Coss Ear2
lakbima.lk
COSS Ear 1

මිනිස් පවු‍ලේ සාමාජිකයන් අතර බොහෝ සමානකම් තිබේ. අපි සියලුදෙනාම ලෝකයට බිහිවන්නේ එකම භෞතික ෙජෙව විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසය. මානව පවු‍ලේ සමානතා ඇති ලෙසම මානව පවුල බෙදන අසමානතා රාශියක්ද තිබේ. අසමානතා සම්පිණ්ඩනය කළහොත් මිනිසා භාෂාව, ආගම, අනුව කණ්ඩායම් ගතවේ. සමේ වර්ණය අනුව, ශරීරයේ භෞතික හැඩ අනුව  වෙනස් වේ. ගෝත්‍ර වශයෙන්, සංස්කෘතිය හා සංස්කෘතික චර්යාවන් අනුවද වෙනස්වේ. එකම භාෂාව කතාකරන ජනතාව අතරද සංස්කෘතික චර්යාවන් අතර වෙනස්කම් ඇතිවේ. වාර්ගික විවිධත්වය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. වාර්ගික විවිධත්වය ස්වාභාවික ප්‍රපංචයකි. මෙය බලහත්කාරයෙන් ඇති කිරීමට හෝ බලහත්කාරයෙන් නැති කිරීමට නොහැකිය. 
ලෝකයේ සෑම රටකම වාර්ගික විවිධත්වය යම් යම් ප්‍රමාණයෙන් දැකිය හැකිය. සමහර රටක වාර්ගික විවිධත්වය ඉතාම තුනීය. මාලදිවයිනේ හාර ලක්ෂයක් වන ජනගහනයෙන් සියයට සියයක්ම සුන්නි මුස්ලිම් ආගම අදහයි. දිවෙහි නම් භාෂාව සියල්ලෝම කතා කරති. එහෙත් ලංකාවේ  සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැ‍ලේ වශයෙන්  ජන කණ්ඩායම් පහක් දැකිය හැකිය. ඉන්දියාව රුසියාව, නයිජීරියාව, බ්‍රසීලය වැනි රටවල ඉතා ඉහළ වාර්ගික විවිධත්වයක් දැකිය හැකිය. නයිජීරියාවේ ජන වර්ග තුන්සියයක් පමණ ජීවත් වෙති. එවැනි විවිධත්වයක් පවතින සමාජයකම ප්‍රමාණයෙන් කුඩා වූ කණ්ඩායම් එක්වී තමන්ගේ වුවමනා වෙනුවෙන් පෙනී සිටී. ඔවුන්ට බහුතර කණ්ඩායම්වලින් අතවර වන විට ඊට එරෙහිව නැගී සිටීම වැළැක්විය නොහැකිය. පැරණි සමාජයේදී මෙම කුඩා කණ්ඩායම් අසරණව සිටියත් ලෝකයේ මෑත කාලීනව සිදුවූ වෙනස්කම් නිසා කුඩා කණ්ඩායම් එවැනි අසාධාරණවන විට එක්වීත් සෙසු කණ්ඩායම්වල සහාය ලැබිමත් දක්නට ලැබෙයි. 
දකුණු අප්‍රිකාවේ දීර්ඝ කාලයක් වර්ග භේදවාදය ආයතනගතව තිබුණේය. කළු සමක් ඇති අය පහත් ජම්මයක් ඇති අයය, ඔවුන් සුදු සමක් ඇති අයට වඩා පහත් කොට සැලකිය යුතු බව සඳහන් විය. සමහර රාජ්‍ය ආයතනවල පවා, ආපනශාලාවල දැන්වීමක් සවිකර තිබුණේය. එම දැන්වීම්වල  කළු  මිනිසුන්ට අනතුරු අඟවමින් කියා තිබුණේ  මේ පරිශ්‍රයට අවසරයකින් තොරව පැමිණියහොත් වෙඩි තබා සිරුර දඩ බල්ලන්ගේ ආහාරයට විසි කරන බවය.  නමුත් මෙහි ඇති සංකීර්ණතා තේරුම්ගත යුතුය. වත්මන්  අවධියේ කිසියම් සමාජයක වාර්ගික විවිධත්වය නිසා ඇතිවන ගැටුම් හා මතභේද නිවැරදිව හඳුනාගෙන සාධාරණ රාමුවක් තුළ කළමනාකරණය කිරීමට බලධාරීන් අසමත් වන්නේ නම් එවැනි රටවල බියකරු ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය හැකිය.
