Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාවිච්චි කළ සාරියකින් නිමකළ ලෙහන්ගා විලාසිතාවක්

උත්සව සඳහා මිලදීගත් සාරියක් නැවත නැවත අඳින්නට  හැකියාවක් නැත. එහෙත් එබඳු වටිනා සාරි නිකරුණේ ඉවත දමන්නටද නොහැකිය. එබඳු විටෙක එම සාරිය වෙනස්ම ආකාරයකට නැවත නිර්මාණය කරගත හැකිනම් අලුතින් මිලට ගත් ඇඳුමක් ආකාරයට තවත් උත්සවයකට අඳින්නට හැකිය. මේ ඒ ආකාරයට සාරියකින් නිර්මාණය කර ගත් ලෙහන්ගා විලාසිතාවකි. සාරියේ හෙඩ්පීස් කොටස යොදා ගනිමින් ජැකට් එක අත් රහිතව නිර්මාණය කර තිබේ. සාරියේ ඉතිරි කොටසින් සාය කොටස ෆ්ලෙයාර්ඩ් ආකාරයට නිර්මාණය කර ඇත. ‍පොප්ලින් රෙද්දෙන්  ඊට ලයිනින් යොදා ඇත. සාරියේම බෝඩරය ගලවා සාය තැනින් තැනට ඇල්ලීම නිසා සායට වැඩි විසිතුරු බවක් එකතු වී තිබේ. යාර 2 1/2ක පමණ නෙට් රෙද්දකින් ෂෝල්  එක නිර්මාණය කර ඊටද සාරියේම ආකාරයේ බෝඩර් යොදා තිබේ. වෙනස් මෝස්තරයේ ජැකට් කිහිපයක් මසා ගත් විට එකම ලෙහන්ගා විලාසිතාව තවත් උත්සව දෙක තුනකට වුවද පිරිමසා ගත  හැකිය.

නිර්මාණය

ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල දෙව්මි ඩේ‍රස් මේකර්ස්හි ප්‍රවීණ
ඇඳුම් නිර්මාණ ශිල්පිනී
අචලා නිරෝෂිනී විජේතුංග

නිරූපණය - ක්‍රිෂ්ණි සුභාෂිනී
ඡායාරූප  - තුෂාර අතපත්තු
සටහන    - උත්පලා සුභාෂිනී ජයසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.