Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර  අද (22) උදේ ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මිය...
Views - 111
එසැනින් පුවත්

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 103

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 184

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 175

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 312

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 264

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 412

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 148

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 192

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 676

අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

IMAGE 2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන...
Views - 1130

හමුදා බලඇණි 25ක් අහෝසි කිරීමේ නියෝගයක්

IMAGE 2018 Jun 22 00:26
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සෙයිද් අල් හුසේන් ඉකුත් සැසි...
Views - 838

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 1395

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 847

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 904

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 1015
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 63

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 430

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1105

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 80

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 241

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 920

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1056

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3746

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 6479

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3789

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1792

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2018
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 235
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 339

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 135

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 582

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2288
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1350

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2013
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 678
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1183
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 436
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 47

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 37

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 133

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 306

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 409

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 681

ජාතිය-ජාතිකත්වය හා යථාර්ථය

ජාතිය හෙවත් පුද්ගලයකුගේ උපත මිණුම් දණ්ඩ කොට ගෙන මනුෂ්‍යත්වය වර්ග කොට සැලකීම අනාදිමත් කාලයක සිට මානව සමාජයෙහි පවතින පුරුද්දකි. අතීත භාරතීය සමාජයෙහි මෙබඳු වර්ග කිරීමක් ඇරඹෙන්නේ  පුද්ගලයාගේ උපතට ආගමික මුහුණුවරක් දීමේ ප්‍රතිඵලයක්  වශයෙනි. මහාබ්‍රහ්මයාගේ සිරුරෙහි මුඛය උරහිස, කලවා හා දෙපතුල යන අවයවවලින් උපන් පිරිස් බව සලකා ඒ ඒ අවයවයන්ගේ උසස් පහත් බව අනුව මිනිසාගේ ද උසස් පහත් කොට සැලකීම ඇරඹී ඇත. මෙසේ උපත පදනම් කොට මිනිසාගේ  උසස් පහත් බව මැනීම නිසා සමාජ අයිතිවාසිකම් හා වරප්‍රසාද උසස් පිරිසට පමණක් සීමා කිරීමට පටන් ගැනිණ. කිසියම් ජන කොටසක ඉපදීම නිසා  උසස් පහත් බව සලකමින් පහත් යයි පිළිගැනුණු ජන කොටස්වලට මානව අයිතිවාසිකම් අහිමි කිරීම ජාතිවාදය ලෙස සැලකෙයි. උපත පදනම් කොට ගෙන බිහි කර ගැනුණු ජාතිවාදය වාර්ගිකත්වයක් කරා යොමු වීම අනිවාර්ය ප්‍රතිඵලයකි. ඒ ඒ ජන වර්ගයට  ආවේණික වූ ආගම, භාෂාව, සංස්කෘතිය වැනි කරුණුවලින් එක් එක් ජන වර්ගයක අනන්‍යතාවක්ද ගොඩනැගෙයි. මෙම අනන්‍යතාව ඒ ඒ ජන වර්ගයේ අභිමානය වර්ධනය කිරීමට හේතු වෙයි.
ජාතිවාදයට අතිරේකව ජාතිකත්ව වාදය නමින් එන තවත් වර්ගවාදයක් නූතන සමාජයෙහි කරළියට පැමිණ තිබේ. නැෂනලිසම් යන ඉංග්‍රීසි පදයෙහි අරුතින් තනාගෙන ඇති ජාතිකත්ව සංකල්පයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ රටක සමස්ත සමාජයෙහි අනන්‍යතාව පදනම් කොට ගෙන මුළු රට පිළිබඳවම අභිමානය ගොඩ නගා ගැනීමකි. ඒ තුළින් ජාතික ධජය ජාතික ගීතය වැනි රට තුළ සිටින මුළු ජනතාව නියෝජනය කරන අනන්‍යතා සංකේතයක් වටා ජනතා සහභාගිත්වය හෝ සහයෝගිත්වය ගොඩ නැගීම අපේක්ෂා කෙරෙයි. මෙම ජාතිකත්ව වාදය වූ කලි රටක සංවර්ධනය සඳහා උපයෝගී  වන්නකි. රටක ජනවර්ග රාශියක් පැවැතිය හැකිය. ඒ ඒ ජනවර්ග එකිනෙකා කා කොටා ගන්නා විට, ජීවිත හා දේපළ හානි සිදු කර ගන්නා විට ඒ රට කිසිවිටෙක නගා සිටුවිය නොහැක. ජාතික දේහය සුවපත්ව  පෝෂණය කර ගැනීමට නම් ඒ ඒ ජනවර්ගය සතු වෙනස් කම් හා අනන්‍යතා ලක්ෂණ එසේම තිබියදී සැමට ‍පොදු ලක්ෂණ උපයෝගී කොට ගෙන මුළු රට ‍පොදුවේ නියෝජනය කරන ජාතික අනන්‍යතාවක් ගොඩ නැගිය යුතු වෙයි. ජාතිය ආරක්ෂා වන්නේත් එකිනෙකා සතු අනන්‍යතාවන් ආරක්ෂා වන්නේත් එවිටය. එක් වර්ගයක් පරයා අනෙක් වර්ගයක් නැගී සිටින්නට උත්සාහ දැරෙයි නම් දෙවර්ගයේම පරිහානිය මිස දියුණුවක් නම් බලා‍පොරොත්තු විය නොහැක.
