Coss Ear2
lakbima.lk
COSS Ear 1

මනාලියන්ගේ නික්ම යන ගමනට ගවුම් විලාසිතා

මෙය මංගල උත්සව බහුල මාසයයි. මනාලියන් තම පිටත්ව යාමේ ගමන සඳහා (going away) වෙනස් ඇඳුම් ආයිත්තම් වලින් සැරසීමට වැඩි කැමැත්තක් දක්වනු ඇත. නමුත් ඒ සඳහා ඇඳුමක් නිර්මාණය කර ගන්නේ කෙසේද? ඒ සඳහා කොපමණ මුදලක් වැය වන්නේද? යන කරුණු ඉදිරියේ ඔවුනට ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. ඒ සඳහා යම් අදහසක් ලබා ගැනීම පිණිස මෙම ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. බොහෝ විට විදේශ රටවලින් ගෙන්වන ගවුම් මේ සඳහා මිලදී ගනු ලැබූවත්, ඒවා ඉතාම මිල අධික බැවින් මේවා මිලදීගත හැකි වන්නේ සීමිත පිරිසකටය. එවැනි නිර්මාණ තමන්ට දැරිය හැකි මූල්‍ය වටිනාකමකට සරිලන ආකාරයට මෙහි ඉදිරිපත් කර ඇති මෝස්තර තුළින් ඔබට අදහසක් ලබාගත හැකිය. එමෙන්ම මේ සඳහා යොදා ඇති ‍ලේස් වර්ග, ක්‍රිස්ටල් වර්ග, නෙට් වර්ග ආදිය සාමාන්‍ය ඒවා භාවිතා කර වැය වන මිල අවම කර ගැනීමට පුළුවන. මෙවැනි ඇඳුම් නිර්මාණ තෝරා ගැනීමේදි ඒවා තමන් සඳහා කොතරම් දුරට ගැළපේද යන්න පිළිබඳව සැළකිලිමත් විය යුතුය. එය උත්සවය පැවැත්වෙන අවස්ථාව අනුව සහ තමන් කෙතරම් වර්ණ පරාසයක් තුළ ඇඳුම් නිර්මාණය කරන්නේද යන කරුණු පිළිබඳව සලකා තීරණය කළ යුතුවේ. 
මෙවැනි ඇඳුම් මෝස්තරයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාණ කරුවකුට භාරදීමේදී නිර්මාණ කරුවා සතු ශිල්පීය දක්ෂතාවය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. නැතහොත් ඔබගේ මේ සඳහා යොදවන මූල්‍ය පිරිවැය අපතේ යා හැකි බැවිනි. ඕනෑම ඇඳුම් නිර්මාණයක් තමන්ගේ ඇඳුම් නිර්මාණයට ආදේශ කර ගැනීමේදී එය තමන්ගේ සිරුරේ හැඩයට, වර්ණයට කෙසේ ගැළපෙන්නේදැයි සංසන්දනාත්මකව සිතා බලා සිදුකිරීමද අත්‍යවශ්‍ය කරුණකි.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.