Coss Ear2
lakbima.lk
COSS Ear 1

කාර්යාලයට අඳින්නට නවතම මෝස්තරවල සාරි හැට්ට

පසුගිය සතියේදී කාර්යාලයට ඇඳිය හැකි ගවුම් මෝස්තර නිර්මාණ ඔබ වෙත ගෙන ආ බැවින් මෙම සතියේදී කාර්යාලයට සාරියකින් හැඩවෙන කාන්තාවන්ට වෙනස් ආකාරයේ සාරි හැට්ට මෝස්තර කීපයක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. 
බොහෝ විට කාර්යාලයට සාරියක් අඳින අවස්ථාවකදී සාරි හැට්ටය එකම ආකාරයට මසා නිමකර ගැනීම වැඩි දෙනෙකු අතින් සිදුවේ. මෙය හුදෙක් එකිනෙකාගේ කැමැත්ත අනුව නිර්මාණය කරන අවස්ථා ඉතා අඩුය. බොහෝ විට ඒකාකාරී රටාවකටම මසා ගැනීමට කාන්තාවෝ හුරු වී සිටිති. නමුත් එකිනෙකට වෙනස් සිතුවිලි සමග උත්පාදනය වන නිර්මාණ රටාවන් කොතෙකුත් ඇතත් ඒවා තමන්ට ඕනෑ ආකාරයට සකසා ගැනීමේ ගැටලු පවතී. එයට ප්‍රධාන හේතුව තමන්ට ඇඳුම් කපා මසා ගැනීමට නොහැකි වීමයි. එවිට එය යම් නිර්මාණකරුවකු ලවා සිදු කර ගත යුතු බැවිනි. 
මෙවර කලාපය තුළින් ඔබට ඉදිරිපත් කර ඇත්තේද ඒකාකාරී බවින් මිදුණු ඉතාම සියුම් නිර්මාණ රටාවන්ගෙන් නිමැවුණු සාරි හැට්ට මෝස්තර කීපයකි. මෙම මෝස්තර නිර්මාණ ඉන්දියන් ආකාරයට සාරියකින් හැඩවෙන කාන්තාවන් සඳහා සුදුසුවේ. බැලු බැල්මට මෙය මසා නිමකර ගැනීම ඉතා අසීරු කටයුත්තක් සේ පෙනුණත් එය එතරම් අසීරු නොවේ. තනි වර්ණයකින් යුතු හෝ යම් මුද්‍රිත මෝස්තරයක් ඇති සාරියක් සමග ගලපා ගත හැකි ආකාරයට මෙම නිර්මාණ වෙනස්කම් වලට භාජනය කළ හැක. නමුත් අසාමාන්‍ය ලෙස කැපී පෙනෙන වර්ණ හෝ මුද්‍රිත රටාවන් මෙසේ මිශ්‍රකර  මසා ගැනීම නොකළ යුතුයි. තෝරා ගනු ලබන මෝස්තරය සැබෑ ගුණාත්මක ස්වරූපය රැකෙන ලෙස සාරි හැට්ටය නිර්මාණය කළ යුතුවේ.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.