ජාතිකත්ව වාදය අප රටේ ක්‍රියාත්මක  වන්නේ කෙසේදැයි විමසා බැලීම ද මෙහිදී වැදගත් වෙයි. මෑතක සිට අප රටේ ඇතැම් වියතුන් ජාතිකත්ව වාදය හඳුන්වා දෙමින් එය ‍පෝෂණය කිරීමට දරන උත්සාහයන් දක්නට ලැබේ. එහෙත් මෙම උත්සාහයන් තුළ දක්නට ඇත්තේ ජාතිකත්ව වාද්‍යට හිමි  පුළුල් අර්ථය නොවේ. බෙහෙවින් පටු අර්ථයකින්  ගෙන ඇති සැටියක් ඒවායේ භාවිතය තුළින් දක්නට ලැබේ. තම රටේ ‍පොදු ජාතිකත්වය සැලකිල්ලට නොගෙන එක් එක් වර්ගයකට හිමි ජාතිකත්වය පෙරට ගැනීමක් එහිදී දක්නට ලැබේ. මේ මගින් සිදුවන්නේ වෙනත් වර්ගයක ජාතිකත්වයට හිමිතැන් අහිමි කරමින් තම වර්ගය නගා සිටුවීමේ මානසිකත්වය කරා ඉබේම ඇදී යාමකි. එයින් තරගකාරිත්වයක් ඇතිවනු පමණක් නොව එකිනෙක වර්ගයා අතර නොරිස්සීම්  ඇතිවනු ද නොවැළැක්විය හැකිය. තමන්ගේ දෙය උසස්ය අනුන්ගේ දෙය පහත්යයි පවසමින් මිනිසුන් අතර ගැටුම් ඇති වෙතැයි බුදුන් වහන්සේ පවසන්නේ මෙබඳු තත්ත්වයන් යටතේය. (සකං හි ධම්මං පරිපුණ්ණමාහු - අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු” එවම්පි විග්ගය්හ විවාදයන්ති)
එකිනෙක් වර්ගයා සතු භාෂාව, සංස්කෘතිය, ආගම, කලාශිල්ප ආදිය රැක ගැනීමත් දියුණු කර ගැනීමත් අවශ්‍යය. ඒවා එකිනෙක් වර්ගයා පවත්වා ගනු ලබන්නේ ඒවායේ උපයෝගිතාත්මක වටිනාකමක් ඔවුනට ඇති බැවිනි. සමස්ත මානව වර්ගයාගේ ‍පොදු බව පිළිබඳව අන් කවරෙකුටත් වඩා කරුණු පහදා දුන් බුදුන් වහන්සේ  පවා මෙම තත්ත්වය  පිළිගෙන තිබේ. ඊට හොඳම නිදසුන උදුම්බරික සීහනාද සූත්‍රයෙන් ඉදිරිපත් වෙයි. එහිදී උන්වහන්සේ නිගේ‍රා්ධ නමැති බමුණකු අමතා පවසා ඇත්තේ තමන් දහම් දෙසන්නේ හරිවැරදි පහදා දීමට හැර ඔවුනොවුන්ගේ මත විශ්වාස සම්ප්‍රදායයන් ආදිය වෙනස් කරවීමට නොවන බවයි. බුද්ධවචනය දූෂණය වීමේ අන්තරායෙන් මුදවා ගැනීම සඳහා වෛදික භාෂාවට නැගිය යුතුයැයි කළ ඉල්ලීමකදි උන්වහන්සේ පවසා ඇත්තේ බුද්ධවචනය කවරෙකුගේ වුවද භාෂාවකින් ඉගෙනීමට අවස්ථාව පැවැතිය යුතු බවයි. (අනුජානාමි භික්ඛවෙ සකාය නිරුත්තියා බුද්ධවචනං පරියාපුණීතුම්.)
මිනිස් සමාජය කවර පදනමක් යටතේ වුවද ජනවර්ගවලට බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන් තුළ ඇතිවන අභිමානයෙන් තමන් අයත් වර්ගයට ආසක්ත වීමක් බැඳීමක් මානසික වශයෙන්  ඇතිවීම බහුවාර්ගික සමාජයක
යහපැවැත්මට අතිශයින් අහිතකර වෙයි. සමාජයක යහපත රඳා පවතින්නේ වර්ග වශයෙන් බෙදී වෙන් වීම තුළ නොව වාර්ගික හැඟීම් පසෙක දමා හැම දෙනා  ඒකරාශි වීම තුළය.  රටක ආධ්‍යාමික දියුණුවේ හා භෞතික දියුණුවේ සංකලනයකින් පමණක් ජනතාවගේ යහපත සුබසිද්ධිය ළඟා කරගත හැකි බව අවිවාදයෙන් පිළිගැනුණකි. ආධ්‍යාත්මික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා මිනිසා පිළිබඳව ගොඩනගාගෙන ඇති වැරදි මත ඉවත් වී මිනිසුන් අතර සුහදතාව ගොඩ නැගෙනයි. මිනිසුන් අතර සුහදතා ආකල්පයකින් තොරව ජන සහභාගික්වයෙන් හා ජන සහයෝගීත්වයෙන් ඇති කරගත යුතු භෞතික දියුණුව උදා කරගත නොහැකිය.
මෙම සන්දර්භයෙහිදී ආධ්‍යාත්මික දියුණුව යනුවෙන් අදහස් කරන්නේ මිනිසාගේ යථාර්ථය වටහා ගැනීමෙන් මානසිකව ඇතිවන සුහදශීලී භාවයයි. වර්ගවාදීව තමන් අනුන්ගෙන් වෙනස්ය යන හැඟීම නැතිව අනුන්ට වෛර කිරීමෙන් හිංසා කිරීමෙන් හා ඊර්ෂ්‍යා කිරීමෙන් බැහැරව අවිහිංසක වූ සුහදශීලිත්වය ගොඩ නැගෙන්නේ මිනිසාගේ යථාර්ථය අවබෝධ කරගත විටයි. මිනිසා විවිධ කරුණුවලින් එකිනෙකාට වෙනස් වුවත් මූලික කරුණුවලින්  සමානත්වයක් දරයි. බුදුදහම තරම් මිනිසාගේ යථාර්ථය තුළින් ඔහුගේ මූලික සමානකම් විවරණය කරමින් ඔවුනොවුන් අතර සුහදශීලීත්වයක් ගොඩනැගීමට සාර්ථක ව්‍යායාමයක යෙදුනු වෙනත් ඉගැන්වීම් පද්ධතියක් තවත් දක්නට නැත. එබැවින් ඒ පිළිබඳව සැකෙවින් හෝ කරුණු දැන ගැනීම මෙහිලා වැදගත් වනු ඇත.
