Coss Ear2
lakbima.lk
COSS Ear 1

යුවතියන්ට සාදවලට සුදුසු විලාසිතා

සාදයක් සඳහා ආරාධනාවක් ලැබුණු විට යුවතියන්ට ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ඊට සුදුසු ඇඳුම්  මෝස්තරයක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. මෙවැනි අවස්ථාවන්හිදී ඕනෑම යුවතියක් කැමැති වන්නේ දුර්ලභ ආකාරයේ මෝස්තර නිර්මාණයක් සිදුකර ගැනීමයි. සුදුසු මෝස්තරයක් සකසා ගත හැකි වුවත් සකසා ගත් මෝස්තර නිර්මාණය ක්‍රමවත්ව මසා නිම කර ගැනීමට ඇති නොහැකියාව නිසා බොහෝ  දෙනෙකුට ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මෙවැනි අවස්ථාවන්හිදී ඔවුනට එය වෙනත් අයෙකු ලවා මසා ගැනීමට හෝ වෙළෙඳ‍පොළේ ඇති ඇඳුම් නිර්මාණයක් මිලදී ගැනීමට සිදුවනු ඇත.  එබැවින් මෙවර ඔබට එවැනි අවස්ථාවකදී පහසුවෙන් නිර්මාණයන් සිදු කර ගන්නේ කෙසේද යන්න ගැන දළ  අදහසක් ගැනීම පිණිස මෝස්තර නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත.
මෙවැනි අවස්ථාවලදී, උත්සවය පැවැත්වෙන වේලාව පිළිබඳවද,  එය කුමන ආකාරයේ උත්සව අවස්ථාවක්ද යන්න පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එමෙන්ම  තමන්ට සුදුසු වර්ණ සහ  විලාසිතාවද කල්පනාකාරීව තෝරා බේරා ගත යුතුය. කාලයෙන් කාලයට අලුත්වන සෑම මෝස්තරයක්ම සෑම යුවතියකටම සුදුසු නොවේ. ඒ අතරින් තමන්ට ගැළපෙන නිර්මාණ තෝරා ගැනීම වැදගත්ය.

ඉදිරිපත් කිරීම - හොරණ
ශ්‍රීලිය ඩිසයින්ස් හි ප්‍රවීණ
මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනි වගීෂා අබේසිංහ   

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.