Coss Ear2
lakbima.lk
COSS Ear 1

කෙස් කළඹට තාවකාලික පර්ම් එකක්

කලක් ගත වන විට එකම ආකාරයේ කෙස් කළඹට වෙනසක් කළ යුතු යැයි සිතීම ස්වභාවිකයි. සාමාන්‍ය කෙස් කළඹ එලෙස අලුත් ආකාරයකට දකින්න ආසා කරන ඔබට පර්මිං එකකට යා හැකියි. මෙැවනි කෙටි කාලයක් සඳහා සිදු කරනු ලබන පර්ම් කිරීමකට ඔබට රූපලාවන්‍යාගාරයකට යන්නට සිදුවේ. 
හිසකෙස් පර්ම් කරන්නට සිතන ඔබගේ කැමැත්ත පරිදි කෙස් කැරළිවල ප්‍රමාණය විශාලද කුඩාද යන්න කේෂාලංකරණ ශිල්පියාට දන්වා සිටිය යුතුය. ඒ අනුව පර්ම් කිරීම සඳහා භාවිතා කරන මෙවලම් වන රොඩ්ස්, කුඩා, මධ්‍යම හෝ විශාල වශයෙන් තෝරා ගැනීම සිදු කරයි. තමන් කැමති ප්‍රමාණයෙන් රොඩ්ස් තෝරා ගත් පසුව ඒවායේ හිසකෙස් එතීමට පෙර කෙස් හොඳින් තෙත් කිරීම අවශ්‍යය. රොඩ්ස් වල ඔතාගත් තෙත කෙස් මත ඉන්පසුව පර්මිං ලෝෂන් ගැල්වීම සිදු කරයි. 
හොඳින් පර්මිං ලෝෂන් ගැල්වූ හිසකෙස් එලෙසම විනාඩි විස්සක් හෝ තිහක් තිබෙන්නට හැර රොඩ්ස් සමගම සෝදාගත යුතුවේ. ඉන්පසුව පර්ම් එක හොඳින් රැකෙන ආකාරයට නියුට්‍රලයිසර්යක් ගැල්වීමද කළ යුතුය. නියුට්‍රලයිසර් ගැල්වූ හිසකෙස් තවත් විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම සිදු කෙරේ. 
මෙලෙස කළ පර්ම් එක වඩාත් සුන්දරව දිස්වන්නේ හිසකෙස් තෙත ස්වභාවයෙන් පවතින විටයි. උත්සව අවස්ථා සඳහා හිසකෙස් සකස් කිරීමේදී සුදුසු ආ‍ලේපනයක් ගැල්වීමෙන් එම තෙත් බව ඉස්මතු කරගත හැකිය. 
කෙටිකල් ටී්‍රට්මන්ට් එකක් මගින් සිදුකරන ලද පර්ම් කිරීමකදී හිසකෙස් වලට සිදුවූ හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරන්නටද අමතක නොකළ යුතුය. 
 
උපදෙස් සන්ප්‍රිය හෙයාර් ඇන්ඩ් බියුටි සැලෝන් ඇන්ඩ් ඇකඩමි හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ප්‍රියා රත්නායක
 
ඡායාරූප තුෂාර අතපත්තු
සටහන උත්පලා සුභාෂිනි ජයසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.