Coss Ear2
lakbima.lk
COSS Ear 1

විලාසිතා කරන තරුණියන් විදියට ඔබ විලාසිතා ගැන දැනගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වගේම ඔබ විලාසිතා කරද්දී දැන හෝ නොදැන කරන වැරදිත් ගොඩක් තිබෙනවා. මේ කියන්න යන්නෙ ඔබ විලාසිතාවලදි කරන වැරදි කීපයක් ගැනයි.
 
වර්ණ ගැලපීම
 
අපි හැමෝම කැමතියි එකිනෙකට ගැලපෙන ඇඳුම් අඳින්න. ඒ කියන්නෙ මැච් වෙන්න අඳින්න කැමතියි. නමුත් මැච් වෙන්න අඳිනවා කියලා කියන්නේ පාට විතරක් ගලපලා ඇඳුම් තෝරා ගන්න එක නෙවෙයි. අපි උදාහරණයක් විදියට මෙහෙම හිතමු. කහ පාට ඉරි බ්ලවුස් එකක් තියෙනවා. ඒකට මැච් වෙන්න අපි කහ පාට සායක් තෝරා ගන්නවා.
එතකොට පාටට අනුව නම් බ්ලවුස් එකයි සායයි ගැලපෙනවා. නමුත් මෙහෙම හිතන්න. අපි තෝරා ගන්නා සාය කහ පාට  මල් තියෙන සායක්. 
එතකොට බ්ලවුස් එක කහ පාට ඉරි. සාය කහ පාට මල්. ඔබට හිතෙයි ඉරි සහ මල් වුණාට මොකද පාට ගැලපෙනවා නම් කියලා. නමුත් මෙතනදි පාට ගැන විතරක් හිතලා හරි යන්නෙ නැහැ. අනිවාර්යයෙන්ම මෝස්තරය ගැනත් හිතන්න  ඕනෙ. එක්කො ඔබ සාය තෝරා ගන්න  ඕනෙ කහ පාට ඉරිවලින්මයි. නැත්නම් තනි කහ පාට තෝරා ගන්න  ඕනෙ. නැත්නම් ඒ දෙක ඇන්දාම කිසිම ගැලපීමක් නැති ඇඳුමක් විදියට පෙනෙන්න ගනීවි.
 
ආභරණ ගැලපීම
 
ඇඳුම් වගේම අපි ආභරණ පළඳින්නෙත් හොඳින් ගැළපෙන විදියටයි. රත්තරන් මාලයක් පළඳිනවා නම් වළලූ, මුදු, කරාබු ආදී සියල්ලම රත්තරන් පැහැයෙන් තෝරා ගන්නවා. ඒ වගේම රිදී ආභරණ පළඳිනවා නම් සියලූම දේ රිදී පැහැයෙන්ම තෝරා ගන්නවා. නමුත් ඔබ කවදා හෝ දවසක රත්තරන් සහ රිදී පැහැයන් මිශ‍්‍ර කරලා පළඳලා තිබෙනවාද? අපි හිතන්නෙ ආභරණ පළඳින්න  ඕනෙ එකම පැහැයෙන් කියලයි. නමුත් ඒක වැරදි අදහසක්. ඔබ දවසක රන් පැහැයෙන්, රිදී පැහැයෙන් හෝ ලෝකඩ දුඹුරු පැහැයෙන් ඇති ආභරණ කීපයක් පැළඳ බලන්න. ඒවා ඉතාම හොඳින් එකිනෙක ගැළපෙන බව ඔබටම දකින්න ලැබේවි.
 
ඇඳුම් ගැලපීම
 
ඔබ වර්ණවත් ටී ෂර්ට් එකක් අඳින්න තෝරා ගන්නේ සායක් ද නැත්නම් ජීන්ස් එකක් ද? ජීන්ස් අඳින්න වැඩිපුර කැමති නැති ගැහැණු ළමයි වර්ණවත් ටී ෂර්ට්වලට සාය අඳින අවස්ථා තිබෙනවා. නමුත් කවදාවත්ම කැෂුවල් ටී ෂර්ට්වලට සාය අඳින්න එපා. කැෂුවල් ටී ෂර්ට්වලට ජීන්ස් ඇන්දම පිළිවෙලක් තියෙන බවක් පෙනෙනවා. නමුත් සාය ඇන්දාම ඒ පිළිවෙල බව ඔබ වෙතින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා සායක් අඳිනවා නම් ටී ෂර්ට් එකක් වෙනුවට නෝමල් බ්ලවුස් එකක් අඳින්න.
 