මෙහිදී එක් කරුණක් මුලදීම අවධාරණය කළයුතුය. එනම් බුදුදහමේ එන මෙම ඉගැන්වීම් කිසියම් එක් ආගමික ජනවර්ගයනට සීමා නොවන බවයි. මේවා ‍පොදුවේ මනුෂ්‍යත්වය නගා සිටුවීමට ඉදිරිපත් කොට ඇති බැවින්  ආගමික භේදයකින් තොරව කාගේත් අවධානයට යොමු විය යුතු කරුණුය. වර්ගවාදී හැඟීම් ඉවත් විය යුත්තේ බෞද්ධ ජනවර්ගයාගේ පමණක් නොවේ. බහුවාර්ගික  සමාජයක එක් වර්ගයක් සුහදශීලී වුවත් අනෙක් වර්ගයන් එසේ  නොවන්නේ නම් එක් වර්ගයක් අනෙක් වර්ගයක් අබිබවා යාමට තැත් කරන්නේ නම් එක් වර්ගයක් තවත් වර්ගයකට කෙනෙහිලි කම් කරන්නේ  නම් ඊට එරෙහිව ප්‍රතික්‍රියා ඇතිවීම නොවැළැක්විය හැකිය. එමගින් සමස්ත සමාජයටම භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇත.  බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අප කවුරුත් උපත ලබන්නේ කාටත් ‍පොදු වූ හේතුකාරණා සමූහයකිනි. පටිච්ච සමුප්පා නම් වූ දහමින්  කියවෙන  සත්‍යය එයයි. හේතු මගින් උපදින හැම කෙනෙකුගේම ‍පොදු ලක්ෂණය වන්නේ ඉපදීම හා මරණයයි. උප්පාද-වය ධම්ම යනුවෙන් කියවෙන්නේ එයයි. අපේ ජීවිත කෙටි කලකට සීමා වී මරණයට ගොදුරු වෙයි. එසේ නම් නොමැරෙන මිනිසුන් ලෙස ආත්මාර්ථකාමීත්වයෙන් තමන් හා තම වර්ගයා පමණක් ගැන සිතමින් කලහකාරීව හැසිරීමේ නිරර්ථක බව පැහැදිලි වෙයි.
මිනිසාගේ මූලික අපේක්ෂාව අතින් මිනිසුන් අතර ඇති සමානතාව ද බුදුදහමින් අවධාරණය වෙයි. සියලු මිනිසුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ දුකින්  තොරව සුවසේ විසීමයි.(සුඛකාමා හි මනුස්සා දුක්ඛපටික්කූලා) සැප කැමති වීමත් දුක පිළිකුල් කිරීමත් හැම මිනිසෙකුගේම ස්වභාවයයි. සැප දුක කෙරෙහි එකම ආකල්පයකින් සිටින මිනිසුන් අතර බලු බළලුන් අතර මෙන් කවර කරුණක් උදෙසා හෝ කුලල් කා ගැනීමේ නිරර්ථක බව මිනිසාටම  වැටහී යා යුතුය. මිනිසාට  අනතුරු විය හැකි කවර කරුණකදී වුවද අනුන් තමන්ට සමාන කොට බැලීමේ  වැදගත් කම බුදුදහමින් අවධාරණය වන්නේ මේ නිසාය.
මිනිසාගේ මෙම සමානාත්මතාව පදනම් කොට ගෙන බුදුදහමින් ඉදිරිපත්වන සමාජ ආචාර ධර්ම රාශියකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන ගුණ ධර්මයන්ගේ සමාජමය වටිනාකම මිනිසා විසින් වටහා ගතයුතු වෙයි. දාන, ප්‍රියවචන, අර්ථචර්යා සමානාත්මතා යන ගුණධර්ම බුදුදහමින් පැනවී ඇත්තේ මිනිසා නිවන් දැක්වීමට  නොවේ. සමාජයක ජීවත් විය යුතු පිළිවෙත එය බව දැක්වීමටය.
මානව සමානාත්මතාවත් එය සමාජ ආචාර ධර්ම මගින් ක්‍රියාත්මක වියයුතු ආකාරයත් රටක සමාජ දේහයට කාවද්දන තුරු වාර්ගික ගැටුම් නවතාලිය නොහැක. දෙව්ලොව ගොස් සුරසැප විඳින විදියත් අපාගතව කටු ඉඹු‍ලේ නගින විදියත් දිනපතා උදේ හවා රූපවාහිනී බණවලින් පැහැදිලි කළාට වාර්ගික ගැටුම් නොනවතින බව දැනටමත් ප්‍රත්‍යක්ෂ වී හමාරය.
මේ සඳහා ක්‍රියාමාර්ග සතරක අවශ්‍යතාව බුදුදහම අනුව වටහා ගත හැකිය. ඒවා දෙමාපිය වගකීම අධ්‍යාපනයේ වගකීම පූජ්‍ය පූජක පක්ෂවල වගකීම හා රජයේ වගකීම යනුවෙන් පෙළ ගැස්විය හැකිය.