රුවන්ඩාවේ ශිෂ්ටත්වයට නොගැළපෙන ඝාතන සිදුවිය. 1994 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස පහ තුළ අට ලක්ෂයක් දෙනා ඝාතනයට ලක්විය. මෙවැනි රටවල් තුළ ඇති වෙනස්කම් බල ව්‍යාපෘති ඇති අය තමන්ට සමාජයේ බලයක් ලබාගැනීමට වෙනස්කම් ප්‍රයෝජනයට ගනිති. තමන්ට බලය ලබාගැනීම සඳහා එවැනි අවස්ථාවලදී ගැටුම් ඇතිකරති. අපේ රටේ තිබූ අවි ගැටුම විවිධ නම්වලින් හැඳින්වූවේය. ගැටුමේ පාර්ශ්වකරුවන් ලංකාවට නිදහස ලැබිමෙන් පසුව පාලනය ලබාගත් සිංහල බහුතරයක් සහිත ආණ්ඩු දෙමළ ජනතාවට වෙනස්කම් කළේය, එම වෙනස්කම්වලට එරෙහි විරෝධය ප්‍රචණ්ඩත්වයෙන් යට  කිරීම නිසා ගැටුම් ඇතිවූ බවට අර්ථකථන විය. එහි ඇත්තේ අර්ධ සත්‍යයකි. බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කළේ බෙදා වෙන් කොටය. ඔවුන් එහිදී සුළුතර ජන කණ්ඩායම්වලට විශේෂ සහන හා වරප්‍රසාද ලබාදුන්නේය. ඒ බහුතරය හා සුළුතරය අතර ගැටුම් ඇති කිරීමටය. අපිට නිදහස ලැබිමට ආසන්න කාලයේදී ඇතිවූ දෙමළ ප්‍රභූ පන්තිය තමන්ට වෙනම පාලනය අවශ්‍ය බව දැනුම් දුන්නේය. එම මතය පසුකාලීනව බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ලෙස ව්‍යාප්ත විය. 
වත්මන් ලෝක රටාවේ අධිපති රටවල් සෙසු රටවල් ඇතුළේ ඇති ගැටුම්වලට අත ‍පොවන්නට වූහ. ඒ තමන්ගේ බලය රැක ගැනීමේ උපායක් ලෙසය. අපේ සමාජයේ බුද්ධිමතුන් යැයි පවසන අය පවා මේ කටුක සත්‍ය විශ්වාස කරන්නේ නැත. 15 වැනි සියවසේදී ඇතිකරගත් අධිරාජ්‍ය විසි වැනි සියවසේදී බිඳ වැටුණත් පැරණි අධිරාජ්‍ය රටවල් අලුතින් ධනවත් වූ රටවල් සමග එක්වී වක්‍ර මාර්ගවලින් අනෙක් රටවල් තමන්ගේ අණසක යටතේ තබාගැනීමට උත්සාහ කරති. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන එක් මාර්ගයක් වන්නේ පවතින ගැටුම් උත්සන්න කිරීම හෝ අලුතින් ගැටුම් නිර්මාණය කිරීමය. විසි වැනි සියවසේදී සුළු ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් ගැන ගෝලීය පරිමාවේ සාකච්ඡාවක් ඇතිවිය. මේ පසුබිම සුළු ජන කොටස් තමන්ගේ බල ව්‍යාපෘතියේ කොටසක් ලෙස යොදා ගැනීමට එම රටවල් කටයුතු කරයි. 