සපත්තු ගැලපීම
 
ඩෙනිම් ජීන්ස් ඇඳලා උස අඩි තියෙන සපත්තු දැමීම ගැන ඔබ මීට කලින් කල්පනා කරලා තියෙනවද? ඔබ සාමාන්‍ය මට්ටමට වඩා මිටි තරුණියක් නම් අනිවාර්යයෙන්ම ඔබත් ඩෙනිම් ජීන්ස් ඇඳලා උස අඩි තියෙන සපත්තු පළඳිනවා ඇති. නමුත් ඔබ දන්නවද උස අඩි තියෙන සපත්තු ගැළපෙන්නෙ ගවුම් හෝ සායවලට විතරයි. ඩෙනිම් ජීන්ස් කියන්නෙ කැෂුවල් ඇඳුමක් විදියට පිළිගන්නා එකක්. නමුත් අඩි උස සපත්තු කැෂුවල් වෙයාර් එකක් නෙවෙයි. ඒ නිසා කවදාවත් ඩෙනිම් හෝ ජීන්ස්වලට අඩි උසට තිබෙන සපත්තු පළඳින්න එපා. ඔබ මිටි කෙනෙක් නම්, ඩෙනිම් ජීන්ස් එකක් ඇඳලා අඩි උස සපත්තු පළඳිනවා වෙනුවට ඔබට පුළුවන් සම්පූර්ණ අඩියම උසට තිබෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන ඩෙක් වර්ගයේ සපත්තු පළඳින්න. ඩෙක් වර්ගයේ සපත්තු ඩෙනිම් ජීන්ස්වලට ඉතාම හොඳින් ගැළපෙනවා.
 
අනිකුත් පැළඳුම් ගැලපීම
 
ඔබ කැෂුවල් ඇඳුම් ඇඳලා ගෝල්ඞ් හෝ සිල්වර් බෙල්ට් තියෙන අත් ඔර්ලෝසු පළඳින කෙනෙක් වෙන්න ඇති. එහෙනම් අද සිට එය කරන්න එපා. කලින් කිව්වා වගේ ගෝල්ඞ්, සිල්වර් අත් ඔර්ලෝසු කියන්නෙ කැෂුවල් වෙයාර් එකක් නෙවෙයි.
ඒ නිසා කැෂුවල් ඇඳුම්වලට ඒ වගේ අත් ඔර්ලෝසු ගැළපෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඔබට පුළුවන් ස්පෝර්ට්ස් වර්ගයේ කාන්තා අත් ඔර්ලෝසුවක් පළඳින්න. ස්පෝර්ට්ස් වර්ගයේ අත් ඔර්ලෝසු කියලා කියන්නේ ප‍්‍රමාණයෙන් විශාල මුහුණතක් සහිත, සම් හෝ ප්ලාස්ටික් පටි ඇති ඔර්ලෝසුවලට. ඒ ඉතින් අදින් පස්සෙ නොගැළපෙන ඇඳුම් සහ පැළඳුම් පාවිච්චි කරන්න කලින් මේ කරුණු ගැනත් ටිකක් හිතලා බලන්න.
 
 ප‍්‍රතිභා රත්නසූරිය

මෙම ඇඳුම් නිර්මාණ බැලු බැල්මට සරලව පෙනුනත් මසා නිම කර ගැනීම එක්තරා නිර්මාණාත්මක අභියෝගයකි. මේ සඳහා වර්ණයන්ගේ විවිධ ලක්ෂණයන් පිළිබඳ අවබෝධය වැදගත් වේ. එමෙන්ම වර්ණයන්ගේ දැඩි බව සහ මෘදු බව මේ අතරින් සැළකිය යුතු කරුණකි. බොහෝ විට විශාල මල් සහිත මුද්‍රිත රෙදි වර්ග මේ සඳහා හොඳින් ගැළපෙන බව කිව යුතුය. 
වර්තමානයේ මෙවැනි විලාසිතා සඳහා වැඩි නැඹුරුවක් ඇති බව වෙළෙඳපළේ ඇති ඇඳුම් නිර්මාණ තුළින් අවබෝධ කරගත හැක. ඇඳුම් නිර්මාණයක් සඳහා යම් මුද්‍රිත රෙදි වර්ගයක් යොදා ගැනීමේදී එක් වර්ණයක් මූලික කොටගෙන අනෙකුත්  වරණ සංකලනය වී ඇති රෙදි වර්ග යොදාගත හැකි බව ඉදිරිපත් කර ඇති මෝස්තර තුළින් වටහා ගත හැකි වනු ඇත. මේ සඳහා දීප්තියෙන් වැඩි වර්ණ ආදේශ කර ගැනීම තුළින් ඇඳුම් නිර්මාණයට    වැඩි වටිනාකමක් එක් කරගත හැක. උදෑසන මෙන්ම සවස් කාලයේ ගමන්බිමන් සඳහාත් මෙවැනි විලාසිතාවන්ගෙන් හැඩවිය හැකිය.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

උත්සව අවස්ථාවකට ඔබින මෙම සාරි හැට්ටය ළාබාල යුවතියකට වඩාත් හොඳින් ගැළපේ. අත් රහිතව එක් උරහිසක් පමණක් යොදා ඇති හැට්ටයට වෙනස්ම ආකාරයට නෙට් රෙද්දෙන් ෆ්‍රිල් දෙකක් යොදා තිබේ. මෙම සාරි හැට්ටයේ ඇති විශේෂත්වය එයයි.
ගෝල්ඩ් කලර් හැට්ටය බ්‍රොකේඩ් රෙද්දෙන් මැසූවකි. තනි පැහැ සාරියකින් සැරසෙන විටදී බිඩ්ස් හෝ වෙනත් විසිතුරු දේ එකතු කරමින් හැට්ටය තවත් අලංකාර කර ගැනීමටද හැකියාව තිබේ. 
 
