Coss Ear2
lakbima.lk
COSS Ear 1

සාරියේ ස්වභාවයට ගැළපෙන සේ සාරි හැට්ටය සකසමු

උත්සව අවස්ථාවකට සහභාගි වන බොහෝ විටෙකද කාන්තාවන්ට ඇතිවන ගැටලුව වන්නේ තෝරා ගත් සාරියට අනුව සාරි හැට්ටය නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. කෙතරම් වටිනා සාරියක් මිලදී ගත්තත් එයට ගැළපෙන සුදුසු හැට්ට නිර්මාණයක් තෝරා නොගැනීමෙන් සාරියේ වටිනාකම යටපත් වන අවස්ථා අපට බොහෝ විට දැකිය හැකිය. එයට හේතුව වන්නේ සුදුසු නිර්මාණකරුවකු මේ සඳහා දායක කර නොගැනීමයි. ඒකාකාරී සාරි හැට්ට නිර්මාණයට හුරුවී සිටින ඇතැම් නිර්මාණකරුවන් තමන්ට හුරුපුරුදු නිර්මාණ රටාවන්ටම සේවා දායකයන් සඳහා නිර්මාණ සාදා දීමට උත්සාහ කිරීම නිසාද බොහෝ අවස්ථාවන්හිදී අදාළ සාරිය සඳහා වඩාත්ම සුදසු අලංකාර නිර්මාණ බිහිවීම අවම වීමට හේතුවෙයි. මෙහිදී සේවාදායකයින්ද වෙනස්වන නිර්මාණ රටාවන් පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබේනම් මෙවැනි ගැටලු ඇතිවන්නේ නැත. තවද සාරි සඳහා හැට්ටය නිර්මාණය කිරීමේදී ඊට ගැළපෙන වර්ණ තෝරා ගැනීම පිළිබඳවද හොඳින් දැනුවත් විය යුතුය. තෝරා ගත් වර්ණය යොදා නිර්මාණය සිදු කිරීමේදී වයස් මට්ටම් අනුව ඒවා තමන් සඳහා කෙතරම් දුරට උචිත වේද යන්න පිළිබඳවද යම් අවබෝධයක් තිබිය යුතුවේ. එමෙන්ම හැට්ටය නිර්මාණයේදී බොහෝ විට පබළු වර්ග, ක්‍රිස්ටල්, ‍ලේස් වර්ග එක් කර ගැනීම සුදුසු අතර එය ගැළපෙන අන්දමට කර ගැනීම වඩාත් කල්පනාකාරීව සිදුකළ යුතුය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ්  ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම්  හා මෝස්තර නිර්මාණ ශිල්පිනී
වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1708

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1386

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2195

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3507

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4293

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4459

Please publish modules in offcanvas position.