සුළු ජනතාවගේ අයිතිවාසිකම් ඉටු කළ යුතු නමුත් සුළු ජන කොටස් අතරින් අසාධාරණ ඉල්ලීම් මතුවෙයි. මියන්මාරයේ රොහින්ගියා ප්‍රශ්නය මෑත කාලයේදී දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි. මෙතැන මූලික පැති දෙකක් තිබේ. රොහින්ගියාවරුන් පීඩනයට ලක්වෙති. පහරකෑමට ලක්වෙති.  දූෂණයට ලක්වෙති. මේ නිසාම ඔවුහු රටින් පැන යති. රොහින්ගියා ජනතාව මියන්මාරයට ප්‍රශ්නයකි. මේ ජනකොටස මියන්මාරයට බලහත්කාරයෙන් රැගෙන එන්නේ ඉංග්‍රීසීන්ය. රොහින්ගියා ජනතාව අතරින් රොහින්ගියා විමුක්ති පෙරමුණ නමින් සන්නද්ධ කණ්ඩායමක් බිහිවෙයි. ඔවුන් ජීවත්වන ප්‍රාන්තයේ වෙනම රාජ්‍යයක් ඇතිකරගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. මෙයට මියන්මාරය කැමැති වන්නේ නැත. බටහිර මාධ්‍ය මේ ගැන වැඩියෙන් වාර්තා කරන්නේ නැත.
මියන්මාරය නෑඹුල් සම්පත් ඇති රටකි. චීනය එහි සැලකිය යුතු බලයක් හිමිකරගෙන සිටින නිසා ඔවුන් පලවා හැරීමට ඇමෙරිකාව වැනි රටවලට අවශ්‍ය වෙයි. අසාධාරණ හා අයුක්ති සහගත ලෙස මැදිහත්වීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. මෙවැනි රටවල ඇතිවන ප්‍රශ්න සාධාරණ ලෙස විසඳාගැනීමට උදව් කරනවා වෙනුවට ඔවුන් කටයුතු කරන්නේ ඒවා අවුල් කර අසාධාරණ ලෙස විසඳීමටය. මෙය නූතනයේ ඇති බරපතළ ගැටුවකි
එල්.ටි.ටී.ඊ සංවිධානය 2009 වසරේදී විනාශ වුවත් 2012 වසරේදී මඩකලපුවේදී පැවැති ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දොළොස් වැනි මහා සමුළුවේදී අදහස් දැක්වූ වත්මන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කීවේ ගෝලීය තත්ත්වය නිසා අවි බලයෙන් දිනාගත් අරමුණු ජීවිත හානියකින් තොරව දිනාගැනීමට හැකි බවයි. මේ නිසා 2015  ජනාධිපතිවරණයේදී එම මතවාදය පිළිගත් අය එක පෙරමුණකට පැමිණියෝය. වාර්ගික විවිධත්වයක් ඇති රටක සෑම ජන කොටසක්ම එම වාර්ගික විවිධත්වය පිළිගනිති. බලහත්කාරයෙන් වාර්ගික විවිධත්වය නැති කිරීමට ගන්නා උත්සාහයන් අවසානයේදී නතර වන්නේ ‍ලේ වැගිරීම්වලිනි.  හිට්ලර් යුදෙව්වන් ඝාතනය කර විනාශ කිරීමට උත්සාහ ගත්තේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ලෝකයටම මහා විනාශයකි. 