අන් මිනිසුන් ගැන පමණක් නොව සතා සිවුපාවා ගස්වැල් කෙරෙහි පවා සුහදශීලී ආකල්පයක් ඇතිවන සේ ළදරු වියේ සිටම ළමා මනස හැඩගැස්වීමේ වගකීමෙන් දෙමාපියන්ට නිදහස් විය නොහැක. බුද්ධ ක්‍රිෂ්ණ, ක්‍රිස්තු හා මොහමද් චරිතවලට වඩා ඒ ඒ ආගම්වලින් කියවෙන මිනිසා, මිනිසා අතර සුහද සබඳතාව වර්ධනයට අදාළ කරුණු ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුතුය. මරණයෙන් පසුව ලැබෙන සැපසම්පත් හෝ දුක්දොම්නස් අවධාරණය කරනුවට වඩා ජීවත්ව සිටියදී සමාජ ජීවිතය සුවපත්ව තබාගත හැකි පිළිවෙත තම අනුගාමිකයන්ට වටහා දීමේ වගකීම පූජ්‍ය පූජක පක්ෂවලට පැවැරෙයි.
මේ අතරින් රජයක වගකීම සුවිශේෂි වෙයි.  රටක පාලන කටයුතු පැවැරී ඇති ආයතනය රජය වන බැවින් එහි වගකීම විය යුත්තේ මුළුමහත් ජනතාවම එක මවකගේ දරුවන් සේ සලකා ක්‍රියා  කිරීමයි. තමන් බලයට පත් කිරීමට කිසියම්  පිරිසක් වැඩි සහයෝගිත්වයක් දැක්වුවද ඒ පිරිසෙන් අනෙක් පිරිස්වලට අසාධාරණයක් වේ නම් ඒ දෙස බිරි අලි න්‍යායයෙන් සිටීමට කිසිම පාලකයකුට අයිතියක් නැත. මෙහි ලා රාජ්‍ය පාලකයකුට බුදුදහමින් දෙන එක් අවවාදයක් පමණක් අවධාරණය කරනු ප්‍රමාණයත්ය.  රට තුළ කිසිදු තැනක අසාධාරණයක් වීමට ඉඩ නොතබනු (මා ච ඛො තාතා විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ)
රාජ්‍ය පාලනය ධාර්මික පාලනයක් විය යුතු බව බුදුදහමේ අවධාරණයයි. රාජ්‍ය පාලකයා ධාර්මික විය යුතුයයි (රාජා භවතු ධම්මිකො) ජනතාවගේ ද අපේක්ෂාවයි. මෙහි ධර්මය යනු යුක්ති ධර්මයයි. එය ක්‍රියාත්මක වන්නේ පාලකයාගේ අපක්ෂපාතිත්වයෙනි. ඡන්ද,  දෝෂ භය, මොහ යන සතර අගතියෙන් දුරුව අපක්ෂපාතී වීමම පාලකයකුගේ ධාර්මිකත්වය යනුවෙන් අදහස් වෙයි. වරප්‍රසාද හා අයිතිවාසිකම් බෙදී යාමේදී  මෙන්ම නීතිය ක්‍රියාත්මක කරවීමේදීද යුක්ති ධර්මය මුල් තැනට පත්විය යුතුය. පාලකයන් බල අරගලවල පැටලී එකිනෙකා කා කොටා ගන්නා විට ජන කොටස් ද  ඒ මග ගැනීම  අරුමයක් නොවනු ඇත. යහපාලනය ලිච්ඡවී පාලනය ආදී නම්වලින් හංවඩු ගසා ගත්තත්  පාලකයන් අතර භේද භින්නතා පවතී නම් එතැන ලිච්ඡවී පාලනයක් ඇතැයි පැවැසීම බුදුන් වදාළ  අපරිහානීය ධර්මවලට කරන නිග්‍රහයකි. ලිච්ඡවී පාලනයේ පැවතුනු තවත් වටිනා
ලක්ෂණයක් අවසාන වශයෙන් පැවසිය යුතුය. එනම් ජනවර්ග සතුව මෙතෙක් පවත්නා නීතිරීති සිරිත් විරිත් එසේ තිබෙන්නට හැර එබඳු නව නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර ආදියට ඉඩ නොතැබිමත්ය. එය බහුවාර්ගික රටක ජනවර්ගයන් අතර ගැටුම් ඇති වීමේ හේතු නැති කිරීමකි.

මහාචාර්ය - කපිල අභයවංශ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 75

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 173
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 27

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 90
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 71

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 175
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 27

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 201

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.