ඇඳුම් නිර්මාණය පිටකෝට්ටේ බැද්දගානේ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී සන්ධ්‍යා විජේවර්ධන 
 
නිරූපණය - නෙත්මි 
හැඩගැන්වීම - නිලන්ති කොඩිතුවක්කු 
ඡායාරූප - තුෂාර අතපත්තු 
සටහන - උත්පලා සුභාෂිනී ජයසේකර 

උත්සව අවස්ථාවකට සුදුසු ආකාරයට නිමවා ඇති මෙම ගවුම් දෙකම ඕෆ් ෂෝලඩර්ස් යොදා නවතම විලාසිතාවට අනුව මසා තිබේ. ඉන් මුද්‍රිත රෙද්දෙන් මසා ඇති ගවුමට බොක්ස් ප්ලිට් යොදා සාය කොටස නිමවා තිබේ.
ඉන් පීච් පැහැති ගවුමේ ෆ්ලෙයාඩ් සායට බක්‍රම් එකක් යොදා ඇත්තේ උත්සව අවස්ථාවකට වඩාත්  උචිතවන ආකාරයටයි. ගවුමේ එක් පැත්තකට විහිදී යන ආකාරයට  මසා ඇති කළු පැහැති මල් ජිපියෝ ‍ලේස් රෙද්දකින් කපා වෙන් කරගත් මල් සමූහයකි.  මේ ආකාරයේ ගවුමක් බක්‍රම් එකක් යොදන්නේ නැතිව මසාගත් විටදී එය ඔබට සාමාන්‍ය ගමනකට වුවද ඇඳිය හැකිය.
ඔබ කැමති රෙද්දකින්  යාර තුනක් ඔබට මේ ආකාරයේ ගවුමක් මසා ගන්නට ප්‍රමාණවත්ය. උත්සව අවස්ථාවකට උචිතවනසේ වැඩි විසිතුරු  බවක් එකතු කරමින් හෝ එසේ නැතිව සාමාන්‍ය ගවුමක් ආකාරයට වුවද මෙම ගවුම් විලාසිතාව ඔබට වෙනස් කරමින් මසා ගත හැකිය.
මෝස්තර නිර්මාණය- පිටකෝට්ටේ බැද්දගානේ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී සන්ධ්‍යා විජේවර්ධන 
නිරූපණය - උමන්දි
ඡායාරූප - තුෂාර අතපත්තු
සටහන - උත්පලා සුභාෂිනි ජයසේකර

නවීන ආකාරයට නිර්මාණය කරන ලද සාරි හැට්ට විලාසිතා මෙවර ඔබට ඉදිරිපත් කර ඇත. මෙවැනි නිර්මාණ වඩාත් උචිත වන්නේ තරුණියන් සඳහා වන අතර මැදි වයසේ පසුවන අය සඳහාද යම් යම් සුළු වෙනස්කම්වලට භාජනය කර නිර්මාණය කර ගත හැක. මෙවැනි නිර්මාණයක් සමග සාරියක් සකසා ගැනීමේදී වැඩි විසිතුරු බවින් යුතු සාරි අවශ්‍ය නොවේ. මෙවැනි  සාරි හැට්ට විලාසිතා සමග   එක් සාරියක්  නොව සාරි කීපයක් වුවද අවස්ථානුකූලව ගළපා ගත හැකිය. එමගින්  ආර්ථික වාසියක්ද සැලසේ. කාලයත් සමග වෙනස්වන මෝස්තර නිර්මාණ ලෝකයේ ඉදිරියෙන්ම ඇති නවීන විලාසිතා කීපයක් වේ. ඉදිරි කලාප තුළින්ද මෙබඳු  නවීන මෝස්තර  කීපයක් ඔබට ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වෙමි. මෙවැනි මෝස්තර නිර්මාණ මසා නිමකර ගැනීම සඳහා පලපුරුදු අයෙකු දායක කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. නැතහොත් සිරුරේ ප්‍රමාණයටම මසා ගත යුතු මෙවැනි හැට්ට සඳහා  බාහිරෙන් අලංකාරයක් සඳහා  එක් කරන දෑ පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. එනම් පබළු ඇල්ලීම/ එම්බ්‍රොයිඩර් මෝස්තර යෙදීම වැනි  දේ නිර්මාණයට  කල්පනාකාරීව එක්කර ගත යුතුය. අනවශ්‍ය පරිදි විසිතුරු දෑ එක්කර ගත හොත්  නිර්මාණයට  හානිදායක විය හැකිය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී
වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Page 1 of 2

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 914

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1698

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2819

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4044

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5018

Please publish modules in offcanvas position.