සිංහල ජනතාව තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් දෙමළ හා මුස්ලිම් ජනතාවට ජීවත්වීමට අයිතියක් තිබෙනවාය, ඔවුන්ට ඔවුන්ගේ භාෂාව කතා කිරීමට අයිතියක් තිබේය යන්නයි. මේ රටේ බහුතරය සමග සහජීවනයෙන් ජීවත් විය යුතු බව සුළු ජාතීන්ද පිළිගත යුතුය. අපේ රටේ සිංහල අන්තවාදයක් මේ වන විට මතුවී තිබේ. ලංකාව යනු සිංහල කතා කරන බෞද්ධ බහුතරයක් ඇති රටකි. සංස්කෘතිය, සාහිත්‍ය නිර්මාණය වී ඇත්තේ බුද්ධාගම මුල් කරගෙන බවද අපි පිළිගත යුතුය. එම යථාර්ථය සුළු ජාතීන්ද තේරුම්ගත යුතුව තිබේ.
මෑත කාලයේදී සිංහල සමාජයේ අන්තවාදී අදහස් මතුවිය. මේ බුදුන්ගේ දේශය යැයි වාහනවල ප්‍රදර්ශනය කරමින් ගියේය. බුදුන් යනු සියල්ලම අත්හල අයෙකි. ඔහුට වෙනම දේශයක් තිබිය නොහැකිය. මෑත කාලයේදී මුස්ලිම් සමාජයේ සුළු කණ්ඩායමක් අන්තවාදී ප්‍රවණතාවයක් ප්‍රදර්ශනය කළේය. ජාතීන්ගේ වර්ගවල නමින් දේශපාලන පක්ෂ බිහිවිම එහි එක් ලක්ෂණයකි. ලංකාවේ ජාති ආගම්වලට වෙන්වූ පක්ෂ තිබිය යුත නැත. තිබිය යුත්තේ ජාතික පක්ෂයි. මෑත කාලයේදී මුස්ලිම් සමාජයේ පෙර නොවූ විරූ අන්තවාදී ලක්ෂණ පෙන්නුම් කළේය. සමාජයේ සුළු කොටසක් ලංකාවේ ෂරියා නීතියේ පාලනයට යට කළ යුතු බවට අදහස් දක්වති. ඔවුන්ට නොයෙක් මූලාශ්‍රවලින් අරමුදල් ලැබේ. මොවුන්ට අරමුදල් ලැබෙන්නේ තෙල් සම්පතින් ‍පොහොසත් අරාබි රටවලිනි. සෞදි අරාබිය, කටාර්, බහරේන් වැනි රටවල් අන්තවාදය ස්ථාපිත කිරීමට අරමුදල් ‍පොම්ප කරති. දේශපාලන නායකයන්, පූජකයන්, බුද්ධිමතුන් හා මාධ්‍යවේදීන් මෙය තේරුම් ගත යුතුය. වාර්ගික විවිධත්වය තේරුම් ගනිමින්, ශක්තිමත් ආර්ථිකයක්, ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යන ක්‍රමවේදයක් රට තුළ නිර්මාණය කළ යුතුය. එතෙක් අන්තවාදී බලවේග, ලෝකය තමන්ගේ අණසකට ගැනීමට බලා සිටින අධිපතිවාදී රාජ්‍යයන්ගේ ඇඟිිලි ගැසීම් වැළැක්විය නොහැකිය.
සිංහල හා දෙමළ කොටස් අතර ඇතිවූ ගැටුම් වර්ධනය කිරීමට උදව් කළේ ඉන්දියාවයි. ඉන්දියාව බලවත් වන විට මුළු කලාපයම තමන්ගේ වෙළෙඳ‍පොළක් බවට පත් කරගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඉන්දියාව අපේ රටට අත පෙවීම් වැළැක්වීමට හැකි පරිසරයක් අපිට නිර්මාණය කළ හැකිය. ඒ සඳහා සියලු දෙනාටම සමාන අයිතිවාසිකම්, සමාන ඉඩ ප්‍රස්ථා ඇති සමාජයක් නිර්මාණය කළ යුතුය. එය කිරීම පහසු නැත. එහෙත් එය කළ හැකිය. කළ යුතුය. අපේ නායකයන් හා අප හමුවේ ඇති වගකීම වන්නේ එයයි. 
