Coss Ear2
lakbima.lk
COSS Ear 1

උත්සව අවස්ථාවකට සුදුසු අලුත් විලාසිතාවක ඇඳුමක්

මෙය උත්සව අවස්ථාවකට සුදුසු වනසේ නිර්මාණය කරන ලද  ටයිට් සාය සහ බ්ලව්ස් විලාසිතාවකි. ෆිෂ්ටේල් ආකාරයට මසා ඇති ටයිට් සායේ දණ හිසෙන් පහළ කොටස ෆ්ලෙයාඩ් ස්වරූපයක් ගනී. සාමාන්‍ය කොට්න් රෙද්දෙන් මසා ඇති සායේ යටට අල්ලා ඇති සෙටින් රෙද්ද නිසා ඊට වැඩි විසිතුරු බවක් එකතු වි තිබේ.
සිරුරේ හැඩයට මසා ඇති හැට්ට විලාසිතාව සාරි ජැකට් එකකට වඩා මදක් උසින් වැඩි කොටු කර බෝරිච්චි අතත් හැට්ටයට මනා පෙනුමක් එකතු කර තිබේ. හැට්ටයේ  පසුපසට යොදා ඇති කෝඩ් එක ඇඳුම අවශ්‍ය ආකාරයට සකසා ගත හැකි ලෙස වෙනස්ම අයුරකට නිර්මාණය වූවකි. උත්සව අවස්ථාවකට වඩා යෝග්‍ය වන ආකාරයට හැට්ටයේ ඉදිරි පලුව පබළුවලින් ගෙත්තම් කර ඇත. මෙම ස්කර්ට් ඇන්ඩ් බ්ලව්ස් විලාසිතාවට ෂෝල් එකක් එක් කර ගත් විටදී ලෙහංගා විලාසිතාවක් ආකාරයටද හැඩවිය හැකිය. මෙම ඇඳුම් නිර්මාණය සඳහා අඟල් 60 පළල  රෙදි මීටර් තුනහමාරක් අවශ්‍ය වේ. ඒ හැට්ටය සඳහා මීටර් එකක් සහ සාය සඳහා මීටර් දෙකහමාරක්වන ලෙසය. ඊට අමතර සාය සඳහා තවත් සෙටින් මීටර් එකක් යොදා ගෙන තිබේ.

නිරූපණය - ක්‍රිෂ්ණි
ඡායාරූප - තුෂාර අතපත්තු
සටහන - උත්පලා සුභාෂිනී ජයසේකර

ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල දෙව්මිනි ඩේ්‍රස් මේකර්ස්හි ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
අචලා නිරෝෂිනී විජේතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.