Coss Ear2
lakbima.lk
COSS Ear 1

යුවතියන්ට විවිධ අවස්ථාවන්ට ගවුම්

මෙම ඇඳුම් ඉතාම චාම් මෝස්තරවලින් යුතුයි. නමුත් මෙබඳු ඇඳුම් විවිධ විශේෂ අවස්ථාවන්ට ගැළපෙන පරිදි යොදා ගත්විට කැපී පෙනෙන වෙනසක් දිස් වෙනවා. විශේෂයෙන් මෙම යුවතිය එම ඇඳුම් සමග ගැළපෙන ලෙස පැලඳ සිටින බූට්ස් නිසා දිස්වන්නේ නැවුම් විශේෂත්වයකි. 
 
1. මෙය වෘත්තීය මට්ටමේ විවිධ විශේෂ අවස්ථාවන්ට (Professional functions) ගැළපෙන ගවුමක්. ඒ සමග පැලඳ සිටින බූට්ස් යුවළ නී බූට්ස් (Knee Boots) යනුවෙන් හඳුන්වන සපත්තු වර්ගයට අයත් එකක්. එය උස් අඩි සහිතයි. ඇඳුමට කැපී පෙනෙන බවක් බූට්ස් යුවළ මගින් ලැබි තිබෙනවා. 
2. මෙය උපන්දින සාද, නත්තල් සාද වැනි සාදවලට ගැළපෙන චාම් ගවුමක්. එයටද තරමක් උස අඩි සහිත බූට්ස් යුවළක් පැලඳ තිබෙනවා. 
3. සාදයකට සේම සාමාන්‍ය ගමනකටද සුදුසු ගවුමක් ප්ලැට් නී බූට්ස් යුවළක් මේ සමග පැලඳ සිටිනවා. 
 
4. චාම් ගවුමක් උදය කාලයේ උත්සවයකට සුදුසුයි. ඇන්කල් බූට්ස් යුවළක් ගවුම සමග පැලඳ තිබෙනවා. 
 
5. Smart casual ඇඳුමක්. ආයතනික රැස්වීම් ආදියට ඇඳිය හැකි කැපී පෙනන ඇඳුමක්. හතරැස් උස් අඩි සහිත බූට්ස් යුවළක් මේ ඇඳුම සමග පැලඳ සිටිනවා. 
 
හැඩගැන්වීම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී - කල්පනී පතිනායක 
 
නිරූපණය - මිෂෙල්
 
සටහන - උත්පලා සුභාෂිනී
 
ඡායාරූප - ජානක කඳනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.