මේ රටේ මුස්ලිම් ඇඳුම් වෙළෙඳසල්වලින් වැඩියෙන්ම ඇඳුම් ගන්නේ සිංහල ජනතාවයි. බකීර් මාකර්, ෂාවුල් හමීඩ්, ඉම්තියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවට ආවේ මුස්ලිම් ඡන්දවලින් පමණක් නොවේ. සිංහල ජනතාව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළහ. අපේ රටේ සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව සහයෝගයෙන් ජීවත් වුණා. මෙය නැති කළේ අධිපතිවාදී රාජ්‍යයන්ය. ඒ බව අප තේරුම්ගත යුතුය. එසේ නොවන්නේ නම් අපේ රට ඉරානය, සුඩානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලට අත්වූ ඉරණම අත් නොවීමට වගබලා ගත යුතුය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්විය යුතුය. එය වැළැක්විය හැකිය.
 
ප්‍රවීණ දේශපාල විචාරක මොහාන් සමරනායක
 
සාකච්ඡා කළේ - සංජය නල්ලපෙරුම
  1. දේශපාලන සමාජ අර්බුද මැද ආර්ථිකය කබලෙන් ළිපට
  2. අපේ රටේ ඇමැතිවරු බෙදීම විද්‍යාත්මක නෑ
  3. ආර්ථිකය ඉල්ලන කඩිනම් පිළියම්
  4. දේශපාලන අස්ථාවරත්වයෙන් ආර්ථිකය බරපතළ අනතුරක
  5. රාජපක්ෂ රජයට එල්ලවූ චෝදනා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් අවලංගු නොවේ
  6. මේ වෙලාවේ මහ මැතිවරණයක් තියන්න පුළුවන්ද ?
  7. මැතිවරණ ප්‍රතිඵලයේ ආර්ථික ඇඟවීම්
  8. සම්මුතික ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලා
  9. දැය පහන්කළ අනභිභවනීය පඬිරුවන
  10. පුංචි ඡන්දයේදී පුරවැසි වගකීම
  11. දේශපාලන කඹ ඇදීමෙන් ආර්ථිකයේ ගෙල හිරවෙලා
  12. මෛත්‍රී රනිල් විරසකය රටට කොහොමද?
  13. ඊළඟ ජනපතිවරණයේදී කුමක් විය හැකිද?
  14. ආයෝජකයන් අධෛර්ය කරන සම්මුතික ආණ්ඩුවේ මත ගැටුම්
  15. ගෙවල් හදන්න සිමෙන්ති එපා - මොරටුව සරසවියෙන් විස්මිත සොයාගැනීමක්
  16. බැඳුම්කරේ ගිනිකෙළි මැතිසබේ ගුටි කෙළි
  17. ආණ්ඩුවේ තෙවසරක ගමන් මඟ
  18. දෙපැත්ත කැපෙන කඩුවක් වැනි බැඳුම්කර කොමිෂන් වාර්තාව
  19. නව වසරේදීත් ආනයන සීමාවන ලකුණු නොපෙනේ
  20. අයවැය සමග ගැටෙන සහල් ‍පොල් ආනයනය
  21. මහ පක්ෂ වෙනම තරග කිරීම හා ‍පොහොට්ටුවේ අනාගතය
  22. කාලයට ගැළපෙන්න නවීකරණය නොවූ දුම්රියේ අර්බුදය
  23. දිරනවයි කියන ‍පොලිතීන් ඇත්තටම දිරන්නෙ නෑ
  24. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දේශපාලන සුරතලෙක් වෙලා
  25. විවෘත ආර්ථිකය අධිවේගී මගකට යොමු කළ අයවැයක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.