කිරීම සිදු නොවුණු බවත් කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැඳවුම්කරු උපාලි අරඹගේ මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ප්‍රකාශ කළේය.
යෝධ වැවේ රක්ෂිතය වෙන් කිරීම සඳහා මැනුම් කිරීමේදී එහි උපරිම ජල මට්ටමේ සිට මැනුම්කර රක්ෂිතය වෙන්කර අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට  පියවර ගන්නා ලෙසත්, අප ඉල්ලා සිටියත් අනවසර ඉදිකිරීම් තව දුරටත් ආරක්ෂා කර දීම සඳහා යෝධ වැවේ රක්ෂිතය වෙන් කිරීමට අවම ජල මට්ටමේ සිට සිදුකරන ලෙස අමාත්‍යාංශ ‍ලේකම්වරයා වාරිමාර්ග ඉංජිනේරුවන්ට දන්වා ඇතැයි උපාලි අරඹගේ මහතා මෙහිදී පැවැසීය.
මේ සම්බන්ධව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමිල ශිරන්ත මහතා ප්‍රකාශ කර සිටියේ යෝධ වැවේ රක්ෂිත වෙන්කර මැනුම් කටයුතු සිදුකරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබි ඇති බවත් රක්ෂිතය වෙන් කිරීමේ කටයුතු මැනුම් කිරීමෙන් පසු සිදු කරන බවත්ය.

මුනිදාස . හෙට්ටිආරච්චි - හම්බන්තොට

Page 1 of 17

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.