Coss Ear2
lakbima.lk
COSS Ear 1

ළඟ එන නත්තල් උත්සව සමයට විලාසිතා

නත්තල් උත්සව සමයේ විවිධ විලාසිතා අනුගමනය කරමින් මිල අධික ඇඳුම්වලින් සැරසෙන්නට තරුණියන් කැමතියි. ක්‍රිස්ටල් , ‍ලේස් වර්ග ආදියෙන් හැඩ ගැන්වුණු ඉතා අලංකාර මෝස්තර නිර්මාණ කිහිපයක් අද ඔබට ඉදිරිපත් කරන්නේ නත්තල් උත්සව සමයට මෙබඳු ඇඳුම්වලට ඉහළ ඉල්ලුමක් තිබෙන නිසාය.
වෙළෙඳ‍පොළේ   නිතර දකින උත්සව  ඇඳුම් විලාසිතා අතරත්  මෙවැනි ඒවා දුලබය. එයට හේතුව ඉතා සුන්දර නිර්මාණ ශිල්පීන් අතින්  බිහි කරනු ලබන මෙබඳු විලාසිතා නිර්මාණ සීමා සහිත වන බැවිනි. ඒ මේවා ඉතා සියුම්ව, කල්පනාකාරීව, වැඩි කාලයක් ශ්‍රමයක් වැය කොට නිර්මාණය කළ යුතු වන හෙයිනි. ඒ නිසාම මෙවැනි විලාසිතා විශාල මිල ගණන් යටතේ අලෙවි වන අවස්ථාද ඇත. 
නත්තල් උත්සව සමයේ තමන් කැමති අයුරින් වර්ණ තීරණය කර මෙවැනි විලාසිතා නිර්මාණය කර ගැනීමට උනන්දු වන අතරේ එය තම සිරුරේ හැඩයට කොතරම් දුරට  ගැළපේද යන්න ගැනත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.  තමන්ගේ සිරුරේ හැඩයට සරිලන ලෙස ඇඳුම් නිර්මාණයක් කර ගැනීම විශේෂයෙන් ත්‍රිමාණ ලක්ෂණ මතුවන පරිදි මෝස්තරය නිර්මාණය කිරීමට දක්ෂ ශිල්පියකුට කළ හැකි කාර්යයකි.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින්හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.